Saturday, February 8, 2014

බාහු මාමගෙ පච කතා..

මේ දවස් වල ටිකක් විතර කාර්යබහුල වෙන්න වුණා.මොකද අපේ ගෙදර පොඩි වැඩ වගයක් යන නිසා.පොඩි වැඩ වගයක් කියන්නේ ඇත්තටම ගෙදර පින්තාරු කොරනව.ඒ නිසා මැසිම කොහෙද කියලත් මතක නැහැ.ඔන්න අද තමයි දැක්කේ adsl රවුටරේ කාමරේ මුල්ලක තියෙනව.ඔෆිසියට ගිහින් බ්ලොග බලන්නෙත්.බුකියට වෙලාව ලැබුනොත් යනව.

ලගකදී අපේ ගෙවල් පැත්තේ එවුන් ටික සෙට් වූනු වෙලාවක කියපු කතා ටිකක් තමයි මේ කියන්න යන්නෙ.මොකද ඒ කතා ටික මම කියපු දේවල් නිසා.අපේ ගෙවල් වලට අල්ලපු ගෙදර ඉන්නෙ සුදු මාමයි බාහු මාමයි එයාලගෙ අම්මයි.මොකද ඔය කියන දෙන්නම කසාදයක් කොරගෙන නැහැ.බාහු මාම හමුදාවෙ කෝකි වරයෙක්.මමත් කාල තියෙනව එය උයන කෑම.පට්ටම රහයි.මට මතකයි ඉස්සර අපේ ගමේ දන්සලට උයන්නෙත් බාහු මම තමයි.සුදු මම ගෙදරට වෙලා අම්මව රැක බලාගෙන ඉන්නව.

බාහු මාම නිවාඩු එනකම් තමයි අපේ පැත්තෙ ඉන්න සමහර එකාලා බලාගෙන ඉන්නෙ.මොකද මනුස්සය හරිම හිත හොද මනුස්සය නිසා පිනට ගහන්න පුළුවන් කියල හැම එකාම දන්නව.එතකොට සුදු මාමටත් හොදට සලකන්නත් බාහු මාම වගබලාගන්නව.එදාට ඉතින් සුදු මාමට රජ මගුල්.පොඩ්ඩක් නැටුම් තෙල් ගත්තම තමයි සුදු මාමගෙ කටට පන එන්නෙ.අනිත් වෙලාවට හරිම අහිංසක මනුස්සය.

මේ කියන්න යන සීන් එක අපේ රටේ යුද්දෙ ජයටම යන දවස් වල වෙච්ච දෙයක්.ඒ කිව්වෙ 2007 2008 වගේ තමයි මතක.



ඔන්න දවසක් බාහු මාම නිවාඩු ඇවිල්ල කට්ටිය එක්ක සෙට් වෙලා හෙනම පාටිය..ඔය අස්සෙ සුදු මාමටත් බාගයක්ද කොහෙද ගෙනත් දීල.මම දැක්ක පැත්තකට වෙලා තියාම හොරාට ගහනව.බාහු මාම කොච්චරනම් ඇත්ත කියනවද කිව්වොත් අපේ පැත්තෙ මනුස්සයට කියන්නෙ පචබාහු කියල.මමත් රෑ නමයට විතර දත් ටික මැද මැද කුස්සිය පැත්තේ ඉන්නකොට පොඩ්ඩ පොඩ්ඩ බාහු මාමගෙ කට හඩ තීව්ර වේගෙන එනව.මමත් ඕන මගුලක් කියල පොඩ්ඩක් කන් දුන්න බලන්න.

මොකුත් නැහැ දැන් බාහු මාම අරින නයි වලට නුල් දෙන්න කට්ටිය පොරකනව.මොකද පිනට ගහන්න පුළුවන්නෙ.කොච්චර ඒකාල හිටියත් අන්තිමට මනුස්සයට නිවාඩු ඉවර වෙලා ආපහු යන්න අතේ සතේ නැති වෙනකොට රුපියලක් දෙන්න එකෙක් නැහැ.මිනිස්සුනම් කියන්නෙ බාහු නිවාඩු එනකොට සිගරට් පෙට්ටිය උද සාක්කුවෙලු ගෙන එන්නෙ වීරයා වගේ.අන්තිමට සකුර බීඩිය ගහගන්නත් අතේ පිච්චිය නැතුව යනව.පව් මොනව වුනත් හොද මනුස්සය.

