ඇසිපිය යට සැගවූ ඒ සිනාවන්
හදවතින්ම පැවසු කවි රටාවන්
දෙනෝදහක් අතරින් පෑ වළාවන්
කිවමැන සොදුරි ඔබගෙද රස කතාවන්
දුටුවෙ මමයි දෙවගන වෙස් වලාවන්
පෑවෙ නුබයි දේදුනු වර්ණනාවන්
අදටත් මැවෙයි මතකය වේදනාවන්
මතකද තවත් මතකය එක වතාවක්
අසනෙමි මම එන්නද තව වතාවක්
නොදනිමි මම පවසන බස් කතාවන්
ඇසිපිය අසයි කොහෙදෝ ඒ සිනාවන්
මියැදෙයි මතකය නුබෙමෙන් තව වතාවක්
හැඩුවේ නුබයි වෙන්වන්නට සියවතාවක්
සිටියේ මමයි ඉවසා දුන් මුසාවන්
විද්දේ නුබයි දුනු හී මල් පසාවන්
විදවමි ජිවිතේ තනි තනි මන්සලාවන්
සිරාවට ??
ReplyDeleteසිරාවටද කියලත් අහනව.සිරාම තමයි මචං..ලෝක ස්වභාවය අපිට වෙනස් කරන්න අමාරුයි ලොක්ක..
Deleteවචන ටික ලස්සණ යි. රිද්මයත් ලස්සණ යි. // මංමාවතාවන්// කියන වචනෙ වෙනස් වුණොත් මොකද?
ReplyDeleteදිලිනි ඔන්න එහෙනම් මම වෙනස් කලා..ඔය කිව්වට පස්සෙ තමයි මටත් ඒක මීටර් වුනේ...
Delete