Sunday, November 16, 2014

තේරුමක් නැති පෝස්ටු - 01

     ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ.මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල.බලපුවම අහන අහන එක කියන්නෙම ඔය දේ තමයි.මේක අපේම කරුමයක් නැත්නම් රටේම කරුමයක්.ඒ මොන දේ වුනත් අපේ රටේ ජීවත් වෙනව තරම් සතුටක් අපිට වෙන කොහෙද තියෙන්නෙ.මේ හැමදේම අස්සෙ අපිට අන්තිමට ජීවත් වෙන්න වෙනව.ජීවත් වෙන්න ඕනෙ මොනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ඉතින් මේ දේවල් නිසා තමයි හුගදෙනෙක් දැන් පිට රටකට පැනගන්න හදන්නෙ.මටනම් ගෙදර ඇද මතක් වෙනකොට පිටරටකට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.ජොබත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නෙ.කඩේ යන එකෙත් සීමාවක් නැහැ.ජොබ් හොයන එකත් එපා වෙලා තියෙන්නෙ.සොයන්නාට සම්බවේ කිව්වට දැන් ඒකත් බොරු වෙලාද මන්ද.ලොක්ක කියන්නෙම තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මන් කොහොමහරි ජොබ් එකේ වැඩේ කරලා දෙන්නම් කියල.හැමදාමත් ගහන්නෙම ඔය බෙර පදේම තමයි.මාත් ඉතින් ඒ බුල්ටො එක කාල ඉන්නව.කොහොමත් ඉතින් හැම ලොක්කම බලන්නෙ කොහොමහරි කාටහරි කියල වැඩේ කරගන්න.නැත්නම් ලොක්ක ඉදල ඉවරයිනෙ.කොච්චර වැඩ කලත් ඔච්චර තමයි ඉතින්.දැන් ඉතින් මේක කියවන සෙට් එකට හිතෙයි ඇත්තටම මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියලත්.මේ දවස්වල මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම මේක තමයි.


            ජීවිතේ ඩල් වෙලාද මන්ද අෆ්ෆා.අවූලක් නැහැ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොදම දේ.හැමදේම අතහැරල රටකට ගිහින් පොඩි ජොබ් කට්ටක් කරගන්නත් හිතෙනව.ඒත් ඉතින් අපේ රට ඉන්න සෙට් එක කියන දේවල් අහපුවම මේ ෆන් ජීවිතේ එහෙ නෑ නේද කියලත් හිතෙනව.කතාවට කියනවා වගේ හැම දේටම වෙලාව එන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙලාව එනකම් බලාගෙන ඉදල හරියන්නෙත් නැහැනෙ.නමට හරි ජොබක් තියන එක කොච්චරනම් වටිනවද කියල දැනෙන්නෙ එහෙම එකක්වත් තවම සෙට් වෙලා නැති එකෙක් සෙට් වෙලා කතාවට වැටුනම.ඒ නිසා කට පරිස්සමින් තමයි කතා කරන්න ඕනෙ.හැමදේම එකපාරම ලැබෙනවට වඩා වෙන වෙනම ලැබෙන එකෙත් පොඩි ලොල් ගතියක් තියෙනව.ඒත් ඉතින් අන්තිමට ලොලේ ලොල් උනොත් තමයි අවුල.

        අද ගෙදර ඉන්න දවස නිසා ඊයෙ නිදාගත්තෙ අදනම් එළිවෙනකම් නිදාගන්නව කියල හිතාගෙන.ඒත් වෙනදටත් වඩා කලින්ම ඇහැරුනාම තියෙන ආතල් එක කොහොමද.වැඩක් නැහැ කියල පට්ට නේද?මේ දවස් වල වැස්ස නිසා පට්ට පට පට.අම්මගෙ කටේ බලේට අද පොල් පැලයක් හිටවන්න උනා.වලවල් කපල අත් දෙක තවම රිදෙනව.මොකද හුග දවසකින්නෙ මේ වගේ වැඩක් කලේ.බ්ලොග් එක පැත්තෙ ඇවිත් කරන්නෙත් අප්ඩේට් වෙලා තියෙන දේවල් ටික කියවල පොඩි කමෙන්ට් පාරක් දාල යන එක විතරයි.මොනවහරි ලියන්න හැදුවත් පට්ටම කම්මැලියි.අදනම් වාඩි උනේ දුක් ගැනවිල්ලක් හරි ලියනව කියල හිතාගෙනම තමයි.යන්තම් ඇති තේරුමක් නැතුව හරි පෝස්ට් එකක් දාගත්ත. 

Tuesday, September 30, 2014

මේ දවස්වල ..



වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට 
කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන 
දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද 
වයබ අපේ සිරි මහතා දන්නවද 

රත්නපුරේ අපෙ පොලිසිය නිර්භීතයි 
ගැහැණු කෙනෙක් දුටුවිට එය තවත් වැඩියි 
මහ පාරේ වුනත් පොල්ල අතට ගනියි 
පොල්ල නැතත් වයර් පොටක් අතේ තියෙයි 

අහල තියෙනවද උණ්ඩය කැරකෙනවා 
වෙඩිතිබ්බම ආපසු එය පැමිණෙනවා 
හිටි හැටියෙම ආයුධ වෙඩි හඩ දෙනවා 
දකින ඈයො එය නොදැක්ක වගෙ යනවා 

කිරි පිටි මිල ඉහල යනව නොදැනීම 
කුඩු ටික අපෙ රටට එනව නොදැනීම 
ඩීසීඩී අපි බිව්වලු නොදැනීම 
එහෙව් රටට මොනව වෙයිද ලගදීම 

මොකා වුනත් වෙනස් වෙනව ආවාම 
පවුල් පිටින් ගොඩ යනවා ආවාම 
සොකඩයො ටික උඩ එනවා පෙරසේම 
කටුස්ස වගෙ පාට වෙනව හැමදාම 

කොමිස් ටිකයි පගා ටිකයි වැටුණාම 
සුවිස් වලලු පොත තියෙන්නෙ දන්නවද 
මහ හොරු ටික වලපල්ලට ගියදාට
හැකිවේවිද ගොඩ යන්නට අදුරේම..  

Tuesday, April 29, 2014

සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි..


රස දුන් හැම දේ නීරස වේවී
නුබ දුන් හැම දේ මතකෙට ඒවී 
සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී 
ඝන අදුරක මා තනිව හඩාවී 

නොපිපෙන මල් මත සුවද සොයන්නට 
ඒ මලෙහිම පෙති සිප සනසන්නට 
සියුමැලි රොන්වල සිසිල විදින්නට 
දිනක් තියේවිද මල් පූදින්නට 

කදුළු වලින් මා දෙනෙත් තෙමෙන විට 
ඇවිදින් යනවද කදුළු බලන්නට 
පියාපතක්වත් ලැබුනෝතින් මට 
හැකිවේවී ඒ කදුළු පිසින්නට 

මතකය ඉතිරිව ඇත හැම හුස්මක 
සිනාසුනෙමි මම හුස්ම වැටෙන විට 
දුක තදකොට සිනහව සොයනාවිට 
ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..

(මාගේ හිතවත් සහෝදරයෙකුගේ හිත කියවීමට මට ලැබුණු මොහොතින් මම මෙසේ සටහන් තැබුවෙමි..)

Friday, April 11, 2014

නැවතත් ටයිගර් දේශයේදී සිංහ පෝතකයෝ ජයපැන් බොති...

