Sunday, September 29, 2013

වින්දනීය ලෝකයෙන් පැතිකඩක්







නොමියෙන ලෝකයේ මියෙන අතීතය 
වර්මානයේ නොදකින තුන්මන්සල 
කවාකාර ලෝකයේ නොපෙනෙන්නාවූ ද 
වර්මානයේ නිපුණත්වය අනාගතයට ද 

දෑතින් රැගෙන යනු වස් එය 
නොපෙනෙන්නට දෑස් වසා සිටියේනම් 
පියවි ලෝකයේ නොපෙනෙන්නාවූ දෙයක් වීනම් 
පවසන්නාවූ ව්‍යන්ගාර්තය කෙබදුද..

විදීමට නොව විදවන්නන් හට 
ජීවත්වීමේ අයිතිය රැදෙන්නාවූ හුස්ම පොදෙහි 
අවසානය වාතලයට එක්වුකල 
සියලු මතකයන්හි අවසානය දෑතෙහි නොරැදෙනු ඇත 

කවදා ළගාකර දේවිද සිහිනයෙහි වූ කදුළ 
ඉකිගසන්නාවූ දෙසවනින් සවන්දෙන්නා මෙන් 
දුකෙහි සතුට සොයනා හසරැල්ලෙහි
දෝරගලනා ප්‍රේමය තනිකඩබවයි     

Friday, September 27, 2013

අතරින් පතර

                       හුග දවසකින් මට බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනාට නිතරම අලුත් මොනාද කියලනම් බැලුව.මේ දවස් වල පට්ටම චාටර්.මොකද කියනවනම් නිතරම අහන්න වෙන්නේ මට පාඩුවක් වෙන දේවල්ම තමයි.මේ ලගදි මට පොඩි ඉන්ටර්විව් පාරක් සෙට් වුනා.ඒ company එක හොදයි කියල මම අහල තියෙනව.මමත් ඉතින් පොර වගේ ගියා බලන්න මොකද වෙන්නෙ කියල.ඒක තියෙන්නෙ වැල්ලවත්තයි දෙහිවලයි අතර.මමත් ඉතින් මොරටුව බස් එකකට නැග ගත්ත.කතා කරපු කෙනාගෙන්ම මම තැන කොතනද කියලත් අහගත්ත.මොකද මම ඔය කියන පැත්ත ගැන ලොකුවට දන්නෙ නැති නිසා.කතා කරපු කෙනාගෙ කටහඩින්ම මට ඉන්ටර්විව් එක යන්නම හිතුන.ඒ තරමට මාරම ලස්සන කටහඩක් එයාට තිබුනෙ.ගංගාරාමේ එහෙම පහු කරගෙන කොල්ලුපිටිය හන්දියටත් ආවයි කියමුකො.කොහොමහරි බම්බලපිටියත් පාස් කරගෙන වැල්ලවත්තට කිට්ටු කලා.මමත් ඉතින් අර ලස්සන කටහඩින් කියපු තැනින්ම බැස්ස.එයා කියපු විදියටනම් බැහැපු ගමන්ම ඒ කොම්පැනි නම ගහල තියෙනවා කිව්වා.ඒ විදියටම තිබුන.මම එතන ගිහින් ඉස්සරහ ඉන්න ඔය පිළිගැනීමේ නිලදරියගෙන් ඇහැව්ව
 "මම ආවේ ඉන්ටර්විව් එකකට.මම කොතනටද යන්න ඕනේ කියල".
වෙන තැන්වල වගේ නෙවෙයි මෙතන පිළිගැනීමේ නිලධාරියට හිටියේ මැදි වයසේ පිරිමි කෙනෙක්.මට ටිකක් තරහත් ආව.ඇයි දෙයියනේ මුන්ට හෙන ගහලද හොද ගෑනු ළමයෙක්ව තියන්න.කොහොමහරි ඔය නිලධාරියා මගෙ විස්තර ටික අහගෙන කාටද මන්ද කතා කරලා මොනවද මන්ද ඇහෙව්වා.ඊට පස්සෙ මට කිව්වා ටිකක් ඔහොම ඉදගෙන ඉන්න ඔයාට කතා කරයි කියල.මම එයාගෙන් ඇහෙව්වා 
"වොෂ් රූම් එකක් තියෙන්නෙ කොහෙද කියල?".
හැරෙන තැපෑලෙන්ම බුවා ඇහෙව්වා 
"මොකටද ටයි එක දාගන්නද කියල".
ඉතින් මම කිව්වා ඔව් කියල.එතකොට බුවා මට කියනවා ඔතන ඉදගෙන දාගන්න කියල.මට නේද ඌරු ජුවල්.ඇයි දෙයියනේ දාඩිය පෙරාගෙන අව්වෙ කට්ට කාල කාල මෙහෙම යන්න පුලුවන්ද ඉන්ටර්විව් එකට.මොන කරන්නද ඉතින් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ කියනවනෙ.ඉතින් මමත් එතන ඉදගෙනම ටයි එක දාගත්ත.ඒ වෙලාවේ මට ඉන්ටර්විව් එකට ඉන්නෙ නැතුව ආපහු යන්නත් හිතුන ඇත්තමයි.මොනව කරන්නද ඉතින්.අනිත් එවුන් බලාගෙන ඉන්නකොට මට පොඩි ලැජ්ජාවකුත් ආවෙ නැතුවම නෙවෙයි.මොන කරන්නද දුක තමයි.කොහොම කොහොමහරි ඉන්ටර්විව් එක ඉවර වෙලා මම ගෙදරත් ආව.ඒත් ජොබ් එක ගැනනම් මට ලොකු කැමැත්තක් නැහැ.මොකද උන් කියල තිබුණු එක නෙවෙයි බලාගෙන යනකොට කරන්න තියෙන්නෙ.ඒව වැඩක් නැහැ.මම කිව්වෙ ඉතින් මිනිස්සුන්ගේ හැටි.


