ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ.මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල.බලපුවම අහන අහන එක කියන්නෙම ඔය දේ තමයි.මේක අපේම කරුමයක් නැත්නම් රටේම කරුමයක්.ඒ මොන දේ වුනත් අපේ රටේ ජීවත් වෙනව තරම් සතුටක් අපිට වෙන කොහෙද තියෙන්නෙ.මේ හැමදේම අස්සෙ අපිට අන්තිමට ජීවත් වෙන්න වෙනව.ජීවත් වෙන්න ඕනෙ මොනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.ඉතින් මේ දේවල් නිසා තමයි හුගදෙනෙක් දැන් පිට රටකට පැනගන්න හදන්නෙ.මටනම් ගෙදර ඇද මතක් වෙනකොට පිටරටකට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.ජොබත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නෙ.කඩේ යන එකෙත් සීමාවක් නැහැ.ජොබ් හොයන එකත් එපා වෙලා තියෙන්නෙ.සොයන්නාට සම්බවේ කිව්වට දැන් ඒකත් බොරු වෙලාද මන්ද.ලොක්ක කියන්නෙම තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මන් කොහොමහරි ජොබ් එකේ වැඩේ කරලා දෙන්නම් කියල.හැමදාමත් ගහන්නෙම ඔය බෙර පදේම තමයි.මාත් ඉතින් ඒ බුල්ටො එක කාල ඉන්නව.කොහොමත් ඉතින් හැම ලොක්කම බලන්නෙ කොහොමහරි කාටහරි කියල වැඩේ කරගන්න.නැත්නම් ලොක්ක ඉදල ඉවරයිනෙ.කොච්චර වැඩ කලත් ඔච්චර තමයි ඉතින්.දැන් ඉතින් මේක කියවන සෙට් එකට හිතෙයි ඇත්තටම මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියලත්.මේ දවස්වල මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම මේක තමයි.
ජීවිතේ ඩල් වෙලාද මන්ද අෆ්ෆා.අවූලක් නැහැ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොදම දේ.හැමදේම අතහැරල රටකට ගිහින් පොඩි ජොබ් කට්ටක් කරගන්නත් හිතෙනව.ඒත් ඉතින් අපේ රට ඉන්න සෙට් එක කියන දේවල් අහපුවම මේ ෆන් ජීවිතේ එහෙ නෑ නේද කියලත් හිතෙනව.කතාවට කියනවා වගේ හැම දේටම වෙලාව එන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙලාව එනකම් බලාගෙන ඉදල හරියන්නෙත් නැහැනෙ.නමට හරි ජොබක් තියන එක කොච්චරනම් වටිනවද කියල දැනෙන්නෙ එහෙම එකක්වත් තවම සෙට් වෙලා නැති එකෙක් සෙට් වෙලා කතාවට වැටුනම.ඒ නිසා කට පරිස්සමින් තමයි කතා කරන්න ඕනෙ.හැමදේම එකපාරම ලැබෙනවට වඩා වෙන වෙනම ලැබෙන එකෙත් පොඩි ලොල් ගතියක් තියෙනව.ඒත් ඉතින් අන්තිමට ලොලේ ලොල් උනොත් තමයි අවුල.
අද ගෙදර ඉන්න දවස නිසා ඊයෙ නිදාගත්තෙ අදනම් එළිවෙනකම් නිදාගන්නව කියල හිතාගෙන.ඒත් වෙනදටත් වඩා කලින්ම ඇහැරුනාම තියෙන ආතල් එක කොහොමද.වැඩක් නැහැ කියල පට්ට නේද?මේ දවස් වල වැස්ස නිසා පට්ට පට පට.අම්මගෙ කටේ බලේට අද පොල් පැලයක් හිටවන්න උනා.වලවල් කපල අත් දෙක තවම රිදෙනව.මොකද හුග දවසකින්නෙ මේ වගේ වැඩක් කලේ.බ්ලොග් එක පැත්තෙ ඇවිත් කරන්නෙත් අප්ඩේට් වෙලා තියෙන දේවල් ටික කියවල පොඩි කමෙන්ට් පාරක් දාල යන එක විතරයි.මොනවහරි ලියන්න හැදුවත් පට්ටම කම්මැලියි.අදනම් වාඩි උනේ දුක් ගැනවිල්ලක් හරි ලියනව කියල හිතාගෙනම තමයි.යන්තම් ඇති තේරුමක් නැතුව හරි පෝස්ට් එකක් දාගත්ත.
