Thursday, August 29, 2013

නිදි වර්ජිතයෝ....




කියන්නට වෙර දැරීමද 
කියන්නාට වෙර දීමද 
අසන්නාට පැවසීමද 
පවසන්නගෙන් ඇසීමටද  කාලය එලබ තිබේ
පවසන්නේ කුමක්ද එය ඔබටද මටද පුදුමයකි 
ඇත්තෙන්ම එය පුදුමයක්මනම් වූ මායාවකි 

මා ඔබෙන් ඇසුවොත් සිදුවන්නේ කුමක්ද කියා 
ඔබ මගෙන් අසාවි සිදුවන්නට යන්නේ කුමක්ද කියා..
කිසියම් දෙයක් සිදුවී හමාරය නමුදු තාමත් එය සිදුවන්නේද 
යථාර්තයට අර්ථකතනයද මෙය විය යුතුමද...?
සුද්දසිoහලෙන්නම් මෙය නව්‍යකරණයේ ජීවමාන ස්වාභාවයයි

සුභ වර්ණය කොළ ය එනමුදු වර්ණය රතු හා කළු ය 
හිරු නොනගින හෝරාව පස්වරුය 
පෙරවදන හා සමාප්තිය පටුනේ මද්‍යතරයේය 
අවසානය බයන්කරය සියල්ල මොනර පලස මතය 
සිත කොතනද බාග වෙලාවට එය ඔබගේ  නැට්ටුවාය 

ඇරබුම කොතරම් සොදුරුද එය ශාක සාරය 
තෝරා සකුරා නතුවමද නැත 
මිහිදුම් පටල මැද කළු හා රතු ය
සතුට කොතනද දුක පසුපසය 
ඒ සියල්ල පෙරවරුවට බාරදුන් කල 
ඉතිරි වන්නාවූ සතුට නිදි වර්ජිත වව්ලන්ටය .....

එවන් එවුන් කව්රුන්ද?එය ඔබට බාරය.....

Sunday, August 25, 2013

ඉවසල ඉවසල බැරිම තැන

               
             මම තාමත් මේ පොඩිම පොඩි ජොබ් කට්ටක් කරගෙන ජීවිතේ ගැටගහගන්න කොල්ලෙක්.මගෙ මාසික අදායම ගැන කව්රුහරි දන්නවනම් ඇත්තටම විස්වාස කරන්නේ නැහැ.මොකද මම ෆුල් ෆන් එකේ ඉන්න කොල්ලෙක් නිසා.මොනවා උනත් ඇත්ත තත්වෙ දන්නෙ මම විතරයි.සිරාවටම කියනවනම් මිනිස්සු අපි ගැන මොනවද මේ හිතාගෙන ඉන්නෙ කියලත් හිතෙනව.ඒවට කියන්න වචන මම දන්නෙත් නැහැ අනිත් එක මේවට කොහොම හිනා වෙන්නද කියල මට තේරෙන්නෙත් නැහැ.මේ යන විදියටනම් මටත් මගෙ ජීවිතේ මොකක්ද කියල හිතෙනවා.සමහර මගේ යාළුවො දැන් වැඩ කරන්නෙ හොද ලොකු ලොකු කොම්පැනි වල.නිතරම මට මගතොටදී හම්බවෙන අයත් ඉන්නව.ඇත්තටම කියනවනම් කතා කරන්නත් ලැජ්ජයි.මොකද උන් අහන්නෙම දැන් මොකද කරන්නෙ,මොකක්ද කොම්පැනි එක,සැලරි එක කීයද?අනේ ඉතින් මම මොනවා කියන්නද?හිනා වෙලා නිකන් ඉන්න එක තමයි කරන්නේ.මම හිතන්නේ හැම මනුස්සයටම තමන්ගේ ජීවිතේ විදින්න වගේම විදවන්න කාලෙකුත් එනව.ඉතින් මමත් එහෙම තමයි තාම හිතාගෙන ඉන්නේ.අනේ මන්ද වැඩ කරනව කරනව ඉවරයක්නම් පේනතෙක් මානෙකවත් නැහැ.මමත් ට්‍රයි කරන්නේ දැන් මම මේ වැඩ කරන තැනම කොහොමහරි ජොබ් එක හදාගන්න.මටත් දැන් ඇති වෙලා ජොබ් වලට apply කරනව එත් එකකින්වත් මට කෝල් එකක්වත් තම නැහැනෙ.

