1996 එක් දින ලෝක කුසලානය දිනනව මගේ මතකයට නැගෙන්නෙ නැවතත් ඒ රූපරාමු පෙළ දිහා බලනකොට.මොකද ඒ දවස් වල මම පැටිය කාලෙ නිසා සමහර දේවල් හරියටම මතක නැහැ.ඒත් ඒ දවස කවදාවත්ම අපිට අමතක කරන්න බැහැ.මේ පුංචි රට ක්‍රිකට් පොතේ රන් අකුරුන් ලියවුනේ ඒ අභීත සිංහ පැටවුන්ගේ හයිය නිසා.සනත් මල්ලි මුලු ලෝකෙටම වීරය වෙච්ච දවසෙ ඉදල මටනම් ක්‍රිකට් කිව්වොත් සනත් එහෙමත් නැත්නම් මාස්ටර් බ්ලාස්ටර් නැතුව බැහැ.සමහර දවස් තිබුන සනත් අවුට් වුනාට පස්සෙ එතනින් එහාට මැච් එක බලන්නෙ නැතුව හිටපු.ඒ තරමටම මම පුද්ගලිකව සනත් කියන ක්‍රිකට් තරුවට ආදරේ කලා.තාමත් ඒ දේ සනත් කොහොම හිටියත් තියෙනව.මොකද දේශපාලනය ක්‍රීඩාවට අදාල නැති නිසා.
මේ පාරත් විස්සයි විස්ස තරගෙට ගිය අපේ සිංහ පෝතකයන්ට අවසන් තරගයට එන්න ලැබුනෙ මීට ප්‍රථම ලෝක ශුරයෝ පරාජය කරල වීම ගැන අපි හැමෝටම තියෙන්නෙ හැංගුණු ආඩම්බරයක්.මොකද බටහිර ඉන්දියානුවො අපේ අල්ලපු වැටේ එවුන් වගේ දගලන්නෙ නැති නිහතමානී සෙට් එකක් නිසා.ගියපාරත් ෆයිනල් ඇවිත් පැරදුනාට මොකද ගෙදර ගෙනාපු අහස් කූරු ටික දුකටත් එක්ක පත්තු කලා.මොකද දිනුවත් නැතත් අපි අපේ කොල්ලන්ට ආදරේ කරන නිසා.මේ පාර මුල ඉදලම තිබුණු ගැම්ම නිසා අහස් කූරු මිටියක්ම ගෙනාව.
අවසන් තරගය වෙලාවෙ අපිට දැනුනු හැගීම් කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.මොකද එදා තරගය නොබලපු කෙනෙක් නොබලපු ගෙදරක් නැතුව ඇති.ඒ තරමට මුළු රටම එකම එක ප්‍රාර්ථනාවක හිටිය.නැවතත් අපේ දේශය අවදි කල සිංහයන්ගේ දේශයේ අභිමානය ලෝකයටම පෙන්වපු අපේ සිංහ පැටවුන්ට හදවතින්ම ආචාර කරනව.විශේෂයෙන්ම මහේල සංග ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනව.අවසානයට රටටම සතුටු කදුළු හෙලන්න මේ පිටිපස්සෙ හිටිය හැම දෙනාටම දේශයේ උත්තමාචාරය පුදකල යුතුමයි.


වැඩිම ලෝක කුසලාන අවසන් මහා තරග වලට සුදුසුකම්ලත් දිනුම පැරදුම ඉහටත් උඩින් පිළිගත් දේශයේ නමරන්දු ඒ සිංහ පැටවූ අපට ආඩමබරයකි..
මක්නිසාද අප හදවතින්ම ශ්‍රීලාංකික වන බැවිනි.
west Indies , not south indies ..
ReplyDeleteවැරදුනෝ ..ඔන්න හැදුව රාළහාමි..
Deleteදකුණු ඉන්දියානුවෝ කිය්ලා නෙවෙයි ...බටහිර ඉන්දියානුකොදෙව් කියලාද කියන්න හැදුවේ ?
ReplyDeleteගනන් ගන්න එපා ඉවාන් පොඩි වැරදීමක්..