               මම දැන් වැඩ කරන තැන නියමයි.අලුත් මොනවද ඒ හැමදේම මෙතන තියෙනව.එත් ඉතින් තාම මාව හරියටම ආයතනයට ගත්තෙ නැති නිසා පොඩි නෙවෙයි ලොකු බයක් තියෙනව.එත් ඉතින් මගේ බොක්ක වගේ ඉන්න අයියලා දෙන්නනම් කියන්නෙ මල්ලි උබ ගොඩ කියල.මටත් එහෙම හිතෙන්නෙ නැතුවමත් නෙවෙයි ඒත් බයයි.හිතනව කවදහරි ගොඩයයි කියල.බලමුකො නේද.ඒක නෙවෙයි මම මේ කරගෙන යන පොඩි බ්ලොග් එක ගැන මගේ යාළුවො කව්රුවත්ම දන්නෙ නැහැ ජෙමා අයියා ඇරෙන්න.දැන්නම් එක්කෙනෙක් දන්නවා.අයත් මගේ හොද ෆිට් එකක් තමයි.

        කතාවට කියනවනෙ රස්සාවටයි පරස්සාවටයි ඉක්මන් වෙන්න හොද නැහැ කියල.මමත් දැන් ඉන්නේ ඔන්න ඔය කියපු ප්‍රතිපත්තියෙ.බලමුකෝ මේකෙවත් ඉදල නේද?ජෙමා අයියනම් කියන්නේ පොඩ්ඩක් ඉවසල හිටපන් කියල.සමහර අපි හිතාගෙන ඉන්න හොදම යාළුවො මේ පන්ති ගියේ කෑවෙ බිව්වෙ එකට.අපි කෝල් එකක් එහෙම දාල කිව්වොත් මචං තියෙනවනම් පොඩි ජොබ් එකක් හොයල දීපන් කියල.උන් කොහොමද දන්නවද කියන්නෙ 
"මචං මගේ ඔෆ්ෆිස් මේල් එකට උබේ cv එක මේල් කරපන්"
 කියල.මම කියනවා ඉතින් මචං මන්ලග තියෙන්නේ උබේ gmail එක විතරයි කියල.මොකද ඉතින් අපිට හැමෝටම වගේ ඔෆ්ෆිස් මේල් නැහැනෙ.
"හරි මචං මන් උබට මගේ ඔෆ්ෆිස් මේල් එක sms කරන්නම්".
හැබැයි ඉතින් තාමත් මට ඒ කියපු sms ආවෙ නැහැ.තාම මගද කොහෙද.ඔන්න ඔහොමයි අපේ අය.හැබැයි ඉතින් හැමෝම ඔහොම නැහැ.සුපිරි අයත් ඉන්නව.