                      අද හවස ඔන්න මම පන්ති ගිහින් ඇවිත් පොඩ්ඩක් යාලුවෙක්ගෙ ගෙවල් පැත්තට ගියා ටිකක් කතා කරන්න කියලා.යනකොට එතන තව සෙට් එකක් ඉන්නවා.උන්ගෙ වැඩේ මාවම කන්න හදනවා.මගෙන් ඉල්ලන්නෙම පාටි එකක්.අප්ව් එවුන් හිතාගෙන ඉන්නේ මම මේ සිරා ජොබ් එකක් කරනවා කියල.කිව්වට පිළිගන්නෙත් නැහැ.බැරිම තැන මම කිව්වා මට ජොබ් එකක් සෙට් වුන ගමන් උබලට දෙනවා සුපිරි පාර්ටි එකක් කියල.එතකොට එතන ඉන්න තව එකක් කියනව දැන් කවදද ඔය කියන ජොබ් එක හම්බ වෙන්නෙ කියල.දැන් ඉතින් දීපන්කො උත්තර.මටනේද ඉතින් ඇගේ මාළු ගගේ නටන්නේ ඔය වෙලාවට තමයි.මමත් ඉතින් ලෝකයනේ පොඩ්ඩක් ෂේප් වෙලා කට වහගෙන උන්ගේ කතාවලට බොරුවට හිනා වෙවී හිටිය. මොනවා උනත් හොදම වැඩේ කියන්නේ ඔතන ඉන්න හැම එකාම 30කට වැඩ පඩි ගන්නව.උන්ට ඒවා මතක නැහැ.අපිවම තමයි මරාගෙන කන්න හදන්නේ.  


මුදල් නොමැති තැන ගැටළු තිබුනද 
ගැටළු නොමැති තැන මුදල් ඇතුවමත් නොවේ 
යමෙකු මුදල් ලුහුබදින්නේද ඔහුට හෝ ඇයට එය මිරිගුවකි 
මිරිගුවක් වූ මුදල යමෙකු රැකගන්නේද එයද මිරිගුවකි 
එය අප රැගෙන ආවේද නැත රැගෙන යන්නේද නැත 
ඔබගේ ධනයෙන් ඔබ සතුටු වන්නේද 
එය මිරිගුවක් නොවන්නේය
එකී හැම දේ ඔබ සතුද..
ඔබ සදාකාලික නොවූ ලෝකයේ 
සදාකාලික නොවුනමුත් ගල්පිලිමයක්මය...

Thursday, August 22, 2013

ලහිරු පෙරේරා මොට්ටු තියලා .....




මාතලේ හැදුවා මම ගේ තට්ටු 
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු 
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු 
කවදාහරි කරනවා කෙල්ලව මට්ටු 

සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු 
මොට්ටුවට මතුරල ඕවිල් කට්ටු 
මොට්ටු දී ඈ හට උන මම තුට්ටු 
ඇයිද දැන් පෙරලෙන්නේ පනිට්ටු 

කටගැස්ම වී ම ලෝකෙට පේනවා 
තලුමරා මාවම බයිටට ගන්නවා 
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා 
ඊජිප්තු පිරමීඩෙක ම නිදනවා 

උන් දෙන්න වගුරනවා කදුළු සතුටු 
ඉතිරි වුනෙ මට මේ බල්ලා නකුටු 
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු 
කවදහරි පෙන්වනව රැම්බෝ පාර්ට් ටූ 

ඒ කාලේ අපි කෑවෙ කෝලි කුට්ටු 
කෙලින් තිබු කොණ්ඩය උනානෙ බොකුටු 
තුන්වේල කන්නේ දල සීට්ටු 
දැන් ඉතින් 
හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු 

කටගැස්ම වී ම ලෝකෙට පේනවා 
තලුමරා මාවම බයිටට ගන්නවා 
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා 
ඊජිප්තු පිරමීඩෙක ම නිදනවා 

Tuesday, August 13, 2013

ජෙමා අයියට තුති පුද කරමි....

