ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ.මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල.බලපුවම අහන අහන එක කියන්නෙම ඔය දේ තමයි.මේක අපේම කරුමයක් නැත්නම් රටේම කරුමයක්.ඒ මොන දේ වුනත් අපේ රටේ ජීවත් වෙනව තරම් සතුටක් අපිට වෙන කොහෙද තියෙන්නෙ.මේ හැමදේම අස්සෙ අපිට අන්තිමට ජීවත් වෙන්න වෙනව.ජීවත් වෙන්න ඕනෙ මොනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ඉතින් මේ දේවල් නිසා තමයි හුගදෙනෙක් දැන් පිට රටකට පැනගන්න හදන්නෙ.මටනම් ගෙදර ඇද මතක් වෙනකොට පිටරටකට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.ජොබත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නෙ.කඩේ යන එකෙත් සීමාවක් නැහැ.ජොබ් හොයන එකත් එපා වෙලා තියෙන්නෙ.සොයන්නාට සම්බවේ කිව්වට දැන් ඒකත් බොරු වෙලාද මන්ද.ලොක්ක කියන්නෙම තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මන් කොහොමහරි ජොබ් එකේ වැඩේ කරලා දෙන්නම් කියල.හැමදාමත් ගහන්නෙම ඔය බෙර පදේම තමයි.මාත් ඉතින් ඒ බුල්ටො එක කාල ඉන්නව.කොහොමත් ඉතින් හැම ලොක්කම බලන්නෙ කොහොමහරි කාටහරි කියල වැඩේ කරගන්න.නැත්නම් ලොක්ක ඉදල ඉවරයිනෙ.කොච්චර වැඩ කලත් ඔච්චර තමයි ඉතින්.දැන් ඉතින් මේක කියවන සෙට් එකට හිතෙයි ඇත්තටම මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියලත්.මේ දවස්වල මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම මේක තමයි.
ජීවිතේ ඩල් වෙලාද මන්ද අෆ්ෆා.අවූලක් නැහැ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොදම දේ.හැමදේම අතහැරල රටකට ගිහින් පොඩි ජොබ් කට්ටක් කරගන්නත් හිතෙනව.ඒත් ඉතින් අපේ රට ඉන්න සෙට් එක කියන දේවල් අහපුවම මේ ෆන් ජීවිතේ එහෙ නෑ නේද කියලත් හිතෙනව.කතාවට කියනවා වගේ හැම දේටම වෙලාව එන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙලාව එනකම් බලාගෙන ඉදල හරියන්නෙත් නැහැනෙ.නමට හරි ජොබක් තියන එක කොච්චරනම් වටිනවද කියල දැනෙන්නෙ එහෙම එකක්වත් තවම සෙට් වෙලා නැති එකෙක් සෙට් වෙලා කතාවට වැටුනම.ඒ නිසා කට පරිස්සමින් තමයි කතා කරන්න ඕනෙ.හැමදේම එකපාරම ලැබෙනවට වඩා වෙන වෙනම ලැබෙන එකෙත් පොඩි ලොල් ගතියක් තියෙනව.ඒත් ඉතින් අන්තිමට ලොලේ ලොල් උනොත් තමයි අවුල.
අද ගෙදර ඉන්න දවස නිසා ඊයෙ නිදාගත්තෙ අදනම් එළිවෙනකම් නිදාගන්නව කියල හිතාගෙන.ඒත් වෙනදටත් වඩා කලින්ම ඇහැරුනාම තියෙන ආතල් එක කොහොමද.වැඩක් නැහැ කියල පට්ට නේද?මේ දවස් වල වැස්ස නිසා පට්ට පට පට.අම්මගෙ කටේ බලේට අද පොල් පැලයක් හිටවන්න උනා.වලවල් කපල අත් දෙක තවම රිදෙනව.මොකද හුග දවසකින්නෙ මේ වගේ වැඩක් කලේ.බ්ලොග් එක පැත්තෙ ඇවිත් කරන්නෙත් අප්ඩේට් වෙලා තියෙන දේවල් ටික කියවල පොඩි කමෙන්ට් පාරක් දාල යන එක විතරයි.මොනවහරි ලියන්න හැදුවත් පට්ටම කම්මැලියි.අදනම් වාඩි උනේ දුක් ගැනවිල්ලක් හරි ලියනව කියල හිතාගෙනම තමයි.යන්තම් ඇති තේරුමක් නැතුව හරි පෝස්ට් එකක් දාගත්ත.
