Tuesday, January 21, 2014

නැවතුමක් නැතුව ..

                ජීවිතේ සමහර දේවල් අමතක කරනව කියල හිතුවට ඇත්තටම අමතක කරන්න බැරි ඇයි කියන්න මම දන්නෙ නැහැ.මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලත් හිතෙනව.ඉස්කෝලෙ දවස් වල මෙහෙම මතක තියාගන්න පුළුවන් කම තිබුනනම් අද අපි මෙතන නැහැ.සමහරවිට හොද තැනක ඉන්න තිබුණ.මේ දවස් වල තියෙන දේශගුණ තත්වෙත් එක්ක අමතක වෙලා තියෙන ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නකොට හරියට පපුව සිදුරු කරල ලේ ගන්නව වගේ.ඒත් තනිවෙන්නෙ නැතුව යාළුවො එක්ක ඉන්නකොට දැනෙන සතුට මාරයි.

                හවසට ගෙදර යනව කියන එකත් වෙලාවකට මරණව වගේ වැඩක්.මට දැන් හුදකලාව ඇති වෙලා.ජීවිතේ මෙහෙම විදවන්න බැහැ.විදින්න තියෙන ජීවිතේ විදවන්න වුනු එක ගැන මම තාමත් ගොඩක් දුක් වෙනව.ඒත් ඒ විදවිල්ල අස්සෙ ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටු වෙනව.මේ කෙටි කාලෙදි මම මටම කියල ලබාගත්තු දේවල් ගැනත් හිතනකොට හීනියට සතුටක් එනව.මොකද මටත් දැන් මගේ නම අගට ජාලකරණයට අදාලව අකුරු හතරක් ගන්න පුළුවන් වුණා.තව ඒ වගේ අකුරු හතරක් මම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ.එහෙම පුළුවන් වුනොත් ජීවිතේ තව අඩියක් දෙකක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියල මම හිතනව.


                  වෙච්ච හැම දෙයක්ම අමතක කරල ඉන්න හදනකොට දැකපු එකම එක දෙයකින් මගෙ හැමදේම ගොඩක් වෙනස් වුණා.බොහොම අමාරුවෙන් ගොඩක් මහන්සිවෙලා ඉස්සරහට යන්න හදනකොට ආයෙත් ඒ දේම මට වද දෙනකොට උන්හිටි තැන් අමතක වෙනව.වෙලාවකට හිතෙනව මමම  මගෙන් පලිගන්නවද කියල.ඒ හැමදේම ඉවරයි කියලත් මම දන්නව.ඒත් ඒ දේවල් එහෙම වෙන්න හේතුව තම මම දන්නෙ නැහැ.සෙරෙප්පු කෑලි දෙකක් ගෙන එහෙ මෙහෙ ඇවිදින අපි වගේ එවුන් තව කොච්චරනම් ඇත්ද.සල්ලි කියන්නෙ ජීවිතයම නොවිච්ච මට යටගිය අවුරුදු දෙක තුන ගැන හිතන්නත් අමාරුයි.

                 අහිමිවීම ගැන දුකක් තිබුනට ඒ දුකට වඩා ගොඩක් දේවල් සතුට වෙනුවෙන් තියෙන නිසා දැන් වැඩිය හිතන්න යන්නේ නැහැ ඒ ගැන.කොහොමත් අතීතය බොදවෙලා ගිහින් ඉවරයි.අනාගතය කවදා ඒවිද කියන්න දන්නෙ නැහැ.ඉතින් වර්ථමානයෙ ජීවත් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.මිනිස්සු කරන හොද නරක ඒ මනුස්සය පස්සෙ පන්නනව කියනවනෙ.තරහක්නම් ඇත්තටම නැහැ ඒත් මම බලාගෙන ඉන්නවා මගෙ අතටත් තුරුම්පු එනකම් කෝට් ගහන්න.තුරුම්පු කවදාවත් නොඑන්නත් පුළුවන්.වෙන්න තියෙන දේ වලක්වන්න බැහැ.