                  මේ ලෝකේ ටිකක් තේරුම් ගන්න අමාරුයි ජෙමා අයියෙ.මම මේ ලගදි පටන් ගත්තු මගෙ පුද්ගලික බ්ලොග් එකේ මුලින්ම කියල කම්මෙන්ට් එකක් දැම්මේ ජෙමා අයිය තමයි.මට ඒකටනම් ගොඩක් සතුටුයි.ජෙමා අයියගේ කම්මෙන්ට් එක කියවගෙන යනකොට මගේ ඇස් දෙක තෙමුනා මමවත් දන්නේ නැහැ ජෙමා අයියේ.මම දන්නවා ඔයාගේ හිත මොනතරම් ලස්සන අදහස් හංගගෙන ඉන්නවද කියල.මම මගේ බ්ලොග් එකේ ලියන විකාරත් එක්ක ඔයාගේ ඒවා තියෙන්නේ මටත් හිතාගන්න බැරි තැන්වල.මම කවදාහරි ගොඩ ගියොත් මම ඔයාවත් එක්කගෙනම තමයි යන්නෙ.දන්නවනේ මම කව්ද කියල.රජ වීදියෙනෙ..




              මම අද ජෙමා අයියට කෝල් කරලා කිව්වා අද රැට පොඩි පාර්ටි එකක් දාමු කියල.මොකද හුග දවසකින් අපිට සෙට් වෙන්නත් බේරී උන නිසා.කොහොමහරි එයත් මේකට කැමති උනා.මමත් ඉතින් වැඩ ඉවරවුණු ගමන් දුවගෙන ඇවිත් train එකට නැග්ග.අද මාරම සෙනග.මොකද අලුත් වරාය පෙන්නනවනෙ.පාරෙ වාහන හෙල්ලෙන්නෙ නෑ.ඒ තරමටම හිරවෙලා.කොහොමහරි ජෙමා අයිය හිටියෙ නැහැ.අයියෝ මට මාරම අප්සට්.ආතල් එකේ පොඩි ෆන් එකක් ගන්න හිටිය මදෑ.කෝකටත් කියල මගේ පට්ට 4n එකෙන් ගැහුවා කෝල් එකක් ජෙමා අයියට.අයියෝ අද ටිකක් පරක්කු වෙනවලු.අවුලක්නම් නැහැ ඉතින්.හෙට කොහොමහරි සෙට් වෙනවා වෙනවමයි.මම අද ජෙමා අයියට කෝල් කරලා කිව්වා අද රැට පොඩි පාර්ටි එකක් දාමු කියල.මොකද හුග දවසකින් අපිට සෙට් වෙන්නත් බේරී උන නිසා.කොහොමහරි එයත් මේකට කැමති උනා.මමත් ඉතින් වැඩ ඉවරවුණු ගමන් දුවගෙන ඇවිත් train එකට නැග්ග.අද මාරම සෙනග.මොකද අලුත් වරාය පෙන්නනවනෙ.පාරෙ වාහන හෙල්ලෙන්නෙ නෑ.ඒ තරමටම හිරවෙලා.කොහොමහරි ජෙමා අයිය හිටියෙ නැහැ.අයියෝ මට මාරම අප්සට්.ආතල් එකේ පොඩි ෆන් එකක් ගන්න හිටිය මදෑ.කෝකටත් කියල මගේ පට්ට 4n එකෙන් ගැහුවා කෝල් එකක් ජෙමා අයියට.අයියෝ අද ටිකක් පරක්කු වෙනවලු.අවුලක්නම් නැහැ ඉතින්.හෙට කොහොමහරි සෙට් වෙනවා වෙනවමයි.

හිතට වදින සින්දුවක් සෙට්වුනානේ කාලෙකට පස්සේ...

දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා 
දැක ගන්න හීන මැවුවේ ඔබවයි මෙමා 
පියබන්න කව්ද කිව්වේ අහසින් එහා 
අදටත් ඔයාගේ මතකේ මම නැවතිලා .......

දෙකොපුල් දිගේ නිතැතින් කදුලක් ගලා 

හසරැල් ගෙනාව දිනයන් පෙගිලා ගිය 
ඔබගෙන් තරම් - පෙම් වදන් 
නෑ ලැබිල කවදාකවත් 
හඩවාලා ගියදා මා 
වූන් තැනම තනියෙන් සදා 

පැහැදුල් නුවන් රහසින් දොරගුල් දමා 

දෙහදක් පුරාම සිහිනේ සිහිසන් වෙලා 
මට මේ තරම් - සෝ සුසුම් 
විදවන්න බෑ රත්තරන් 
හඩවාලා ගියදා මා 
වූන් තැනම තනියෙන් සදා 

දුක නැද්ද තාම දැනුනේ මම නෑ කියා ....



