ඔහොම කතා කර කර ඉන්නකොට අපේ පංතියේ හිටිය එකෙක් ගැන කතාව ඇදිල ආව.ඒකට ඒ දවස් වල අපි කියන්නෙ අජුව කියල.තාමත් කියන්නෙ ඒ නමම තමයි.මොකද ඉස්කෝල වලදී දානනම් හැමදාටම රෙජිස්ටර් වෙනවා කියනවනෙ.මුටත් එහෙම තමයි..අපි හය වසරේ ඉන්නකොට අපේ පංතියේ නායකයා තමයි තුඩය.අපිත් එක්ක උදේ හවස ආව ගිය නිසා තුඩය මගෙ ලගම හිතවතෙක් වුනා ඉක්මනටම.
දවසක් මොකක්ද මන්ද පොඩි සීන් එකකට අජුව පන්තිය පිටිපස්සෙ තව එකෙක් එක්ක එකම එක ගුටි පොරයයි.බැලින්නම් බණ්ඩා එක්ක තමයි දැන් මු රන්ඩු වෙන්නෙ.ඒ වෙලාවේ පංතියේ සර් කෙනෙක්වත් මැඩම් කෙනෙක්වත් හිටියෙ නැහැ.ගුටි පොරය ඉවරවුනේ අජුව බණ්ඩගේ කමිසෙ එක අතක් ගලෝල ගත්තට පස්සෙ.දැන් බණ්ඩ අඩනව හොදටම.හොදම වැඩේ කියන්නෙ දැන් අජුවත් අඩනව.අපි බඩ අල්ලගෙන හිනාවෙනකොට අරුන් දෙන්න තවත් අඩනව.එතකොට අපේ පන්තිබාර සර් තමයි බෝපිටිය සර්.අවුරුදු පනහක් විතර හැබැයි ඉන්නෙ කොල්ල වගේ.කොහොමහරි සර්ගෙ කනට ගිහින් තියෙනව අන්න සර්ගෙ පන්තියෙ ළමයි දෙන්නෙක් ගහගන්නව කියල.ආරංචිය ආව විතරයි සර් ආව පන්තියට.
"පන්තිනායකය කෝ? ආ තුඩේවත්ත නැගිටිනවා."
දැන් තුඩය වෙව්ලනව..
"කියනව බලන්න දැන් කව්ද පන්තියෙ ගහගත්තේ කියල?"
මොකුත් නැහැ සර් අහන්නත් කලින් තුඩය කිව්ව
"සර් අමරසේනයි බණ්ඩාරයි තමයි ගහගත්තේ "කියල.
"එහෙනං එනව බලන්න ඔය කියන චන්ඩි දෙන්න එලියට"
අපේ පන්තියත් එක්කම තියෙන දිග කොරිඩෝ එකට අජුවවයි බණ්ඩවයි ගත්ත විදියෙන්ම අපිට තේරුණා අදනම් මුන් දෙන්නටම සර් හොදට සලකනවා වගේ කියල.
බෝපිටිය සර් හයියෙන්ම ප්‍රශ්න අහන්නෙ බණ්ඩගෙන් වීම අපටත් ප්‍රශ්නයක් වුනා.
"හරි කියනව බලන්න එහෙනම් බණ්ඩාර මොකද වුනේ කියල?"
බණ්ඩ අඩ අඩ කියපු දේවල් අපට හරියට අපිට තියා ස්ර්ටවත් ඇහුනද කියන්න මම දන්නෑ.ඔය ප්‍රශ්නෙම අජුවගෙන් ඇහුවම අජුව ආයෙත් හයියෙන් අඩන්න ගත්ත.සිරාවට කියනවනම් මේ පාර අජුවගේ ඇඩිල්ල බොරු කියල සර්ට තේරුණා කියල අපිට හිතුන.මොකද අපිටත් එහෙම හිතුනු නිසා.
චටාස් බණ්ඩගෙ සුදු කම්මුල රතු වෙන්න තප්පර දහයක්වත් ගියේ නැහැ.දැන් ඉතින් අජුවටත් ඔය ටිකම තමයි අපි ඒක හොදට දන්නවා.සර් අජුවට ගහනකොට අජුව ඔලුව පාත් කලා.දැන් තමයි හොදම සීන් එක.ගහපු වේගෙට සර්ගෙ අත ලග තිබුණු කොන්ක්‍රීට් කණුවේ.දැන් සර්ගෙ මුනයි අතයි දෙකම රතු වෙලා.එක පාරටම
චටාස් චටාස් අජුවට හොදම එකෙන් දුන්න.වැදුන කියන්නෙ ඇගිලි පහම හිටියද මන්ද?පන්තියම හ්ම් සද්ද නැහැ.
