කුමටද මැසවිලි ජීවිතයට
නුබ දුන් ප්‍රේමයේ හුදකලාවට
සිකුරු තරුව වූයේ මට
නොනිවී දැල්වී ඉන්නම
රෝස දෙකම්මුල් මා නෙතු අද්දර
ගලා හැලෙන අපෙ කදුලැල් දහරට
බොදවීයන් මා රුව ඔබ සදහට
සීතලේ වසන්තය ඇත මගේ තනියට
පලක් නොමැත මා සුරතට අද
ලංවීමට නොහැක ඒ ලක්ෂරි පුරවරයට
යන්නට පා තබන්න ඔබගේ විජිතයට
මාගේ දොරගුළු විවරව ඇත
ඔබ පිදුමට මගේ ප්‍රේමයට
මතකය අවදිව ඇත තාමත්
නින්දයි නොනින්දයි නොඅදුනනමි මම
ජීවිතයම සිහිනයකි
ඉමක් කොනක් නොමැත මිරිගුවට
ඉදින් අවසානය මිරිගුවට
සමුදුනෙමි ඔබගේ අතීතයට
කිසිදා නොඑන ඔබ සදහටම..
නින්දෙන් ලිව්ව නං කමක් නෑ හීනයක් වෙන්න ඇති.
ReplyDeleteහීනයක්ම තමයි හැලප අයියෙ..
Deleteනින්දෙන් ලිව්වත් , නියමයි. ලස්සන හීනයක් වෙන්න ඇති.
ReplyDeleteස්තුතියි මේ පැත්තේ ආවට...
Deleteනියමයි උමේෂ්, නින්දෙන් ලිවුවත් සුපිරියට ලියලා.
ReplyDeleteමේ මම හිතන් හිටියෙ නින්දෙන් ඇවිදින උන් විතරයි ඉන්නෙ කියලා. බැලින්නම් ලියන උඹත් ඉන්නවනෙ.
නින්දෙන් ඇවිදින්නෙ ලොකු ලොකු උදවියනෙ බං..හි හි අපි පොඩි මිනිස්සු බං හිකිස්.
Deleteමේ තේමාව ගැන බොට මම කිප වාරයක්ම කිව්වා නොවැ...අද කිසිත් නොකියමි. කාලයට ඉඩ දෙනු මැනවි...
ReplyDeleteමොන දෙයක්ද මන්ද සිරා අයියෙ මේක දැන් මටත් වෙලා..කාලයට ඉඩ දෙමු
Deleteහීනයක් දැක්කෙයි?
ReplyDeleteඑහෙමයි හි හි
Deleteනින්දෙන් ලියලා කිව්වට ඔය අපුරුවට ලියලා තියෙන්නේ...
ReplyDeleteස්තුතියි තුශානි..
Deleteහිඳීවි කොතැනක හෝ හිමි කාරියක් උපන් උඹේ නමින්...වදීවි කෙදිනක් හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ReplyDeleteසද සේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා
Deleteහමුවුණු තැන් වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැන හිතලා..
නින්දෙන් ලියන එවා ඇහැරන් ලියන ඒවට වඩා ලස්සනයි නෙහ් :)
ReplyDeleteඑහෙනම් නින්දෙන්ම ලියන්න ඕනෙ..
Deleteඇයි ඇහැරුණා ම?....))))
ReplyDeleteඑතකොට ඕව හිතෙන්නෙ නැහැ දිලිණි..
Deleteහීනෙන් දැක්ක දෙයක් ගැනද ලිව්වෙ??
ReplyDeleteදවල්ට හිතෙන දෙයක් රෑක හීනෙන් දැක්කනෙ..හි හි
Deleteනින්දෙන් ලියුවට නියමෙට තියෙන්නේ
ReplyDeleteස්තුතියි සිංහලයට..
Deleteනියමයි උමේෂ් .. ඇත්තමයි
ReplyDeleteඇයි බං දැං ලියන්නෙ නැත්තෙ මේ මාසෙටම 1 පෝස්ටුවයි.... ඇයි ඒ....
ReplyDeleteඒ මදිවට මටත් මේක මිස් වෙලා.... සොරි ඈ....
ෆට්ට ඇත්තටම ලස්සනයි රසවිදපු නිර්මාණයක් කාලෙකින්
ඇයි ඇය..... යන්න ගියේ .... සදහටම.....
ReplyDeleteයකෝ නින්දෙන් මෙහෙම ලියනවානම් හොඳින් ලිවුවොත් කොහොම තියෙයිද
ReplyDelete