ගායනය - උදිත් සන්ජය 

Monday, August 5, 2013

අපේ එකෙක් CCNA දාල

                       ඔන්න ඉතින් අපිනම් ccna කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙත් අපේ එකෙක් ccna ගොඩ දාගත්තට පස්සෙ.සිරාම exam එකක් කියලනම් අරන්ච්යි.කොල්ලනේ රුපියල් වලින්ම 40000ක් යනවලු බන්.අනෙ අම්මෝ මගෙ මස හතරක පඩිය එකතු කලත් තාම එච්චර නැහැ.network පැත්තෙන් යන්න හිතාගෙන ඉන්නවනම් මේ exam එක ගොඩදාගත්තොත් පොඩ්ඩක් විතර ඔලුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් කියල තමයි අපේ එකානම් කියන්නේ.ටිකක් මහන්සි වෙන්නත් ඕනේ කියලත් කිව්වා.මොන දේටත් ඉතින් මහන්සි වෙන්නෙ නැතුව බැහැනෙ.තව එකක් A/L වලට maths කරල තියෙනවනම් වැඩේ තවත් ලේසිලු.අපේ එකත් උසස් පෙළ කලා ඔය කියන විදියට ඒත් මම හිතන්නේ ගෙවල් වටේටම කණු ගැහුවා වගේ මතකයි අවරුදු දෙකක්ම.මොන දේ කලත් තාමත් උට ජොබ් කට්ටක්නම් සෙට් වෙලා නැහැ.කොහොමහරි අපේ සෙට් අකේ එකෙක් මෙහෙම ඉන්න එක ගැන අපිටනම් මාරම සතුටුයි. ඔය හැමදේම අස්සේ ඌ හැමදාම කියන කතාවක් තියෙනවා.ඒකනම් නොකියම බැහැ.



                ගමේ අයිය කෙනෙක් ඉන්නවලු ඌට මාරම ෆිට්ලු.අපේ කොල්ල උසස් පෙළ එහෙම අනාගෙන ඉන්නකොට ඔය කියන කෙනලු කිව්වෙ අපේ රටේ වැදගත් නමගිය ආයතනයක් තියෙනවා ඒකෙ තියෙන අහවල් පාටමාලාව කරපන් කියල.එතන ඉදල කොහොම කොහොම හරි තමයි කොල්ල මෙච්චර දුර එවිත් තියෙන්නෙ.අපේ එකාට මොනවා උනත් මුල මතකයි.කොල්ල ගැන පන්පොරි ගහනවා නෙවෙයි.මටත් හිතෙන විදියට ඔය කියන අයිය නැත්නම් අද අපේ එකා අතරමන් වෙලා සිරාවටම.මමත් ඔය කියන කෙනාව ටිකක් දන්නවා හොද කොල්ලෙක්.සමහරවිට කවදාහරි එයා මේ පොස්ට් එක දැක්කොත් මට බනිනව ඒකනම් හොදටම sure.අරන්චියේ හැටියට එයාට හොදට නිසදැස් එහෙමත් ලියන්න පුළුවන්ලු.මමත් පොඩ්ඩක් කියල බලන්න ඕනේ මගේ අලුත් අච්චාරුවටත් ලුණු ඇබුල් ටිකක් හොයල දෙන්න බෙරිද කියල.ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද මම මේ ලියන විකාර තාම කව්රුත් කියවලත් නැහැ කියවන්නෙත් නැහැ වගේ.මමත් ඉතින් ඔහේ පිස්සා වගේ විකරණේ කියවන්නේ.ගනන් ගන්න එපා කොල්ලන්ගේ හැටි ඔහොම තමයි.හරි හරි කොහොමහරි අපේ තව එකෙක් කවදාහරි හොද network කාරයෙක් උනොත් කාටද ආඩම්බර.දැන් මේ දවස් වල කොල්ල හතිදාගෙන ජොබ් හොයනවලු.අදත් මම දැක්ක වැඩට ගිහින් ගෙදර යනවා කොල්ලගේ සුපුරුදු පුටාර් එකේ.බලමුකෝ කොල්ලව තව දවසක සෙට් උනාම තව බොරු ටිකක් කියන්නම්.එහෙනම් අපි කැපුන.මතක තියාගන්න අච්චාරු නැතුව කෑම කන්න එපා හිරවෙයි.....අයියෝ අන්තිමට අපි ඔක්කොම එකම නෙට්වොර්ක් එකේ.   