Sunday, September 22, 2013

සිතෙහි රජ වීමට ....





ඔබ සතුට පසුපස දිවයන්නේද සතුට ඔබ සොයා එන්නේද..
කදුළු ඔබ නොසොයයි එනමුදු කදුළු ඔබව සොයයිද 
පිනිබිදු වැටුනද උණුහුම දෙදරා යායුතුමද..
තිබියයුතුමද ආත්මයක් ඔබ ඔබව සෙවීමට..

ආදරය හුදෙක් අංශු මාත්‍රයක් වූ කල 
විරහව නෙත් යුවලක් වූ විගසට 
අතීතයේ අංශු මාත්‍රය කදුලක්මනම් 
ඉන් මිදීමට පළමුව හෝ දෙවනුව ඔබ දිවයායුතු වේනම්...

හමන මදනලට එක් හුස්ම පොදක් 
එසේ මුසුවන මදනලෙහි එක තීව්රයකට 
පවනටම බදු වූ ඔබේ ආදරය 
කවදානම් සැනසුමක් වේද 

අවසානය ගැටළුවක් නොවීමට 
වියැකුණු හෝ මියැදෙන 
කල්‍යාණ මිත්ත්‍රත්වයේ ආත්මාර්තකාමී වූ ප්‍රේමය 
කවදා හිමිවේවිද නොබලන අතීතය .... 

Friday, September 20, 2013

සිහිනෙන් වගේ මතකයි






ඇසිපිය යට සැගවූ ඒ සිනාවන් 
හදවතින්ම පැවසු කවි රටාවන් 
දෙනෝදහක් අතරින් පෑ වළාවන් 
කිවමැන සොදුරි ඔබගෙද රස කතාවන් 

දුටුවෙ මමයි දෙවගන වෙස් වලාවන් 
පෑවෙ නුබයි දේදුනු වර්ණනාවන් 
අදටත් මැවෙයි මතකය වේදනාවන් 
මතකද තවත් මතකය එක වතාවක් 

අසනෙමි මම එන්නද තව වතාවක් 
නොදනිමි මම පවසන බස් කතාවන් 
ඇසිපිය අසයි කොහෙදෝ ඒ සිනාවන් 
මියැදෙයි මතකය නුබෙමෙන් තව වතාවක් 

හැඩුවේ නුබයි වෙන්වන්නට සියවතාවක් 
සිටියේ මමයි ඉවසා දුන් මුසාවන් 
විද්දේ නුබයි දුනු හී මල් පසාවන් 
විදවමි ජිවිතේ තනි තනි මන්සලාවන් 


Thursday, September 19, 2013

නොමියෙන මතකයෙන් ..