            


      1996 එක් දින ලෝක කුසලානය දිනනව මගේ මතකයට නැගෙන්නෙ නැවතත් ඒ රූපරාමු පෙළ දිහා බලනකොට.මොකද ඒ දවස් වල මම පැටිය කාලෙ නිසා සමහර දේවල් හරියටම මතක නැහැ.ඒත් ඒ දවස කවදාවත්ම අපිට අමතක කරන්න බැහැ.මේ පුංචි රට ක්‍රිකට් පොතේ රන් අකුරුන් ලියවුනේ ඒ අභීත සිංහ පැටවුන්ගේ හයිය නිසා.සනත් මල්ලි මුලු ලෝකෙටම වීරය වෙච්ච දවසෙ ඉදල මටනම් ක්‍රිකට් කිව්වොත් සනත් එහෙමත් නැත්නම් මාස්ටර් බ්ලාස්ටර් නැතුව බැහැ.සමහර දවස් තිබුන සනත් අවුට් වුනාට පස්සෙ එතනින් එහාට මැච් එක බලන්නෙ නැතුව හිටපු.ඒ තරමටම මම පුද්ගලිකව සනත් කියන ක්‍රිකට් තරුවට ආදරේ කලා.තාමත් ඒ දේ සනත් කොහොම හිටියත් තියෙනව.මොකද දේශපාලනය ක්‍රීඩාවට අදාල නැති නිසා.

            මේ පාරත් විස්සයි විස්ස තරගෙට ගිය අපේ සිංහ පෝතකයන්ට අවසන් තරගයට එන්න ලැබුනෙ මීට ප්‍රථම ලෝක ශුරයෝ පරාජය කරල වීම ගැන අපි හැමෝටම තියෙන්නෙ හැංගුණු ආඩම්බරයක්.මොකද බටහිර  ඉන්දියානුවො අපේ අල්ලපු වැටේ එවුන් වගේ දගලන්නෙ නැති නිහතමානී සෙට් එකක් නිසා.ගියපාරත් ෆයිනල් ඇවිත් පැරදුනාට මොකද ගෙදර ගෙනාපු අහස් කූරු ටික දුකටත් එක්ක පත්තු කලා.මොකද දිනුවත් නැතත් අපි අපේ කොල්ලන්ට ආදරේ කරන නිසා.මේ පාර මුල ඉදලම තිබුණු ගැම්ම නිසා අහස් කූරු මිටියක්ම ගෙනාව.

            අවසන් තරගය වෙලාවෙ අපිට දැනුනු හැගීම් කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.මොකද එදා තරගය නොබලපු කෙනෙක් නොබලපු ගෙදරක් නැතුව ඇති.ඒ තරමට මුළු රටම එකම එක ප්‍රාර්ථනාවක හිටිය.නැවතත් අපේ දේශය අවදි කල සිංහයන්ගේ දේශයේ අභිමානය ලෝකයටම පෙන්වපු අපේ සිංහ පැටවුන්ට හදවතින්ම ආචාර කරනව.විශේෂයෙන්ම මහේල සංග ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනව.අවසානයට රටටම සතුටු කදුළු හෙලන්න මේ පිටිපස්සෙ හිටිය හැම දෙනාටම දේශයේ උත්තමාචාරය පුදකල යුතුමයි.


               ඉන්දියානු කණ්ඩායම ගැන පොඩි වචනයක් කියනව.ලංකාවේ බහුතරයක් අකමැති කණ්ඩායම වගේම අකමැතිම ක්‍රීඩකයො ඉන්නෙත් මේ කණ්ඩායමේ කිව්වොත් මම හරි.මේ පෝස්ට් එක කියවන ඔබත් ඒ ගණයටම වැටිලා ඇති.උනුත් දක්ෂ වෙන්න පුළුවන් ඒත් අපේ සිංහ පැටවුන් ඊටත් වඩා දක්ෂයි.උන් එකක් දෙකක් ගහල උඩ පනිනකොට අපේ හිතට එන තරහ කොහොමද?ඇත්තටම ඒ ඇයි කියන්න මටනම් තේරෙන්නෙ නැහැ.දේශප්‍රේමීත්වය කියන වචනෙ තියෙන ගැබුරු තේරුම නිසා මම ඒ වචනේ මේ වෙලාවෙ පාවිච්චි කරන්නෙ නැහැ.ෆයිනල් බිය විදියට අපේ රටටම තිබුණු ලොකුම බිය දැන් ඉවරයි.ඒ අපේ සිංහ පෝතකයින් හදවතින්ම සෙල්ලම් කරපු නිසා.පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිව්වනුවත් මාගේ දේශයට ආදරය කල ඔබ සැම ලක්වාසී සැමට සදා නොමියෙන මතකයක් වී හමාරය.


              විරාත් කෝලි මෙහෙම කිව්ව ගමන් නොයෙක් විදියට හිතෙන්න පුළුවන්.ඒත් මම කිව්වොත් ඔහු ජෙනුයින් පොරක් කියල සමහරක් මගෙ අසල්වාසීන්ටත් බනින්න පුළුවන්.මිනිස්සු සීයක් ගත්තොත් අනුනමයක්ම කෝලිට අකමැතිබව ෂුවර්.ඒත් අපේ සංග පනහ ගහපු වෙලාවේ කෝලි විතරයි අපේ වීරයට සුභ පැතුවෙ.අනිත් එකෙක් ආවද..?හිතල බලන්න.ඒ වගේම අපේ කණ්ඩායමට හදවතින්ම සුභ පැතුවෙත් කෝලි විතරයි.ඇත්තටම කෝලිය බැටා තමයි.ඕනෙම බෝලර් කෙනෙක්ට තලනව.ඒත් අපිට පොඩ්ඩක් ඇබරෙනවා කියලත් කියන්න ඕනෙ.මොකද ඒ දේ කිව්වෙ නැත්නම් අවුල් වගේ.මොන විදියට උඩ පැන්නත් කෑගැහුවත් කෝලි උබේ තිබුණු ඒ මහත්මා ගතිය මම ඉහලින්ම අගය කරනව.

   වැඩිම ලෝක කුසලාන අවසන් මහා තරග වලට සුදුසුකම්ලත් දිනුම පැරදුම ඉහටත් උඩින් පිළිගත් දේශයේ නමරන්දු ඒ සිංහ පැටවූ අපට ආඩමබරයකි..

               මක්නිසාද අප හදවතින්ම ශ්‍රීලාංකික වන බැවිනි.    

Wednesday, April 2, 2014

අවුරුද්දට ගමේ යන්න ....

පින්තූරය ගූගලයෙන් සොයාගත්තෙමි )

අවුරුද්දට ගමේ යන්න 
සැලරි දෙකක් ලැබුණා මට 
සුදු දෝනිගෙ ගවුම් රෙද්ද 
හැඩට තියෙයි රැලි වැටුනම 

ලොකු පුතාගෙ ඉරුණු සරම 
මතක් වුණා හීනෙන් මට 
රතු පාටට බතික් කෙරුව 
සරමක් මම ගත්ත පුතුට 

මගෙ හාමිනෙ හැඩවෙන්නට 
යසට කැපෙයි සුදු චීත්ත 
හැට්ට රෙද්ද මල් වැටුනම 
සිරියාවයි ඇගෙ සිනහව 

ගල් පැලෙන්න ගොරව ගොරව 
මහ හයියෙන් වැහි වැටුනම 
එල්ලෙ ගැහුවෙ අපෙ ලියද්දෙ 
අවුරුද්දට අපි හැමෝම 

ලොකු අක්කත් පොඩි මල්ලිත් 
මහ ගෙදරට එන දවසට 
පොළොස් ඇබුල හදල තිබුනෙ 
අපෙ අම්මනෙ කටට රහට 

නොනගතේට කැවුම් කාපු 
අපිට හොරෙන් ඇලේ පැනපු 
පොඩි එවුන්ව අල්ල ගන්න 
අප්පොච්චා දිව්ව තරම

මේ හැම දේ රස බලන්න 
අවුරුද්දට බඩු අරගෙන 
උඩරට මැණිකේ එක්කල 
මම එනවා ගම බලන්න 

පොඩි එවුන්ට බුල්ටො දුන්න 
මුදලාලිගෙ ණය ගෙවන්න 
මම එන්නම් කඩ පොලටම 
මගෙ හාමිනෙ ඇවිත් ඉන්න 

ඇගේ ගාන සුවද සබන් 
පොඩි එවුන්ට පව්ඩර් ටින් 
අරන් දෙනව මේ පාරත් 
ගමට ආපු දවසට මං.




