Wednesday, July 31, 2013

රුවන් විමානෙන් පියබා එනතුරු - පොපියන හදවත සිටී බලා

                  මේ දවස්වල අහන්න තියෙන්නේ බලන්න තියෙන්නේ සිංදුද කවිද කියල මටනම් තේරෙන්නේ නැහැ.සමහර සිංදු අහනකොටත් පිස්සු හැදෙනවා.ඇත්තටම කියනවනම් මුළු ඇගම දගලනවා.මොනවද යකෝ මුන් මේ කරන්නේ කියල හිතෙනවා.මොනව උනත් ඇත්ත කියන්න ඕනේ.ආත්මා කිව්වා සිංදු දෙකක් super.ආයෙත් අහන්න දෙයක්නම් නැහැ පට්ටම පට්ට.මටනම් කියන්න තියෙන්නේ අන්න සිංදු කියල විතරයි.කට්ටියට කියන්න ඕනේ නැහැනේ ඉතින් මොනවද ඒ සිංදු කියල.මේ දැන් ඉන්න අනිත් පිස්සෝ වගේ නෙවෙයි ආත්මා සිංදු දෙකක් තමයි කියල පෙන්නුවෙ මෙන්න මේවට තමයි සින්දු කියන්නේ කියල. අනිත් එක ඒ වගේ සිංදු වලට music band වලට හොදට back කරන්නත් පුළුවන්.අපිටත් ඉතින් ආතල් එකේ නටන්නත් පුළුවන්.සිරාවටම කියනවනම් ඇත්ත ඒකනෙ.අපරාදේ කියන්න බැහැ හැබැයි තිලිණ රුහුණගේ නියමෙට music track එක කරල තියෙනවා.පෙනෙන නොපෙනෙන දුරක ඉදන් හිතදුර හන්දා මම මේ ගැන කතා කරන එක පස්සට දාල හිතාගන්නවත් බැරි සින්දුවක් ගැන පොඩි කතාවක් දාන්න හිතුන.පොස්ට් එක දැක්කම සිංදුව කට්ටියට මතක් වෙනවා ඇතිනෙ.  


   
                     
                 මම මේ සින්දුව ගැන කතා කරන්න හිතුවෙ මට මේ වෙනතුරුත් මේ සිංදුවේ නියම තේරුම හොයාගන්න බැරි උන නිසාමත් නෙවෙයි.මේ ගීතය අපේ ජීවිත වලට  ලගම හිතවත්කමක් ඇතියිකියල මට හිතුන නිසා.කොටින්ම කියනවනම් මේ ගීතය ප්‍රබුද්ධ ගණයට අයත් වෙනව කියල තමයි මටනම්හිතෙන්නෙ.මොකද සුනිල් එදීරිසිංහ මහත්මය කියල කියන්නේ අපේ රටට ඉන්න සම්පතක් කියල කිව්වොත්මම නිවැරදියි.දන්න තරමින් ඔය 60 ,70 හා 80 දශකවල තමයි ශ්‍රිලංකාවේ සංගීතයේ පෙරලිකාරම යුගය.ඒඅතරින් සුනිල්  එදීරිසිංහ මහත්තයටත් ලොකු තැනක් හිමි වෙනවා.එක වැඩසටහනකදී ඔහු කියනවා මේ ගීතය ඔහුගේ ජීවිතයේ එක හැරවුම් ලක්ෂයක් කියල.මොකද , මෙය තමයි ඔහුගේ පළමු ගීතය.මෙහි පද රචනය වොලී නානායක්කාර  තනු නිර්මාණය විශාරද වික්ටර් රත්නායකයන්.හිතාගන්න ගීතය කොච්චරනම් ඉහලද කියල.වික්ටර් රත්නායකයන් අතින් ඔහුගේ කලපලුවාව ගමේ තිබුණු පුංචි නිවසෙදි තමයි මේ පුදුමාකාර තනුව නිර්මාණය වුනේ. එක අවස්ථාවකදී සුනිල් එදිරිසිංහයන් වික්ටර් රත්නයකයන්ව හදුන්වන්නේ ඔහුගේ ගීත ලෝකයේ වැඩිමහල් සොයුරානන් විදියට.හිතල බලන්න මොනතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියල.

Friday, July 26, 2013

තනිවුන දවසක....

