Wednesday, July 31, 2013

රුවන් විමානෙන් පියබා එනතුරු - පොපියන හදවත සිටී බලා

                  මේ දවස්වල අහන්න තියෙන්නේ බලන්න තියෙන්නේ සිංදුද කවිද කියල මටනම් තේරෙන්නේ නැහැ.සමහර සිංදු අහනකොටත් පිස්සු හැදෙනවා.ඇත්තටම කියනවනම් මුළු ඇගම දගලනවා.මොනවද යකෝ මුන් මේ කරන්නේ කියල හිතෙනවා.මොනව උනත් ඇත්ත කියන්න ඕනේ.ආත්මා කිව්වා සිංදු දෙකක් super.ආයෙත් අහන්න දෙයක්නම් නැහැ පට්ටම පට්ට.මටනම් කියන්න තියෙන්නේ අන්න සිංදු කියල විතරයි.කට්ටියට කියන්න ඕනේ නැහැනේ ඉතින් මොනවද ඒ සිංදු කියල.මේ දැන් ඉන්න අනිත් පිස්සෝ වගේ නෙවෙයි ආත්මා සිංදු දෙකක් තමයි කියල පෙන්නුවෙ මෙන්න මේවට තමයි සින්දු කියන්නේ කියල. අනිත් එක ඒ වගේ සිංදු වලට music band වලට හොදට back කරන්නත් පුළුවන්.අපිටත් ඉතින් ආතල් එකේ නටන්නත් පුළුවන්.සිරාවටම කියනවනම් ඇත්ත ඒකනෙ.අපරාදේ කියන්න බැහැ හැබැයි තිලිණ රුහුණගේ නියමෙට music track එක කරල තියෙනවා.පෙනෙන නොපෙනෙන දුරක ඉදන් හිතදුර හන්දා මම මේ ගැන කතා කරන එක පස්සට දාල හිතාගන්නවත් බැරි සින්දුවක් ගැන පොඩි කතාවක් දාන්න හිතුන.පොස්ට් එක දැක්කම සිංදුව කට්ටියට මතක් වෙනවා ඇතිනෙ.  


   
                     
                 මම මේ සින්දුව ගැන කතා කරන්න හිතුවෙ මට මේ වෙනතුරුත් මේ සිංදුවේ නියම තේරුම හොයාගන්න බැරි උන නිසාමත් නෙවෙයි.මේ ගීතය අපේ ජීවිත වලට  ලගම හිතවත්කමක් ඇතියිකියල මට හිතුන නිසා.කොටින්ම කියනවනම් මේ ගීතය ප්‍රබුද්ධ ගණයට අයත් වෙනව කියල තමයි මටනම්හිතෙන්නෙ.මොකද සුනිල් එදීරිසිංහ මහත්මය කියල කියන්නේ අපේ රටට ඉන්න සම්පතක් කියල කිව්වොත්මම නිවැරදියි.දන්න තරමින් ඔය 60 ,70 හා 80 දශකවල තමයි ශ්‍රිලංකාවේ සංගීතයේ පෙරලිකාරම යුගය.ඒඅතරින් සුනිල්  එදීරිසිංහ මහත්තයටත් ලොකු තැනක් හිමි වෙනවා.එක වැඩසටහනකදී ඔහු කියනවා මේ ගීතය ඔහුගේ ජීවිතයේ එක හැරවුම් ලක්ෂයක් කියල.මොකද , මෙය තමයි ඔහුගේ පළමු ගීතය.මෙහි පද රචනය වොලී නානායක්කාර  තනු නිර්මාණය විශාරද වික්ටර් රත්නායකයන්.හිතාගන්න ගීතය කොච්චරනම් ඉහලද කියල.වික්ටර් රත්නායකයන් අතින් ඔහුගේ කලපලුවාව ගමේ තිබුණු පුංචි නිවසෙදි තමයි මේ පුදුමාකාර තනුව නිර්මාණය වුනේ. එක අවස්ථාවකදී සුනිල් එදිරිසිංහයන් වික්ටර් රත්නයකයන්ව හදුන්වන්නේ ඔහුගේ ගීත ලෝකයේ වැඩිමහල් සොයුරානන් විදියට.හිතල බලන්න මොනතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියල.
සදකඩ පහනක කැටයම් ඔපලා - පාවෙන දේදුනු ලැගුම් ගනී 
කැලතුනු රසයක පැන ආ බුබුලක් - අකුරු වැලක් දෙහදක ලියවේ 
යුගයෙන් යුගයට නොමියන දහනක - දිවියක පදනම මතුවෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා - සියුමැලි කැකුලක් මැලවෙද්දී  

දහසක් පෙතිමත රහසක් කොදුරා - තුඩින් තුඩට ගෙනයන බින්දු 
ගව්වක් ඉහලට ගොනු කොට රදවා - පොපියන දෙතොලක් එහි කැන්දු 
අහසක් ගුගුරා කළුවක් වපුරා - ඒ හා මුහුවුණු වැහි බින්දු 
ඈ ගෙනයද්දී නටබුන් අතරේ - තවෙකෙක් ඈ වෙත හද රැන්දු 

හදවිල ඉපැදුණු කැකුලක් නොතලති - නටුවෙන් ගලවා දුරක යව 
මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් - සත්සමුදුරකට මුහුව ගියා 
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද - එක්ටැම් මැදුරක කවුළු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු - පොපියන හදවත සිටියි බලා ............

                       එදා කිරිබත්ගොඩ සරසවියේදී සුනිල් එදීරිසිංහයන් ප්‍රථම වරට ගායනා කරනවා රාත්‍රී 10ට පමන.ප්‍රේක්ෂක ප්‍රතිචාර කොච්චරද කියනවනම් කිහිපවරක්ම සුනිල් එදීරිසිංහයන්ට මේ ගීතය ගායනා කරන්න වෙනව.හිතන්න ආදුනිකයෙකුගේ කටහඩ මිනිස්සුන්ගේ හදවතට මෙච්චර ඉක්මනටම කතා කරන්නේ කොහොමද කියලා.අනේ මන්ද?ඔහුගේ එදා කටහඩ අදත් එදා වගේමයි.කිසිම වෙනසක් නැහැ.අනාගතයේදීත් එය එසේමයි.ඕනෙම සිතක් සසල කරන්න මේ ගීතයේ පදවැල් වලට වගේම තනුවටත් තියෙන්නේ පුදුමාකාර ශක්තියක්.එදා ඉදල මේ ගායකයා ගයන කල සෑම ගීතයක්ම සුවහස් ජනයාගේ හදවත් ඇදබැදගන්නවා.මේ ගීතයේ සමහර පදවැල් අහනකොට හිතෙනවා මේ කියන්නෙ තමන්ගෙ ජීවිතය ගැනද කියල."ඈ ගෙන යද්දී තවෙකෙක් ඈ වෙත හදරැන්දු " හිතාගන්න පුළුවන්නේ නේද?සමහරවිට අපි හිතන විදියේ දෙයක් නොවෙන්නත් පුළුවන්.ඒ තරමටම ගීතයේ තේරුම ගැබුරටම යනව.

No comments:

Post a Comment