වලව්කාරයෝ හා අපේ මිනිස්සු

                        වලව්වක් කිව්ව ගමන් අපේ හිතට එන්නෙ උඩරට පැත්ත.ඒ මොකද කියන්නනම් මම දන්නේ නැහැ.ඉස්සර කාලේ උඩරට පැත්තේ විතරක්ම නෙවෙයි හැමපතිවලම වලව් ජීවිතේ තිබිල තියෙනවා.දැන්නම් කොළබ පැතිවලනම් වලව්වක් හොයාගන්න බැහැ.මොකද දැන් හැමතැනම දැන් තියෙන්නේ වලව්නෙ.ඉස්සරනම් වලව්කාරයන්ගේ ගෝලයෝ තමයි ඉතින් ගම්වල ඉන්න පොරවල්.දැන්නම් එහෙම එකක් නැහැ.අම්මෝ අහල බලන්න ඔය පරණ මිනිස්සුන්ගෙන් ඉස්සර කොහොමද තත්වේ කියල.සමහර වලව් කියල හිතාගෙන ඉන්න මෝඩයො අද වගේම ඉස්සරත් ඉදල තියෙනවනෙ.ඇත්තටම කියනවනම් ඒ ගෙවල් වලට ගියාම සමහර අහිංසක දුප්පත් මිනිස්සුන්ට වාඩි වෙන්න දෙනවයි කියන්නෙ පොඩි බන්කුවක්ලු.තේ එකක් බොන්න දෙන්නේ අඩුව නැති කෝප්පෙකලු.පිස්සු හැදෙනවා මටනම් මුන් මනුස්සයෝද කියලත් හිතෙනවා.මගේ හොද යාළුවෙක් ඉන්නවා නුවර.ඌ දවසක් කිව්වා තවමත් සමහර පැතිවල ඔය වගේ දේවල් තියෙනවා කියල.හිතන්න අමාරුයි එත් ඒක තමයි එත්තම තත්වෙ.මොනවා උනත් කියන්න ඕනෙ ඔය අතරෙ හොද මිනිස්සුත් ඉන්නවා කියන එකනම්. 

             ගමකට වලව් කාරයො දෙන්නෙක් ඉන්නවනම් අපේ මිනිස්සු ඉන්නවා පන්සියයක් විතර.ඒ මිනිස්සු අතරෙත් ඔය වගේ දේවල් තියෙනවා නැතුවමත් නෙවෙයි.ඒත් වලව්වලට සාපේක්ෂවනම් ගොඩක් අඩුයි.ඔය ඉදල හිටලා ගහට කොළට ඉඩමට හේනට ගහමරා ගත්තට හවසට එකට රා කට්ට ගහපු හොද එවුන්.ගෙදරට ගොඩවෙනකොට තේ එකක් හදල ඉවරයි.බුලත්විට වට්ටිය දීල ඉවරයි.වලව්වල මිනිස්සු පාරේ යනකොට කාණුවට බැහැල හාමුදුරුවනේ කියපු අපේ එවුන් ළගට අද වලව් කාරයෝ එනව මම දැකල තියෙනවා.ඒ මොනදේ උනත් අපේ එවුන් උන්ට අපිට සලකපු විදියටනම් මේ වෙනකං සලකල නැහැ.ඒ තරමට අපේ එවුන් හොදයි.වලව්වල පොඩි එකාලා ටවුමෙ ලොකු ඉස්කෝල වලට යනකොට අපේ එකාලගේ පොඩි පැටවූ ගියෙ ගමේ ඉස්කෝලෙට ගෙදරට අදින සරන්කොටේ ගහගෙන.අපේ එවුන් පයින් යනකොට වලව්වල හාමුදුරුවො ගියෙ මොරිස් මයිනර් වල.අන්තිමට මොන දේ උනත් කට්ටියම යන්නෙ එකම වලට.වෙලාවකට හිනත් යනව.ඇත්ත කතාවනම් වර්තමානයේ ඉන්න හුගක් මිනිස්සු ඔය වගේ වැරදි ආකල්ප වලින් මිදිල ඉන්න එක ගැනනම් මාරම සතුටුයි.ඉස්සර ඉතින් කෙල්ලෙක්ට කොල්ලෙක්ට love කරන්නත් බැහැනේ හරියකට ඔය විකාර නිසා.මේ බ්ලොග් එක මට හිතෙන ඕනෙම දෙයක් ලියන මගෙම එක නිසා මට මේක ලියන්න හිතුන.සමහරවිට සමහරුන්ට හිත රිදෙන්නත් ඇති.කියවනකොට විකාරයක් වගෙත් ඇති.කමක්නැහැ මොකද මේක ඇවිල්ල හිතේ හැටියට පිස්සු නටන රජ වීදියනෙ.....හු ......නිදිමතයි....