Tuesday, November 19, 2013

වැරදි කරුද නිවැරදි කරුද?....වැරදිකරු ස්වාමීනි..

                අද මම ලියන්න යන පෝස්ට් එක මේවෙනකම් මම ජීවිතෙ ලබපු අමිහිරිම අත්දැකීමක්..ඇත්තටම අපි අපේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට කොච්චරනම් ආදරේ කරනවද?කොච්චරනම් ගරු කරනවද?අපි අපිට වෙන සමහර ප්‍රශ්න වලට විසදුම් සොයාගෙන යන්නත් හේතුව මේ දේ නිසා..ත්‍රිවිධ හමුදාවට වඩා අපි ලගින්ම ඇසුරු කරන්නෙ අපේ ගමේ හෝ ටවුන් එකේ පොලිසිය.ඒත් සමහර මහත්වරුන්ගෙ ක්‍රියා කලාපයන් නිසා සමස්ථ පොලිසියම ඒ ගණයට වැටිල..මම කියන්න යන දේ බ්ලොග් එක කියවන අයට තේරෙනව ඇති කියල හිතනව.මොකද අද රටේ නීතිය මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ..යහපාලනය ගැන හැමෝම කතා කරනව.කොහෙද තියෙන්නෙ ඒ දේ?මම දේශපාලනය කතා කරනවනම් නෙවෙයි.මොකද කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්..මම කතාවට යන්නම්..

ජයා - අපේ ගෙදටර පහල ගෙදර අයිය..පුද්ගලික අංශයේ රැකියාවක       නිරත වෙනව..

නිමා - ජයා අයියගේ ලොකු අම්මගෙ දුවගේ මහත්තය..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

ලෑටියා - ගෙවල් ලග අයිය කෙනෙක්..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

කංච - මට වඩා වැඩිමල් ගමේ අයිය කෙනෙක්..තමන්ගෙම කියල ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා..

පරවිය - මට වඩා වැඩිමල් ගමේ අයිය කෙනෙක්..පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනව..

මම - පිනට වැඩ කරන මෙලෝ රහකට නැති එකෙක්..

                   අපේ ගෙවල් පහල (ඒ කියන්නෙ ජයාගේ ගෙදර) ආච්චි නැති වෙලා තුන්මාසේ පිංකම ගිය සතියේ බුරාස්පතින්ද තිබුන.බුරාස්පතින්ද බණ , සිකුරාදා දානේ.චෝගම් එකට පාරවල් වහල නිසා අපිට කලින්ම ඔෆ්ෆිස් එකෙන් ගෙදර යන්න අවසර දුන්න.කලින් ගෙදර ආව නිසා බණ ගෙවල් පැත්තෙ එහෙම කැරකිලා වැඩ දෙක තුනකුත් කරලා එහෙම ගෙදර ආව නාගෙන රැට කන්නම යන්න බලාගෙන.කොහොමහරි හාමුදුරුවො බණ ඉවරවෙලා පන්සලට වැඩිය.මමත් ගියා කෑම ටිකක් කාල එන්න කියල මොකද අම්මත් එහෙ.යනකොට කංචයි පරවියයි ලෑටියයි සෙට් එකම බර කතාවක්.මම දන්නව ඉතින් මොකාටද දැන් මුන් එන්නෙ කියල.හාමුදුරුවො ගිහින් දාන්න ත්‍රිවිල් එකේ ගිහින් තියෙන්නෙ ජයයි නිමයි..දෙන්න ඒ ගමන්ම ටවුන් එකට ගිහින් බෝතලේකුත් අරගෙන ඇවිත් මග තියෙන පිට්ටනියක සෙට් වෙලා කියල ලෑටියට කෝල් එකක් ආව.දැන් ඉතින් තුන් කට්ටුව නලියනව.

