Wednesday, June 26, 2013

Frist Love Eka

           ආදරේ ගැන කතා කරනකොට ප්‍රථම ප්‍රේමයට හිමිවෙන්නේ ලොකු තැනක්.ඒ මොකද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ.කවදාවත් අමතක වෙන්නෙත් නැති කවදාවත්ම අමතක කරන්නත් බැරි දෙයක් තමයි frist love එක.මමනම් හිතන්නේ කොල්ලෙක් උනාම පොඩි හරි බූට් එකක් කන්නම ඕනෙ.එතකොට තමයි ගතිය තියෙන්නේ.අපිනම් කාල තියෙනවා.ඒකෙත් පොඩි ආතල් එකක් නැතිවම නෙවෙයි.ඒත් සතියක්නම් අඩන්න වෙනවා shure ම තමයි.අමතක කරනවමයි කියල හිතාගෙන හිටියත් එකනම් කරන්න මාරම අමාරුයි.

         අන්න ඒ නිසා තමයි සතිෂ් පෙරේරා කිව්වේ "ජීවිතයේ පළමු පෙම තරම් කාටත් නෑ මතක් වෙන යමක්" කියල.මම ආසම ගායකයෙක් තමයි සතිෂ්.සමහර වෙලාවට කෙනෙක් අපේ ජීවිත වලට එනව දන්නෙත් නැහැ අපේ ජිවිත වලින් යනවා දන්නෙත් නැහැ.ඒක ලෝක ස්වබාවය.ඒ මිහිරි අතීතය සමහරක්ට මිහිරි මතකයක් වගේම හොද අත්දැකීමක්.මන්ද මටනම් ඔය කියපු කාරනා   තියෙනවා.මගේ හොදම යාලුවෙක් හිටියා සම්පත් කියල.සිරාවටම සුපිරි බොක්කක් තියෙන කොල්ලෙක්.ඌත් love කලා මාරම කෙල්ලෙක්ට.ඇත්තටම couple එක මාරම love.අවරුදු හතරක් love කරලත් ඒකි සම්පතාව දාල වෙන එකෙක් ලගට ගියා.ඉතින් තව මොන කතාද?කොහොම කොහොමහරි ඇත්තම කතාවනම් frist love එක maintain කරගෙන යන්න පුළුවන් කිහිප දෙනෙක්ට විතරයි.ජීවිතේදී ආදරේ විදින්න වගේම විදවන්නත් ඕනේ.එහෙම අත්දැකීම් තියෙන එකෙක්වනම් කවදාවත්ම වට්ටන්න බැහැ.ගගක් උනත් එක දිගට ගලනවට වඩා ගල් පර උඩින් ගලනකොට ලස්සනයි කියනවනෙ.අපේ ජිවිතත් එහෙමම තමයි.ආයෙත් තමන්ට ආදරේ කරන තමනුත් ආදරේ කරන කෙනෙක් set උනාම ඔය හැමදේම අමතක වෙන එක අක මොහොතකින් වෙන්න පුළුවන්.එක තමයි මිනිස්සුන්ගේ හිත.හැබැයි දැන්නම් ඒ හැමදේම සල්ලි වලට විකිනෙන කාලයක්.ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියනවනෙ. 






            දැන් මේ අපි ඉන්නේ 21වෙනි ශතවර්සෙනේ..මේ කාලේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකයි.කතාවටනම් කියන්නේ කොල්ලෝ කියන්නේ බල්ලෝ කියලනේ.මට හිතෙන විදියටනම් ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා.හැමෝමනම් අකම විදියේ නොවෙන්න පුළුවන්.ඒත් බහුතරයක් දැන් එකම boat එකට වැටිලා ඉවරයි.අපේ ලොකු හමුදුරුවොනම් කියන්නේ "දැන් ඉතින් අපිට තියෙන්නේ බෝට්ටුවට යන්න දීලා ඉව්රට වෙලා බලාගෙන ඉන්න විතරයි අපිට තියෙන්නේ කියල".ඇත්තටම කියනවනම් ඒ කතාව 100% ඇත්ත.ඉස්සර තමයි කිව්වේ "පිවිතුරුය පළමු පෙම කියල".දැන්නම් ඒ  දේවල් තවත් එකම එක විහිළුවක් විතරයි..කතා කරනවනම් කතාකරන්න ඕනේ තරම් දේවල් තියෙනවා..එත් දැන් මේ ඇති වගේ..මට පොඩි නිදි මතකුත් එනවා.ඒ වගේම මගේ ඇස දෙකත් මටම නොදැනි තෙත් වෙලා..... 

නන්දා මාලනිය ගැයුවේ ආදරයේ වේදනාව ගැනය 
දිවුල්ගනේ ගැයුවේ පෙම් කවක් ලියු හිත අහස ගැනය 
සෝමතිලක ජයමහ ගැයුවේ අදරෙයේ උණුහුම ගැනය 
එනමුදු ම අද ගයන්නේ ගැහැනියකට සමවාදී රැවටීම ගැනය......

ඇය වීනම් ඇයම විය ..........!

විටෙක සැඩ රල පහරකි 
විටෙක චණ්ඩ මාරුතයකි 
සියල්ල මෙසේ වෙනස් වන්නට විය 
ගතවුයේ වසරකුත් මාස දහයක් පමනි
අමාවකට සද නොමෝරනමුත් 
සෑම දවසක්ම සදකැන් වලින් වැසී තිබුන නොඅනුමානය 
ලොවටම අමාවක මසකට වරක් උදාවුනද 
වියැකුණු අතීතය තුල මා අමාව දැක නොතිබුණි...

මේ ගෙවෙන්නේ මැරුණු අතීතයෙන් 
නොමැරුණු අනාගතයේ පුනරාගමනය උවද ....
ඉතිරිය ඔබේ සිත තුලය.... 

No comments:

Post a Comment