                  දැන් මේ ලෝකේ වෙන දේවල් දැක්කම පිස්සු හැදෙනවා.offce ඉවර වෙලා ගිය ගාලු මුවදොර පැත්තට ටිකක් තනියම ඉන්නවා කියලා.ගෙදර ගිය කියල කරන්නත් දෙයක් නැහැනෙ.වෙනදටනම් හරියටම 5ට call එකක් එනව "අයියේ පරිස්සමින් ගෙදර යන්න" කියල.දැන් එහෙම එවන්නත් කව්රුත් නැහැ.ටිකක් විතර හිතට අමාරුයි.office එකෙත් වැඩ කෝටියට.මාරම අමාරුයි මුළු ඇගම රිදෙනවා.කඩල ගොට්ටකුත් අරගෙන මම බංකුවක් බලලා වාඩි උනා.අම්මෝ දැනෙන සනීපෙ.වැඩක් නැහැ කියල.සරුංගල් හැම තැනම.පට්ටම ලස්සනයි.මමනම් හිතන්නේ දැන් මම මේ තනිකමට හුරු වෙලා.එකෙත් පොඩි ගතියක් තියෙනවා.එත් අනේ මන්ද මටනම් වෙලාවකට පිස්සු වගේ.මන කරුමයක්ද මන්ද මේ දවස්වල ඇහෙන්න දකින්න තියෙන්නෙත් චාටර්ම සින්දු.දැන් හරියටම වෙලාව 5.20යි.වෙනදට මම මේ වෙලාවට train එකේ.අද සිකුරාදා දවසක් නිසා මට ගානකුත් නැහැ.හෙට අනිද්දා දවස් දෙකම නිවාඩුනේ.ලස්සන ලස්සන couple ඉන්නවා දැක්කම මටත් මගේ හැමදේම මතක් උනා.මම ලොකුවට සල්ලි තියෙන කොල්ලෙකුත් නෙවෙයිනේ.

                    අනේ මන්ද මමත් කියන්න යන්නේ එකක් කියන්නේ තවත් එකක්.මොනව කරන්නද එතින් කොල්ලන්ගේ හැටි ඔහොම තමයි.වෙලාවකට හිතෙනවා අපි මොකටද ජීවත් වෙන්නේ කියලත්.අපි හැම දෙයක්ම වගේ කරන්නේ සල්ලි හොයන්න මිසක් වෙන වැඩකට නෙවෙයිනේ.කව්රු හරි කියනවනම් එහෙම නෙවෙයි කියල මටනම් කියන්න තියෙන්නේ අනේමන්ද කියල විතරයි.වර්තමානයේ ඉන්න හුගක් මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරනවනේ ඉතින් තවත් මොන කතාද?ඉස්සර මිනිස්සු වගේ නෙවෙයිනේ දැන් කාලේ ඉන්න මිනිස්සු ගොඩක් වෙනස්.හිතන පතන විදිය අදින පළදින විදිය හැමදේම දැන් වෙනස් වෙලා.ඒකට ඉතින් වරදක් කියන්නත් බැහැ.අඩුම තරමේ කෙල්ලෙක් එහෙම උනේ නැත්නම් සමහරවිට කොල්ලෙක් බලන එකකුත් නැතිවෙයි.කොටින්ම කියනවනම් අද කාලේ අපේ අම්මලා වගේ හොද ගතිගුණ තියන අය ඉන්නේ කීයෙන් කීදෙනාද?ඕව ගැන කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව කළුවරත් වැටුන.වෙනදටනම් මේ වෙලාවට කොල්ල ගෙදර.අද මගේ life එකේ තවත් වැදගත් දවසක්.එත් ඉතින් මොකටද පරණ දේවල් නේද?ගිය දේවල් අපහු ඇදල ගන්න බැහෙනේ.

                  මම ගෙදර යන්න කියල මගේ බැග් එක කරට දාගත්ත ආයෙත් පාළුවක් දැනුනු වෙලාවක එන බලාපොරොත්තුවෙන්.මොකද මම දන්නවා මම ආයෙත් එනව කියල..මම කොටුව station එකට පයින්ම යන්න තීරණය කලා.ඔහොම WTC එක හරියට එනකොට මගේ යාලුවෙක් කියපු දෙයක් මතක් උනා.ඒකත් කියලම මම train එකට යනවා එහෙනම්.

                 "මචං සමහරු අපේ ජීවිත වලට එනව අපි දන්නෙත් නැහැ යනවා දන්නෙත් නැහැ.දැන් ඒ හැමදේම ඉවරයි.ඒව මචං අපේ ජීවිත වලට හොද experience කරගනින්.පෙන්නපන් උබ කව්ද කියල.උබගේ වටිනාකම් දැනෙන දකින අය තව කොහේ හරි ඉදිවී.අනාගතයට මුණ දීපන් යකෝ..අනේ මන්ද මචං මටනම් ඊට වැඩ දෙයක් කියන්න තේරෙන්නෙ නැහැ බං"