              ජයාගේ බයික් එකත් තිබුන නිසා ජයාගේ අම්මට ලෑටිය ගිහින් කියපි 

" නැන්දෙ මල්ලිල හාමුදුරුවො ගිහින් දාල එනකොට මගදී පෙට්‍රල් නැතිව හිටල "

ආයේ මොන කතාද නැන්ද කෙලින්ම බයික් එක පෙන්නලම කිව්ව

 " එහෙනම් පුතේ මේකෙ ගිහින් පෙට්‍රල් අරගෙන ගිහින් දෙන්න කියල"

        ලෑටියට නිකන් නිදානයක් පහල වුණා වගේ.නැන්ද කතාව ඉවර වෙන්නත් කලින් ලෑටිය පිට්ටනිය ලගටම ගියාද මන්ද?අපිට පැලෙන්න හිනා..දැන් කංචටයි පරවියටයි ඉන්න බැරි කේන්ති ලෑටිය එක්ක මොකද උන්ව එක්කගෙන ගියේ නැහැ කියල..ඔන්න එතකොටම එනවා කංචට කෝල් එකක් 
" පිට්ටනියට වරෙන් ඉක්මනට "කියල.

    එදා පරවිය ඇවිල්ල තිබුනෙ උගෙ වෑන් එකේ නිසා කංච මටත් කතා කලා වරෙන් මල්ලි යන්න කියල.මම බැහැ කියද්දී මුන් දෙන්න මාව ඇදගෙන ගියා බලේට වෑන් එකට.

         මගෙ බ්ලොග් එක කියවන මාව දන්න කියන සෙට් එක දන්නව ඇතිනෙ මම නැටුම් තෙල් ගන්නෙ නැහැ කියල..අවුලක් නැහැ එහෙනම් කියල මමත් ගියා මුන් දෙන්න එක්ක පිට්ටනියට.යනකොටත් ජයයි නිමයි ලෑටියයි බෝතලෙන් බාගයක්ම ගහල.ඉතුරු බාගේ මදි කියල නිමයි කංචයි ගියා ටවුන් එකේ බාර් එකට තව බෝතලයක් ගේන්න.අපි එතකම් පිට්ටනියට වෙලා බයිලා ගගහ නිමාටයි කංචටයි බැන බැන හිටිය කෝ යකෝ මුන් දෙන්න කිය කිය.ඔය අතරේ මම බයිට් එකට තිබුණු කෝක් එකෙනුයි කොත්තුවෙයි රස බැලුව..මොකද ආව එකේ බඩ කටවත් පුරවා ගන්න එපායැ.තව පැය දෙක තුනකකවත් මෙතනින් යන්න වෙන්නෙ නැහැ කියල මම දන්නව.එක දෙක වෙලා දෙක තුන වෙනව.

           ඔහොම පැය බාගයක් විතර ගියාට පස්සෙ ඔන්න නිමයි කංචයි එනව ත්‍රීවීල් එකේ.එතකොට ජයාගෙ හිනාව හරියට ඉහේ මලක් පිපුන වගේ.ලෑටිය බෝතලේ එලියට අරගෙන ඒකට වැන්දේ නැති ටික විතරයි.මොකද ලෑටිය ටිකක් දාලනෙ එතකොට.මෙන්න යකෝ ඈතින් පේනව ලොකු වාහනයක් පිට්ටනිය පැත්තට එනව..මගුලයි පොලිසියෙන්..පරවිය වෑන් එක පාර පැත්තටම දාගත්ත..මොකද එතකොට අවුලක් නැහැනෙ..පොලිස් ජීප් එක ආපු ගමන් දැම්ම පිට්ටනිය ඇතුලට..පොලිස් මහත්වරු තුන් දෙනක් බැස්ස..මම දැක්ක ලෑටිය ශේප් එකේ පරවියගේ වෑන් එක පැත්තට යනව.

දැන් ඉතින් දීපල්ලකෝ ප්‍රශ්න වලට උත්තර..

" තමුසෙලා මොකද මේ රෑ වෙලා මෙතන කරන්නේ? "

" යකෝ තොපිට බොන්න ඕනෙමනම් පලයව් කැලේකට..ගිහින් ඇති වෙන්න බීපියව්..එනව මෙතන අපිට පව් දෙන්න."

         ලංකාවේ පොලිසිය පහත් කරල කතා කරනව නෙවෙයි.හැබැයි ඉතින් ලංකාවෙ මත්වරුන්ගේ කතාව ගැන හැමෝම දන්නවනෙ.මට කළුවරේ පෙනුණු විදියට එක් අයෙක් ලොක්කෙකි..තවත් අයෙක් රථ වාහන අංශයේ අයෙක්.තුන් වැන්නා කොස්තාපල් වරයෙකි.ගමේ මිනිස්සු කියන විදියට කංච පොලිසියේ මත්වරු හොදින් ඇසුරු කරයි.නමුත් අද උගේ කටට ඉබ්බා වැටිල.මට පිස්සු වගේ..නිමා උඩ බිම බලයි..ජයාට ඇඩෙන සයිස්ය.