              බුකිය තුල ම ජීවත් වන කාලය බොහොම සීමිත කිරීමට ගත් තීරණය  දැන් අවසන්වී ඇත.රාත්‍රියට බුකියට ගොස් එකෙක් දෙන්නෙක් සමග පොඩි බයිලයක් ගසා ආවම දැනෙන සැහැල්ලුව මට ගොඩක් වටිනව.බ්ලොගයක් පටන් ගන්න හේතු වුනේද මේ දේවල් නිසා.දැනෙන හැමදේම ලියන්න පුළුවන්.මොකද සමහර දේවල් අපිටත් අමතක වෙන්න පුලුවන් නිසා.හේතුවක් දන්නෙ නැති වුනාට සයිබරයෙ වැඩියෙන්ම කොටලා තියෙන්නෙත් විරහව ගැන.ඕව කියවගෙන යනකොට හිතෙනව මටත් මේ දේමද වුනේ කියල.පිස්සු වගේ..

28 comments:

  1. //ජීවිතේ සමහර දේවල් අමතක කරනව කියල හිතුවට ඇත්තටම අමතක කරන්න බැරි ඇයි කියන්න මම දන්නෙ නැහැ.මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලත් හිතෙනව.// නෑ... ඒක මටත් තියන ප්‍රශ්නයක්. මට වගේ ම තව බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. ඒක නිසා නිතර ම වැඩක යෙදෙන්න. කල්පනා කර කර ඉන්න එපා. වැදි බණ ද මන්දා මෙව්වා...))))

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද දිලිනි මටත් හිතාගන්න බැහැ..

      Delete
  2. හුඟක් අයගේ ජීවිත වල තියෙන්නේ ලැබුනු දේට වඩා නොලැබුන දේවල්... මොන දේ නොලැබුනත් ඉගෙනීමේ කටයුතු ටික සම්පූර්ණ කරගන්න එක තමයි වැදගත් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් කවදහරි අපිට ඉතුරු වෙන්නෙ එච්චරයි..

      Delete
  3. නොලැබුන දේ ගැන දුක් නොවී ලැබුන දේ ගැන සතුටු වෙයන් උමේෂ්.

    අනික දෙයක් අමතක කරන්න දගලන එකත් එය නොවීමට හේතුවක් කියනවානෙ.

    ReplyDelete
    Replies
    1. දැන්නම් කොහොමත් දුක් වෙන්නේ නැහැ බං..

      Delete
  4. තනිකම කියන්නේ විඳින්න පුලුවන් දෙයක්. මුලදි මාත් තනිකමට දෙස් දෙවොල් තිය තියා උන්නා. දැන් ඒ වෙනුවට තනිකම විඳිනවා. විඳවන්නේ නෑ.

    තනිකම එක අතකට සැපතක්.
    කාගෙන්වත් අහන්ඩ ඕන නෑ මේක හරිද මේක වැරදිද කියලා. ඒ වගේම තමන්ට කැමති තැනක ඇවිදින්න කැමති අයත්තෙක්ක ආශ්‍රය කරන්න. ඔය වාගේ ගොඩක් දේවල් වලට නිදහස තියෙනවා.

    ඒක නෙමේ CCNA මාත් කලා. ඒ උනාට මම ෆේල් උනා. ලකුණු 3ක් මදි උනා. අයියෝ 38,000 කියලා හිතුනා ඊට පස්සේ !

    ReplyDelete
    Replies
    1. තනිකම මාරම සැපතක් තමයි බං ඒ වුනාට පොඩි දුකකුත් තියෙනව..

      මමත් පොඩි කට්ටක් කල තමයි ගොඩ දාගත්තෙ..තව පාරක් ට්‍රයි කරපන් මචෝ උබට පුළුවන්..ඕනෙම උදව්වක් දෙන්නම්

      Delete
  5. මම මේ පොස්ට් එක කියෙව්වේ නෑ වගේ බන්

    ReplyDelete
  6. වෙලාවකට බුකිය, බ්ලොග අපේ ඩයරිය වගේ..

    තමන්ගෙම ටයිම් ලියන් එක දිගේ පහලට ගිහින් බලපං වෙලාවක.. ඒක ඇත්ත කියල හිතෙයි..

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      මිනිස්සුන්ට අමතක වෙන දේවල් කාටවත් කියන්න බැරි දේවල් එහෙමත් ඕවගෙ තියෙනවනෙ බං..

      Delete
  7. ලබාගත්ත ජයග්‍රහන වලට සුභ පැතුම්..ඉස්සරහට කරන්න ඉන්න දේවලුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    //කොහොමත් අතීතය බොදවෙලා ගිහින් ඉවරයි.අනාගතය කවදා ඒවිද කියන්න දන්නෙ නැහැ.ඉතින් වර්ථමානයෙ ජීවත් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ//

    මගෙත් ජීවිතේ දැන් ගෙවෙන්නෙ මේ විදිහට. සරලයි සැහැල්ලුයි

    ReplyDelete
  8. මේවා නැත්නම් අපිට පිස්සු හැදෙනවා බං.. ඔය තනිකම සෑහෙන්න දැනෙන මිනිහෙක් මමත්.. ඒ දවස ඉක්මනට ඉවර වෙනකන් බලාගෙන ඉන්නේ..