ඔහොම නයි අරින අතරතුරේ එන පොට හොද නැති බව දැනගෙනද කොහෙද එකා දෙන්න වෙලා පැත්තෙන් මාරු වෙනව මම බලාගෙන.

ඔන්න දැන් අයිය මලෝ පොඩ්ඩක් අර ගන්න යන්නෙ වගේ කියල මට හිතුන.මොකද ඒක හැමදාම වෙන බව මම දන්නා නිසා.දැන් ඔන්න දෙන්න සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තාලෙට හුවමාරු කරගන්නව.ඔය අස්සෙ මට හොදටම හිනා.මොකද හෙට උදේට අයෙත් දෙන්නම මර ෆිට් එකේ වැඩ කොච්චර රණ්ඩු වුනත්.කවදාවත්ම ගහගන්නෙත් නැහැ.කටින් විතරයි හැමදේම.

ටික වෙලාවකින් සද්දෙ පොඩ්ඩක් අඩු වෙලා පැත්තම නිශ්ශබ්ද වෙලා ගිය.ඔන්න එතකොට හෙමීට බාහු මම එයාගෙ අම්ම ලග ගිහින් හොරට කියපි 

"අම්මේ මම උඩහ කොටි මර විදියට මේක මරණ එක ලොකු දෙයක් නෙවෙයි කියල."

කොහොමහරි ඔය කතාව සුදු මාමාට ඇහුන ..මිනිහට දැන් මලෙත් හොදම එක ..හැරෙන තැපෑලෙන්ම සුදු මාම කියපි 

"අනේ පල තෝ යන්න පචබාහුවො..තෝ මරණව කොටි නෙවෙයි එළවලු ඉන්න මැස්සොයි පනුවොයි."

මට උන්හිටි තැන් අමතක වෙන්න හිනා.මොක ඔය වගේ දෙයක් අපිට කීයටවත් කට එන්නේ නැති නිසා.ඔහොමම ටික වෙලාවක් දෙන්නම කටින් ගහගෙන දෙන්නටම ඇති වෙලා නැවැත්තුව.ඔය කතාව පල්ලෙහා ගෙදර අයියත් අහගෙන ඉදල උදේම මට කිව්ව.අපි දෙන්නට නවත්ත ගන්න බැහැ හිනාව.

පාරේ එවුන් ටික දැන් කොහේදී සෙට් වුනත් මටයි අයියටයි කියන්නේ බාහුගෙ කතාව කියපන්කො කියල..

Sunday, February 2, 2014

නින්දෙන් ලියුවෙමි...



කුමටද මැසවිලි ජීවිතයට 
නුබ දුන් ප්‍රේමයේ හුදකලාවට 
සිකුරු තරුව වූයේ මට 
නොනිවී දැල්වී ඉන්නම 
රෝස දෙකම්මුල් මා නෙතු අද්දර 
ගලා හැලෙන අපෙ කදුලැල් දහරට 
බොදවීයන් මා රුව ඔබ සදහට 

සීතලේ වසන්තය ඇත මගේ තනියට 
පලක් නොමැත මා සුරතට අද 
ලංවීමට නොහැක ඒ ලක්ෂරි පුරවරයට 
යන්නට පා තබන්න ඔබගේ විජිතයට 
මාගේ දොරගුළු විවරව ඇත 
ඔබ පිදුමට මගේ ප්‍රේමයට 

මතකය අවදිව ඇත තාමත් 
නින්දයි නොනින්දයි නොඅදුනනමි මම 
ජීවිතයම සිහිනයකි 
ඉමක් කොනක් නොමැත මිරිගුවට 
ඉදින් අවසානය මිරිගුවට 
සමුදුනෙමි ඔබගේ අතීතයට 
කිසිදා නොඑන ඔබ සදහටම..