" යකෝ උත්තර දීපියව්. "

          මම වුනු හැමදෙට වචනයක් නෑරම කිව්වෙ බලාගෙන ඉදල බැරිම තැන..මොකද ඔක්කොම ගල් ගැහිල සද්ද නැත..මේ වෙනකොට කොස්තාපල්වරය අපේ බෝතලෙයි ඉතිරි වෙලා තිබුණු බාගයයි සැන්ඩි වලට තිබුණු කෝක් එකයි ඔක්කොම පොලිස් ජීප් එකට පටවනව මම දකිනකොටම ඔහු කොත්තුවත් දාගත්ත ජීප් එකට..මම හිතන්නෙ ඒ උදවිය මීට කලින් කොත්තු කාල නැහැ වගේ කියල මට හිතුන.

            මම හිනාව නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්..මොකද දානයක් දුන්න වගේ කියල මට හිතුන.කංච මේ වෙනකොට පොඩ්ඩක් බැට් කලත් හරිගියේ නැහැ.මම වැන්දේ නැති ටික විතරයි.මොනව උනත් කංච කිව්ව මාව පෙන්නල

"සර් මේ මල්ලි අරක්කු තියා සිගරට් එකක්වත් බොන්නෙ නැහැ කියල"


  මොන දේ කිව්වත් ඒ මහත්වරු ගනන් ගන්නෙම නැත.යකෝ මෙයාලගෙ පපුව ගලක්ද කියලත් මට හිතුන.

" නැගපියව් ඔක්කොම ජීප් එකට "

මම - " අනේ සර් එහෙම කරන්න එපා සර්.අදට විතරක් සමාව දෙන්න    සර් "

         හතර දෙනාම සූරයො වගේ නාහෙන් අඩන්න වුනු නිසා ක එතනින් ඉවර වුනත් අපේ නම් ලියන්න හදනවා කියල මට තේරුනේ ජීප් එකේ තිබිල පොතක් එලියට ගත්ත නිසා..මේ හැම දෙයක්ම වෙනකොට පරවියයි ලෑටියයි ගැන පොලිසියට ගානක්වත් නැත..උන් මේ පැත්තට එන්න හදනකොට උන්ව නතර කරගත්තේ අතින් කියල.මොකද නැත්නම් උන්ටත් ටොපිය සෙට් වෙනවනෙ.

" මේ ත්‍රීවීල් එක කාගෙද? "

එකෙක් සද්ද නැත.ඔච්චරටම කයිවාරු ගහන කංචගෙ කට..අයියෝ සැලරි..

" යකෝ මේ ත්‍රීවීල් එක කාගෙද? "
ජයා - " ගෙදර එකක් සර් "

" ගෙදර එකක් තමයි යකෝ කාගෙද කියපිය "
ජයා - " මගෙ සර් "

" නම කියපිය "
මම මගෙ නමේ කෑල්ලක් කිව්ව.
" යකෝ කෑලි නෙවෙයි සම්පුර්ණ නම කියපිය "

                     ඔය විදියට මගෙයි ජයාගෙයි නිමාගෙයි නම් තුනම ලියාගත්ත..අහිංසක මම තමයි උඩින්ම.මොන හේතුවක් නිසාද මන්ද මෙච්චර ලග හිටිය කංචගෙ නම ලියා ගත්තෙ නැහැ.ඊට පස්සෙ මොනවද මන්ද කොළ තුනකට අපි තුන් දෙනාගෙන්ම අත්සන් ගත්ත.

"හරි එහෙනම් ලබන විසි වෙනිද උසාවියට ඇවිත් දඩ ගෙවල පලයල්ල "

          ඇත්තටම මගෙ ඇග සීතල වුණා.ඇයි දෙයියනේ මේ මොන දේවාලයක්ද පාත්වුණේ.ඊට පස්සෙ මහත්වරු ටිකනම් යන්න ගියා..ඔන්න කංච පටන් ගත්ත කතන්දර කියන්න.

" උබල බය වෙන්න එපා බං මම වැඩේ ශේප් කරල දාන්නම් ".