Sunday, November 16, 2014
Tuesday, September 30, 2014
මේ දවස්වල ..
වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට
කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන
දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද
වයබ අපේ සිරි මහතා දන්නවද
රත්නපුරේ අපෙ පොලිසිය නිර්භීතයි
ගැහැණු කෙනෙක් දුටුවිට එය තවත් වැඩියි
මහ පාරේ වුනත් පොල්ල අතට ගනියි
පොල්ල නැතත් වයර් පොටක් අතේ තියෙයි
අහල තියෙනවද උණ්ඩය කැරකෙනවා
වෙඩිතිබ්බම ආපසු එය පැමිණෙනවා
හිටි හැටියෙම ආයුධ වෙඩි හඩ දෙනවා
දකින ඈයො එය නොදැක්ක වගෙ යනවා
කිරි පිටි මිල ඉහල යනව නොදැනීම
කුඩු ටික අපෙ රටට එනව නොදැනීම
ඩීසීඩී අපි බිව්වලු නොදැනීම
එහෙව් රටට මොනව වෙයිද ලගදීම
මොකා වුනත් වෙනස් වෙනව ආවාම
පවුල් පිටින් ගොඩ යනවා ආවාම
සොකඩයො ටික උඩ එනවා පෙරසේම
කටුස්ස වගෙ පාට වෙනව හැමදාම
කොමිස් ටිකයි පගා ටිකයි වැටුණාම
සුවිස් වලලු පොත තියෙන්නෙ දන්නවද
මහ හොරු ටික වලපල්ලට ගියදාට
හැකිවේවිද ගොඩ යන්නට අදුරේම..
Tuesday, April 29, 2014
සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි..
රස දුන් හැම දේ නීරස වේවී
නුබ දුන් හැම දේ මතකෙට ඒවී
සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී
ඝන අදුරක මා තනිව හඩාවී
නොපිපෙන මල් මත සුවද සොයන්නට
ඒ මලෙහිම පෙති සිප සනසන්නට
සියුමැලි රොන්වල සිසිල විදින්නට
දිනක් තියේවිද මල් පූදින්නට
කදුළු වලින් මා දෙනෙත් තෙමෙන විට
ඇවිදින් යනවද කදුළු බලන්නට
පියාපතක්වත් ලැබුනෝතින් මට
හැකිවේවී ඒ කදුළු පිසින්නට
මතකය ඉතිරිව ඇත හැම හුස්මක
සිනාසුනෙමි මම හුස්ම වැටෙන විට
දුක තදකොට සිනහව සොයනාවිට
ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..
(මාගේ හිතවත් සහෝදරයෙකුගේ හිත කියවීමට මට ලැබුණු මොහොතින් මම මෙසේ සටහන් තැබුවෙමි..)
Friday, April 11, 2014
නැවතත් ටයිගර් දේශයේදී සිංහ පෝතකයෝ ජයපැන් බොති...
