මම මේ දවස් වල ටිකක් විතර පිස්සු වැටිලා ඉන්නෙ.මොකද මගේ ජිවිතේ තාමත් මම යැපෙන්නෙ මගේ අම්මගෙන්.අම්ම දෙන සල්ලි වලින් තමයි මම කොහොමහරි මගෙ වැඩ ටික කරගන්නෙ.මගෙ අම්ම තරම් මම මේ ලෝකෙන්ම වැඩියෙන්ම අදය කරන කෙනා.මට මගේ අම්ම නැතුව එකම එක මොහොතක්වත් ඉන්න බැහැ.අම්මටත් එහෙමම තමයි.මටම වෙලාවකට ලැජ්ජා හිතෙනව මම තාමත් අම්මගෙන් සල්ලි ඉල්ලනකොට.එත් මම දන්නව මගෙ අම්ම ගැන.මට වෙන කවුරුවකුත් නැහැ එහෙම දේකට.මම ඉවසන තරම් මම හිතන්නෙ වෙන එකෙක් එහෙම නම් කවදාවත් ඉවසන එකක් නැහැ.මොන හේතුවක් නිසා හරි මට හොදට ඉවසන්න පුළුවන්.ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනෙ.මොකද ඉස්සර මිනිස්සු ඔය වගේ දේවල් කිව්වේ කට කහනවට නෙවෙයිනෙ.හැමෝම කියන්නේ මෙච්චර කාලයක් කට්ට කාපු එකේ ඔහොමම ඉවසගෙන ඉදපන් කියල.මටනම් හිතාගන්න බැහැ තව කවද වෙනකම් මෙහෙම ඉවසන්නද කියල.ඇත්තටම මම මේ දවස්වල යාලුවන්ගෙන් දන්නෙ නැති නොම්බර වලින් එන කිසිම දේකට උත්තර දෙන්නෙ නැහැ.මොකද මම කියන දේවල් අපේ එවුන් පිළිගන්නෙත් නැහැ.ඒකට වරදක් කියන්නත් බැහැ ඉතින්.මොකද මම දන්නවා මම කියන්නේ එත්ත කියල ඒත් එක දන්නේ මම විතරයිනෙ.දන්න කීපදෙනෙක් නැතුවමත් නෙවෙයි.ඔයාලට කියන්න අද මම මගෙ පඩි ගන්න කොළ පුරවගෙන අපේ ලොක්කගෙන් අත්සන් කරගෙන අදාල තෙනට ගියා.කොහොමත් ඉතින් ඕක අරයල මෙයාල අත්සන් කරලා එනකොට තව දවස් දෙක තුනක්නම් යනවමයි.මොනවා කරන්නද.
ඔන්න අද අපේ ඉස්කෝලෙ එකෙක් කතා කරලා කියනවා මචං මේ පාරවත් අපේ batch trip එක යන්න උබ එනවද කියල.මට නේද ඉතින් පිස්සු වගෙ.මොකද ගිය පාරත් මට යන්න බැරි උනා.ඇත්තටම බැරි උනා නෙවෙයි මම ගියෙ නැහැ.මොනවා කිව්වද මන්ද කොහොමහරි කටට ආපු හැමදේම කියල අන්තිමට කිව්වා මට එන්න වෙන්නෙ නැහැ කියල.මම දන්නවා ඌ දන්නවා කියල මම කිව්වේ බොරු කියල.අවුලක් නැහැ මොනවා කරන්නද?මේ පාරත් ඉතින් මම තාමත් ඒ බෝට්ටුවෙම තමයි.මම මොනව වුනත් සැලෙන්න නැහැ.කොහොමහරි ගොඩ යනකන්ම හබල් ගානවා.මොකද දැන් මට ගොඩ යන්න වෙලා තියෙන්නේ තනියම.ඇත්ත කොල්ලෙක් වුනාම තනියම ජීවිතේට මුණදෙන්න ඕනෙ.එතකොට තමයි ජිවිතේ හොදටම විදින්න පුළුවන් වෙන්නෙ.මේ දවස්වල ජිවිතේ විදවන සමහර දේවල් ඉස්සරහට විදින්න ලැබෙයි කියල තමයි මමනම් හිතන්නේ.මොකද කන්දක් නගින්නම ඕනෙයි කියනවනේ පල්ලමක් බහින්න.හුගක් වෙලාවට හිතෙනව මම දැන් කන්ද මුදුනට ඇවිත් වගෙයි කියල ඒත් උඩ බලනකොට මුදුන පේන්නවත් නැහැ.මොකද කන්දක් උනත් කෙලින්ම නගින්න බැහැනෙ.කන්ද වටේට වංගු වංගු තමයි යන්න වෙන්නෙ.හැබැයි මේ ඇවිල්ල මට හිතෙන විදිය.මොකද හැමෝටම මේ විදිය හිතෙන්නෙ නැහැ.මේ විදියට හිතෙන අයත් ඉන්නවා ඇති.බලමු බලමු ඉදිරියට...