      ඔය වගේ තව සුරංගනා කතන්දර ගොඩක් කිව්ව.ඇත්තටම කංච කිව්ව දේවලුත් එක්ක අපි හිතුවේ අවුලක් යන එකක් නැහැ කියල.එදා අපි ආපහු බණ ගෙදරට ඇවිල්ල කෑම කෑවත් සෙට් එකටම අවුල්..කංච කිව්ව දේවල් නිසා පොඩ්ඩක් විතර බය අඩු වෙලා තිබුණෙ..මෙන්න සිකුරාදා මම ඔෆ්ෆිස් එකේ ඉන්නකොට නිමා කෝල් කරල කියපි 

"අන්න වැඩේ පත්තු වෙලා ...අපිට උසාවි යන්න වෙලා".

        දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..හොයල බැලුවම කතාව ඇත්ත..දැන් කංච ලග තිබුණු ලොකු මහත්වාරුන්ගෙ නොම්බර නැත..මොකද ඒ නොම්බර ඔක්කොම සේව් කරල තිබුණෙ සිම් එකට නෙවෙයිලු ෆෝන් එකටලු..දැන් ඒ ෆෝන් එක ඔන් වෙන්නෙ නැහැලු..අම්මෝ ඉතින් මාරම කේස් එකක්..අම්මප කාටද මේක දැන් මේ බොරු කරන්නෙ..අවුලක් නැහැ මොකද උගෙ නම නැහැනෙ..පොලිසිය වරද දාල තියෙන්නෙ 


" ප්‍රසිද්ධ ස්ථානවල දුම් බීම "

 කියල..කොහොමද ?හිනත් යනව..

       ගෙදරට කියන්නෙ කොහොමද?අම්ම ගෙදරින් පන්නන එකනම් ෂුවර්..ප්‍රශ්න වැලයි..දඩ ගෙවන්න සල්ලි..අයියෝ තාම ඔක්තෝම්බර් මාසෙ පඩියවත් නැහැ..හවස ගෙදර ආව ගමන් අම්මට කියන්න වුණා නෙවෙයි ඇත්තටම කියවුණා..බැන්න කියන්නෙ හොදම එකෙන්..හවස මමයි ජයයි නිමයි ගියා පොලිසියට..බැලුව කවදද නඩුව කියල..නඩුව දහනම වෙනිද කියල කිව්ව..

මම - "දඩේ කීයක් විතර වෙනවද සර් "

" ඔය රුපියල් හයසීයක් විතර වෙයි "

        දවසින් දවස  දහනම වෙනිද උදාවුණා..තුන් දෙනාම දැන් ජැන්ඩියට ඇදල උසාවි යන්න.කංච තමයි අපිට ඇප දෙන්නෙ.මගෙ හොදම යාලුවෙකුත් එනවා කිව්ව මොකද පොරගෙ අදුනන කෙනෙක් ඉන්නව කියල උසාවියෙ..උසාවිය හරියට නවය හමාරට පටන් ගත්ත..මුලින්ම පොඩි පොඩි නඩු..දැන් අපේ ඒවත් කිට්ටු වෙනවා..මුලින්ම විත්තිකාර කොටුවට නැග්ගෙ ජයා ඊට පස්සෙ නිමා අන්තිමට තමයි මම..අපි තුන්දෙනාම නොකළ වරදකට 

" ඔබ වරදිකරුද නැත්නම් නිවැරදි කරුද? "

" වැරදිකරු ස්වාමීනි.."

     අන්තිමට වැරදි කරු වුණා..ඊට පස්සේ උසාවිය ඇතුලෙ තියෙන කූඩුවෙ කූරු ගනින්නත් වුණා අපිට..හැබැයි විනාඩියක්වත් හිටියේ නැහැ..කංචයි මගෙ යාළුවයි ඇවිල්ල දඩ ගෙවල අපිව ගත්ත..ඇත්තටම ඇතුලට යන්නෙ නැතුව බේරුනේ අනුනාවයෙන්..

       කොහොමහරි ජීවිතේට ගොඩක් දේවල් අරගෙන අපි උසාවියට සමු දුන්නෙ අයෙත් ජීවිතේ තියෙනකම් නොඑන්න හිතාගෙන.දඩේ රුපියල් දෙදාහක් ගෙවන්න වුනා..අම්මප මේ කසිප්පු බෝතල් දෙක තුන අහුවුණු එකාලට රුපියල් එකදාස් පන්සීයයි අපිට තමයි ඒකටත් තට්ටු වුණේ.අපි තාමත් මේ හැමදේටම අදාල මහත්ම මහත්මීන්ට දෙහි කපනවා..නිමා තමයි හොදටම දෙහි කපන්නෙ.