1996 එක් දින ලෝක කුසලානය දිනනව මගේ මතකයට නැගෙන්නෙ නැවතත් ඒ රූපරාමු පෙළ දිහා බලනකොට.මොකද ඒ දවස් වල මම පැටිය කාලෙ නිසා සමහර දේවල් හරියටම මතක නැහැ.ඒත් ඒ දවස කවදාවත්ම අපිට අමතක කරන්න බැහැ.මේ පුංචි රට ක්‍රිකට් පොතේ රන් අකුරුන් ලියවුනේ ඒ අභීත සිංහ පැටවුන්ගේ හයිය නිසා.සනත් මල්ලි මුලු ලෝකෙටම වීරය වෙච්ච දවසෙ ඉදල මටනම් ක්‍රිකට් කිව්වොත් සනත් එහෙමත් නැත්නම් මාස්ටර් බ්ලාස්ටර් නැතුව බැහැ.සමහර දවස් තිබුන සනත් අවුට් වුනාට පස්සෙ එතනින් එහාට මැච් එක බලන්නෙ නැතුව හිටපු.ඒ තරමටම මම පුද්ගලිකව සනත් කියන ක්‍රිකට් තරුවට ආදරේ කලා.තාමත් ඒ දේ සනත් කොහොම හිටියත් තියෙනව.මොකද දේශපාලනය ක්‍රීඩාවට අදාල නැති නිසා.
මේ පාරත් විස්සයි විස්ස තරගෙට ගිය අපේ සිංහ පෝතකයන්ට අවසන් තරගයට එන්න ලැබුනෙ මීට ප්‍රථම ලෝක ශුරයෝ පරාජය කරල වීම ගැන අපි හැමෝටම තියෙන්නෙ හැංගුණු ආඩම්බරයක්.මොකද බටහිර ඉන්දියානුවො අපේ අල්ලපු වැටේ එවුන් වගේ දගලන්නෙ නැති නිහතමානී සෙට් එකක් නිසා.ගියපාරත් ෆයිනල් ඇවිත් පැරදුනාට මොකද ගෙදර ගෙනාපු අහස් කූරු ටික දුකටත් එක්ක පත්තු කලා.මොකද දිනුවත් නැතත් අපි අපේ කොල්ලන්ට ආදරේ කරන නිසා.මේ පාර මුල ඉදලම තිබුණු ගැම්ම නිසා අහස් කූරු මිටියක්ම ගෙනාව.
අවසන් තරගය වෙලාවෙ අපිට දැනුනු හැගීම් කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.මොකද එදා තරගය නොබලපු කෙනෙක් නොබලපු ගෙදරක් නැතුව ඇති.ඒ තරමට මුළු රටම එකම එක ප්‍රාර්ථනාවක හිටිය.නැවතත් අපේ දේශය අවදි කල සිංහයන්ගේ දේශයේ අභිමානය ලෝකයටම පෙන්වපු අපේ සිංහ පැටවුන්ට හදවතින්ම ආචාර කරනව.විශේෂයෙන්ම මහේල සංග ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනව.අවසානයට රටටම සතුටු කදුළු හෙලන්න මේ පිටිපස්සෙ හිටිය හැම දෙනාටම දේශයේ උත්තමාචාරය පුදකල යුතුමයි.
ඉන්දියානු කණ්ඩායම ගැන පොඩි වචනයක් කියනව.ලංකාවේ බහුතරයක් අකමැති කණ්ඩායම වගේම අකමැතිම ක්‍රීඩකයො ඉන්නෙත් මේ කණ්ඩායමේ කිව්වොත් මම හරි.මේ පෝස්ට් එක කියවන ඔබත් ඒ ගණයටම වැටිලා ඇති.උනුත් දක්ෂ වෙන්න පුළුවන් ඒත් අපේ සිංහ පැටවුන් ඊටත් වඩා දක්ෂයි.උන් එකක් දෙකක් ගහල උඩ පනිනකොට අපේ හිතට එන තරහ කොහොමද?ඇත්තටම ඒ ඇයි කියන්න මටනම් තේරෙන්නෙ නැහැ.දේශප්‍රේමීත්වය කියන වචනෙ තියෙන ගැබුරු තේරුම නිසා මම ඒ වචනේ මේ වෙලාවෙ පාවිච්චි කරන්නෙ නැහැ.ෆයිනල් බිය විදියට අපේ රටටම තිබුණු ලොකුම බිය දැන් ඉවරයි.ඒ අපේ සිංහ පෝතකයින් හදවතින්ම සෙල්ලම් කරපු නිසා.පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිව්වනුවත් මාගේ දේශයට ආදරය කල ඔබ සැම ලක්වාසී සැමට සදා නොමියෙන මතකයක් වී හමාරය.
