නොමියෙන ලෝකයේ මියෙන අතීතය
වර්තමානයේ නොදකින තුන්මන්සල
කවාකාර ලෝකයේ නොපෙනෙන්නාවූ ද
වර්තමානයේ නිපුණත්වය අනාගතයට ද
දෑතින් රැගෙන යනු වස් එය
නොපෙනෙන්නට දෑස් වසා සිටියේනම්
පියවි ලෝකයේ නොපෙනෙන්නාවූ දෙයක් වීනම්
පවසන්නාවූ ව්‍යන්ගාර්තය කෙබදුද..
විදීමට නොව විදවන්නන් හට
ජීවත්වීමේ අයිතිය රැදෙන්නාවූ හුස්ම පොදෙහි
අවසානය වාතලයට එක්වුකල
සියලු මතකයන්හි අවසානය දෑතෙහි නොරැදෙනු ඇත
කවදා ළගාකර දේවිද සිහිනයෙහි වූ කදුළ
ඉකිගසන්නාවූ දෙසවනින් සවන්දෙන්නා මෙන්
දුකෙහි සතුට සොයනා හසරැල්ලෙහි
දෝරගලනා ප්‍රේමය තනිකඩබවයි
වර්ථමානය හරි අපූරුවට කවි කරලා..ලස්සනයි..
ReplyDeleteගොඩක් ස්තුතියි..වර්ථමානයේ අනාගතය මෙහෙම වෙන්න පුළුවන්.
Deleteලස්සණ යි සිතුවිල්ල. අතීතය මිය යනවා නම් කොච්චර හොඳ ද? වර්ථමානය නෙමේ හොඳේ...වර්තමානය.
ReplyDeleteඅතීතය මිය යන්නෙනම් නැහැ ඉතින් කවදාවත්ම.මමත් ගොඩක් ට්‍රයි කරල තියෙනවා.මට හොදටම සිංහල බැහැ.වැරදි තියෙනවනම් මෙහෙම කියන එක ගොඩක් හොදයි..ස්තුතියි දිලිනි ..
Deleteඔහොමම අනාගතයටත් ගියානම් නේද හොද ???
ReplyDeleteඅනිවාර්යෙන්ම අතීතය අමතක කරල අනාගතයට යන්න වෙනවමයි.නැත්නම් අපි අපේ ජිවිතෙන්ම පරද වෙනව..
Delete