මේ කතාවේ සුල මුල කොහොමද කියන එක ජෙමා අයිය මටත් වඩා දන්නව ඇති.මට මතකයි මේ ලගදිත් ඔය ගැන මතක් කරල අපි හිනා වුනා.මම පැටිය කාලෙ වෙච්ච වැඩක්.පැටිය දවස් වල ඉදලම මම නාහෙට අහන්නෙ නැති එකා.ඒක ගමේ හැම කෙනාමත් හොදට දන්නව.මට මතකයි ඉස්සර මට ගස් බැදලත් අම්ම ගහල තියෙනව.මොනව උනත් ඒ දේවල් නිසයි අද මම මෙහෙම ඉන්නේ.කියන්න හදන කතාව හරිම කෙටියි.හැබැයි කවදාවත් මට අමතක නොවෙන සිද්දියක්.
ඔය කියන දවස් වල මට අවුරුදු පහක් හයක් විතර ඇති.ඉස්කෝලෙ යන්න පටන් ගත්ත විතරයි.එතකොට අපි හිටියෙ අපේ අම්මගෙ මහ ගෙදර.මම ඉස්කෝලෙත් යන නිසා අම්ම කිව්ව දැන් දහම් පාසල් යවන්නත් ඕනේ කියල.ගමේ පන්සල් දෙකක් තියෙනව.ඒ වුනාට ඒ දවස් වල ඔය පන්සල් දෙකෙන් එකක දහම් පාසල් තිබුනේ නැහැ.ඔය පන්සල් දෙකට අපි කිව්වෙ මහ පන්සලයි පොඩි පන්සලයි කියල.ඉතින් මාව පොඩි පන්සලට තමයි දැම්මෙ.මම පොඩ්ඩක් ගමේ ප්‍රසිද්ධ කොලු ගැටයෙක් නිසා ඉතින් මාව හැමෝම වගේ හොදට අදුනනව.මතක විදියට ඒ දවස් වල අපේ පන්තියටම හිටියෙ මමයි පොපියයි මාලයයි විතරද කොහෙද.පස්සෙනම් මාර සෙට් එකක් හිටිය.
මම ලොකු අයියලත් අදුනන නිසා විවේකය වෙලාවෙදි මටත් කතා කලා සෙල්ලම් කරන්න.මටත් ගානක් නැහැ.එදාම උනාට දහම් පාසල් ගියෙ මමත් වීරය වගේ දැන් වැලි මළුවේ සෙට් එකත් එක්ක ගස් පනිනව.ඔය අස්සෙ ලොකුම සෙට් එක කෙල්ලන්ට විහිලු කරනව.ඔය ලොකු සෙට් එකෙන් බාගයකට වඩා මාව අදුනනව.ඔය අතරෙ පන්සලේ ඇබිත්ත සීයා අර අක්කල ලගට ඇවිත් එයාලත් එක්ක ලොකු සෙට් එකට කෝචොක් කොරන්න ගත්ත.මමත් දැන් සෙල්ලම් කරන ගමන් හොරාට ඔක්කොම බලාගෙන.ඔය අතරෙ එකා එකා එතනින් ශේප් වුණා.කොහොමහරි අන්තිමට දහයක් විතර හිටපු සෙට් එකෙන් හතරක් පහක් විතරයි දැන් ඉන්නෙ.මුන්ටිකට දැන් ඌරු ජුවල්.මොකද ආතල් එකේ කෙල්ලෙක්ට විහිළුවක් කරන්න තිබුණු චාන්ස් එකක් සීයා ඇවිත් කෑවනේ.
ඔතන හිටිය සෙට් එක මට මතක විදියට
ආප්පය නොහොත් ලොකු අබයා , පතෝලය , අලියා , ජෙමත් හිටිය වගේ මතකයි.මේ සෙට් එකම අපේ ගෙවල් අහල පහල.සමහරු ලගම නෑදෑයො.ඔන්න එක පාරටම මගේ නම කියනව මට ඇහුන.බැලින්නම් ආප්පය..
"මල්ලි පොඩ්ඩක් වරෙන්කො බන්"
"ආ මේ අයියනේ..අයි අයියෙ"
"මල්ලි අර අක්කල ලග ඉන්න සීයා ඉන්නවනේද..එයා ඔයාට හොදටම බැන්න.දගලනවා කියල"
දැන් ඉතින් මට මාර අවුල.