        හැමෝටම කියන්නේ මේ කාලෙ අමුතුම කාලයක්..නීතිය කියල දෙයක් නැහැ..බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනෙ..මට වුනු දේ හෙට මේක කියවන කට්ටියටත් වෙන්න පුළුවන් බැරි නැහැ..අසාධාරණය රජ කරන මේ ලෝකෙ සාධාරණ මනුස්සයට තැනක් නැහැ.අයෙත් කියනවා මඩ ගහනව නෙවෙයි..මෙහෙම නිලධාරීන් ඉන්නකොට කොහොමද රටේ යහපාලනය පිහිටුවන්නෙ..මම මට වුණු හැමදේම කියන්න ගියොත් ඒක හොද මදි..මට මොනවා මොනවා ලියන්න වෙයිද දන්නෙ නැහැ..මේකත් පෙරල පෙරල අරගෙන තමයි ලිව්වෙ.. 


34 comments:

  1. ඔය ලංකාවේ හැටි බං! ගණන් ගන්න එපා! උඹ හොද පාඩමක් ඉගෙන ගත්තනේ!

    ReplyDelete
    Replies
    1. ඒක නම් එහෙම තමා නාඩි. කට්ටියට ඒක අමතක වෙලා නෙ :)

      Delete
    2. ඔව් මචං දැන් වෙච්ච දේ වුණා..ඒ ගැන කතාකරන එකත් තේරුමක් නැහැ..

      Delete
  2. කොහොමත් බොන තැනක ඉන්නවත් හොඳ නෑ. මරාලයක් පාත් උනොත් පාත් වෙන්නේ එතන ඉන්න නොබොන එකාට

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ පුමාටත් මරාලයක් සෙට් වෙලා තියෙන පාටයි..කතාවක් තියෙනව අහලත් ඇතිනෙ නේද?

      Delete
  3. පූමා කිවුව කතාව සහතික ඇත්ත.. එන මරාල ඔක්කොම එන්නේ පාඩුවේ ඉන්න එකා පිටට.. අවුලක් නෑ.. උඹට හොද අත්දැකීමක්නේ මේක..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම කෙසේ වෙතත් මචං හොද පාඩමක්..ආයෙ පන තියෙනකම් මේ වගේ කරත්ත වලටනම් නගින්නෙ නැහැ..

      Delete
  4. ආ සුළු දෙයක්නේ ...පොලිසිය ඔහොම නැත්තන් කිසි ගතියකුත් නෑ...:D

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් බනින විදියට පොලිසියෙ මහත්වරුන්ගෙ නෑදෑයො ටික පව් කියලත් හිතෙනව බං...

      Delete
  5. අතෑරල දාපං...බ්ලොගට හොද පොස්ට් එකක් හම්බුනා කියල හිත හදා ගනිං...ඕවට උස්සනවනම් ඔය පොලෝසියෙ මහත්තැන්ට මුළු ව...වම උස්සන්න වෙයි...අපතයො, හාල්පාරැවො තියල උඹල අපිටම තමා බං මරාල පාත් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ජෙමා අයියෙ..දන්නවනෙ ඉතින් මම වැඩිය කොහොමත් ඕව ගනන් ගන්න එකෙක් නෙවෙයිනෙ..අපිට පාත් වෙන මරාල ගැන ඉතින් ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ..

      Delete
  6. අනේ අම්ම පල්ලා පොලිසියේ ඉන්න සම (හරක්) ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වගේ උන් දකාම හිතෙනවා. මුන් පිණට ලියුම් දීල ජොබ් එකට ඇවිල්ලද කියල සුදුසුකම් නැතිව. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයො කතාවනම් මසුරන් වටිනව..ඇත්තටම පොලිසියේ ඉන්න සම (හරක්) ගැන කතා කරලා වැඩක් නැහැ...