                       අද පෝය දවස.අම්මත් උදෙන්ම පන්සල් ගියා සිල් ගන්න.අම්ම එනකොටත් හවස් වෙනවා.ගෙදර ඉන්න මාරම කම්මැලියි.අම්මා ගියාට පස්සෙ ආයෙත් මම නිදා ගත්ත.කොහොමහරි නැගිටිනකොට උදේ නවයට විතර ඇති.මගෙ පොඩි වැඩ වගයක් තිබුන ඒව ටිකත් ඉවර කරලා සෙට් වෙනකොට එකොළහට විතර ඇති.පොඩි රවුමක් ගහන්න කියල යන්න හදනකොටම කෝල් එකක් ආව අපේ එකෙක්ගෙන්.උගේ නම තලය.මොකද උන්ගෙ ගෙදරට ගමේ අය කියන්නෙ තලගම ගෙදර කියල.ඉතින් අපි උට කියන්නේ තලය කියල.තලය කතා කරලා කිව්වා ටවුන් එකට ගිහින් එමුද කියල.මමත් කිව්ව එහෙනම් යමන් කියල.ගමේ මට ඉන්න හොදම බොක්කක් තමයි තලය කියන්නෙ.මගෙ හැමදේම තලය දන්නවා.මමත් උගේ හැමදේම දන්නවා.මොකද අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්න කොල්ලො දෙන්නෙක්.තලයගෙ ගෙදරට වීදුරු වගයක් ගේන්න තමයි යන්න වුනේ.මම යනකොටත් කිව්වා අද පෝය දවස නිසා කඩ වහල ඇති කියල.මුට යන්නම ඕනේ කියනව.එහෙනම් යමන් කියල අපි සෙට් වුනා.සමහරවිට මම අද කියන්න යන දේ මම මීටකලින් කියල නැතුව ඇති.මමත් හොදටම සික් එක ගහපු එකෙක් කියලනම් මගේ බ්ලොග් එක කියවන ඕනෙම එකෙකුට තේරෙනවා එති කියල මම හිතනවා.ඒ දේට හේතු වුන කෙනාගේ නෑදෑයෝ ටිකක් ඉන්නවා අපේ ගම පළාතේම.එහෙදීම තමයි මට එයාවත් හම්බ වුනේ.අපේ ගම පළාතේ කිව්වට ගම් දෙක තුනකට එහා.එයාලගේ තාත්තට ත්‍රීවිල් එකක් තියෙනවා මට ඒක මොන ලෝකෙදි දැක්කත් අදුනන්න පුළුවන්.කොහොමහරි මමයි තලයයි යනකොට මගදී ටවුන් එකට කිට්ටු කරලා ඔය කියන වාහනේ සෙට් වුණා.මම දැක්ක ඇතුලෙ මගේ ඇස්වලට කවමදවත්ම අමතක නොවෙන කෙනෙක් වගේ කෙනෙක් ඉන්නව.මම තලයට කියන්න හදල හරවපන් බන් බයික් එක කියල ආයෙත් මොකටද කියල නොකියන හිටිය.කොහොමහරි ටවුන් එකට ගියාට වැඩේ හරිගියෙ නැහැ මොකද කඩ ඔක්කොම වහල.මට මලපැනලම තලයට කිව්වා දැන් ඉතින් කුදගහගෙන යමන් ගෙදර කියල.හැබැයි මම තලයට කිව්වා යනකොට අර මම කලින් කිව්ව නෑදෑ ගෙවල් පැත්තෙන් යමන් කියල.තලය දන්නවා හැරෙනකොටම මොකාටද මම මේ එන්න හදන්නෙ කියල.ඌ මට හොදටම බැන්න තොට ලැජ්ජාව කියල එකක් නැද්ද යකෝ කියල.මම ඉතින් කොහොමහරි ශේප් එකේ තලයත් එක්ක ඒ ගෙවල් පැත්තෙන්ම ආව.එයාලගේ පවුලෙ එයාට එයා වගේම අක්ක කෙනෙක් ඉන්නව.කොහොමහරි හොයල බලනකොට වාහනේ ඇතුලේ ඉදල තියෙන්නේ එයාගේ අක්කයි එයාගෙ අක්කගෙ මහත්තයයි.මේ දවස් ටිකේ වාහනේ තියෙන්නේ මෙහෙ කියල තමයි ආරංචිය.