"මොකද අයියේ දැන් කරන්නෙ.ලොකු සාදුට කියයිද"
"නෑ නෑ බයවෙන්න එපා..පුලුවන්නම් ගිහින් සීයගේ සරම කඩපන්"
මම ඉතින් යකාටවත් බය නැති එකේ.මොකද පටිය කාලෙනෙ ඕව තේරෙන්නෙත් නැහැනෙ.පොඩ්ඩක් සෙල්ලම් කරන ගමන් සීය ලගින් දෙපාරක් තුන්පාරක් බොරුවට කැරකුනා.ආයේ මොනාද ඉතින් තෙවන වටය අවසන් වුනේ සීයගේ සරම බිම වැටුනට පස්සෙ.සරම බිමට වැටුනට කාටවත්ම නූල් බදින්න නොවුණු එක ගැන තාමත් මම සතුටු වෙනව.සීය කලින් දැනගෙන හිටිය වගේ හැමදේටම සෙට් වෙලා තමයි ඇවිල්ල හිටියේ.
දැන් මම අඩ අඩ ලොකු සාදු ලග.හාමුදුරුවන්ට හොදටම හිනා.විනාඩි පහක් යන්නට කලින් අන්න අහවල් එක්කෙනාගෙ කොල්ල අද දහම් පාසලේදී සීයගේ සරම කඩල කියල දහම් පාසලම දැනගත්ත.හාමුදුරුවො මොකුත් නොකිව්වට දහම් පාසලේ හිටිය ලොකු සර් අපිනම් කියන්නෙ මයික් පාල කියල.සර් මට ඇනපු ටොක්ක තාමත් රිදෙනව.දෙගර ගියාට පස්සෙ අම්මත් සැලකුව හොදට.ටික කාලයක් යනකම් මට ලොකු සෙට් එක ඕක මතක් කරල විහිලුත් කලා.
අන්තිමට මම දහම් පාසලෙන් අයින් උනේ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වෙලා.තව හොද හොද සීන් තියෙනව මතක් කරනකොටත් හිනා යනව.බලමු ඉස්සරහට ඒවත් දාන්න.
ඒ ඉස්සර සීයලා, දැන් සීයලාගේ සරම් කොහොමත් පොඩිඑවුන් දැක්කම කැඩෙනවා
ReplyDeleteකතාව ඇත්ත ඉවාන්...
Deleteඉවාන් කියන කතාව හරි..මිනිස්සු දැන් අමුනුස්සයෝ වෙලා.ඉස්සර පොඩි එවුන්ට කතන්දර කියල දුන්නු සීයලම තමයි ඒ වගේ දේවල් කරන්නෙ.එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා සමස්තයම ඒ වගේ කියල හිතන එකත් වැරදියි..ඒත් දැන් තියෙන තත්වේ අනුව එහෙම නොහිතත් බැහැ..
Deleteඅඩේ පට්ට ආතල් බන්...තව දාපන්... ඉස්සර කාලෙ ආතල් මතක් වෙද්දි ඇඩෙනව....
ReplyDeleteඔව් හැමෝම අතීතෙට ආදරෙයිනෙ බන්..සමහර කතා තියෙනව ඒව දාන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නැහැ බන්..මොකද අපේ එකෙක් බැලුවොත් එහෙම මම වසල ඉවරයි..
Deleteඔහොම හැසිරෙනව ද අෆ්ෆා දහම් පාසල් යන ළමයි?
ReplyDeleteඕක කිය කිය තමයි එදා අපේ අම්ම මට සැලකුවෙ..හිනත් යනවා අෆ්ෆා
Deleteඔය සීන් එක උඹ මේ ලගදි දවසකත් කියල අපි හිනාවුනා මතක තමයි...අර මලගෙදරකදි උඹ කිව්ව මෝටාර් එක අතින් අල්ලපු සීන් (අපේ මුචලින්ද රජ්ජගේ) කථාව වගේ කථා ටිකක් ලියපං 6එල...(මට ටික දවසකට පොස්ට් දාන්න කමෙන්ට් කරන්න බැරිවෙයි...අන්තර්ජාලය විරතක් නෙමෙයි..පරිගණකයත් පාවිච්චි කරන්න අමාරැ තත්වයේ තියෙන්නේ මේ ටිකේතත..හැබැයි කොහොම හරි උඹේ, සිරාගෙ, , හැලපෙ අයියගේ වගේ අනිවා බලන ටික බලනවා.. ජය...