Sunday, March 30, 2014

පුරන් වෙන්න කලින්

                 යන්තම් එක හිසරදයක් ඉවර වුණා විතරයි.ඒත් තවම ගම වල සෙට් සෙට් තැන තැන සෙට් වෙලා.බාර් වහල නිසා බ්ලැක් මාර්කට් එකට මේ දවස් වල හොදටම සරුයි.අපේ එවුන් දිනුවත් සමරනව පැරදුනත් සමරනව.අවුලක් නැහැ සතුටෙන් සැපෙන් ඉන්න හදනවනම්.ඒත් එතින් සමහර වෙලාවට සිංහල භාෂාවේ තියෙන සුද්ද සිංහල කියන්න හදනව.එතකොට තමයි ඉතින් මැරුණු මිනිස්සුත් වලෙන් නැගිටල ඇවිදින් චන්දෙ දාන්නෙ.

             අපරාදෙ කියන්න බැහැ මේ විකාර වැඩ නිසා අපේ ගෙවල් පාර ඊයෙ හවස ඉදලම වහල.හදිස්සියෙ ටවුන් එකට එහෙම යන්න වුනොත් පිස්සු හැදෙනව.කොටින්ම කියනවනම් මගදී බබා හම්බවෙනව.ඔහොම තමයි අපේ පැත්තෙ විස්තරේ.තව හොද හොද දේවල් තියෙනව ඒත් ඉතින් දැන් ඒ දේවල් ගැන කතා නොකර ඉන්න එක වඩා හොදයි.


            බ්ලොග් වල අප්ඩේට් කියෙව්වට බ්ලොග් එකට අලුතෙන් පොස්ට් එකක් දාන එක දැන් වහ කදුරු වගේ.මොකද ඒ තරමටම කම්මැලි වෙලා.ලියන්න දේවල් කොච්චර තිබුනත් වෙන දේවල් එක්ක කිසිම දෙයක් ලියන්න හිතට ෆිට් එකක් නැහැ.මොකද ඔෆ්ෆීසියේ තියෙන වැඩ වල ඉවරයෙකුත් නැහැ.කොච්චර කලත් ඇති වැඩකුත් නැහැ.කරනකම් හොදයි ඊට පස්සේ කව්ද මේව කලේ කියල මතකත් නැහැ.අනේ මන්ද කොට අදිනව අදිනව කවද පෙරහරේ යන්න වෙයිද කියල.ඇත්තටම කොට අදින අලින්ට පෙරහරේ යන්න තහනම්ද අෆ්ෆා..?එහෙම ගියොත් උන්ට වස් වදිනවද?මේ දවස් වලනම් කොහොමත් අලි ටික රංචු රංචු කැලෑ වැදිලා කියල තමයි ආරංචිය..මං හිතන්නෙ වල්ල පට්ට කපනව ඇති.එහෙමවත් ගොඩ යන්න පුලුවන්ද බලන්න.වල්ල පට්ට කියනකොට මතක් වුනේ අපේ ගමට අල්ලපු ගමේ ඩබලක් වල්ල පට්ට කපල මාට්ටු වෙලා පොලෝසියට.නිදහස් කොර කියල තමයි ආරංචිය.දඩේ කීයද කියල අහගන්න බැරි වුනා.

බ්ලොග පාලුවට යන නිසා තමයි නින්දෙන් ඇහැරුනා වගේ මෙහෙම දෙයක් දැම්මෙ..

Friday, March 7, 2014

ඔන්න දැන් ලග ලගම එනවෝ..

                  මාසෙකින් විතර බ්ලොගේට මොකුත් දාන්න බැරි වුනාට හැමදාම වගේ ඇවිත් අලුත් පෝස්ට් ඔක්කොම වගේ කියවල අකුරකින් හරි පොඩි කමෙන්ටුවක් දාන්න අමතක කලේ නැහැ.පුළුවන් හැම දෙයක්ම කියෙව්ව.කොහොමත් දැන් බ්ලොග් රෝල කියවන්නෙ නැතුව ඉන්න බැරි තරමට ඔලුව හැඩගැහිල තියෙන්නෙ.ගිය මාසෙටම දාන්න පුළුවන් වුනේ පෝස්ටු දෙකක් විතරයි.මේ දවස් වල තියෙන ඡන්ද උණුසුමත් එක්ක රටේ ප්‍රධානම පළාත් දෙක හෙල්ලිලා තියෙන නිසා පොඩ්ඩක් ඒ ගැන ලිව්වොත් හොදයි කියල හිතුන.ඒත් මේ දේවල් ලියන්නෙ දේශපාලනයට කැමත්තකින්නම් නෙවෙයි.කාටවත්ම කඩේ යන්නටත් නෙවෙයි.මොකද මේ දවස් වල හරිම පරිස්සමින් තමයි කතා කරන්න වෙලා තියෙන්නෙ.

             මොන ආණ්ඩුව රජ කලත් ගමේ තියෙන පාරවල් ටිකට කාපට් දාපු එකට අපේ ගමේම මිනිස්සු ඉන්නෙ මාරම ගෝ එකක.පාරවල් පු නිසා මිනිස්සුන්ට තියෙන හැම දෙයක්ම විසදෙන්නෙ නැති එක ඇත්ත.ඒත් ගමට තිබුණු ලොකු අඩුපාඩුවක් හරි ඡන්ද ගුන්ඩුවක් මාර්ගයෙන් කරගන්න ලැබුණු එකනම් ලොකු දෙයක්.පාර කාපට් කරන්න කොන්තර්ත්තුව ගත්ත මනුස්සය පාරෙ පළල අඩුවට කාපට් දාන්න හැදුවත් ගමේ මිනිස්සුන්ගෙ තියෙන එකමුතුකම නිසා මිනිහට වැඩේ වැරදුනා.කොහොමහරි දැන්නම් සියයට අනුවක් විතරම වගේ ඉවරයි.

         ඔය ලස්සනට තිබුණු පාර ඡන්දෙට ඉදිරිපත් වෙන සම හරක් මහත්තුරුන්ගෙ නෝනලාගේ නම් ගම් ලියල.ඒ මදිවට එක එක ලකුණුත් පාරේ ඇදල.හරියට උන්ගෙ සල්ලි වලින් පාරවල් හැදුව වගේ.නීතිය තිබුනට ඒ දේවල් දැන් බල්ලට ගිහින් තියෙන නිසා මේ වගේ දේවල් වලට කතා කරන එක තෙරුමක්ම නැහැ.මොකද මේ වගේ දේවල් කරන්න කොහෙන් හරි ගමේ එකෙක් ඉන්න බව අපි හොදාකාරවම දන්නව.තාමත් ගම වල අරක්කු ටිකට ඡන්ද වැඩ කරන හරක් ඉන්නව.ඇත්තටම එහෙම කියන එක හොද මදි.මොකද මිනිස්සු හරිම අහිංසකයි.ඒ මිනිස්සුන්ගෙ තියෙන ඒ අහිංසකකම තවත් අපේ මිනිස්සු ටිකක් ඒ  මිනිස්සුන්ගෙ වාසියට හරව ගන්න එක කවදහරි විදවන්න වෙනව.


