Wednesday, June 26, 2013

Frist Love Eka

           ආදරේ ගැන කතා කරනකොට ප්‍රථම ප්‍රේමයට හිමිවෙන්නේ ලොකු තැනක්.ඒ මොකද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ.කවදාවත් අමතක වෙන්නෙත් නැති කවදාවත්ම අමතක කරන්නත් බැරි දෙයක් තමයි frist love එක.මමනම් හිතන්නේ කොල්ලෙක් උනාම පොඩි හරි බූට් එකක් කන්නම ඕනෙ.එතකොට තමයි ගතිය තියෙන්නේ.අපිනම් කාල තියෙනවා.ඒකෙත් පොඩි ආතල් එකක් නැතිවම නෙවෙයි.ඒත් සතියක්නම් අඩන්න වෙනවා shure ම තමයි.අමතක කරනවමයි කියල හිතාගෙන හිටියත් එකනම් කරන්න මාරම අමාරුයි.

         අන්න ඒ නිසා තමයි සතිෂ් පෙරේරා කිව්වේ "ජීවිතයේ පළමු පෙම තරම් කාටත් නෑ මතක් වෙන යමක්" කියල.මම ආසම ගායකයෙක් තමයි සතිෂ්.සමහර වෙලාවට කෙනෙක් අපේ ජීවිත වලට එනව දන්නෙත් නැහැ අපේ ජිවිත වලින් යනවා දන්නෙත් නැහැ.ඒක ලෝක ස්වබාවය.ඒ මිහිරි අතීතය සමහරක්ට මිහිරි මතකයක් වගේම හොද අත්දැකීමක්.මන්ද මටනම් ඔය කියපු කාරනා   තියෙනවා.මගේ හොදම යාලුවෙක් හිටියා සම්පත් කියල.සිරාවටම සුපිරි බොක්කක් තියෙන කොල්ලෙක්.ඌත් love කලා මාරම කෙල්ලෙක්ට.ඇත්තටම couple එක මාරම love.අවරුදු හතරක් love කරලත් ඒකි සම්පතාව දාල වෙන එකෙක් ලගට ගියා.ඉතින් තව මොන කතාද?කොහොම කොහොමහරි ඇත්තම කතාවනම් frist love එක maintain කරගෙන යන්න පුළුවන් කිහිප දෙනෙක්ට විතරයි.ජීවිතේදී ආදරේ විදින්න වගේම විදවන්නත් ඕනේ.එහෙම අත්දැකීම් තියෙන එකෙක්වනම් කවදාවත්ම වට්ටන්න බැහැ.ගගක් උනත් එක දිගට ගලනවට වඩා ගල් පර උඩින් ගලනකොට ලස්සනයි කියනවනෙ.අපේ ජිවිතත් එහෙමම තමයි.ආයෙත් තමන්ට ආදරේ කරන තමනුත් ආදරේ කරන කෙනෙක් set උනාම ඔය හැමදේම අමතක වෙන එක අක මොහොතකින් වෙන්න පුළුවන්.එක තමයි මිනිස්සුන්ගේ හිත.හැබැයි දැන්නම් ඒ හැමදේම සල්ලි වලට විකිනෙන කාලයක්.ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියනවනෙ. 




Tuesday, June 25, 2013

Trip to Bandarawela

මේක තමයි අපේ clz  එකේ සෙට් එක මුලින්ම ගත්ත fun එක.අපි සති ගානක් ප්ලෑන් කරලා තමයි මේකට එන්ටර්  උනේ.අපේ set එකේ හරියටම අට දෙනෙක් හිටියා.අහන්න දෙයක්නම් නැහැ ඉතින් ඔක්කොම එක වල්ලේම පොල් තමයි.සිරාම set එකක්.කොටින්ම කියනවනම් clz එකේ හිටිය චාටර්ම set එක.කොහොමහරි ඉතින් අපි යන්න තීරණය කලේ බණ්ඩාරවෙල.මොකද අපේ එඋන්ට හොදට රත් වෙන්න ඕනේ කියල මුල ඉදලම කියල තිබුන. set එකේ නම්ගම් දාන එක හොදමදී නිසා උන්ගෙ pet name විතරක් දානව.අවුලක් නැහැනෙ නේද?එකෙක් ඉන්නේ පානදුර උගේ නම ජිමා.තව එකෙක් බණ්ඩාරගම උගේ නම දිගා.මුන් දෙන්නම ලෝකෙ කාල වතුරත් බිල ඉන්නේ.හැබැයි ඇල්වතුරත් නිවල තමයි බොන්නෙ.අපේ set එකේ හිටිය නාකිය ඉන්නේ කඩුවෙල.උගේ නමත් නකියම තමයි.set අකේ බොරු කියන්න දන්නේම නැති එක හිටියේ මහර හන්දියේ.උගේ පෙට් name එක මට මතක නැහැ.මරදානෙත් එකෙක් හිටිය ඌට කියන්නෙත් මරදානම තමයි.බෙම්මුල්ලෙ එකට කියන්නේ කන්නන් කියල.මීරිගම ඉන්න එකා තමයි කෝමලී. මගේ පෙට් name එක පස්සට කල් දාමු.....එහෙම හොදද මන්දා?

      කොහොමහරි වේයන්ගොඩට එනකොට කට්ටියම train එකට set වෙලා තිබුනෙ.අපි 2nd clz tickets ගත්තාට අපිට යන්න උනේ හිටගෙන තමයි.මිරීගමට කිට්ටු කරලා අපි උදේට කෑවා.මමයි කන්නනුයි තමයි පාන් ගෙනාවේ.ජෑම් බටර් ගාගෙන අපි පාන් කෑවා.පොල්ගහවෙලට කිට්ටු කරනකොට එහෙන් මෙහෙන් අපිට seat එකක් දෙකක් හම්බුනා.කන්නන් උගේ ෆ්ර්න්ඩ් කෙනෙක්ගෙන් බොන්ගෝ එකකුත් අරගෙන ඇවිදින් තිබුණා.රබුක්කනට ලන්වෙනකොට අපි සින්දු කියන්න පටන් අරගෙන.වැඩක් නැහැ කියල මාරම fun.


කොහොම කොහොමහරි දැන් සීතල ටික ටික වැඩි වෙනවා.ඇගට දැනෙන සනීපෙ කියල වැඩක් නැහැ.මාරම climate එක.දෙපැත්තම මාරම හෙල.මීදුම නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ.එත් අපි 4to ටිකක් ගත්ත.අපි cameramanla දෙන්නෙක් අරගෙන තමයි ගියේ.ඒ තමයි කන්නන් හා මරදාන.