                        මම කොච්චර හිත හදාගන්න හැදුවත් මොන දෙයක් හරි වෙලා හිත පෑරෙන එක විතරමයි හැමදාමත් වුනේ.ආදරේ කරලා මෙහෙම දුක්විදින්න වෙයි කියල දන්නවනම් මම කවමදාවත් ආදරේ කරන්නෙ නැහැ.ඒ ඇස් දෙක මට අහිමි වෙලා දැන් වසරක් විතර ඇති.සමහරවිට නොවුනත් ඒ ඇස් මට දැන් හැමදාටමත් අහිමි කියලත් මම දන්නව.ඒ දැන දැනත් මගෙ හිත තාමත් එහෙමම තියෙන්නෙ ඇයි කියල මටම ගැටළුවක්.ආදරේ කරන කිසිම කෙනෙකුට මෙහෙම වෙන්න එපා කියල තමයි මමනම් හිතන්නෙ.කොහොමහරි පිනක් දහමක් කරගන්නම් කියල හිතුව දවසෙත් මේ වගේ දේවල් වුනාම චොරම තමයි.මොනව කරන්නද තනියම විදවනවා මිසක්.හෙට දවස ගැන මතක් වෙනකොටත් ඇඩෙනවා මොකද හෙට අපේ office එකේ බාගෙට බාගයක්ම නිවාඩු.හෙට හොද කට්ටක් තමයි කන්න වෙන්නෙ.කමක් නැහැ මම ඒ හැමදේම කරන්නේ මාරම ආසවෙන්.මොකද කෙනෙක් තමන් කැමති දේ තමන්ගේ රැකියාව විදියට කරන්න තියෙනවා කියන්නෙ මාරම ෆීලින් එකක්.එහෙම සෙට් වුනාම තමන්ගේ පඩිය තමන්ගෙ තත්වය ගැන මොහොතකටවත් හිතෙන්නෙ නැහැ.මටත් එහෙම හිතන කෙනක්.එහෙම හිතෙන එක මට අවාසියක් වෙන්නත් පුළුවන්.අවුලක් නැහැ මොකද මම හැමදාමත් මට හිතෙන දේ මට ඕන විදියට කරපු කෙනෙක්.හැමදේම වෙන්නෙ හොදටයි කියල කියනවනෙ.ඉතින් මමත් එහෙම හිතල හිත හදාගෙන ඉන්න එක්තරා පිස්සෙක්.මගෙ ජිවිතේ මට කියල මහා ලොකු බලාපොරොත්තු නැහැ.තිබුන දේවල් හැමදෙයක්ම එකම එක සැඩ පහරකින් මුහුදුබත් වුණා.ඒත් මම බේරුනා.එහෙම වෙන්න ජෙමා අයිය මට දුන්නු හෙල්ප් එක මට අද වගේම මතකයි.බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල.හැමදේම හොදට විසදෙයි කියල හිතෙනවා.ඉස්සර වගේ දැන් මට ලොකු පීඩනයක් නැහැ මොකද ඒ හැමදේම මම මගේ මේ පුද්ගලික බ්ලොග් එක හරහා පිටකරන නිසා.හොදට ලියන්නනම් දන්නෙ නැහැ.ලිව්වත් ලියන්නේ විකාර.අවුලක් නැහැ ඒත් ලියනව.එහෙනම් වෙලාවක් තිබුනොත් අපේ වීදිය පැත්තෙත් ඇවිල්ල යන්න එන්න.සෙට් වෙමු.....  

Monday, September 16, 2013

මතකය අතරින්....





සිතුවිලි සිරවෙන සීත ඉසව්වක 
තනිකම දුරලන නුබෙ උණුහුම ලග 
මතකය විතරක් ඉතිරිව ඇත අද 
කදුලැල් උහුලන මගෙ ඇසිපිය යට 

තනිකම නොදනිමි ඔබෙ නිවහන තුල 
ළයට තුරුළු කර සිබිනෙමි දෙකුපුල 
ඔබෙ උණුහුම විද මා සැතපෙන විට 
ඇදබැද තැබුවේ ඔබමද හදවත...

ගිනිසිළු නැගුනද මහ වරුසා මැද 
මල් පෙත්තකි ඔබ කටු අකුලක් මැද 
අමිහිරි වූ සද ඔබ දැක ගැනුමට 
මා සිත අදටත් රහස් කියනු ඇත...