      Delete
  7. ඔහොම තමයි අෆ්‍ෆා ලංකාවේ හැටි. පුංචි වැරදිවලට ලොකු දඬුවම්. ලොකු වැරදිවලට දෙන දඬුවම් හිතා ගන්න බැරි නිසා වැරදිකාරයෝ නිදහස්. දැන් ඕවා හිතන්න එපා. මීට පස්සෙවත් බොන තැන්වල නොඉන්න වග බලා ගත්තා නං ඇඟට ගුණ යි!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ ධාරා..ඇත්තටම කල කිරෙනවා..ඔයිට එහා තැන් වල අපේ එවුන් බීල තියෙනව..මම ඉදලත් තියෙනව..මොකක්හරි ලොකු කරුමයක් කරලා තියෙනව..

      Delete
  8. නිල ඇදුමෙන් ඔලුව උදුම්මා ගත්ත පොලිස් 'කාරයො' නිසා නිහතමානි පොලිස් 'නිළධාර්න්' පවා බැනුම් අහනවා.
    ඕක ඔහොම උනාට ලොකු ලොක්කන්ගෙ බාර් ඉස්සරහා තියන් බොනවා මිනිස්සු මහ පාර දිහා බලාගෙන පාරෙ යන මිනිස්සුන්ට අත වන වන. එතකොට එක නීතියක් අපි වගේ පොඩි උන්ට තව නීතියක්.

    ReplyDelete
    Replies
    1. මේවා කාට කියන්නද ප්‍රියා..ඕව කතා කරන්න ගියොත් ඉතින් දන්නවනෙ වෙන දේ..ඒ නිසා කට වහගෙන ඉන්න එක කෝකටත් හොදයි කියල හිතුන ප්‍රියා..

      Delete
  9. හැමදේම ජීවිතේට එකතුවෙන අත්දැකීමක් කියලා හිත හදාගමු !
    අදමයි මේ බ්ලොග් අඩවියට ආවේ.. දිගටම එන්නම් :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙම හිතමු මදුරංග...රජ වීදියට ඔයාව ඉහලින්ම පිළිගන්නව එහෙනම්..

      Delete
  10. කාලක්කන්නි රටක් සහ පොලීසියක් තමා අපේ රටේ තියෙන්නෙ... කතා කරල වැඩක් නෑ... රෑ 10.00 පහු වෙලා ගෙවල් ඉස්සරහ හිටියත් කෑ ගහනව.....

    මමත් එක දවසක් ඇතෑරියෙ නෑ...

    අපේ ගෙදර මේන් ගේට් එක ලග විතරක් හයි කරල තියෙනව දෙපැත්තෙ කැමරා 02 ක්... මමයි මගේ යාලුවො දෙන්නෙකියි ගේට් එක ඉස්සරහ පේමන්ට් එකේ වාඩි වෙලා කතා කර කර හිටිය.... මම ශර්ට් එකක් නෑ.... ෆෝන් එක විතරයි අතේ....

    ඔන්න ආව පොලීසියෙ ජිප් එක.... නැවැත්තුව ගේට් එක ඉස්සරහ.... එතකොට අපි නැගිට්ට....

    ජිප් එක ඉස්සරහ ලොක්කෙක් හිටිය...."ගේට් කොලම් එකේ ලයිට් 02 ක් දාල තිබුනෙ" ඌ අපි හිටපු පැත්තෙ හිටියෙ... පිටි පස්සෙන් බැස්ස 04 දෙනෙක්...

    උන අහපි...

    " මොකද @#තෝ මෙතන කරන්නෙ පලයන් ගෙදර.. කෝ තොගේ ශර්ට් එක... තොපිල මෙතන කුඩු ගහනව නේද කියල....

    මම කිවුව ..

    වෙන කොහේ යන්නද මහත්තයෝ.. මේ අපේ ගෙදර .. ගේ ඉස්සරහ ඉන්නත් තහනම්ද කියල....

    මූ කියපි...
    ඇයි %$තෝ මෙතන ඉන්නෙ පල ඇතුලට.. මුන් කවුද ...කියල

    මම කිවුව මේ මගේ යාලුවො මුන් අද මෙහේ ඉන්නෙ කියල..
    ඌ කියපි ඇයි $%තෝ තොපිල කොල්ලො ගහනවද එක ගෙදර කියල...

    මම කිවුව මහත්තයෝ පොඩ්ඩක් විනීතව කතා කරන්න...ඔයාලට ප්‍රශ්නයක් නම් නීතිමය මාර්ගයෙන් බේරගමු කියල..