මම ලියන කිසිම දේක කිසිම සම්බන්ධයක්නම් නැතුව ඇති.මගේ බ්ලොග් එක කියවන කිහිප දෙනාගෙන්ම ඉල්ලනවා ඒක ගනන් ගන්න අප කියල.මොකද මට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ.හිතේ තියෙන හැමදේම ලියන්න තමයි මම මගේ බ්ලොග් එක පටන් ගත්තෙ.ඒක වෙනම දෙයක්.හැම කෙනාම හිතනවනම් හැමෝම එක විදියට හොදට ජිවත් වෙන්න ඕනෙ කියල ඒක මේ ලෝකේ තියෙන සබැ නොවෙන එකම හීනය වෙන්න පුළුවන්.ඒ දේ කවදාවත්ම වෙන්නේ නැහැ.ඇත්තටම කියනවනම් එහෙම වෙලත් බැහැ.එහෙම වුනාම මේ ලෝකේ සමබර වෙන්නෙත් නැහැනේ.කව්රුහරි කෙනෙක් කියනවනම් මගේ හිතේ තරහ ඉරිසියාව ලෝබකම නැහැ කියල.ඒක ලොකුම විහිලුව වෙන්නත් පුළුවන්.එහෙම අයත් නැහැ කියනවා නෙවෙයි ඉන්න පුළුවන්.එත් 100 ට 1 වත් ඉන්නව කියල මමනම් හිතන්නෙ නැහැ.අද අපිට ඇහෙන බලන්න තියෙන දේවල් එක්ක එහෙම හිතන්නේ කොහොමද?
මට office එකේ ඉන්නෙ හොදම යාලුවෝ දෙන්නයි.ඒ ඇවිල්ල මගේ බොක්ක.අනිත් අයත් යාලුවෝ.එත් ලොකුවට කිට්ටු නැහැ.හැම වෙලාවෙම මාව වැටුනම මට වතුර පොවලා ග්ලුකෝස් කවල ආයෙත් දුවපන් මල්ලි කියල කියන්නෙ ඒ දෙන්න.අදත් මට එක්කෙනෙක් හොදටම බැන්න.බනිනවා කියන්නේ ඉතින් සුද්ද සිංහලෙන්ම තමයි.ඒ ෆිට් එකට මිසක් වෙන දෙකට නෙවෙයි කියල මම දන්නවා.මේ දැනුත් මට එයා බනිනවා.එතන තියෙන සහෝදරකමට වෙන කාටවත්ම කිට්ටු වෙන්නවත් බැහැ.මොකද අපි ඒ තරමට ෆිට්.මේ දේවල් හිතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ලිව්වම හිතට මාර ෆිට්.එහෙනම් මේ පැත්තේ ආයෙ ඇවිත් යන්න එන්න.ජය වේවා....
පිස්සු හැදෙයි ඉස්සෝ මැරෙයි බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා ..... අර කතාවටත් කියල තියෙනවනේ ඉවසන දානා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියල ( උපමාව වැරදුනාද මන්ද ) හිකිස් ....
ReplyDeleteපිස්සු හැදෙයි සද බොදවෙයි ..බලමු බලමු...හිකිස්
Deleteඇත්ත.. හුඟක් දේවල් හිතේ තියන් ඉන්නවට වැඩිය ලියලා දාන එක හිතට මාර ෆිට් එකක්..
ReplyDeleteඔව් ඔළුවේ තිබුණු ලොකු බරක් බිමින් තියල පොළොවෙ අඩිය ගහල ඇවිදිනව වගේ දැනෙනව...
Delete//මම ලියන කිසිම දේක කිසිම සම්බන්ධයක්නම් නැතුව ඇති.// හිතේ තියන දේ ලියන එක යි රජෝ වටින්නේ...හදල ලියන එකට වඩා.
ReplyDeleteබලාගෙන යනකොට එකත් ඇත්ත තමයි...
Deleteහදිස්සි නැතුව හිටහන්.. ඕවා හෙමිහිට හරියයි ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙයි රජතුමනි.රජතුමා කියනවනම් අපි එහෙම කරමු..
Delete