සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි..
රස දුන් හැම දේ නීරස වේවී
නුබ දුන් හැම දේ මතකෙට ඒවී
සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී
ඝන අදුරක මා තනිව හඩාවී
නොපිපෙන මල් මත සුවද සොයන්නට
ඒ මලෙහිම පෙති සිප සනසන්නට
සියුමැලි රොන්වල සිසිල විදින්නට
දිනක් තියේවිද මල් පූදින්නට
කදුළු වලින් මා දෙනෙත් තෙමෙන විට
ඇවිදින් යනවද කදුළු බලන්නට
පියාපතක්වත් ලැබුනෝතින් මට
හැකිවේවී ඒ කදුළු පිසින්නට
මතකය ඉතිරිව ඇත හැම හුස්මක
සිනාසුනෙමි මම හුස්ම වැටෙන විට
දුක තදකොට සිනහව සොයනාවිට
ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..
(මාගේ හිතවත් සහෝදරයෙකුගේ හිත කියවීමට මට ලැබුණු මොහොතින් මම මෙසේ සටහන් තැබුවෙමි..)
ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට ... බලාපොරොත්තුව ඉටු වේවා ... හැමෝගෙම හිත කියවන්න ලැබුණානම් තේරෙයි වැඩි න්දෙකුගේ හිතේ කාටවත් නොකියූ මේ වගේ කතාවක් හැංගිලා තියෙන බව .
ReplyDeleteඔව් ඉවාන් හැම මනුස්සයගෙම එයාල මතක් කරන්න අකමැති අමිහිරි අතීතයක් තියෙනව..මටත් හිතෙනව ඒ දේ හැමෝටම පොදුද කියලත්.මොකද සයිබරය ගත්තත් වැඩිදෙනෙක් මේ ගැන ලියල තියෙනව..
Deleteසිත්කියවන එක ලේසි නෑ බං.
ReplyDeleteඔව් මචෝ හරියටම කියෙව්වනම් මෙහෙම නොවෙන්න තිබුන..
Deleteඅර කිව්වත් වගේ හිතක් කියවන එක ඒ තරම්ම ලේසි නෑ.. කොල්ලෙක්ගේ හිතක් කියෙව්වත් ගෑනු හිතක් කියවන එක ලේසි නෑ.. මොන මොනවා තියෙනවද කියලා කවුදෑ දන්නේ...
ReplyDeleteඅර කතාවට කියනවනෙ ගෑනු හිත හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ කියල..පොඩි කුරුල්ලෙක් වැහුවත් වැනෙනව..ඉතින් අපි කොහොම මේවා කියවන්නද අෆ්ෆා..
Delete// දුක තදකොට සිනහව සොයනාවිට
ReplyDeleteඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..// පද පේලිය හුඟක් තදින් දැනුනා..
මටත් එහෙම දැනුණු නිසාද මන්ද එහෙනම් එහෙම ලියවුනේ..
Deleteවාව් උෙම්ෂ් ............................... පට්ට ...................
ReplyDeleteබොහොම ස්තුතියි..
Deleteහිතක් කියවනවා කියන එක ලේසි නෑ බං.. නියමයි..
ReplyDeleteඔව් බං මේ ටිකත් බොහොම අමාරුවෙන් තමයි කියෙව්වෙ..
Deleteහිත් කියවන්න පුළුවන් වීම = බොරු කාරයෝ නිරුවත් වීම
ReplyDeleteමගෙනුත් ඔය වචන ටිකට මනාපයක්..
Deleteහොඳ අත්දකීමක්නේ ලැබිල තියෙන්නෙ,අපූරු කවි ටික උමේෂ්.
ReplyDeleteබොහොම ස්තුතියි හැලප අයියෙ..
DeleteCheers....
ReplyDeleteජය වේවා..
Deleteඋමේෂ් පට්ටෙටම කිවි ලියනව නෙව... ඈ...
ReplyDeleteඅපූරු කවි ටික
ජය වේවා
බොහොම ස්තුතියි මහේෂ්..
Deleteජය වේවා..
නියමයි ලස්සනයි උමේෂ්
ReplyDeleteබොහොම ස්තුතියි ..
Deleteජය වේවා මලයො...කදුලු නැති වේවා..සතුට ඇති වේවා !
ReplyDeleteජය වේවා සිරා අයියෙ..එසේම වේවා..
Deleteමාව ෆලෝකරල තියෙනවා දැකලයි හොයාගෙන ආවෙ. මොකඛරි නිමිත්තක් තියෙන, සැබෑ සිදුවීමකට අදාල, ඒ මත ගොඩනැඟුනු මේ වගේ නිර්මාණ වලට මං ගොඩක්ම කැමතියි. පාර මතකයි දැන් නිතර එන්න.
ReplyDeleteඉහලින්ම පිළිගන්නව මචෝ..මේ පැත්තෙ ආවට ස්තුතියි..
Deleteහිතට දැනෙනවා , ලස්සනට ලියලා තියනවා ....
ReplyDelete