    ඕක ඇහුන විතරයි ඉස්සරහ හිටපු ලොක්ක ආව මගේ ලගට ඇවිල්ල ඇල්ලුව බෙල්ලෙන්....

    මොනවද $%^ගෙ පුතෝ කියන්නෙ.... මරනව මෙතනව කියල පිස්ටල් එක දික් කරා....

    මම කිවුව ඔයාට පුලුවන් දෙයක් කරන්න කියල.... මූ කරපු ඉස්සරහ කැබි එකෙන් චූටි පැකට් එකක් අරගෙන අතට දුන්න මේක අල්ලගනින් කියල.... මම කිවුව බෑ කියල... මූ මගේ අත බලෙන් අල්ලල ඒක අතේ තියල අත මිටිමෙලෙවුව...

    දැන් ඌ කියපි....

    දැන් හරිනෙ ඉදපන් අවුරුදු 05 ක් ඇතුලෙ...කැරි $%ත ආව අපිට නීති උගන්නන්න....

    කියල දාගන්න හැදුව ජීප් එකට...කොහොම හරි මට උනා එදා රෑ කූඩුවෙ ඉන්න....

    ඊට පස්සෙ දවසෙ උසාවියට දුන්න වීඩියෝ එක.... ඔන්න දැන් ඒ ලොක්කයි සොක්කොයි තාම වැඩ.. මම නිදහස්.... වෙන පලාතකට මාරු කරා.... නිර්නාමික ලිවුන්, කෝල්ස් ආව... මමත් ඒකට රෙඩි වෙලාමයි හිටියෙ...

    දැන් හරි...

    ඔන්න අපේ රට....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ..ඔයාගෙ කමෙන්ට් එකට මම ගරු කරනව..අපිටත් ඔය විදියට තමයි ගාලු බැන්නෙ.මොනව කරන්නද මම ඒ හැමදේම ලිව්වෙ නැහැ..මේ වගේ කාලකන්නි ඉන්නකම් රටට යන කලදසාව මොකක්ද?මුන්ටත් අපිට දුන්නු ගින්දර පත්තු වෙන්නම ඕනේ..

      Delete
    2. ගාලුගේ සීන් එක ඇහුවම පොලීසිය ගැන තියන ගෞරවෙත් නැතිවෙලා ගියා...

      Delete
    3. ගෞරවය ගැන මොන කතාද රෙහානි ..පේනවනෙ වෙන දේවල්

      Delete
  11. දැන් මෙහෙම ඔයාලාව අත්අඩංගුවට ගන්න ඔයාලා කරපු වරද මොකක්ද? පාරේ හෝ පිට්ටනියක බීපු එකද?
    ඒක නීතියෙන් වරදක් වෙන්නෙ නෑ නේ?
    ලංකාවේ වගේ රටක නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ අමු හරක්. ඉස්සෙල්ලම කණට ගහන්න ඕනෙ උන්ට. මිනිසුන්ට කරදරයක් නොවෙන තාක් බීමත්, හොඳ වාතාශ්‍රයක් තියෙන තැනක දුම් බීමත් තහනම් නෑ. කීවත් වගේ ඔය නීතිය හසුරවන දඩ බල්ලන්ට ලේසියෙන් අහු වෙන්නේ අහිංසක මිනිස්සු. මේවගෙ ඒවා ඉහලට පැමිණිළි කරන්න ඕනේ. ඒ අය ඔහොම ඔලමොට්ටල තීරණ ගන්න එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉවසුව ඇති...මුන්ට දඩ බල්ලො නෙවෙයි කියන්න ඕනෙ..ජරාව කන පාරේ යන බල්ලො කියල බුරු බබෝ..මුන් හිතාගෙන ඉන්නේ නීති හදන්නෙ මුන් කියල..කකුල් හතරෙ බල්ලො හොදයි මුන්ට වඩා..

