( පින්තූරය ගූගලයෙන් සොයාගත්තෙමි )
සැලරි දෙකක් ලැබුණා මට
සුදු දෝනිගෙ ගවුම් රෙද්ද
හැඩට තියෙයි රැලි වැටුනම
ලොකු පුතාගෙ ඉරුණු සරම
මතක් වුණා හීනෙන් මට
රතු පාටට බතික් කෙරුව
සරමක් මම ගත්ත පුතුට
මගෙ හාමිනෙ හැඩවෙන්නට
යසට කැපෙයි සුදු චීත්ත
හැට්ට රෙද්ද මල් වැටුනම
සිරියාවයි ඇගෙ සිනහව
ගල් පැලෙන්න ගොරව ගොරව
මහ හයියෙන් වැහි වැටුනම
එල්ලෙ ගැහුවෙ අපෙ ලියද්දෙ
අවුරුද්දට අපි හැමෝම
ලොකු අක්කත් පොඩි මල්ලිත්
මහ ගෙදරට එන දවසට
පොළොස් ඇබුල හදල තිබුනෙ
අපෙ අම්මනෙ කටට රහට
නොනගතේට කැවුම් කාපු
අපිට හොරෙන් ඇලේ පැනපු
පොඩි එවුන්ව අල්ල ගන්න
අප්පොච්චා දිව්ව තරම
මේ හැම දේ රස බලන්න
අවුරුද්දට බඩු අරගෙන
උඩරට මැණිකේ එක්කල
මම එනවා ගම බලන්න
පොඩි එවුන්ට බුල්ටො දුන්න
මුදලාලිගෙ ණය ගෙවන්න
මම එන්නම් කඩ පොලටම
මගෙ හාමිනෙ ඇවිත් ඉන්න
ඇගේ ගාන සුවද සබන්
පොඩි එවුන්ට පව්ඩර් ටින්
අරන් දෙනව මේ පාරත්
ගමට ආපු දවසට මං.
ශා සුන්දර හීනයක් වගේ කතන්දරයක් කියවෙන්නේ මේකෙන්, දැන් එතකොට ඇත්තටම් හාමිනේ බලන් ඉඳියිද ඹ එනකොට ඔය සෙන් පව්ඩර් ගන්න
ReplyDeleteතාම හාමිනේ කෙනෙක් හොයනව බං..ලැබුනොත්නම් බලාගෙන ඉදියි..ඒත් විශ්වාස නැහැ බං..හි හි
Deleteකොහේද ඔය ගම තියෙන්නෙ හැබෑට?
ReplyDeleteඅනේ මන්ද බං මමත් තාම හොයනව.උබට හම්බවුනොත් මටත් කියපන්..
Deleteරජ වෙලේ අපි නං එල්ලෙ ගහල තියෙනව.
ReplyDeleteඅපිත් හැම අවුරුද්දෙම ගහනෝ..මේ අවුරුද්දෙත් එසේමයි..
Deleteහරිම ලස්සනයි.. :)
ReplyDeleteඋමෙෂ්ට හාමිනේ කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා නම් බලන් යද්දී උමේෂ් අන්කල් කෙනෙක් නේ.. :p
ස්තුතියි...මට ලැජ්ජ හිතෙනෝ..
Deleteඅනෙ හප්පේ බං උඹටත් හිතෙන දේවල් හැබෑටම. :)
ReplyDeleteකාලෙ වෙනස් උනත් ගම නගරෙ උනත් ඔය අඩුම කුඩුම වෙනස් උනත් අදටත් අවුරුදු කාලෙට බහුතරේක බලාපොරොත්තුව ඕකනෙ.
ඔව් බං දැන් අපේ රටේ අපිට කියල තාමත් රැකිල තියෙන්නෙ ඔච්චරනේ..
Deleteඔය චීත්ත අදින හාමිනේ උඹට දඹානේන් වත් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ
ReplyDeleteලියන්න කලින් මටත් ඕකම හිතුන සිංදුවෝ..
Deleteලස්සන අදහස් ටික උමේෂ්..///.ගැටළුව තියෙන්නෙ 9 වෙනිදා පඩි ලැබුණට පස්සෙ ආයෙම ලැබෙන්නෙ මැයි විසි ගණන් වලනේ නේද.......
ReplyDeleteඔව් බං අවුරුදු කෑව වගේ නෙවෙයි වෙසක් එහෙම බලන්න වෙන්නෙ හතේ හත වැදිල..
Deleteමට මතක් වුනේ අමරසිරි පීරිස් මහත්තයගෙ පරන ගීතයක්..
ReplyDeleteමට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න..
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුලු පිහාටුවක් එවන්න...
ජය වේවා..
ඒකත් හැබෑව..
Deleteඅතීත අවුරුදු මතකයක් වගේ. දැන් කොහෙද මෙව්වා???
ReplyDeleteඑහෙම නැහැ තාමත් මේව මේ විදියටම තියෙන ප්රදේශ තියෙනව..
Deleteසැලරි දෙකෙන් ඔක්කෝම කර...
ReplyDeleteමාස දෙකක් විදවන්නද
කල්පනාව හිතට අරන්
තියෙන හැටියේ වැඩ කරහං..
දේශකය කියන කතාව සහතික ඇත්ත..
Deleteලස්සනයි බොලන් මාත් ඔහොම හීන දකිනවා එත් වෙන්නෙම නැත්තෙ ඔය ගමේ සීන් ටික ..කොම වුණත් හිතට දැනුනා අවංකවම ලස්සනයි
ReplyDeleteස්තුතියි සහෝ දර යා..
Deleteඅපූරුයි.. අවුරුද්ද්ට ගමේ යන්න තියනව නම් කොච්චර ශෝක්ද...
ReplyDeleteඔව් ඒකෙ තියෙන ගතිය මාරයි..
Deleteඋඹටත් හිතෙන දේවල්.. කෝම වුනත් සුන්දරයි බං.. අපිට ඉතින් කොහෙන්ද අවුරුදු කිවුවලු..
ReplyDeleteඑහෙම කියන්න එපා බං..කට්ටිය සෙට් කොරගෙන වෙනසක් කොරපන් කෝමහරි..
Deleteඇත්තටම සංවේදී කවි පංතියක්... අවුරුද්දට ගමේ යන්න හීන දකින තාත්ත කෙනෙක්...
ReplyDeleteඔයාගෙ සිතුවිල්ලට පණ දීපු ආකාරය නං සුපර්
ස්තුතියි මහේෂ්..
Delete