මම ලියන දේවල් හරිම කෙටි දේවල්.මොකද මට එහෙමට ලියන්න දන්නේ නැහැ.ඉතින් අදත් මේ කියන්න යන්නේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්.වැඩි ඈතක නෙවෙයි මේක වුනේ. 31 රෑ සුන්දර මීගමු දුබුරු වෙරළ තීරයෙදී තමයි වුනේ.එදා හද රැදි පැය සංගීත සංදර්ශනය වෙලාවෙදි තමයි මේ සීන් එක සෙට් වුනේ.එහෙනම් කතාවට එන්ටර් වෙමු.එන්ටර් වෙන්න දේකුත් නැහැ ඇත්තටම මොකද පටන් ගත්තු ගමන්ම ඉවර වෙයිද මන්ද..
මෙන්න අගහරුවාදා ඒ කියන්නෙ 2013 වර්ෂයේ අවසාන දිනයෙ දොළහට විතර මට දුරකථන ඇමතුමක් එනව අපේ එකෙක් ගෙන්.මම කලින්ම දැනගත්ත ඉතින් නඩුවක් තමයි කියල.ඕන මගුලක් කියල ගත්ත ෆෝන් එක.
මචෝ අද හවස අපි මීගමු යනව හද රැදි පැය බලන්න.කතන්දරනම් කියන්න එපා වරෙන් එච්චරයි.උබ කොහෙද දැන් ඉන්නෙ කියපන්කො?
මටත් ඉතින් සංගීත කිව්වම වුන් හිටිතැන් අමතක වෙනව කියල අපේ එවුන් දන්නව.ඉතින් මමත් ඔෆ්ෆිසියෙන් එකට විතර පැන්න.මොකද වැඩ ගොඩක් තිබුනෙත් නැහැ.ගෙදරට එනකොට දෙක හමාර විතර වුණා.හෙට පළවෙනිද නිසා උදේ කෝච්චියෙ පාටියට මම තමයි කේක් බාරගත්තෙ.ඒ නිසා එහෙමම ටවුමට ගිහින් කේක් අරගෙනම ගෙදර ආව.
කලින් ආවට වැඩක් නැහැ යන්න වෙන්නෙ හතට විතර කියල මෙන්න එකෙක් එවනව කෙටි පණිවිඩයක්.මට නේද ඌරු ජුවල්.අවුලක් නැහැ කියල හිටිය.මොකද කොහොමහරි ෆන් එකක් ගන්න එකනෙ.ඔන්න හතට විතර අපි හතර දෙනෙක් යතුරු පැදි වල ගමනට සෙට් වුනා.අපේ අම්ම බනිනව ඉවරයක් නැහැ.
මුන්ට සංගීත බලන්න යන්න දුර මදිනෙ යකෝ..චූටි පුතේ උබ කීයට ආවත් හෙට උදේ වැඩට යන්න ඕනෙ එච්චරයි.
යන්තම් ගෙදරින් පැනගෙන බයිසිකල් වලට ඔක්ටේන් 92 තෙල් එහෙම ගහගෙන යන ගමන් එකෙක් මිනුවන්ගොඩින් බියර් ටින් එකක් ගත්ත බොන්න.අනිත් එවුන් බොනව වුනාට හෙට වැඩට යන්න ඕන නිසා බිව්වෙ නැහැ.කොහොමහරි බීච් එකට අපි එනකොට අටට විතර ඇති.පොඩි අස්සක හොයාගෙන බයිසිකල් දෙක තල්ලු කරල බැස්ස සෙනග අස්සට.බයික් එකේ එන ගමන් අරූ බියර් එක උගුරටත් හොරා බීලා.මම දැන ගත්ත බුවාට ටිකක් විතර වැදුන කියල.අවුලක් නැහැ මොකද එච්චරම චාටර් නැති නිසා.
බලන්න එපෑ අලුත් අවුරුද්දක් එනවටද මන්ද කට්ටිය නටන නැටුම්.එක එකා එක එක විදිය.අපිත් දැන් මැද්දට පැනල නටනව.සමනළියො වැහි වැහැල.දකිනකොටත් සර්වාන්ගෙම සීතල වෙලා යනව.ඔහොම පැයක් විතර අපි නැටුව.දන්නෙම නැහැ අර බියර් එක ගහපු එකා අතුරුදහන්.ෆෝන් එකට ගත්ත ගත්ත මේක නෙවෙයි උස්සන්නෙ.දැන් කට්ටිය දෙලෝ රත් වෙලා.ඇත්තටම හීන් දාඩිය දැම්ම.
කොහේ ඉදලද මන්ද එක පාරට මේක මතු වුණා.එක සෙරෙප්පුවකුත් දාගෙන අනික අතට දාගෙන හොදටම හති දානව.හරියට නාකි බල්ලො කොළබ යනවා වගේ.දැන් අපිට මල..
තෝ කොහෙද බොල ගියෙ.තොට බැයිද ෆෝන් එකට ආන්සර් කරන්න.
මොන ෆෝන්ද බං.මමත් බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ.
ඇයි තොට යකෙක් ගැහුවද?
යකෙක් ගැහුවනම් දුක නැහැ බන්..මේක සමනලයෙක්..