      Delete
  12. උබලා කිව්වට විස්වාස කරන එකක් නෑ මේ කතාව....
    මේ මෙහෙ පොලිසිය ගැන
    මම දවසක් රැ 11ට විතර මෙහෙ පන්සලට ආවා ලංකාවේ ඉදන් ආපු හාමුදුරු කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න හාමුදුරුවෝ රැ 1ට පන්සලෙන් යනවා එයාර්පෝර්ට් එකට
    කොම හරි 1 වෙනකම් කතා කර කර ඉන්න කොට පන්සල මයිමේම ලොකු සද්දයක් ඇහෙනවා හයියෙන් සින්දුවක් දාලා.... දෙමල සෙට් එකක් කාර් එකක ඇවිත් මේ රැ 12නුත් පස්සේ එතන පාරේම තියන් බොනවා....
    පළාතටම ඇහෙන්න කාර් එකේ කැසට් එකත් දාගෙන....
    ඔන්න එතකොටම නයිට් පෙට්රෝල් යන පොලොසියෙන් ආවා ගියා කොල්ලෝ ටික ලගට අපි කට ඇරන් බලන් ඉන්නවා දැන් දෙයි සබ්බුව කියලා...........
    පොලිස් කාරයෝ ටික එකතු කර ගත්තා හිස් බියර් හා කොකා කොලා ටින් ටික දාගත්තා සොපින් බැග් එකක ගියා .... අරුන් ටික රැ 11ට අපි එනකම්ම උන්ගේ ආතල් එකේ .....
    පස්සේ දන්නේ පොලිස් කාරයෝ ටින් එකතුකරන් ගිහින් කිලෝගනට විකුනනවලු ....
    ඔන්න මෙහෙ පොලිසිය

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉන්නේ හිගා නොකා හිගා කන ගොන් වස්සො ටිකක්නෙ මැලේ රාලේ..මුන්ට කන්නත් නැතුව වේලෙන ජාතියක් බන්..කටට එන වචන ලියන්න බැහැ ලොක්ක නැත්නම් ලියනව...

      Delete
  13. අපිත් වතාවක් ලංකාවෙ ඉන්න කාලෙ වහපු ගැරිජ් එකකදි සැට් වෙලා මේ විදියටම පොලෝසියෙන් ආවා...අපි ශත පහකටවත් භය නොවී ඒ අය එක්ක කථා කලා...එදා මා එක්ක හිටියෙ මගේ හොදම යාලුවො ටිකක්...අපේ රැකියා...උගත්කම වගේ දේවල් ගැන ප්‍රශ්න කලා...ගෞරවනීය විදියට අපිට කථා කලා...අන්තිමට කිව්වා...රෑ පානෙ බීලා පාරවල් වල යන එක එච්චර හොද නෑනෙ මහත්තයා...ඒ නිසා බෝතලේ ඉතිරි ටිකත් ඉක්මනට ඉවර කරලා ගෙදර යන්න කියලා....අපි ඒ සුට්ටත් ඉවරයක් කරලා බයික් වලින් ප්‍රධාන මාර්ගයේ එද්දි මෙන්න අර කලින් සැට් එක බැරියර් එකක් දාලා වාහන චෙක් කොරනවා....අපිව ඉතිං කලියෙන් චැක් කොරපු හින්දා...අපිව නවත්තගන්නෙ නැතුවම යන්න දුන්නා...අන්න එහෙමයි ගම්පහ පොලිසියෙ ඇත්තො

    ReplyDelete
    Replies
    1. ගම්පහ පොලිසියනම් හොද ඇති..අපිත් අහල තියෙනව..මම පොලිසියෙ නම කියන්න කැමති නැහැ..මේකෙනම් ඉන්නෙ වැඩක් නැහැ කතා කරල..උන්ට කොලු කාලයක් තිබිල නැහැ ඒකනෙ..

      Delete
  14. ගනන් ගන්න එපා.. ඔව්ව ඔහොම තමයි... මේ ලංකාවනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් කුශානි උන්ට ගිය රටයි උන්ට ගිය නීතියයිනෙ...කතා කරලා වැඩක් නැහැ..ඔයා කිව්ව වගේ මේක ලංකාවනෙ.

      Delete
  15. අනේ මංදා ඉතිං පොලිසිවලත් හොඳ ඇත්තෝ නැතුවම නෙවෙයි...ඒත් බහුතරයකගේ ක්‍රියා කලාපය මෙහෙම තමයි

    ReplyDelete
    Replies
    1. හොද අය නැහැ කියනව නෙවෙයි..ඉන්නව..මට හිතෙන විදියට හොද එකා උනත් ඇතුලට ගියාම නරක් වෙනව..

      Delete
  16. බල්ලො පොලිසියට ගිහින් පොලිසිය බල්ලට ගිහින්.රටට වෙච්ච දෙම තමයි

    ReplyDelete