Thursday, September 19, 2013

නොමියෙන මතකයෙන් ..

                       අද පෝය දවස.අම්මත් උදෙන්ම පන්සල් ගියා සිල් ගන්න.අම්ම එනකොටත් හවස් වෙනවා.ගෙදර ඉන්න මාරම කම්මැලියි.අම්මා ගියාට පස්සෙ ආයෙත් මම නිදා ගත්ත.කොහොමහරි නැගිටිනකොට උදේ නවයට විතර ඇති.මගෙ පොඩි වැඩ වගයක් තිබුන ඒව ටිකත් ඉවර කරලා සෙට් වෙනකොට එකොළහට විතර ඇති.පොඩි රවුමක් ගහන්න කියල යන්න හදනකොටම කෝල් එකක් ආව අපේ එකෙක්ගෙන්.උගේ නම තලය.මොකද උන්ගෙ ගෙදරට ගමේ අය කියන්නෙ තලගම ගෙදර කියල.ඉතින් අපි උට කියන්නේ තලය කියල.තලය කතා කරලා කිව්වා ටවුන් එකට ගිහින් එමුද කියල.මමත් කිව්ව එහෙනම් යමන් කියල.ගමේ මට ඉන්න හොදම බොක්කක් තමයි තලය කියන්නෙ.මගෙ හැමදේම තලය දන්නවා.මමත් උගේ හැමදේම දන්නවා.මොකද අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්න කොල්ලො දෙන්නෙක්.තලයගෙ ගෙදරට වීදුරු වගයක් ගේන්න තමයි යන්න වුනේ.මම යනකොටත් කිව්වා අද පෝය දවස නිසා කඩ වහල ඇති කියල.මුට යන්නම ඕනේ කියනව.එහෙනම් යමන් කියල අපි සෙට් වුනා.සමහරවිට මම අද කියන්න යන දේ මම මීටකලින් කියල නැතුව ඇති.මමත් හොදටම සික් එක ගහපු එකෙක් කියලනම් මගේ බ්ලොග් එක කියවන ඕනෙම එකෙකුට තේරෙනවා එති කියල මම හිතනවා.ඒ දේට හේතු වුන කෙනාගේ නෑදෑයෝ ටිකක් ඉන්නවා අපේ ගම පළාතේම.එහෙදීම තමයි මට එයාවත් හම්බ වුනේ.අපේ ගම පළාතේ කිව්වට ගම් දෙක තුනකට එහා.එයාලගේ තාත්තට ත්‍රීවිල් එකක් තියෙනවා මට ඒක මොන ලෝකෙදි දැක්කත් අදුනන්න පුළුවන්.කොහොමහරි මමයි තලයයි යනකොට මගදී ටවුන් එකට කිට්ටු කරලා ඔය කියන වාහනේ සෙට් වුණා.මම දැක්ක ඇතුලෙ මගේ ඇස්වලට කවමදවත්ම අමතක නොවෙන කෙනෙක් වගේ කෙනෙක් ඉන්නව.මම තලයට කියන්න හදල හරවපන් බන් බයික් එක කියල ආයෙත් මොකටද කියල නොකියන හිටිය.කොහොමහරි ටවුන් එකට ගියාට වැඩේ හරිගියෙ නැහැ මොකද කඩ ඔක්කොම වහල.මට මලපැනලම තලයට කිව්වා දැන් ඉතින් කුදගහගෙන යමන් ගෙදර කියල.හැබැයි මම තලයට කිව්වා යනකොට අර මම කලින් කිව්ව නෑදෑ ගෙවල් පැත්තෙන් යමන් කියල.තලය දන්නවා හැරෙනකොටම මොකාටද මම මේ එන්න හදන්නෙ කියල.ඌ මට හොදටම බැන්න තොට ලැජ්ජාව කියල එකක් නැද්ද යකෝ කියල.මම ඉතින් කොහොමහරි ශේප් එකේ තලයත් එක්ක ඒ ගෙවල් පැත්තෙන්ම ආව.එයාලගේ පවුලෙ එයාට එයා වගේම අක්ක කෙනෙක් ඉන්නව.කොහොමහරි හොයල බලනකොට වාහනේ ඇතුලේ ඉදල තියෙන්නේ එයාගේ අක්කයි එයාගෙ අක්කගෙ මහත්තයයි.මේ දවස් ටිකේ වාහනේ තියෙන්නේ මෙහෙ කියල තමයි ආරංචිය.


