Tuesday, April 29, 2014

සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි..


රස දුන් හැම දේ නීරස වේවී
නුබ දුන් හැම දේ මතකෙට ඒවී 
සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී 
ඝන අදුරක මා තනිව හඩාවී 

නොපිපෙන මල් මත සුවද සොයන්නට 
ඒ මලෙහිම පෙති සිප සනසන්නට 
සියුමැලි රොන්වල සිසිල විදින්නට 
දිනක් තියේවිද මල් පූදින්නට 

කදුළු වලින් මා දෙනෙත් තෙමෙන විට 
ඇවිදින් යනවද කදුළු බලන්නට 
පියාපතක්වත් ලැබුනෝතින් මට 
හැකිවේවී ඒ කදුළු පිසින්නට 

මතකය ඉතිරිව ඇත හැම හුස්මක 
සිනාසුනෙමි මම හුස්ම වැටෙන විට 
දුක තදකොට සිනහව සොයනාවිට 
ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..

(මාගේ හිතවත් සහෝදරයෙකුගේ හිත කියවීමට මට ලැබුණු මොහොතින් මම මෙසේ සටහන් තැබුවෙමි..)

27 comments:

  1. ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට ... බලාපොරොත්තුව ඉටු වේවා ... හැමෝගෙම හිත කියවන්න ලැබුණානම් තේරෙයි වැඩි න්දෙකුගේ හිතේ කාටවත් නොකියූ මේ වගේ කතාවක් හැංගිලා තියෙන බව .

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් හැම මනුස්සයගෙම එයාල මතක් කරන්න අකමැති අමිහිරි අතීතයක් තියෙනව..මටත් හිතෙනව ඒ දේ හැමෝටම පොදුද කියලත්.මොකද සයිබරය ගත්තත් වැඩිදෙනෙක් මේ ගැන ලියල තියෙනව..

      Delete
  2. Replies
    1. ඔව් මචෝ හරියටම කියෙව්වනම් මෙහෙම නොවෙන්න තිබුන..

      Delete
  3. අර කිව්වත් වගේ හිතක් කියවන එක ඒ තරම්ම ලේසි නෑ.. කොල්ලෙක්ගේ හිතක් කියෙව්වත් ගෑනු හිතක් කියවන එක ලේසි නෑ.. මොන මොනවා තියෙනවද කියලා කවුදෑ දන්නේ...

    ReplyDelete
    Replies
    1. අර කතාවට කියනවනෙ ගෑනු හිත හරියට මඩේ හිටවපු ඉන්නක් වගේ කියල..පොඩි කුරුල්ලෙක් වැහුවත් වැනෙනව..ඉතින් අපි කොහොම මේවා කියවන්නද අෆ්ෆා..

      Delete
  4. // දුක තදකොට සිනහව සොයනාවිට
    ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට..// පද පේලිය හුඟක් තදින් දැනුනා..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම දැනුණු නිසාද මන්ද එහෙනම් එහෙම ලියවුනේ..

      Delete
  5. වාව් උෙම්ෂ් ............................... පට්ට ...................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..

      Delete
  6. හිතක් කියවනවා කියන එක ලේසි නෑ බං.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ ටිකත් බොහොම අමාරුවෙන් තමයි කියෙව්වෙ..

      Delete
  7. හිත් කියවන්න පුළුවන් වීම = බොරු කාරයෝ නිරුවත් වීම

    ReplyDelete
    Replies
    1. මගෙනුත් ඔය වචන ටිකට මනාපයක්..

      Delete
  8. හොඳ අත්දකීමක්නේ ලැබිල තියෙන්නෙ,අපූරු කවි ටික උමේෂ්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප අයියෙ..

      Delete
  9. උමේෂ් පට්ටෙටම කිවි ලියනව නෙව... ඈ...
    අපූරු කවි ටික
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්..
      ජය වේවා..

      Delete
  10. නියමයි ලස්සනයි උමේෂ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ..

      Delete
  11. ජය වේවා මලයො...කදුලු නැති වේවා..සතුට ඇති වේවා !

    ReplyDelete
    Replies
    1. ජය වේවා සිරා අයියෙ..එසේම වේවා..

      Delete
  12. මාව ෆලෝකරල තියෙනවා දැකලයි හොයාගෙන ආවෙ. මොකඛරි නිමිත්තක් තියෙන, සැබෑ සිදුවීමකට අදාල, ඒ මත ගොඩනැඟුනු මේ වගේ නිර්මාණ වලට මං ගොඩක්ම කැමතියි. පාර මතකයි දැන් නිතර එන්න.

    ReplyDelete
    Replies
    1. ඉහලින්ම පිළිගන්නව මචෝ..මේ පැත්තෙ ආවට ස්තුතියි..

      Delete
  13. හිතට දැනෙනවා , ලස්සනට ලියලා තියනවා ....

    ReplyDelete