අනේ මන්ද මමත් කියන්න යන්නේ එකක් කියන්නේ තවත් එකක්.මොනව කරන්නද එතින් කොල්ලන්ගේ හැටි ඔහොම තමයි.වෙලාවකට හිතෙනවා අපි මොකටද ජීවත් වෙන්නේ කියලත්.අපි හැම දෙයක්ම වගේ කරන්නේ සල්ලි හොයන්න මිසක් වෙන වැඩකට නෙවෙයිනේ.කව්රු හරි කියනවනම් එහෙම නෙවෙයි කියල මටනම් කියන්න තියෙන්නේ අනේමන්ද කියල විතරයි.වර්තමානයේ ඉන්න හුගක් මිනිස්සු සල්ලි වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරනවනේ ඉතින් තවත් මොන කතාද?ඉස්සර මිනිස්සු වගේ නෙවෙයිනේ දැන් කාලේ ඉන්න මිනිස්සු ගොඩක් වෙනස්.හිතන පතන විදිය අදින පළදින විදිය හැමදේම දැන් වෙනස් වෙලා.ඒකට ඉතින් වරදක් කියන්නත් බැහැ.අඩුම තරමේ කෙල්ලෙක් එහෙම උනේ නැත්නම් සමහරවිට කොල්ලෙක් බලන එකකුත් නැතිවෙයි.කොටින්ම කියනවනම් අද කාලේ අපේ අම්මලා වගේ හොද ගතිගුණ තියන අය ඉන්නේ කීයෙන් කීදෙනාද?ඕව ගැන කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතුව කළුවරත් වැටුන.වෙනදටනම් මේ වෙලාවට කොල්ල ගෙදර.අද මගේ life එකේ තවත් වැදගත් දවසක්.එත් ඉතින් මොකටද පරණ දේවල් නේද?ගිය දේවල් අපහු ඇදල ගන්න බැහෙනේ.
මම ගෙදර යන්න කියල මගේ බැග් එක කරට දාගත්ත ආයෙත් පාළුවක් දැනුනු වෙලාවක එන බලාපොරොත්තුවෙන්.මොකද මම දන්නවා මම ආයෙත් එනව කියල..මම කොටුව station එකට පයින්ම යන්න තීරණය කලා.ඔහොම WTC එක හරියට එනකොට මගේ යාලුවෙක් කියපු දෙයක් මතක් උනා.ඒකත් කියලම මම train එකට යනවා එහෙනම්.
"මචං සමහරු අපේ ජීවිත වලට එනව අපි දන්නෙත් නැහැ යනවා දන්නෙත් නැහැ.දැන් ඒ හැමදේම ඉවරයි.ඒව මචං අපේ ජීවිත වලට හොද experience කරගනින්.පෙන්නපන් උබ කව්ද කියල.උබගේ වටිනාකම් දැනෙන දකින අය තව කොහේ හරි ඉදිවී.අනාගතයට මුණ දීපන් යකෝ..අනේ මන්ද මචං මටනම් ඊට වැඩ දෙයක් කියන්න තේරෙන්නෙ නැහැ බං"
No comments:
Post a Comment