               මේ දවස් වල ඡන්ද ගුන්ඩු කොච්චරද කියනවනම් අවමංගල්‍ය උත්සවයකට අවොත් එහෙම අඩන්නේ නැති ටික විතරයි.මොකුත් නැහැ කට්ටිය පෝලිමේ ඇවිත් අඩල යන්නෙ.ඒ තරමටම උණුවෙන හදවතක් තමයි සමහර මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් තියෙන්නෙ.ඉතින් කාට කතිරෙ ගහන්නද කියල හිතාගන්න බැහැ.අපරාදෙ කියන්න බැහැ අපේ ගමේ පන්සලේ හදාගෙන යන අලුත් බණ මඩුවට මේ දවස් වල ආධාර ගලාගෙන එනව කියල තමයි හාමුදුරුවො කියන්නෙ.ඡන්ද උණුසුම පටන් ගන්න කලින් අපේ හාමුදුරුවො නොගියපු තැනක් නැහැ ආධාර එකතු කරන්න.ඒ දවස් වල මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් නොතිබුණු ප්‍රතිපාදන මේ දවස් ටිකට මෙයාලට කොහෙන් ලැබෙනවද මන්ද අෆ්ෆා.මම හිතන්නෙ මේකට වෙන්න ඕනෙ ආශ්චර්යය කියන්නෙ..හි හි 

                බස්නාහිර ඔහොම වෙනකොට දකුණ පැත්ත හරියට වේදිකා නාට්‍යක් වගේ වෙලා.අට පාස් නැති හරක් දේශපාලනේට ගෙනාවම වෙන මොන වෙන්නද..නළුවොයි නිළියොයි නළු බට්ටොයි හැම තැනම පොරකනව මොන්ටිසෝරියට රිංගගන්න.මේ දවස් වල හරියට අමතක වෙන ලෙඩේ තියෙන නිසාද මන්ද පුදුම කතා තමයි අහන්න ලැබෙන්නෙ.දේශපාලනිකව නැතුව ඇත්ත කතා කලොත් ඇත්ත මොකක්ද කියන දේ මිනිස්සුන්ට හංගන්න අමාරුයි.මම අහගෙන එක නෝනා කෙනෙක් කියනව අපේ හිටපු හමුදාපතිතුමා යුද්දෙ දවස් වල ලංකාවෙ හිටියේ නැහැ කියල.ඉතින් අපේ මිනිස්සු මේ වගේ අයද දේශපාලනේට ගේන්න දගලන්නෙ.පාට මොකක් වුනත් මෙහෙම දේවල් කට ඇරල කියන්න පුලුවන්ද කියන එක හිතන්න අමාරුයි.ලෝකෙ තියෙන පැරණිම ජොබ කරන අක්කල නංගිලා මේ දේශපාලනේට එනකොට ඔහොම දේවල් වෙන්න පුළුවන්.මේ දේවල් මෙහෙම නොවුනොත් තමයි පුදුම.

                      හැම මනුස්සයගෙම වැරදි තියෙනව.ඒ දේවල් ඔබාමටත් පොදුයි.අනේ මන්ද මේ දේවල් ලංකාවේදී විතරක් හරි විදිය පේන්නෙ කොහොමද කියල.මේ රටට දැන් මොකා ආවත් මේ ටිකම තමයි ඉතින්.දැන්  හුගක් මිනිස්සුන්ට සල්ලි තියෙනව.එත් ඒ දේවල් බෙදිලා තියෙන්නෙ සීමිත කොටසක් අතරේ විතරයි.ඒ අතරින් සමහර මිනිස්සුන්ට මුදල් වලට අමතරව බලය උවමනා වෙන නිසා දේශපාලනය කියන හස්තිය අතට ගන්න හදනව.එහෙම මිනිස්සු කොච්චරනම් ඉන්නවද ඔය අංක ටික බලනකොට.එහෙම කියන්නේ මොකද අපි හොදාකාරවම දන්න පුද්ගලයෙක් එයාට අවශ්‍ය කරපු පක්ෂෙන් එයාට නාමයෝජනා නොලැබුන නිසා වෙනත් පක්ෂෙක සාමාජිකත්වය අරගෙන දැන් ඒ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලනව.ඉතින් මේ දේවල් වලින්ම පේනව මිනිස්සුන්ට බලය උවමනා වෙලා තියෙනව කියල.

                මේ දවස් වල ගෙවල් ගානේ ඇවිදින මන්ත්‍රී තුමන්ලට වගේම තුමියලටත් ඉදිරියත් සමාජ සත්කාර කරන්න ලැබේවා කියල තමයි අපිට කියන්න තියෙන්නෙ.පුද්ගලිකව මම දේශපාලනය ගැන බලන විදිය වෙනස් වෙන්න පුළුවන්.කොහොම වුනත් උදෙන්ම ගිහින් ඡන්දෙ දාන්නත් අමතක කරන්නේ නැහැ.මොකද ඒ දේ අපේ යුතුකමක් විදියට මම දකින නිසා.යුතුකම් අගයන යුතුකම් ඉටුකරන මේ වගේ සමාජ තලයක මම හිතන්නෙ අපිට නගින්න පුළුවන් අවසාන පඩිය තමයි මේ දේ.ඉතින් ඔය පඩියට වෙලා බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන මොන කොරන්නද අෆ්ෆා..

Saturday, February 8, 2014

බාහු මාමගෙ පච කතා..

මේ දවස් වල ටිකක් විතර කාර්යබහුල වෙන්න වුණා.මොකද අපේ ගෙදර පොඩි වැඩ වගයක් යන නිසා.පොඩි වැඩ වගයක් කියන්නේ ඇත්තටම ගෙදර පින්තාරු කොරනව.ඒ නිසා මැසිම කොහෙද කියලත් මතක නැහැ.ඔන්න අද තමයි දැක්කේ adsl රවුටරේ කාමරේ මුල්ලක තියෙනව.ඔෆිසියට ගිහින් බ්ලොග බලන්නෙත්.බුකියට වෙලාව ලැබුනොත් යනව.

ලගකදී අපේ ගෙවල් පැත්තේ එවුන් ටික සෙට් වූනු වෙලාවක කියපු කතා ටිකක් තමයි මේ කියන්න යන්නෙ.මොකද ඒ කතා ටික මම කියපු දේවල් නිසා.අපේ ගෙවල් වලට අල්ලපු ගෙදර ඉන්නෙ සුදු මාමයි බාහු මාමයි එයාලගෙ අම්මයි.මොකද ඔය කියන දෙන්නම කසාදයක් කොරගෙන නැහැ.බාහු මාම හමුදාවෙ කෝකි වරයෙක්.මමත් කාල තියෙනව එය උයන කෑම.පට්ටම රහයි.මට මතකයි ඉස්සර අපේ ගමේ දන්සලට උයන්නෙත් බාහු මම තමයි.සුදු මම ගෙදරට වෙලා අම්මව රැක බලාගෙන ඉන්නව.

බාහු මාම නිවාඩු එනකම් තමයි අපේ පැත්තෙ ඉන්න සමහර එකාලා බලාගෙන ඉන්නෙ.මොකද මනුස්සය හරිම හිත හොද මනුස්සය නිසා පිනට ගහන්න පුළුවන් කියල හැම එකාම දන්නව.එතකොට සුදු මාමටත් හොදට සලකන්නත් බාහු මාම වගබලාගන්නව.එදාට ඉතින් සුදු මාමට රජ මගුල්.පොඩ්ඩක් නැටුම් තෙල් ගත්තම තමයි සුදු මාමගෙ කටට පන එන්නෙ.අනිත් වෙලාවට හරිම අහිංසක මනුස්සය.