Wednesday, September 11, 2013

සිත අතරමං වෙලා

              මිනිස්සු විවිදාකරයි ලෝකය ගෝලාකාරයිලු.අනේ මන්ද මම කවදාවත්ම හිතාගෙන හිතාගෙන හිටිය දේවල් නෙවෙයි මේ ටික දවස් ටිකේම වුනේ.ඇත්තටම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට සතුටට වඩා තියෙන්නෙම.වෙලාවකට හිතෙනවා මේ හැමදේම වෙන්නෙ මටමද කියලත්.පොඩ්ඩක් එලියට පහලියට බැහැල බලපුවම තමයි තේරෙන්නෙ හැම මනුස්සයටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව කියල.මේ ලෝකෙ කාටද ප්‍රශ්න නැත්තෙ.වැඩ කරන තැන්වලත් කියල වැඩක් නැහැ.මොනව කරන්නද ඉතින් කන්න බොන්නත් ඕනෙනෙ ඒ නිසා වැඩට යන්නම වෙනව.සිරාවට කියනවනම් දැන්නම් ජොබ් එක එපාම වෙලා තියෙන්නෙ මොනවා කරන්නද හිත හදාගෙන වැඩට යනවා උදේට.මොනව උනත් මම හැමදාමත් හිතන්නෙ මේක තමයි මේ ලෝකෙ තියෙන හොදම ජොබ් එක කියල.නැත්නම් මට මෙලහටත් පිස්සු හැදිල.මම මෙහෙම බ්ලොග් එකක් කරන්න පටන් ගන්න ලොකුම හේතුව තමයි පාළුව තනිකම වගේම දුක.මේ දේවල් හැමෝටම කියන්නත් බැහැ.සමහරවිට කියල තේරුමකුත් නැහැ.ඉතින් වෙලාවක් ලැබෙනකොට මොනවහරි විකාරයක් ලියන එක මගෙ හිතට හොදයි කියල හිතුන.මම දන්නව මම මේ ලියන දේවල් වල කිසිම වටිනාකමක් වගේම කිසිම තේරුමකුත් නැහැ කියල.කව්රුත් කියවන්නෙත් නැහැ කියලත් මම නොදන්නවා නෙවෙයි.කමක් නැහැ මගෙ හිතට මාරම සැනසීමක් මෙහෙම ලියන එක.මම දැනටමත් ගොඩක් දේවල් කැපකරලා තියෙනවා මගෙ ආදරේ වෙනුවෙන්.ඒ හා සමානවම මගෙ රැකියාවත් එහෙමම තමයි.මට අතට හම්බවෙන ගානට වඩා ලොකු දෙයක් මගෙ ආයතනයට මගෙන් වෙනවා කියල මට හිතෙනව.සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන් ඒත් මම එහෙම හිතනවා.

                මම හිතන විදියට හැම මනුස්සයෙක්ම උපදිනකොට අරගෙන එන විදියට තමයි හැමදේම සිද්ද වෙන්නෙ.ස්වාභාධර්මය අපි කාටවත්ම වෙනස් කරන්න බැහැ.මමත් දැන් ඔහේ යන්න දීල වෙන්නේ මොකක්ද කියල බලාගෙන ඉන්නවා.මගෙ ජිවිත කාලයට මේ වෙනකම් මම වරද්ද ගත්තු එක දෙයක් නිසා මට හිතෙනවා මට මගේ ජීවිතේම වැරදුනදත් කියල.හරි එහෙම වුනාමයි කියල මම හැමදාමත් මෙහෙම ඉදල තේරුමකුත් නැහැ.වෙලාවකට හිතෙනවා වෙන රටකට ගිහිල්ල පොඩි ජොබ් එකෙක් කරන ගමන් අලුත් ජිවිතයක් පටන් ගත්තනම් හොදයි කියල.එහෙම කරන්න බැහැ මට කවදාවත්ම.මොකද මගෙ හැමදේම මගෙ අම්මා.මට මගේ අම්මව නැතුව එකම එක මොහොතක්වත් ඉන්න බැහැ.මට මතක ඇති කාලෙ ඉදන්ම මගේ අම්මයි තාත්තයි දෙන්නම මගේ අම්ම.මම පිස්සෙක් නොවුනෙත් මගෙ අම්ම නිසා.මේ ගැන කතා කරනකොටත් මට දරාගන්න බැහැ.මේ දවස්වලනම් ඇවිල්ල තියෙන්නේ මහම මහ චාටර්ම කාලයක්.

