නොමියෙන ලෝකයේ මියෙන අතීතය
වර්තමානයේ නොදකින තුන්මන්සල
කවාකාර ලෝකයේ නොපෙනෙන්නාවූ ද
වර්තමානයේ නිපුණත්වය අනාගතයට ද
දෑතින් රැගෙන යනු වස් එය
නොපෙනෙන්නට දෑස් වසා සිටියේනම්
පියවි ලෝකයේ නොපෙනෙන්නාවූ දෙයක් වීනම්
පවසන්නාවූ ව්‍යන්ගාර්තය කෙබදුද..
විදීමට නොව විදවන්නන් හට
ජීවත්වීමේ අයිතිය රැදෙන්නාවූ හුස්ම පොදෙහි
අවසානය වාතලයට එක්වුකල
සියලු මතකයන්හි අවසානය දෑතෙහි නොරැදෙනු ඇත
කවදා ළගාකර දේවිද සිහිනයෙහි වූ කදුළ
ඉකිගසන්නාවූ දෙසවනින් සවන්දෙන්නා මෙන්
දුකෙහි සතුට සොයනා හසරැල්ලෙහි
දෝරගලනා ප්‍රේමය තනිකඩබවයි