මටනම් කියනකොටම මීටර් වුන මේක මොකක්ද මේ කියන්නෙ කියල.මට හිනාව නවත්තගන්න විදියක් නැහැ.තාමත් මතක් වෙනකොට හිනා යනව යකෝ.අද උදේ පාන්දර කෝල් කොරල අවුරුද්දට සුබ පතනකොටත් ඕක කියලම තමයි මම සුභ පැතුවෙ.මුටත් හිනා වෙච්ච දේට.
ඇත්තටම ඒ සමනලය ඇත්තටම සමනලියක් වගේමයි.අංගෝපාංග අඩුවක් නැතුව තියෙන නිසා අපිත් හිතුවෙ සමනලියක් කියල.කොහොමහරි නටන ගමන් මේකව අපේ එකට සෙට් වෙලා වෙරි මර ගාතෙ ආතල් එක වැඩි කමට ඇරූගෙ පස්සෙන් අපේ එකත් ගිහින්.දෙන්න ලං වුනාට පස්සෙ තමයි අපේ එකාට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.කොහොමහරි අන්තිමට මේක සමනල්ලු රෑනකින් තමයි බේරිලා ඇවිත් තිබුනෙ.අන්තිමට අපේ එකාම කියනව
මචෝ මම බය වුනු බයවිල්ලට බියර් එකට තිබුණු කික් එකත් නැතුව ගියා..
හෑ....සමනළයෙක්....:D :D
ReplyDeleteහෑ නෙවෙයි බං සමනළයෙක්..
Deleteඅයියෝ සමනලියක් වැනි සමනලයෙක්. හොඳ වැඩේ තියෙන වැල් කමට.
ReplyDeleteඑතකොට මහ කළුව බබාද...හි හි
Deleteඔබටත් එසේම වේවා
ReplyDeleteහි හි හි ..... මෙහෙනම් ඔය සමනලයින්ට කියන්නේ නමයේ කෑලි කියලා..... මොකද රිංගිට් නාමයක් ගෙවලා ඔය සමනලයෙක්ව ඕන කෙනෙක්ට තාවකාලිකව හොයාගන්න පුළුවන් නිසා
එහෙනම් අපේ එකාව ඔය පැත්තට එවන්නද මැලේ රාළෙ ..?
Deleteහොද කෙටි.. සමනපලයෝ පියාඹා යනවා... දවසක
ReplyDeleteඅනේ මන්ද දේශෝ කවද පියබල යයිද කියල..
Deleteසමනලයගේ තටු කරන්නනේ තිබ්බේ... :)
ReplyDeleteසුබ නව වසරක් වේවා රජ වීදියටයි දළදා වීදියටයි කොටුගොඩැල්ල වීදියටයි..... :)
ඔබටත් එසේම වේවා..කියන තරම් ලේසි නැහැ බං උන්ගෙ තටු කඩන එක..
Deleteමීගමු වැල්ලෙත් සමනලයෝ ඉන්නවද බං,මම හිතුවෙ මාළු විතරයි කියල.
ReplyDeleteඒ ඉස්සර හැලපෙ අයියෙ...දැන් මාළු සමනළයො ඔක්කොම ඉන්නව..ආව වෙලාවක ගිහින්ම බලන්න..
Deleteනරක සමනළී…… හි හි :-)
ReplyDeleteමිනිස්සුන්ට ඔහොම කතා කරන එක හොදද මං අහන්නෙ..
Deleteසමනළයෝ මොකද හොරෝ
ReplyDeleteවත්තට ආවේ?
මල නොතලා පැණි බොන්නද
උබහැට ඕනේ ? :D
මල නොතලයි පැණි බොන්නේ මේ සමනල්ලු
Deleteරොන් ගන්නෙත් රෑ කාලෙයි මේ සමනල්ලු...
හොද වැඩේ...........හි හී
ReplyDeleteමමත් කියන්නෙ හොද වැඩේ කියල...හි හි
Deleteහොඳ වැඩේ ....පව් සමනලයා හැබැයි
ReplyDeleteඅපේ එකා කෙසේ වෙතත් අපිටත් සමනලය ගැන දුකයි..
Deleteනරක සමනළයෙක්..
ReplyDeleteසමනළය නෙවෙයි බං නරක අපේ එකා..හි හි
Deleteතව පොඩ්ඩෙන් hangover එකේ වගේ තමයි වෙන්නේ එහෙනම්
ReplyDeleteඑහෙම වුනාද කියලත් මට පොඩි සැකයක් තියෙනව බං..
Deleteහොඳ වැඩේ කියනවා මිසක් වෙන මොනවා කියන්න ද?
ReplyDeleteඔව් වෙන කියන්න දෙයක් නැහැ තමයි දිලිනි..ඒත් අපිනම් හොද හොද ඒව කියල අපේ එකාව විනාස කොරල දැම්ම.
Deleteසමනලයෝ එක්ක සෙල්ලම් හොඳ නෑ පුතෝ
ReplyDeleteසමනළයා මල හා ළමයා සේ....
Deleteහප්පේ බියර් එකකට ඔහොම කික් වෙන්න මුන් නොදරුවොද බන් තාම...
ReplyDeleteතම පොඩි එකාල සිරා අයියෙ ගනන් ගන්න එපා ඉක්මනටම තැනකට එන්න තමයි හිතාගෙන ඉන්නෙ..
Deleteහෑ .ජුගුප්සාජනකයි නේ ?? :D
ReplyDeleteසුභ අලුත් අවුරුද්ධක් වේවා ..!!
මටනම් තේරුනේ නැතෝ..
Deleteසුභ නව වසරක් වේවා..!