                 අර කතාවට කියනවනේ පෙරහරේ යන අලි පෙරහරේ යනව කොට අදින අලි කොට අදිනවා කියල.කවදාවත් කොට අදින අලියෙක් පෙරහරක යන්නෙත් නැහැ.පෙරහරේ යන අලි කොට අදින්නෙත් නැහැයි කියනවනෙ.මම දැන් ඔය කියන වීදියේ අලි දෙන්නගෙන් එක ජාතියක අලියෙක් වගේ.හිතාගන්න බැහැ ඇයි කියල.ඒත් ඒක එහෙම තමයි.ගෙදරින් හොදට යනකොට අහල පහල එවුන් හිතන්නේ මු සැප ගන්න යනවා කියල.මමනෙ දන්නෙ සැපේ තරම.ගෙදර එන්නේ හොදට නිදාගන්න බලාගෙන එත් නින්ද යන්නෙත් නැහැ.අපිට නින්ද යන්නේ නැති උනාට අනිත් අයට හොදට නින්ද යනව කියල මම දන්නව.ඒ අස්සෙ මම මේ මගේ පාඩුවෙ ලියන පිස්සු බ්ලොග් එක ගූගල් ආයතනය ස්පෑම් කරල තිබුන.එත් ඒ ඇයි කියල කියන්න මම දන්නේ නැහැ.මොකද මට ලොකු දැනුමක් නැහැ බ්ලොග් ගැන.මම දන්නෙ ඇත්තටම පොස්ට් එකක් දාන්න විතරයි.යන්තම් ආයෙමත් මට පොස්ට් එකක් දාගන්න පුළුවන්.එහෙනම් ජයවේවා..

Wednesday, September 4, 2013

සප්පායම් වී කට්ටි පැනීම

                   මගුල් කිව්වම ඉතින් දැන් විවිධ වර්ගයේ මගුල් තියෙනවා.කියනකොටමත් ගොඩක් දේවල් හිතෙනව.අපිටනම් මාසෙකට මගුලක් දෙකක්නම් වරදින්නෙ නැහැ ඉතින්.අපේ සෙට් එක මේ ලගකදී ගිය පොඩි කොටහළු ගෙදරකට.සමහර එවගෙනම් ඉතින් අඩු මනමාලයෙක් විතරමනේ.මොනවා උනත් මේකනම් හරිම චාම් එකට ගත්ත උත්සවයක්.අපේ හය දෙනෙක් විතර යන්න සෙට් උනා.මොකද අපේ හොදම යාලුවෙක්ගෙ එක්කුස උපන් එකම නංගි.ඉතින් අපිට කිව්වහම නොගිහින් බැහැනෙ.අපිත් ඉතින් ඔන්න නිවාඩු එහෙම දාල යන්න සෙට් උනා.ඔක්කොම කොල්ලො ටික ආවෙ අපේ ගේ ලගට.ඊට පස්සෙ තමයි උත්සවයට යන්න සෙට් උනේ.සැර ජාති තියෙනව කියල අපිට උදෙන්ම නිව්ස් එක ආව නිසා අපේ එවුන් මාරම ගැම්මෙන් තමයි හිටියේ.මොකද ඉතින් කන්න බොන්න බැරි කට්ටියනෙ.මොනව කරන්නද ඉතින් ඕක ඇවිල්ල වයසෙ වැරැද්ද.ඔන්න ඉතින් යනකොට එකෙක් අහනවා
 "ඇයි බන් මෙච්චර වියදම් කරන්නේ කොටහළු ගෙවල් වලට?" කියල.
තව එකෙක් කියනවා හැරෙන තැපෑලෙන්ම
 "ඇයි යකෝ දැන් ඉන්න කෙල්ලෝ කසාදයක් කරලා දෙනකම් ඉදිද කියල විශ්වාස නැහැනෙ බන්".
අපිට පැලෙන්න හිනා.විකාර කියව කියව අපි පයින්ම ගියා.