විරාත් කෝලි මෙහෙම කිව්ව ගමන් නොයෙක් විදියට හිතෙන්න පුළුවන්.ඒත් මම කිව්වොත් ඔහු ජෙනුයින් පොරක් කියල සමහරක් මගෙ අසල්වාසීන්ටත් බනින්න පුළුවන්.මිනිස්සු සීයක් ගත්තොත් අනුනමයක්ම කෝලිට අකමැතිබව ෂුවර්.ඒත් අපේ සංග පනහ ගහපු වෙලාවේ කෝලි විතරයි අපේ වීරයට සුභ පැතුවෙ.අනිත් එකෙක් ආවද..?හිතල බලන්න.ඒ වගේම අපේ කණ්ඩායමට හදවතින්ම සුභ පැතුවෙත් කෝලි විතරයි.ඇත්තටම කෝලිය බැටා තමයි.ඕනෙම බෝලර් කෙනෙක්ට තලනව.ඒත් අපිට පොඩ්ඩක් ඇබරෙනවා කියලත් කියන්න ඕනෙ.මොකද ඒ දේ කිව්වෙ නැත්නම් අවුල් වගේ.මොන විදියට උඩ පැන්නත් කෑගැහුවත් කෝලි උබේ තිබුණු ඒ මහත්මා ගතිය මම ඉහලින්ම අගය කරනව.
වැඩිම ලෝක කුසලාන අවසන් මහා තරග වලට සුදුසුකම්ලත් දිනුම පැරදුම ඉහටත් උඩින් පිළිගත් දේශයේ නමරන්දු ඒ සිංහ පැටවූ අපට ආඩමබරයකි..
මක්නිසාද අප හදවතින්ම ශ්‍රීලාංකික වන බැවිනි.
Wednesday, April 2, 2014
අවුරුද්දට ගමේ යන්න ....
( පින්තූරය ගූගලයෙන් සොයාගත්තෙමි )
සැලරි දෙකක් ලැබුණා මට
සුදු දෝනිගෙ ගවුම් රෙද්ද
හැඩට තියෙයි රැලි වැටුනම
ලොකු පුතාගෙ ඉරුණු සරම
මතක් වුණා හීනෙන් මට
රතු පාටට බතික් කෙරුව
සරමක් මම ගත්ත පුතුට
මගෙ හාමිනෙ හැඩවෙන්නට
යසට කැපෙයි සුදු චීත්ත
හැට්ට රෙද්ද මල් වැටුනම
සිරියාවයි ඇගෙ සිනහව
ගල් පැලෙන්න ගොරව ගොරව
මහ හයියෙන් වැහි වැටුනම
එල්ලෙ ගැහුවෙ අපෙ ලියද්දෙ
අවුරුද්දට අපි හැමෝම
ලොකු අක්කත් පොඩි මල්ලිත්
මහ ගෙදරට එන දවසට
පොළොස් ඇබුල හදල තිබුනෙ
අපෙ අම්මනෙ කටට රහට
නොනගතේට කැවුම් කාපු
අපිට හොරෙන් ඇලේ පැනපු
පොඩි එවුන්ව අල්ල ගන්න
අප්පොච්චා දිව්ව තරම
මේ හැම දේ රස බලන්න
අවුරුද්දට බඩු අරගෙන
උඩරට මැණිකේ එක්කල
මම එනවා ගම බලන්න
පොඩි එවුන්ට බුල්ටො දුන්න
මුදලාලිගෙ ණය ගෙවන්න
මම එන්නම් කඩ පොලටම
මගෙ හාමිනෙ ඇවිත් ඉන්න
ඇගේ ගාන සුවද සබන්
පොඩි එවුන්ට පව්ඩර් ටින්
අරන් දෙනව මේ පාරත්
ගමට ආපු දවසට මං.
Subscribe to:
Posts (Atom)