Monday, August 5, 2013

අපේ එකෙක් CCNA දාල

                       ඔන්න ඉතින් අපිනම් ccna කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙත් අපේ එකෙක් ccna ගොඩ දාගත්තට පස්සෙ.සිරාම exam එකක් කියලනම් අරන්ච්යි.කොල්ලනේ රුපියල් වලින්ම 40000ක් යනවලු බන්.අනෙ අම්මෝ මගෙ මස හතරක පඩිය එකතු කලත් තාම එච්චර නැහැ.network පැත්තෙන් යන්න හිතාගෙන ඉන්නවනම් මේ exam එක ගොඩදාගත්තොත් පොඩ්ඩක් විතර ඔලුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් කියල තමයි අපේ එකානම් කියන්නේ.ටිකක් මහන්සි වෙන්නත් ඕනේ කියලත් කිව්වා.මොන දේටත් ඉතින් මහන්සි වෙන්නෙ නැතුව බැහැනෙ.තව එකක් A/L වලට maths කරල තියෙනවනම් වැඩේ තවත් ලේසිලු.අපේ එකත් උසස් පෙළ කලා ඔය කියන විදියට ඒත් මම හිතන්නේ ගෙවල් වටේටම කණු ගැහුවා වගේ මතකයි අවරුදු දෙකක්ම.මොන දේ කලත් තාමත් උට ජොබ් කට්ටක්නම් සෙට් වෙලා නැහැ.කොහොමහරි අපේ සෙට් අකේ එකෙක් මෙහෙම ඉන්න එක ගැන අපිටනම් මාරම සතුටුයි. ඔය හැමදේම අස්සේ ඌ හැමදාම කියන කතාවක් තියෙනවා.ඒකනම් නොකියම බැහැ.



                ගමේ අයිය කෙනෙක් ඉන්නවලු ඌට මාරම ෆිට්ලු.අපේ කොල්ල උසස් පෙළ එහෙම අනාගෙන ඉන්නකොට ඔය කියන කෙනලු කිව්වෙ අපේ රටේ වැදගත් නමගිය ආයතනයක් තියෙනවා ඒකෙ තියෙන අහවල් පාටමාලාව කරපන් කියල.එතන ඉදල කොහොම කොහොම හරි තමයි කොල්ල මෙච්චර දුර එවිත් තියෙන්නෙ.අපේ එකාට මොනවා උනත් මුල මතකයි.කොල්ල ගැන පන්පොරි ගහනවා නෙවෙයි.මටත් හිතෙන විදියට ඔය කියන අයිය නැත්නම් අද අපේ එකා අතරමන් වෙලා සිරාවටම.මමත් ඔය කියන කෙනාව ටිකක් දන්නවා හොද කොල්ලෙක්.සමහරවිට කවදාහරි එයා මේ පොස්ට් එක දැක්කොත් මට බනිනව ඒකනම් හොදටම sure.අරන්චියේ හැටියට එයාට හොදට නිසදැස් එහෙමත් ලියන්න පුළුවන්ලු.මමත් පොඩ්ඩක් කියල බලන්න ඕනේ මගේ අලුත් අච්චාරුවටත් ලුණු ඇබුල් ටිකක් හොයල දෙන්න බෙරිද කියල.ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද මම මේ ලියන විකාර තාම කව්රුත් කියවලත් නැහැ කියවන්නෙත් නැහැ වගේ.මමත් ඉතින් ඔහේ පිස්සා වගේ විකරණේ කියවන්නේ.ගනන් ගන්න එපා කොල්ලන්ගේ හැටි ඔහොම තමයි.හරි හරි කොහොමහරි අපේ තව එකෙක් කවදාහරි හොද network කාරයෙක් උනොත් කාටද ආඩම්බර.දැන් මේ දවස් වල කොල්ල හතිදාගෙන ජොබ් හොයනවලු.අදත් මම දැක්ක වැඩට ගිහින් ගෙදර යනවා කොල්ලගේ සුපුරුදු පුටාර් එකේ.බලමුකෝ කොල්ලව තව දවසක සෙට් උනාම තව බොරු ටිකක් කියන්නම්.එහෙනම් අපි කැපුන.මතක තියාගන්න අච්චාරු නැතුව කෑම කන්න එපා හිරවෙයි.....අයියෝ අන්තිමට අපි ඔක්කොම එකම නෙට්වොර්ක් එකේ.   

1 comment:

  1. CCNA දාපු මල්ලිට ලියමි...
    උඹ දන්නවද කථාවක් තියෙනව ලේ වතුර වලට වඩා ඝනකම් කියල...එහෙම කියන්නෙ මිනිස්සු අතර තියෙන ලේ ඥාතිකමේ වටිනාකම වැඩියි කියන්න..විශේෂයෙන් සහෝදර සහෝදරියන් අතරෙ තියෙන සම්බන්ධකම කොයි තරම් වටිනවද කියල පෙන්නන්න..උඹයි මමයි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයො නෙමෙයි...ඒත් මට වුවමනා වෙලාවට, හිත හැදෙන්න වචනයක් හරි කියන්න හිටපු උඹ මට මගේම සහෝදරයෙක් තරම්ම වටිනව..භෙ!තිකව හාල් පාරැවෙක් වගේ පේන මගෙ ලගත් මොකක් හරි වටිනාකමක් තියෙනව කියල දන්න බොහෙම කීප දෙනාගෙන් කෙනෙක් උඹ...සහෝදරකම කියන්නෙ එක අම්මගෙ තණෙන් කිරී බීල....එක වහලෙ යට හැදෙන එක විතරක්ම නෙමෙයි...අනිකට රිදෙනකොට තමන්ටත් රිදෙන...උවමනා වෙලාවෙදි, උවමනා තැනේදි ඉස්සරහට ඇවිත් උදව් කරන...ජාන එකවගේ නැතිවුනාට බොක්ක එක වගේ වෙන එක...උඹ ලග CCNA සහතිකේට වඩා වටින දෙයක් තියෙනව...ඒක තමා අසීමිත මනුස්සකම...ජීවිතේ සමහර දේවල් නිසා මනුස්සකම අතැරලා..අනිත් හැම එකාම වගේ අමනුස්සයො වෙන්න හිතෙන වෙලාවල් එමටයි..ඒත් එවරස්ට් නැග්ග එඩ්මන්ඩ් හිලරි උට උදව්වට ගිය නට්ටමායගෙ නම තමයි..මුලින් කිව්වෙ..ඒ උගෙ මනුස්සකම නිසා...උඹත් යන්න තියෙන තැනට ගිහිල්ල පුංචිම පුංචි උදව්වක් කරපු මාවත් මතක තියාන හිටියෙ උඹේ මනුස්සකමට...කවද හරි දවසක මේ ජෙමා මැරිච්ච දවසක පෙට්ටියෙ එක කොනක් කරගහන්න හිටපන් ඒ හොදටම ඇති...-ජෙමා

    ReplyDelete