    අහිමි වීම් ගැන හිතන්න එපා බං.. අපරාදේ හිතන්න හරි යන කාලය..

    ReplyDelete
    Replies
    1. මමත් මේ බලාගෙන ඉන්නෙ ඔය විකාරෙ කවදද ඉවර වෙන්නෙ කියල..

      Delete
  9. මොකෙන් හරි සහනයක් ලැබේ නම් ඒක කරන්න. වැඩ නවත්වා එය කරන්න නෙමෙයි වැඩ කරන්න මේකෙන් හයියක් ගන්න. ඒ ඇති..

    ReplyDelete
    Replies
    1. අවවාදයට ගොඩක් ස්තුතියි..

      Delete
  10. අහිමිවීම් වෙනවනේ අපි කැමති වුනත් අකමැති වුනත්. ඒකනිසා ඒ ගැනම හිත හිතා කාලය ගත කරන එක අපරාධයක්. කොහොම වුනත් අහිමිවීම වුනත් විඳින්න පුළුවන් නම් විඳවන්නේ නැතිව එක ලොකු ජයක්

    ReplyDelete
    Replies
    1. හැමදෙයක්ම වගේ දැන් අහිමිවීමත් විදින්න පුරුදු වෙලා බං..

      Delete
  11. ඔන්න එහෙනම් අපි ගොඩ වැදුනා ..හුදකාලාව නැති වුනාම තමයි අපිට හුදකාලාවේ අගේ තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉහලින්ම පිළිගන්නව..කතාව ඇත්ත..

      Delete
  12. මා මූණු පොත පාවිච්චියට ගත්තේ මාගේ යහළු යෙහෙලියන් මාගෙන් ඈත් වීම වලක්වා ගැනීමට පමණි...

    මම මූණු පොතට ආවෙ 2009 මුල.... අදටත් මගේ යාලුවො ඉන්නෙ 250 ක් වගේ.... ඒ ඔක්කොම මගේ යාලුවො... කොහෙන් හරි...

    නමුත් සමහරු මූණු පොත පාවිච්චි කරන්නෙ වෙනත් අරමුණක් ඉටු කර ගන්න.... (සමහරු)

    ReplyDelete
    Replies
    1. සමහරු නෙවෙයි බන් සම හරක් තමයි එහෙම කරන්නෙ..ඒක නිසා තමයි අද සමාජ වෙබ් අඩවි විනාස වෙලා තියෙන්නෙ.

      Delete
  13. ජීවිතය කියන්නෙ මලයො ගස් ගල් අස්සෙන් ගලන ගගක් වගේ...සතුට දුක මේ සියල්ල අඩු වැඩි වශයෙන් මිශ්‍ර වෙච්ච දෙයක්...ඒ නිසා ඔබ අද දුකෙන් පෙලුනත් හෙට සිනහා වී සතුටින් ඉදීවී. වඩා වැදගත් වෙන්නෙ ප්‍රශ්න වලින් හෝ ජීවිතයෙන් පලා යන්නට උත්සාහ නොකර ජීවිතය ජීවත් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. කවදාවත් ප්‍රශ්නවලින් පැනල ගියා කියල ඒ දේවල් නැතිව යන්නේ නැහැ.සිර අයිය කියනවා වගේ ගගක් වුනත් ගල්පර උඩින් යනකොට ලස්සනයි කියනවනෙ.ඔය හැමදේටම දැන් හුගක් දුරට හුරු වෙලා ඉවරයි.

      Delete
  14. මෙන්න මාත් අවා ,මොකක්ද තනි අයේ මේ අපි ඉන්නෙ ලියලා දාන එකනේ තියෙන්නෙ ...ඔය කිව්වට අපි හැහොගෙම ජිවිත ඔහොම තමා ....

    ReplyDelete
  15. ලිවීමත් සිත් තැවුල් වලින් නිදහස් වෙන්න මගක්. හිත ටිකක් හරි නිදහස් වුනාම ඉදිරිය පෙනෙයි. අර අනිත් අකුරු හතරත් ගන්න ලැබේවා..

    ReplyDelete