ReplyDeleteමුචලින්ද රජ්ජ ගැන කියනවනම් ඉතින් වෙනම දවසක් එහෙම දාගෙන කතා කරන්න ඕනෙ.ඒ මෝටාර් එක හින්ද මස්සිනාට උසස්වීමකුත් ලැබුනලුනේ ....:)
Deleteපුදුම කොල්ලෙක්...
ReplyDeleteඅපේ ආච්චිත් ඕකම කිව්ව..
Deleteහිනා කාලා පණ යනවා බොල.
ReplyDeleteඑළ එළ මතක් කර කර මේ වගේ කතා ටිකකුත් දාහන්.
අර සීයා යටිතල පහසුකම් සපයලා නොහිටියානම් තමා වැඩේ. ;-)
ඒක තමයි ප්‍රියා..වෙලාවට සීය යටිතල පහසුකම් සපයගෙන ඇවිල්ල තිබුණෙ..
Deleteඅපෝ මේවගේ එවුන්ටත් දහම් පාසැල් ශිෂ්‍ය නායක කම් දෙනවනේ
ReplyDeleteමම පොඩි කප්පමක් දුන්න බන්..නෑ යකෝ අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලොනේ ඒකයි.
Deleteඋඹ යකඩෝ පොඩි කාලෙ ඉදලම මාර වැඩනෙ කොරලා තියෙන්නෙ....
ReplyDeleteඔව් සිරා ලොක්ක..එදා ඉදලම මම කලේ ඔහොම වැඩම තමයි.කොල්ලෝ උනාම ඔහොම තමයි ඉතින්..නැත්නම් ඉතින් සිරා අයිය කරල තියෙන වැඩ පේනවනෙ..ඔය ඉදල හිටල කැරැට්ටුව කියන්නෙ..හි හි
Deleteඒ කියන්නේ දහම් පාසල් එහෙමත් ගිහින් තියනවා? මාරයිනේ
ReplyDeleteමෙන්න මට මඩ ගහනෝ..
Deleteප්‍රධාන ශිෂ්‍ය නායකය මෙහෙම නම් අනිත් අයගෙ හැටි හිතා ගතහැකි :D
ReplyDeleteමුණ බලාගෙන කියන කතාද අම්මප..හි හි
Deleteමමත් බං ඔය පොඩි පන්සලේ දහම් පාසලට ගියානෙ කාලයක්,ඒ කාලෙ උඹල නං තාත්තගෙ දනිස්සෙවත් ඉන්න නැතුව ඇති.මට උනේ මෙහෙමයි උදේ පොඩි පන්සලේ දහම් පාසලට ගිහිං හවස අපේ ගමේ පංසලේ දහම් පාසලට යනව ඒ දහම් පාසල තිබුනෙ අපේ ඉස්කෝලේ.ඔන්න බලපන් මෙහෙම හිටියට දහම් පාසල් දෙකකින් ඉගෙන ගත්ත කොල්ලෙක් මං.
ReplyDeleteඅන්න අන්න හැලප අයියට වැරදුනු තැන..එකකින් ඉගෙන ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ.පේනවනෙ වෙච්ච දෙයක්..
Deleteදහම් පාසල් කතාත් ඉක්මනට ලියමු එහෙනම් ...
ReplyDeleteබලමු බලමු ..එහෙම තමයි හිතාගෙන ඉන්නෙ.
Deleteසිකේ ...:) දහම් පාසල් ගිහින් සරම කැඩුව කිව්වම ,ඉස්කෝලේ ගිහින් බොන්ඩ ඉගෙන ගත්ත වගේ වැඩක් අප්පා :D
ReplyDeleteමසුරන් වටින කතාවක්නෙ අෆ්ෆා..දැන් හැදෙන ළමයි ඔහොම්මමයි..
Deleteහී හී.....:v සරම් පාල කියලා නමක් හැදුවා නම් හරි...
ReplyDeleteඒකත් හොද වැඩියි වගේ මචං..
Deleteදහම් පාසල් ගිහිං ඔහොම නං නොගිය නං කොහොමට හිටීද ඈ..?
ReplyDeleteසිගිතිටත් හිතෙන දේවල් අම්මප...
Delete