මේ කියන්න යන සීන් එක අපේ රටේ යුද්දෙ ජයටම යන දවස් වල වෙච්ච දෙයක්.ඒ කිව්වෙ 2007 2008 වගේ තමයි මතක.



ඔන්න දවසක් බාහු මාම නිවාඩු ඇවිල්ල කට්ටිය එක්ක සෙට් වෙලා හෙනම පාටිය..ඔය අස්සෙ සුදු මාමටත් බාගයක්ද කොහෙද ගෙනත් දීල.මම දැක්ක පැත්තකට වෙලා තියාම හොරාට ගහනව.බාහු මාම කොච්චරනම් ඇත්ත කියනවද කිව්වොත් අපේ පැත්තෙ මනුස්සයට කියන්නෙ පචබාහු කියල.මමත් රෑ නමයට විතර දත් ටික මැද මැද කුස්සිය පැත්තේ ඉන්නකොට පොඩ්ඩ පොඩ්ඩ බාහු මාමගෙ කට හඩ තීව්ර වේගෙන එනව.මමත් ඕන මගුලක් කියල පොඩ්ඩක් කන් දුන්න බලන්න.

මොකුත් නැහැ දැන් බාහු මාම අරින නයි වලට නුල් දෙන්න කට්ටිය පොරකනව.මොකද පිනට ගහන්න පුළුවන්නෙ.කොච්චර ඒකාල හිටියත් අන්තිමට මනුස්සයට නිවාඩු ඉවර වෙලා ආපහු යන්න අතේ සතේ නැති වෙනකොට රුපියලක් දෙන්න එකෙක් නැහැ.මිනිස්සුනම් කියන්නෙ බාහු නිවාඩු එනකොට සිගරට් පෙට්ටිය උද සාක්කුවෙලු ගෙන එන්නෙ වීරයා වගේ.අන්තිමට සකුර බීඩිය ගහගන්නත් අතේ පිච්චිය නැතුව යනව.පව් මොනව වුනත් හොද මනුස්සය.

ඔහොම නයි අරින අතරතුරේ එන පොට හොද නැති බව දැනගෙනද කොහෙද එකා දෙන්න වෙලා පැත්තෙන් මාරු වෙනව මම බලාගෙන.

ඔන්න දැන් අයිය මලෝ පොඩ්ඩක් අර ගන්න යන්නෙ වගේ කියල මට හිතුන.මොකද ඒක හැමදාම වෙන බව මම දන්නා නිසා.දැන් ඔන්න දෙන්න සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තාලෙට හුවමාරු කරගන්නව.ඔය අස්සෙ මට හොදටම හිනා.මොකද හෙට උදේට අයෙත් දෙන්නම මර ෆිට් එකේ වැඩ කොච්චර රණ්ඩු වුනත්.කවදාවත්ම ගහගන්නෙත් නැහැ.කටින් විතරයි හැමදේම.

ටික වෙලාවකින් සද්දෙ පොඩ්ඩක් අඩු වෙලා පැත්තම නිශ්ශබ්ද වෙලා ගිය.ඔන්න එතකොට හෙමීට බාහු මම එයාගෙ අම්ම ලග ගිහින් හොරට කියපි 

"අම්මේ මම උඩහ කොටි මර විදියට මේක මරණ එක ලොකු දෙයක් නෙවෙයි කියල."

කොහොමහරි ඔය කතාව සුදු මාමාට ඇහුන ..මිනිහට දැන් මලෙත් හොදම එක ..හැරෙන තැපෑලෙන්ම සුදු මාම කියපි 

"අනේ පල තෝ යන්න පචබාහුවො..තෝ මරණව කොටි නෙවෙයි එළවලු ඉන්න මැස්සොයි පනුවොයි."

මට උන්හිටි තැන් අමතක වෙන්න හිනා.මොක ඔය වගේ දෙයක් අපිට කීයටවත් කට එන්නේ නැති නිසා.ඔහොමම ටික වෙලාවක් දෙන්නම කටින් ගහගෙන දෙන්නටම ඇති වෙලා නැවැත්තුව.ඔය කතාව පල්ලෙහා ගෙදර අයියත් අහගෙන ඉදල උදේම මට කිව්ව.අපි දෙන්නට නවත්ත ගන්න බැහැ හිනාව.

පාරේ එවුන් ටික දැන් කොහේදී සෙට් වුනත් මටයි අයියටයි කියන්නේ බාහුගෙ කතාව කියපන්කො කියල..

Sunday, February 2, 2014

නින්දෙන් ලියුවෙමි...



කුමටද මැසවිලි ජීවිතයට 
නුබ දුන් ප්‍රේමයේ හුදකලාවට 
සිකුරු තරුව වූයේ මට 
නොනිවී දැල්වී ඉන්නම 
රෝස දෙකම්මුල් මා නෙතු අද්දර 
ගලා හැලෙන අපෙ කදුලැල් දහරට 
බොදවීයන් මා රුව ඔබ සදහට 

සීතලේ වසන්තය ඇත මගේ තනියට 
පලක් නොමැත මා සුරතට අද 
ලංවීමට නොහැක ඒ ලක්ෂරි පුරවරයට 
යන්නට පා තබන්න ඔබගේ විජිතයට 
මාගේ දොරගුළු විවරව ඇත 
ඔබ පිදුමට මගේ ප්‍රේමයට 

මතකය අවදිව ඇත තාමත් 
නින්දයි නොනින්දයි නොඅදුනනමි මම 
ජීවිතයම සිහිනයකි 
ඉමක් කොනක් නොමැත මිරිගුවට 
ඉදින් අවසානය මිරිගුවට 
සමුදුනෙමි ඔබගේ අතීතයට 
කිසිදා නොඑන ඔබ සදහටම..

Tuesday, January 21, 2014

නැවතුමක් නැතුව ..

                ජීවිතේ සමහර දේවල් අමතක කරනව කියල හිතුවට ඇත්තටම අමතක කරන්න බැරි ඇයි කියන්න මම දන්නෙ නැහැ.මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලත් හිතෙනව.ඉස්කෝලෙ දවස් වල මෙහෙම මතක තියාගන්න පුළුවන් කම තිබුනනම් අද අපි මෙතන නැහැ.සමහරවිට හොද තැනක ඉන්න තිබුණ.මේ දවස් වල තියෙන දේශගුණ තත්වෙත් එක්ක අමතක වෙලා තියෙන ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නකොට හරියට පපුව සිදුරු කරල ලේ ගන්නව වගේ.ඒත් තනිවෙන්නෙ නැතුව යාළුවො එක්ක ඉන්නකොට දැනෙන සතුට මාරයි.

                හවසට ගෙදර යනව කියන එකත් වෙලාවකට මරණව වගේ වැඩක්.මට දැන් හුදකලාව ඇති වෙලා.ජීවිතේ මෙහෙම විදවන්න බැහැ.විදින්න තියෙන ජීවිතේ විදවන්න වුනු එක ගැන මම තාමත් ගොඩක් දුක් වෙනව.ඒත් ඒ විදවිල්ල අස්සෙ ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනව.මේ කෙටි කාලෙදි මම මටම කියල ලබාගත්තු දේවල් ගැනත් හිතනකොට හීනියට සතුටක් එනව.මොකද මටත් දැන් මගේ නම අගට ජාලකරණයට අදාලව අකුරු හතරක් ගන්න පුළුවන් වුණා.තව ඒ වගේ අකුරු හතරක් මම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ.එහෙම පුළුවන් වුනොත් ජීවිතේ තව අඩියක් දෙකක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල මම හිතනව.


