ලියන්නට එක පද වැලක් ඔබේ හුස්ම පොදෙහි
බිය වැදුණු හදවත එක්තැන් කොට
ජීවිතය ජිවත්කරන්නාවූ බලාපොරොත්තුවකට
එක මොහොතකට දුන්නාවූ ඉඩකඩෙහි ......
ලන්තෑරුම් එලියට දිවයන කණාමැදිරි
නොනිදන නිහඩබව යටපත්කර
අදුරට පෙම් බදින රැහැයි රෑන
සිත්තම් කරනා ගෙත්තම අදුරට පමණක්මද ....?
නොසන්සුන් වුවද නිසොල්මන් නොවන
හැගීම්බර වූ පෞවුරුෂත්වයේ යටගියාව
සනිටුවන් කිරීමට දියවන්නාවූ ගල් පිළිමය
නිරායාසයෙන්ම ලියලනු නොඅනුමානය .....
හදවතෙහි කොනක හෝ එක් ලේ බිදක
පැවතියේනම් ආදරයට වූ අනුකම්පාවක්
රුදුරු නොවනු ඇත ප්‍රේමයේ විලාපයන්
ඝන අදුරට පමණක් පෙම් බැදුමට .....
මිලින වූ මල්දම් අතර වූ ගෙත්තමින්
සිත්රුවනෙහි යහන්ගැබට පුළුන් රොදක
මිහිරියාව අමතක වීමට තරම්
සිතක් වුයේද පෙනෙන නොපෙනෙන .....
ආ එල කොල්ලෙක්නේ ඔය තියෙන්නේ .....
ReplyDeleteමටනම් මෙලෝ දෙයක් තේරෙන්නෑ ....
උබේ කවිය හෝදනැති නිසා නොව......
මට කලා සිත පිහිටා නැති නිසාය ...
මටත් හරියටම තේරෙන්නෙ නැහැ මම මොකක් ලිව්වද කියල...ඔහේ හිතුන විදියට ලියල බැලුව..හොදයි කියල හිතුන නිසා බ්ලොග් එකට දැම්ම..
Deleteවිරහවක් වුනත් කවිය ලස්සනයි..
ReplyDeleteමම ලියන්න හිතුවෙ වෙනම දෙයක්.ඒත් අන්තිමට ලියවෙලා තියෙන්නෙ ඉතින් හැමදාම කව්රු කව්රුත් කතා කරන අකුරු හතර ගැන තමයි...
Deleteවිරහව වෙනුවෙන් ලියවෙන කවි කොහොමත් ලස්සණ යි, දැනෙනවා.
Deleteඒක ඇත්ත විරහව වෙනුවෙන් තමයි මේ ලෝකේ වැඩිපුරම කවි ලියල තියෙන්නෙත්..
Deleteලස්සන පබැඳුමක්...!
ReplyDeleteහ්ම්ම් මෙයා කවිත් ලියනවා එහෙනං
ඔව් ඉතින් ඔය හිතුන වෙලාවට ලියන බොරු විකාර තමයි මේ...හිතලමතල ලියන ඒවා නෙවෙයි...
Delete