Deleteමොකද උමේෂ් නින්දෙන් ඇහැරිලා වගේ දිනල සතියකට පස්සෙ කතාව ලිව්වෙ.
ReplyDeleteකට්ටියට අමතක වෙයි කියල හිතුන ලොකු අයියෙ..හි හි
Deleteදැන් උණුසුම ගොහින් නැත්ද ඈ ...අපි නම් බලන්නෙ බේබිලා ගේ රගර් මැච් ඔවා බලන්නෙ නෑ අපි ;))
ReplyDeleteබේබිලා මචෝ ගාල්ලෙ ජාත්‍යන්තර ක්‍රිකට් පිට්ටනියෙත් රගර් ගහපු රට හරක්නෙ බං..
Deleteමුළු රටම එකම ප්‍රාර්ථනාවක හිටියා කියන එක කොයන්න බෑ බං. ඒක හොදටෝම අත් විදපු එකෙක් තමා මම…
ReplyDeleteකොහොම උනත් අපේ උන් දිනපු එක ගැන හදවතින්ම සතුටුයි.
මේ ඒක නෙමේ 20වෙන්දට අවුරුදු උත්සවේට වරෙන්උමේෂ්, අපිත් එනවා.
අනිවා වරෙන්.
ඔව් මචෝ අපි අනිවාර්යෙන්ම සතුටු වෙන්න ඕනෙමයි..
Deleteඑන්න හිතාගෙන ඉන්නව මචෝ බලමු මොනව වෙයිද කියල..
අපි දින්න උං පැරදුණා... කෝලි හොදයි...
ReplyDeleteහී.... හැබැයි
ඉන්දියන් කාරයො පිස්සුයක්කු... උං ඉන්දියන් ක්‍රිකටර්ස්ලගෙ ගෙවල් වලට ගිනි තිබ්බ... මං නං කියන්නෙ උංට හොදටම පික්සු
ඉන්දියන් කාරයො කොහොමත් අපේ රටේ එවුන්ට සෙට් වෙන්නේ නැහැනෙ බං එදා ඉදලම..ඕකුන් පිස්සු යක්කු නෙවෙයි බං පිස්සු .... හි හි කියන්න අමාරුයි වගේ බං..
Deleteසිංහ පෝතකයන් ගැන අත්තටම ආඩම්බරයක් තියෙනවා ...
ReplyDeleteහදවතින්ම තියෙනව..
Deleteඅපේ කට්ටිය ගැන සෑහෙන ආඩම්බරයක් හිතට දැනෙනවා.. !!
ReplyDeleteඑහෙම වෙන්න ඕනෙ මචෝ..
Deleteපෝතකයෝ - බොති කියල වෙනස් කරන්ඩෝ!!!
ReplyDeleteඔන්න වෙනස් කලෝ..
Deleteකෝලි අවසන් තරඟයේදි හැසිරුණු විදිහත් එක්ක ගොඩක් අයගෙ හිතේ ඔහු ගැන තිබුන ආකල්පය වෙනස් වෙලා..
ReplyDeleteඔව් එහෙම වෙලා තියෙනව..ඒ කතාවට මමත් එකගයි..
Deleteයුද්ධය දිනුවාට පස්සෙ තමයි රටක් විදියට හැමෝම එකට එකතු වෙලා සතුටු උනේ...ඒ වෙලාවට අපේ රට ගැන / මිනිස්සු ගැන ඇතිවන හැගීම නම් මාරයි..
ReplyDeleteසිරාවටම ඒ හැගීම වචන වලට පෙරලන එක හරිම අමාරුයි සිරා අයියෙ..
Deleteකොලිය සුපිරි බැටා.මිනිහ එහෙට මෙහෙට පනින්නෙ නැතුව බැට් එක ඇන්ගල් කරල ගහන නියම පොරක්.එත් මිනිහගෙ බොරු සොක්වලට තමයි මිනිස්සු අකමැති.(මමත් ).නැත්තම් දොනි තමයි ඔතන නියම වැඩ්ඩ.
ReplyDelete