                        මම කොච්චර හිත හදාගන්න හැදුවත් මොන දෙයක් හරි වෙලා හිත පෑරෙන එක විතරමයි හැමදාමත් වුනේ.ආදරේ කරලා මෙහෙම දුක්විදින්න වෙයි කියල දන්නවනම් මම කවමදාවත් ආදරේ කරන්නෙ නැහැ.ඒ ඇස් දෙක මට අහිමි වෙලා දැන් වසරක් විතර ඇති.සමහරවිට නොවුනත් ඒ ඇස් මට දැන් හැමදාටමත් අහිමි කියලත් මම දන්නව.ඒ දැන දැනත් මගෙ හිත තාමත් එහෙමම තියෙන්නෙ ඇයි කියල මටම ගැටළුවක්.ආදරේ කරන කිසිම කෙනෙකුට මෙහෙම වෙන්න එපා කියල තමයි මමනම් හිතන්නෙ.කොහොමහරි පිනක් දහමක් කරගන්නම් කියල හිතුව දවසෙත් මේ වගේ දේවල් වුනාම චොරම තමයි.මොනව කරන්නද තනියම විදවනවා මිසක්.හෙට දවස ගැන මතක් වෙනකොටත් ඇඩෙනවා මොකද හෙට අපේ office එකේ බාගෙට බාගයක්ම නිවාඩු.හෙට හොද කට්ටක් තමයි කන්න වෙන්නෙ.කමක් නැහැ මම ඒ හැමදේම කරන්නේ මාරම ආසවෙන්.මොකද කෙනෙක් තමන් කැමති දේ තමන්ගේ රැකියාව විදියට කරන්න තියෙනවා කියන්නෙ මාරම ෆීලින් එකක්.එහෙම සෙට් වුනාම තමන්ගේ පඩිය තමන්ගෙ තත්වය ගැන මොහොතකටවත් හිතෙන්නෙ නැහැ.මටත් එහෙම හිතන කෙනක්.එහෙම හිතෙන එක මට අවාසියක් වෙන්නත් පුළුවන්.අවුලක් නැහැ මොකද මම හැමදාමත් මට හිතෙන දේ මට ඕන විදියට කරපු කෙනෙක්.හැමදේම වෙන්නෙ හොදටයි කියල කියනවනෙ.ඉතින් මමත් එහෙම හිතල හිත හදාගෙන ඉන්න එක්තරා පිස්සෙක්.මගෙ ජිවිතේ මට කියල මහා ලොකු බලාපොරොත්තු නැහැ.තිබුන දේවල් හැමදෙයක්ම එකම එක සැඩ පහරකින් මුහුදුබත් වුණා.ඒත් මම බේරුනා.එහෙම වෙන්න ජෙමා අයිය මට දුන්නු හෙල්ප් එක මට අද වගේම මතකයි.බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියල.හැමදේම හොදට විසදෙයි කියල හිතෙනවා.ඉස්සර වගේ දැන් මට ලොකු පීඩනයක් නැහැ මොකද ඒ හැමදේම මම මගේ මේ පුද්ගලික බ්ලොග් එක හරහා පිටකරන නිසා.හොදට ලියන්නනම් දන්නෙ නැහැ.ලිව්වත් ලියන්නේ විකාර.අවුලක් නැහැ ඒත් ලියනව.එහෙනම් වෙලාවක් තිබුනොත් අපේ වීදිය පැත්තෙත් ඇවිල්ල යන්න එන්න.සෙට් වෙමු.....  

2 comments:

  1. ගොඩක් හිතේ ත්යන දුක් කරදර කාට හරි කිවුවම හිත සැහැල්ලු වෙනවා...ජීවිතේ කියලා කියන්නෙත් අහිමි වීමක්...ඉතින් හිමි වෙන දේ අඩුවෙනුත් අහිමි වෙන දේ වැඩියෙනුත් අපේ ජීවිත වල තියනවා...ඒවා විඳ දරාගෙන ඉස්සරහට යන එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ...ඉතින් දිගටම ලියමු.අපි එන්නම් කියවන්න..

    ReplyDelete
  2. ඔය කියන කතාව ඇත්ත රෙහානි.ජීවිතය කියන්නෙ අපට හමුවන ලොකුම අහිමිවීම.ස්තුතියි දිරි දෙනවට.අනිවාර්‍යයෙන්ම දිගටම ලියන්න මම ට්‍රයි කරනව..

    ReplyDelete