              ඔන්න ඉතින් උපාසකයො ටික වගේ පොඩි මේසයක් අල්ලලා වාඩි වෙලා බීම එකක් දෙනකම් හිටිය.අපි ඉන්නවා දැකල ඒ ගෙදර ඉන්න අපේ එකා අපි ලගට ආව.ඔන්න අපේ එකෙක් අහපි 

"කෝ යකෝ අපිට බීම?".එතකොට ගෙදර එකා කියනව
 "දෙන්නම් යකෝ පොඩ්ඩක් හිටපන්".
කොහොම කොහොමහරි අපි බීම දෙක දෙකම බිව්වා.දැන් ඉතින් අපේ එවුන් සමර් හට් වලටම යන්න හදනවා.ගමේ මිනිස්සු ටිකකුත් ඉන්න නිසා මම කිව්වා
 "එකා එකා ශ්ප් එකේ මාරු වෙමු කියල".
අපිනම් හිතුව ඉතින් කාටවත් නොපෙනෙන්න අපි ආව කියල.ඒත් ඉතින් කීදෙනෙක් දෙකකද කියන්න දන්නෑ.අපි තනියම ඉන්නවා දැකලද මන්ද අපේ ජහුට අපිට පාළුව යන්නත් එක්ක කියල සැර ජාති වලින් දෙකකුයි පැණිරස ඒවායින් එකකුයි ගෙනත් තිබ්බ.බලාගෙන යනකොට අපි ඇවිල්ල තියෙන්නේ   සතුට සමරන්න නෙවෙයි සප්පයමට.   
ටික ටික දැන් ඔන්න කට්ටිය වැඩේට එන්ටර් වෙලා.ඔහොම අඩුම පැය බාගයක් යන්න ඇති කට්ටියම හිනා වෙනව.හිනා වෙනවා කියන්නේ ඉතින් පදමට ඇවිල්ල.ටික වෙලාවක් යනකොට එකක් ඉවර වුනා.වාසනාවද අවාසනාවද මන්ද දෙවෙනි කුරුල්ලත් අපේ කුඩුවට අවේ අතරමන් වෙලා ඉන්න ගමන්.උපාසකයෝ ටික දැන් අම්මෝ දාහකට ගහන්න කතාව.ඔය අතර තුරේ මමයි තව කොල්ලෙකුයි ගිහින් බොන්ගෝ එකක් හොයාගෙන ආව.ඒක දැක්ක විතරයි ඔක්කොම ගායකයො.වාදකයොත් එමටයි.ඒ ගහන පදටිකයි කියන සින්දු ටිකයි ඇහෙව්වනම් මට හොදටම ෂුවර් ඒ ගයකයොයි වාදකයොයි වලේ ඉදන් නැගිටලා ඇවිත් අපිට ගහනවා.කොහොමහරි කුරුල්ලො දෙන්නයි පැටියෙකුයි ඉවරයි.දැන් කට්ටියටම නියම ගාන.දැන් වටේ පිටේ ඉන්න ගයකයොත් අපිත් එක්ක සෙට් වෙලා සින්දු කියනවා.සින්දු කිව්වා කොහොමහරි කළුවර වැටෙනකන්ම.දවල්ට කනකොට හවස හයට විතර ඇති.කට්ටියම දන්නවා දැන් ඉතින් වැඩේ චාටර් කියල.ඒත් කොහොමහරි ගැම්මෙන් ඉන්නවා කොල්ලෝ ටික.අන්තිමට දැන් ඉතුරු වෙලා ඉන්නේ අපි සෙට් එක විතරයි.අපිත් අපේ කොල්ලට කියල ගෙවල් බල යන්න එලිට බැස්ස ස්තුති කරලා එහෙම.මගක් දුරට ගියාට පස්සේ එකෙක් කියනවා
 "ඒ අපි සල්ලි දුන්නෙ නැහැනේ බන්".
කට්ටිය එතකොට තමයි ඇහැරුනේ.ඇත්තටම සල්ලි දීල නැහැ.අන්තිමට කට්ටියම කතා වෙලා හෙට දෙමු කිව්වා.කට්ටියම යහතින් ගෙවල් වල ගියා කියමුකො පහුවදාම හවස සල්ලි එකතු කරලා ගිහින් දීල ඒ ගෙදරින් රෑටත් කාලම තමයි අපි ආවේ.අන්තිමටම අපේ යාළුවා කියනවා 
"අව්ලක් නැහැ බන් අපි අපිනෙ".