                  වෙච්ච හැම දෙයක්ම අමතක කරල ඉන්න හදනකොට දැකපු එකම එක දෙයකින් මගෙ හැමදේම ගොඩක් වෙනස් වුණා.බොහොම අමාරුවෙන් ගොඩක් මහන්සිවෙලා ඉස්සරහට යන්න හදනකොට ආයෙත් ඒ දේම මට වද දෙනකොට උන්හිටි තැන් අමතක වෙනව.වෙලාවකට හිතෙනව මමම  මගෙන් පලිගන්නවද කියල.ඒ හැමදේම ඉවරයි කියලත් මම දන්නව.ඒත් ඒ දේවල් එහෙම වෙන්න හේතුව තම මම දන්නෙ නැහැ.සෙරෙප්පු කෑලි දෙකක් ගෙන එහෙ මෙහෙ ඇවිදින අපි වගේ එවුන් තව කොච්චරනම් ඇත්ද.සල්ලි කියන්නෙ ජීවිතයම නොවිච්ච මට යටගිය අවුරුදු දෙක තුන ගැන හිතන්නත් අමාරුයි.

                 අහිමිවීම ගැන දුකක් තිබුනට ඒ දුකට වඩා ගොඩක් දේවල් සතුට වෙනුවෙන් තියෙන නිසා දැන් වැඩිය හිතන්න යන්නේ නැහැ ඒ ගැන.කොහොමත් අතීතය බොදවෙලා ගිහින් ඉවරයි.අනාගතය කවදා ඒවිද කියන්න දන්නෙ නැහැ.ඉතින් වර්ථමානයෙ ජීවත් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.මිනිස්සු කරන හොද නරක ඒ මනුස්සය පස්සෙ පන්නනව කියනවනෙ.තරහක්නම් ඇත්තටම නැහැ ඒත් මම බලාගෙන ඉන්නවා මගෙ අතටත් තුරුම්පු එනකම් කෝට් ගහන්න.තුරුම්පු කවදාවත් නොඑන්නත් පුළුවන්.වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.

              බුකිය තුල ම ජීවත් වන කාලය බොහොම සීමිත කිරීමට ගත් තීරණය  දැන් අවසන්වී ඇත.රාත්‍රියට බුකියට ගොස් එකෙක් දෙන්නෙක් සමග පොඩි බයිලයක් ගසා ආවම දැනෙන සැහැල්ලුව මට ගොඩක් වටිනව.බ්ලොගයක් පටන් ගන්න හේතු වුනේද මේ දේවල් නිසා.දැනෙන හැමදේම ලියන්න පුළුවන්.මොකද සමහර දේවල් අපිටත් අමතක වෙන්න පුලුවන් නිසා.හේතුවක් දන්නෙ නැති වුනාට සයිබරයෙ වැඩියෙන්ම කොටලා තියෙන්නෙත් විරහව ගැන.ඕව කියවගෙන යනකොට හිතෙනව මටත් මේ දේමද වුනේ කියල.පිස්සු වගේ..

Tuesday, January 14, 2014

හෙට ඉදන් අපිත් උඩින් යනෝ..

                  ඔන්න ඉතින් හෙට ඉදල අපිටත් උඩින් යන්න පුළුවන්.මේ මොකක්ද කියන්න යන්නේ කියල සමහරවිට තේරෙන්නේ නැතුව ඇති.උදේ හවස දුම්රියෙ වේයන්ගොඩ මීරිගම පැත්තෙ ඉදල යන එන කට්ටියනම් දන්නව ඇතිනෙ වේයන්ගොඩ ගුවන් පාලම ගැන.මෙහෙම කියනකොට කෙනෙක්ට හිනා යන්නත් පුළුවන්.ඇත්තටම වේයන්ගොඩට අනිවාර්යෙන්ම ගුවන් පාලමක උවමනාව දැනිල දැන් හුගක් කල්.මොකද කියනවනම් උදේට හවසට පුදුම වාහන තද බදයක් තමයි ටවුන් එකේ තියෙන්නෙ.ලංකාවෙ බොහෝ ප්‍රදේශ වල ඉදල ගුවන් ගත වෙන්න එන බොහෝ පිරිස් වේයන්ගොඩ නගරය හරහා තමයි යන්නෙ.ඒ නිසා සමහර දවස් තියෙනව වාහන එක තැන හෙල්ලෙන්නෙවත් නැහැ.මොකද දුම්රිය හරස් මාර්ගය හරහා ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන නිසා දුම්රිය යනකම් වාහන නවත්තගෙන ඉන්න වෙනව.රේල් ගේට්ටු දෙකක් දෙපැත්තෙ තිබුනට සමහර වාහන එන වේගෙට ඔය රේල් ගේට්ටු කඩාගෙන යන එකත් වේයන්ගොඩට සාමාන්‍ය දෙයක්.මමත් ඒ දේ අත්විදල තියෙනව.



              ඔය ගුවන් පාලම හදන්න පටන් ගන්නකොට එක එක විදියෙ කටකතා පැතිරුණා.සමහර දේවල් කියන්න බැරි තරම් දුරට ඇදිල යනව.කොටින්ම දේශපාලනය හැම තැනටම ගෑවිලා තියේනව කියල තමයි අපිට ආරංචි වුනේ.කොහොම වුනත් පාලම ඉක්මනට හැදුවා.මොකද ඒකත් අර කැළණියේ ගැහුව වගේ යකඩ පාලමක් නිසා.මම දන්නා තරමින් ඔය යකඩ පාලම් වල ආයු කාලය කොන්ක්‍රීට් පාලම් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි.ඒ දේ හොදටම තේරෙනව යකඩ පාලම් උඩින් යනකොට.ඒ පාලම් හෙල්ලෙනකොට ඇගම හීතල වෙනව.ඒත් දවසක් මම කෝච්චියෙ එනකොට එක මත්තයෙක් කියනව මම අහගෙන එහෙම හෙල්ලෙන්නෙ මොකක්ද තාක්ෂනයක්ලු කියල.මොන දේ වුනත් බය හිතෙනව.

               මොන වුනත් අපේ ගමට ලැබුණු පාලමට අපි බැනල වැඩක් නැහැ.මොකද දැන් එක ගලවන්නත් බැහැ.පාලම හදනවට වැඩ ඒක විවුර්ත කරන්න ගිය කාලය වැඩිද මන්ද?ඔන්න ඔය කියන දේ නිසා මිනිස්සු කියන්න ගත්ත පාලම පොඩි කියල අයෙත් ගලවන කතාවකුත් තියෙනව කියල.මොන බොරුද ඔය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවුර්ත කොරනවා කියන්නෙ.ඒ මොන දේ වුනත් හැමෝම වගේ කියන තවත් කතාවක් තියෙනව ඒ තමයි ගුවන් පාලම නිසා තද බදය අඩු වෙයිද කියන සැකය.ඇත්තටම එක හරි මොකද අරංගල්ල මහත්තයගෙ ඉන්දන පිරවුම් හල ලගින් පටන් ගන්න පාලම අපහු ටවුන් එක මැද්දටම තමයි පතිත වෙන්නෙ.ඒ කියන්නෙ දැන් මැණික් මාලිගාව ලග ලොකු හතරමං හන්දියක් වෙලා.එතනට ට්‍රැෆික් ලයිට් සෙට් කොරල තිබුනට හිතන්න අමාරුයි වෙනසක් වෙයි කියල.

                  දේශපාලනය කතා කොරනව කියලනම් ඔන්න හිතන්න එපා.මොකද අත්තනගල්ල ආසනෙන් තමයි හිටපු ජනාධිපතිනිය බිහිවුනෙත්.හැබැයි වේයන්ගොඩට කරපු දෙයක් නැහැ.ඒ නිසා අපි ජනාධිපතිතුමාට ස්තුති වන්ත වෙනව.හෙට ජනාධිපතිතුමා එන නිසා වේයන්ගොඩ පරණ බස් නැවතුම් පොළ ලග ලස්සනට සරසල එහෙම තියෙනව.ඇත්තටම ලස්සනයි.

