Sunday, November 16, 2014

තේරුමක් නැති පෝස්ටු - 01

     ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ.මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල.බලපුවම අහන අහන එක කියන්නෙම ඔය දේ තමයි.මේක අපේම කරුමයක් නැත්නම් රටේම කරුමයක්.ඒ මොන දේ වුනත් අපේ රටේ ජීවත් වෙනව තරම් සතුටක් අපිට වෙන කොහෙද තියෙන්නෙ.මේ හැමදේම අස්සෙ අපිට අන්තිමට ජීවත් වෙන්න වෙනව.ජීවත් වෙන්න ඕනෙ මොනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ඉතින් මේ දේවල් නිසා තමයි හුගදෙනෙක් දැන් පිට රටකට පැනගන්න හදන්නෙ.මටනම් ගෙදර ඇද මතක් වෙනකොට පිටරටකට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.ජොබත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නෙ.කඩේ යන එකෙත් සීමාවක් නැහැ.ජොබ් හොයන එකත් එපා වෙලා තියෙන්නෙ.සොයන්නාට සම්බවේ කිව්වට දැන් ඒකත් බොරු වෙලාද මන්ද.ලොක්ක කියන්නෙම තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මන් කොහොමහරි ජොබ් එකේ වැඩේ කරලා දෙන්නම් කියල.හැමදාමත් ගහන්නෙම ඔය බෙර පදේම තමයි.මාත් ඉතින් ඒ බුල්ටො එක කාල ඉන්නව.කොහොමත් ඉතින් හැම ලොක්කම බලන්නෙ කොහොමහරි කාටහරි කියල වැඩේ කරගන්න.නැත්නම් ලොක්ක ඉදල ඉවරයිනෙ.කොච්චර වැඩ කලත් ඔච්චර තමයි ඉතින්.දැන් ඉතින් මේක කියවන සෙට් එකට හිතෙයි ඇත්තටම මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියලත්.මේ දවස්වල මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම මේක තමයි.


            ජීවිතේ ඩල් වෙලාද මන්ද අෆ්ෆා.අවූලක් නැහැ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොදම දේ.හැමදේම අතහැරල රටකට ගිහින් පොඩි ජොබ් කට්ටක් කරගන්නත් හිතෙනව.ඒත් ඉතින් අපේ රට ඉන්න සෙට් එක කියන දේවල් අහපුවම මේ ෆන් ජීවිතේ එහෙ නෑ නේද කියලත් හිතෙනව.කතාවට කියනවා වගේ හැම දේටම වෙලාව එන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙලාව එනකම් බලාගෙන ඉදල හරියන්නෙත් නැහැනෙ.නමට හරි ජොබක් තියන එක කොච්චරනම් වටිනවද කියල දැනෙන්නෙ එහෙම එකක්වත් තවම සෙට් වෙලා නැති එකෙක් සෙට් වෙලා කතාවට වැටුනම.ඒ නිසා කට පරිස්සමින් තමයි කතා කරන්න ඕනෙ.හැමදේම එකපාරම ලැබෙනවට වඩා වෙන වෙනම ලැබෙන එකෙත් පොඩි ලොල් ගතියක් තියෙනව.ඒත් ඉතින් අන්තිමට ලොලේ ලොල් උනොත් තමයි අවුල.

        අද ගෙදර ඉන්න දවස නිසා ඊයෙ නිදාගත්තෙ අදනම් එළිවෙනකම් නිදාගන්නව කියල හිතාගෙන.ඒත් වෙනදටත් වඩා කලින්ම ඇහැරුනාම තියෙන ආතල් එක කොහොමද.වැඩක් නැහැ කියල පට්ට නේද?මේ දවස් වල වැස්ස නිසා පට්ට පට පට.අම්මගෙ කටේ බලේට අද පොල් පැලයක් හිටවන්න උනා.වලවල් කපල අත් දෙක තවම රිදෙනව.මොකද හුග දවසකින්නෙ මේ වගේ වැඩක් කලේ.බ්ලොග් එක පැත්තෙ ඇවිත් කරන්නෙත් අප්ඩේට් වෙලා තියෙන දේවල් ටික කියවල පොඩි කමෙන්ට් පාරක් දාල යන එක විතරයි.මොනවහරි ලියන්න හැදුවත් පට්ටම කම්මැලියි.අදනම් වාඩි උනේ දුක් ගැනවිල්ලක් හරි ලියනව කියල හිතාගෙනම තමයි.යන්තම් ඇති තේරුමක් නැතුව හරි පෝස්ට් එකක් දාගත්ත.