අපොයි ඔහොම තමා.. මේක ලියල හරි හිත හෑල්ලු උනා නං ඇති..
ReplyDeleteඔව් ඔව් ලිව්වෙ එහෙම හිතාගෙන තමයි දේශක මහත්තයො ..
Deleteකොහෙද යන්නෙ
ReplyDeleteමල්ලෙ පොල් මල්ලි
එහෙමවත් යන්න තියෙනවනම් හොදයි කියල හිතෙනව අයියෙ..
Deleteපිටරට යනවනං පලයන් ඒකෙ අවුලක් නෑ නමුත් පිටරට ජීවිතේ හිතාගෙන ඉන්න අකාරයෙ මල් යහනාවක් නං නෙවෙයි.මෙරට ඉන්න එකා රට යන්නෙ කවදද කියල දින ගනිනවා රට ඉන්න එකා ගෙදර යන්නෙ කවදද කියල දින ගනිනවා.උඹ ඒ කතාව අහල නැද්ද.
ReplyDeleteමොකද අහල නැත්තෙ හැලප අයියෙ..හුගක් වෙලාවට මෙහෙම දේවල් හිතෙනව විතරයි..
Deleteඋමේෂ්............
ReplyDeleteඅපිටත් ඔහොම වෙලා තියෙනවා අනන්තවත්..... ඒත් අතහරින්න ඒපා.....
ඔව් මචං අතහැරියොත් අතහැරියම තමයි..කට්ට කාගෙන ඉන්න වෙනව..
Deleteමෙහෙම හරි මොනාහරි ලියලා කම්මැලිගතිය නැති කර ගන්ඩ. ඒකම මදෑ හිතේ සැනසිල්ලට... :)
ReplyDeleteඅනිවා මචෝ..
Deleteඅල්ලන් හිටහන්...ඡිවිතය එල ද බ්‍රා
ReplyDeleteතැන්කියු වේවා..!
Deleteඔහොම දැනෙන්නේ නැත්නම් අන්න ඒක සෑහෙන්න හිතන්න ඕන ප්‍රශ්ණයක්.. වැඩිය හිතන්න එපා..
ReplyDeleteඔව් මචං ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න යන්න හොද නැහැ.
Deleteදුක හෝ සතුට කෝකත් තාවකාලිකයි. එච්චර හිතන් නැතිව තීරණයක් ගන්න. රට ගිහින් ටික කාලයක් රස්සාවක් කරන්න පුලුවන්නම් උත්සහ කරන්න
ReplyDeleteඔව් අනිවාර්යෙන්ම තීරණයක් ගන්න වෙනව..
Deleteපිටරට ජීවිතේ ගැන ඉතිං මමත් අත්දැකීම් තියෙන එකානෙ..ඔය උඩින් හැලපයියා කියලා තියෙන කථාව සහතික ඇත්ත...අපි ලංකාවෙදි රට යන්න පොර කනවා...රටට පය තිබ්බම ආයෙ යන්නෙ කවදද කියලා හිතනවා..තනිකම දරාගන්න බැරුව...තමන් අපේක්ෂා කල රැකියාව නොලැබීම නිසා හිත් වේදනාවට ලක් වෙච්ච හයේ හතරෙ පොරවල් කදුලු පෙර පෙරා අඩන හැටි මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා...රට යන එක ආවට ගියාට කරන්න එපා මලයො...හොදට හොයලා බලලා සැලසුමක් ඇතුව යන්න....මමත් ඔය කියන විදියට ගිය එකෙක් නෙමෙයි. නමුත් මම මුහුණ දීපු සහ කාපු කටු ඇසුරින් තමයි ඒ ටික මම බොට කිව්වෙ.
ReplyDelete