           වේයන්ගොඩ අහල පහල ඉන්න එකාලට කියන්නෙ ඔන්න හෙට පාලම විවුර්ත කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් වේයන්ගොඩ නගරසභා පිටියෙ සීදුවේ සකුරා දිගුම් දෙන්න හඩ තලනවලු.එහෙනම් හෙට සෙට් වෙමු..ජය වේවා. 

Thursday, January 9, 2014

අරමුණක් නැති පෝස්ටු..01


              රැයට සොයන උණුහුම දවල්ට ලැබෙන උණුසුම අතරේ කොච්චරනම් වෙනසක් තියෙනවද?එකම එක පොඩි අකුරකින් විතරක් වෙනස් වුනාට මේ වචන දෙකට වෙනස්ම අදහස් තමයි තියෙන්නෙ.කෙනාගෙන් කෙනාට ඒ දිහා බලන විදියත් වෙනස්.ඒ වෙනස එක්කම හිතට දැනෙන අදහස් සමහරවිට අපිටම තේරෙන්නෙ නැහැ.මොකද අපි ඒ තරමටම බොළද වෙලා.යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියනවනෙ.ඉතින් ජීවිත වලට ඒ ඒ වෙලාවල් වලට ලැබෙන්න අවශ්‍ය දේවල් නොලැබෙනකොට මිනිස්සුන්ට දැනෙන දුක කියල නිම කරන්න බැහැ.අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදියට වෙනවනම් අපිත් අද බිල් ගේට්ස් වගේ තමයි.

                      පොඩි දවස් වල ටීචර් අපේ අහනකොට පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියල අපි හැමෝම ඒ දවස් වල කියන්නෙ දොස්තර කෙනෙක් එහෙමත් නැත්නම් ඉංජිනේරුවෙක් වෙනව කියල.ඒ දේවල්                    මිනිස්සුන්ගේ වාසනාව කියන එක මත සීයට පනහක් විතර රැදිල තියෙනව කියල තමයි මගෙ විශ්වාසෙ.මොකද සීයට සීයක් කියල කිව්වොත් බුදු දහම බොරු වෙනව.තමන්ගෙ මවට , තමන්ගෙ දහමට හා තමන්ගෙ රටට ආදරේ කරන්න කියල කතාවට කියන්නෙ කට කහනවට නෙවෙයි.මව විතරක් නෙවෙයි පියාටත් ඒ හා සමානවම ආදරේ කරන්න ඕනෙ.

                     මේ අවුරුද්දෙ හදහන් බලනකොට ඔන්න රජ වීදියටනම් සරුයි.හැබැයි තාමනම් සරු වුනේ නැහැ.බලමු අපිටත් කවදහරි අවුරුදු එයි කියල හිතෙනව.මේ දවස් වල ඔෆිසිය ගැනනම් කතා කරනකොට කලකිරෙනව වගේම දෙපැත්තෙන්ම හිනත් යනව.මොකද මේ දවස් වල එක සෙට් එකක් ඌරගේ මාළු ඌරගෙ පිටේම තියල කපන්න පටන් අරගෙන.ඒ මදිවට ඒ කපන ඒව විකුනන්න කට්ටිය සැදී පැහැදී ඉන්නව.මොකද ඒ තරමටම මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් තිබුන නිසා.මනුස්සයෙක් තමන් වැඩ කරන ෆීල්ඩ් එකට සීනියර් වෙන්නෙ එකම තැන දිගටම වැඩ කරන එකෙන් කියල හිතනවනම් මම හිතන්නෙ ඒක හරිම බොරු වැඩක්.මොකද අලුතින් කෙනෙක් වැඩට එන්නෙ ගෙදර පොල් ගගා ඉදල නෙවෙයිනෙ.ඒ මනුස්සයත් තවත් තැන වැඩ කරල පඩි වැඩියෙන් දෙන තැනකට ඇවිත් තියෙනව.ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් නිසා මේ දවස් වල අපේ මණ්ඩලේම කචල් වෙලා තමයි තියෙන්නෙ.මම ඉතින් පොඩි එක නිසා අපි ඔය දෙපැත්තටම වෙලා තැලෙන එක තමයි වෙන්නෙ.

                          අද මේ එක පාරටම මම බොහොම අමාරුවෙන් අමතක කරලයි කියල හිතාගෙන ඉන්න දෙයක් මතක් වුනු නිසා තමයි මේ උණුහුමයි උණුසුමයි ගැන ලියන්න හැදුවේ.අන්තිමට ලියන්න වෙන්නෙ වෙනමම වල් පල්.අලුත් අවුරුද්දට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන නිසා මම මගෙ නමට අගින් මගෙ නමේ කොටසකුත් සෙට් කලා.

                           දැන්නම් හොදටම නිදිමතයි.මොකද ඊයෙත් ගෙදර එනකොට පාන්දර දෙක හමාරයි.ගියා කාර්නිවල් එකක් බලන්න වතුපිටිවල.උදේ වැඩට යන්න ඇහැරුනෙත් අම්ම කුස්සිය පැත්තෙ දෙහි කපනව ඇහෙනකොට.රැවුල කපන්නෙවත් නැතුව අතරමන් වෙච්ච එකෙක් වගේ තමයි අද ඔෆිසියට බැස්සෙ.ගියගමන් නඩුවක් පාත් වුනු නිසා අද දවල්ට කනකොට හවස තුනට විතර ඇති.අපි එහෙම හරි කනව.දවල්ට කන්නෙ නැතුව දුක් මහන්සියෙන් වැඩ කරන මිනිස්සු අපි අතරෙම කොච්චරනම් ඉන්නවද.මම අහල තියෙනව දැන් අපේ රටට එන සමහර ඇදුම් මහන කොන්ත්‍රාත් ඉන්දියාවට යන්නෙ ඒ රටේ සමහර මිනිස්සු දවසෙ බත් පැකට් එකටත් වැඩ කරනවා කියල.ඉතින් මිනිස්සු කොච්චරනම් පව්ද..

                             නිදාගන්න කලින් තව පොඩි දුක් සීන් එකක් තියෙනව කියන්න.අපේ රටත් දන් විනාස මුක්‍යට ඇවිත් තියෙනව කියන එක සහතික ඇත්ත.මොකද මම කිව්වෙ ඊයෙ කාර්නිවල් එකක් බලන්න ගියා කියල.දැන් කර්නිවල් ඇතුලෙත් බියර් කඩ තියෙනව කට්ටිය දැකල ඇතිනෙ.එක කඩේක මාරම මාර්කටින් පාරක් තමයි තිබුනේ.නැගල යන ඉංගිරිසි හින්දි සිංදු වලට අහිංසක කෙල්ලො දෙතුන් දෙනෙක් මුළු සරුවාන්ගෙම බේරෙන්න කිටක් ගහල අර දෙනෝදහක් ඉස්සරහ නටනව.ඒක බලන්න අපේ හැත්ත බුරුත්ත මී මැස්සො ටික වගේ.මේව මැජික් නෙවෙයි.ඒක ඇත්ත. ඒත් දෙයියනේ අහිංසක අම්මල තත්තලගෙ දරුවොනෙ.කොල්ලො මොකට වටවෙලා බලාගෙන ඉන්නෙ කියන එක අහන්න දෙයක් නෙවෙයිනෙ ඒ නිසා ඒ ගැන මම කියන්න යන්නේ නැහැ.ඔය තිබුණු මාර්කටින් පාරත් එක්ක බියර් කඩේ හිස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.මොකද බියර් එකක් එහෙම ගහල පොඩි නැටුමකුත් අපේ එකාලට දන්නා පුලුවන්නෙ.කොල්ලො, කෙල්ලො දෙතුන්දෙනා අතරට රිංගනකොට කෙල්ලො ටික හෙමීට එතනින් වාෂ්ප වෙනව.ඇත්තටම ඉතින් නැත්නම් බේරෙන්න බැහැනෙ..