දැන් තුඩයගේ වාරය ...
"තුඩෙවත්ත මෙහෙට එනව.
ඇයි තමුසෙ මට කිව්වෙ නැත්තෙ පංතියෙ මෙහෙම දෙයක් වුණා කියල?"
චටාස් යනවා පන්තියට.තුඩය ඇඩුවේනම් නැහැ.මටත් තුඩය ගැන දුක හිතුන.මොකද හිත හොද කොල්ලනෙ.
සර් අපේ පන්තියටම එදා හොදටම දෙහි කැපුවා..ඔන්න එදා තමයි හාහා පුරා කියල අපේ පන්තියෙ සෙට් එක ගුටි කන්න පටන් ගත්තෙ.බෝපිටිය සර් අපේ පන්තියභාරව අවරුදු තුනක් හිටිය..ඒ අවුරුදු තුනෙන් දෙකකම අපේ මොනිටරය තුඩයම තමයි..පන්තිය අතුගාල තිබුනේ නැතත් ගුටි වැදුනෙ තුඩයට..
දන්නෙම නැතුව මම බහින්නත් කිට්ටු වුණා..මගෙ යාලුවට සමුදීල මම ට්‍රේන් එකෙන් බැස්ස..බණ්ඩනම් දැන් ගුවන් හමුදාවේ හොද වැදගත් නිලධාරියෙක්..අවරුදු තුනකින්වත් දැක්කෙ නැහැ..අජුවනම් නිතරම සෙට් වෙනව..ඌ තාම මගෙ බෝට්ටුවෙ...
ඉස්කෝලේ මතක කවදත් සුන්දරයි බං..
ReplyDeleteඔව්. කොච්චර කටු කෑවත්....
Deleteඅනිවාර්යෙන්ම එහෙම නොවුනොත් තමයි පුදුමෙ...
Deleteඒ කාලේ කෑවේ නැත්නම් කවදා කියලා ගුටි කන්නද?
ReplyDeleteඔව් ඔව්...ගුටිකාල තියෙන පාටයි
Deleteඇත්තටම ඉස්කෝලෙන් ඔහොම ගුටි කාපුවා මතක් උනත් සැපයි.
ReplyDeleteඒ අතීත මතක නම් ඇත්තටම සුන්දරයි.
ඔව් මචං ආයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවනම් කියල හිතෙනව එතකොට..
Deleteමමත් එක්ක හැමදාම ගහමරා ගත්ත මගේ පාසැල් සගයා.... අද මගේ හොදම මිතුරන්ගෙන් එකෙක්
ReplyDeleteඑහෙම තමයි මැලේ රාළේ..අපිටත් එමම තමයි..මොකද එක වගේ එවුන් කොහෙගියත් එකටමනෙ..
Deleteඒ කාලෙ කෙළගත්ත හැටි මතකවෙනකොට අදත් ආසයි.
ReplyDeleteදැන් කාලෙ කෙලගන්නව වගේ නෙවෙයි..ඒක ඇවිල්ල වෙනමම කෙලගැනිල්ලක්..ගොඩක් හේතුවලට කෙලගන්නවා..වැඩිපුරම මල් මල් ගවුම් වලට තමයි...
Deleteඉස්කෝල ජීවිතේ නම් හරිම රසවත්. හැමදාම පොඩි ළමයෙක් වගේ ඉන්න තියෙනවන කොච්චර හොඳද...
ReplyDeleteපොඩි ළමයෙක් වගේ...හොදට තියෙයි...හි හි
Deleteඅයියෝ ඉස්කෝලේ කලේ ගුටි කෑවේ නැත්තං ඉස්කෝලේ ගිහින් වැඩකුත් නෑ
ReplyDeleteමල්ලි හරි මල්ලි
Deleteගුටි නොකා ලමයි හැදෙන්නෑ බං..
ReplyDeleteඔව් ඔව් ...උබල අපිවගේ එවුන්වනම් ගැහුවෙ නැත්නම් හදාගන්නව තියා හිතාගන්නවත් බැහැ..මොකද අපි හරිම සුවච කීකරු දරුවොනේ...
Deleteඅඩේ ඉස්කෝලෙ කාලෙ මතක් කරන්න එපා යකෝ... ඇඩෙනව....
ReplyDeleteගාලු කොල්ලො බොට වගේම අපිටත් එහෙම තමයි..
Deleteහපොයි ගුටි කන්ට කොල්ලන්ගේ තියෙන ආසාව...:D
ReplyDeleteහ්ම්...ඒකෙත් හැටි නේද?..පොඩි කුමාරිහාමිව ඔන්න අපි පිළිගත්ත එහෙනම්...
Delete