                              දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ විදියට අපිටත් යන්න වෙනව පුතෝ..නැත්නම් අපිත් හැමදාම මෙතනමයි..ඔහොම යං ..  

Wednesday, January 1, 2014

සමනල් හැගුමන් අතරේ..

          මුලින්ම ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියල රජ වීදියට යන එන හැමෝටම.අවුරුද්දක් ඉවර වුනා දන්නෙවත් නැහැ.අපහු බලනකොට කරගත්තු දෙයකුත් නැහැ කරපු දෙයකුත් නැහැ.වසරක් පටන් ගන්නකොට අපිට කොච්චරනම් පැතුම් තියෙනවද.ඒ හැමදෙයක්ම හරි යනවනම් අපිට මොනවා කරන්න බැරිද.එහෙම වෙන්නෙ නැති එකනෙ එකම අවුල.මම හිතන්නේ මේක මට විතරක් නෙවෙයි හැමෝටම තියෙන පුරස්නයක්.

        මම ලියන දේවල් හරිම කෙටි දේවල්.මොකද මට එහෙමට ලියන්න දන්නේ නැහැ.ඉතින් අදත් මේ කියන්න යන්නේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්.වැඩි ඈතක නෙවෙයි මේක වුනේ. 31 රෑ සුන්දර මීගමු දුබුරු වෙරළ තීරයෙදී තමයි වුනේ.එදා හද රැදි පැය සංගීත සංදර්ශනය වෙලාවෙදි තමයි මේ සීන් එක සෙට් වුනේ.එහෙනම් කතාවට එන්ටර් වෙමු.එන්ටර් වෙන්න දේකුත් නැහැ ඇත්තටම මොකද පටන් ගත්තු ගමන්ම ඉවර වෙයිද මන්ද..

       මෙන්න අගහරුවාදා ඒ කියන්නෙ 2013 වර්ෂයේ අවසාන දිනයෙ දොළහට විතර මට දුරකථන ඇමතුමක් එනව අපේ එකෙක් ගෙන්.මම කලින්ම දැනගත්ත ඉතින් නඩුවක් තමයි කියල.ඕන මගුලක් කියල ගත්ත ෆෝන් එක.

මචෝ අද හවස අපි මීගමු යනව හද රැදි පැය බලන්න.කතන්දරනම් කියන්න එපා වරෙන් එච්චරයි.උබ කොහෙද දැන් ඉන්නෙ කියපන්කො?

       මටත් ඉතින් සංගීත කිව්වම වුන් හිටිතැන් අමතක වෙනව කියල අපේ එවුන් දන්නව.ඉතින් මමත් ඔෆ්ෆිසියෙන් එකට විතර පැන්න.මොකද වැඩ ගොඩක් තිබුනෙත් නැහැ.ගෙදරට එනකොට දෙක හමාර විතර වුණා.හෙට පළවෙනිද නිසා උදේ කෝච්චියෙ පාටියට මම තමයි කේක් බාරගත්තෙ.ඒ නිසා එහෙමම ටවුමට ගිහින් කේක් අරගෙනම ගෙදර ආව.

        කලින් ආවට වැඩක් නැහැ යන්න වෙන්නෙ හතට විතර කියල මෙන්න එකෙක් එවනව කෙටි පණිවිඩයක්.මට නේද ඌරු ජුවල්.අවුලක් නැහැ කියල හිටිය.මොකද කොහොමහරි ෆන් එකක් ගන්න එකනෙ.ඔන්න හතට විතර අපි හතර දෙනෙක් යතුරු පැදි වල ගමනට සෙට් වුනා.අපේ අම්ම බනිනව ඉවරයක් නැහැ.

මුන්ට සංගීත බලන්න යන්න දුර මදිනෙ යකෝ..චූටි පුතේ උබ කීයට ආවත් හෙට උදේ වැඩට යන්න ඕනෙ එච්චරයි.

       යන්තම් ගෙදරින් පැනගෙන බයිසිකල් වලට ඔක්ටේන් 92 තෙල් එහෙම ගහගෙන යන ගමන් එකෙක් මිනුවන්ගොඩින්  බියර් ටින් එකක් ගත්ත බොන්න.අනිත් එවුන් බොනව වුනාට හෙට වැඩට යන්න ඕන නිසා බිව්වෙ නැහැ.කොහොමහරි බීච් එකට අපි එනකොට අටට විතර ඇති.පොඩි අස්සක හොයාගෙන බයිසිකල් දෙක තල්ලු කරල බැස්ස සෙනග අස්සට.බයික් එකේ එන ගමන් අරූ බියර් එක උගුරටත් හොරා බීලා.මම දැන ගත්ත බුවාට ටිකක් විතර වැදුන කියල.අවුලක් නැහැ මොකද එච්චරම චාටර් නැති නිසා.

        බලන්න එපෑ අලුත් අවුරුද්දක් එනවටද මන්ද කට්ටිය නටන නැටුම්.එක එකා එක එක විදිය.අපිත් දැන් මැද්දට පැනල නටනව.සමනළියො වැහි වැහැල.දකිනකොටත් සර්වාන්ගෙම සීතල වෙලා යනව.ඔහොම පැයක් විතර අපි නැටුව.දන්නෙම නැහැ අර බියර් එක ගහපු එකා අතුරුදහන්.ෆෝන් එකට ගත්ත ගත්ත මේක නෙවෙයි උස්සන්නෙ.දැන් කට්ටිය දෙලෝ රත් වෙලා.ඇත්තටම හීන් දාඩිය දැම්ම.


       කොහේ ඉදලද මන්ද එක පාරට මේක මතු වුණා.එක සෙරෙප්පුවකුත් දාගෙන අනික අතට දාගෙන හොදටම හති දානව.හරියට නාකි බල්ලො කොළබ යනවා වගේ.දැන් අපිට මල..

තෝ කොහෙද බොල ගියෙ.තොට බැයිද ෆෝන් එකට ආන්සර් කරන්න.

මොන ෆෝන්ද බං.මමත් බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ.

ඇයි තොට යකෙක් ගැහුවද?

යකෙක් ගැහුවනම් දුක නැහැ බන්..මේක සමනලයෙක්..

              මටනම් කියනකොටම මීටර් වුන මේක මොකක්ද මේ කියන්නෙ කියල.මට හිනාව නවත්තගන්න විදියක් නැහැ.තාමත් මතක් වෙනකොට හිනා යනව යකෝ.අද උදේ පාන්දර කෝල් කොරල අවුරුද්දට සුබ පතනකොටත් ඕක කියලම තමයි මම සුභ පැතුවෙ.මුටත් හිනා වෙච්ච දේට.

         ඇත්තටම ඒ සමනලය ඇත්තටම සමනලියක් වගේමයි.අංගෝපාංග අඩුවක් නැතුව තියෙන නිසා අපිත් හිතුවෙ සමනලියක් කියල.කොහොමහරි නටන ගමන් මේකව අපේ එකට සෙට් වෙලා වෙරි මර ගාතෙ ආතල් එක වැඩි කමට ඇරූගෙ පස්සෙන් අපේ එකත් ගිහින්.දෙන්න ලං වුනාට පස්සෙ තමයි අපේ එකාට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.කොහොමහරි අන්තිමට මේක සමනල්ලු රෑනකින් තමයි බේරිලා ඇවිත් තිබුනෙ.අන්තිමට අපේ එකාම කියනව 

මචෝ මම බය වුනු බයවිල්ලට බියර් එකට තිබුණු කික් එකත් නැතුව ගියා..