Sunday, December 15, 2013

අතීතෙ අමතක කරන්න දන්න කෙනෙක් ඉන්නවදෝ

          මේ දවස් ටික ටිකක් හොදින් ගෙවුන කියල මටම හිතුන.මොකද හිතට ටිකක් සතුටුයි.මාස දෙකක පඩිය ඇනහිටලනේ තිබුනෙ.ඉතින් දෙකම එක පාර සෙට් වුන නිසා මගෙ වැඩ ටිකක් කරගත්ත.ඒත් ඊයෙ උදේ වෙච්ච වැඩක් නිසා දැන් එක එක ඒව හිතෙනවා.මොන මගුලක්ද මන්ද ඇත්තමයි.මෙන්න මේකයි උනේ ඇත්තටම පොඩි සීන් එකක්.

                 මගෙ ප්‍රථම ප්‍රේම කතාන්දරය ආයෙත් මතක් වෙන්න ගත්ත.මොකද මම දැක්ක ඊයෙ මාස ගානකට පස්සෙ මේ පැත්තෙ ඇවිත් ඉන්නව.මේ පැත්තෙ කිව්වෙ ඉතින් අපේ ගෙවල් පැත්තේ නෙවෙයි.වෙනද වගේම අදත් මම ඒ පැත්තට යන්නේ නැතුව වෙන පැත්තකින් යන්න ගියා.සමහරවිට එයා මාව දකින්න ඇති.අනේ මන්ද ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ.මොකද දවසක් මූනට හම්බවෙලත් අහක බලාගෙන ගිය කෙනෙක්නෙ.අනේ ඔන්න අපේ හිතෙනම් තරහක් නැහැ.ඉන්න තැනක හොදින් සතුටින් ඉන්නවනම් එච්චරයි.මොකද තිබුනත් තියෙන්නෙ දුකක් විතරයි.ඔය නිසා තමයි තාමත් ඔයදේවල් මතක් වෙනකොට මාව පිච්චිලා යන්නෙ.


                මොන දේ කිව්වත් සිරාවට ආදරේ කලාම අමතක කරන්න ටිකක් අමාරුයි.මමත් දැකල තියෙනව යාළුවන්ගේ බ්ලොග්ස් වල සමහර පොස්ට්.ඒව කියෙව්වම හිතෙනව මිනිස්සු මොනතරම් විදවනවද කියල.මම අන්තිමට කතා කලාම එය කිව්වෙ මම ඒ අමිහිරි අතීතෙ අමතක කරලා ඉවරයි.මට වෙන කරන්න දෙයක් නැහැ කියල.ඔය කතාවට කියනවනේ මමනම් දෙන්න ගියේ නැහැ ඒකිට එපානම් මට කොහොමත් එපා කියල.හැබැයි ඔහොම කියන හැමෝම ඔතනදි තමයි හොට පටල ගන්නෙ.මොකද මමත් පටල ගත්ත.මමත් ඉතින් කියන්න තියෙන ආදර වදන් ඔක්කොම දැම්ම.ඊට පස්සෙ තේරුණා හබල් ගගා හිටපු පොඩි පාරුවට දැන් හොද රුවලක් හම්බවෙලා කියල.

            මමනම් තාමත් හබල් ගානව.ඔය දවස් ටිකේ මට ඉතින් පිස්සු වගේ.දැන්නම් ලැජ්ජත් හිතෙනව අෆ්ෆා.කොච්චර කිව්වත් වැඩක් නැහැ ඕක වෙන්නම ඕනෙ.මේ දවස් වල කියවන පෝස්ටු වලින් සීයට හැත්තෑවක් විතරම කියවන්න තියෙන්නෙ ඔය මල ඉලව්ව ආදරේ ගැනමනේ අම්මප.ඉතින් යකෝ ඕකෙන් වෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක නෙවෙයිද?ඒවුනාට අපිත් කිව්වෙ මමත් ආසාවෙන් කියවනව.අනිත් කොටසත් එනකම් බලගෙනත් ඉන්නව.ඔන්න ඕක තමයි ඇත්ත.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියනවනෙ. 

                   ඉතින් ඒ අමිහිරි අතීතෙට මම පොඩි මිහිරි බවක් දාගෙන හිතින් සතුට විදිනව.ඒකෙත් පොඩි ආතල් එකක් තියෙනව අෆ්ෆා.විශේෂයෙන්ම කියන්න ඕනේ නැන්දම්මලනම් වැඩිය විස්වාස කරන්න යන්න හොද නැහැ.හැමෝම එක වගේ නැහැ.අවිස්වාස කරන්නත් හොදනැහැ ඉතින්.අර පොලිස් මහත්තුරුන්ගෙ බිරිදටවත් පොලිස් මහත්තයව විස්වාස නැහැ කියනවනෙ. 

22 comments:

  1. මොන අමතක කිරිල්ලක්ද බං.. මම මගේ ෆස්ට් ලවු එක අමතක කලේ අවුරුදු 5කට පස්සේ.. ඉතින් හිතා ගනින්කෝ..

    ReplyDelete
    Replies
    1. අහල තියෙනවද කතාවක් තියෙනව අනාගතය වගේ අතීතෙත් නොපෙනුනානම් හොදයි කියල.මොකද අපි දන්නේ නැහැනෙ හෙට මොනවා වෙයිද කියල.

      Delete
  2. මම මගේ පස්ට් ලව් එක අමතක කරේම නෑ .... අල්ලලා බැඳගත්තා ......

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක්නෙ අෆ්ෆා..

      Delete
  3. මටත් ෆ‍රස්ට් ලව අමතක කරන්න වෙන්නෙම නෑ. උදේ හවා මතක් වෙනවා. ඇයි බොල ඒ මරගාතෙ දැන් මගෙ වයිෆරේනේ.

    අමතක කරන්න ඕනම නම් දෙකේ හතරෙ පොල්ලකින් ඔලුවට පත බාව ගනින්.

    ReplyDelete
    Replies
    1. එතකොට තවත් හොදට ගලේ කෙටුව වගේ වෙයිද දන්නෙ නැහැ බන් ..

      Delete
  4. හබල් ගාද්දී අපිවත් මතක් කරපං

    ReplyDelete
    Replies
    1. හබල් ගානකොට හැලපේ අයිය එනවද තව හබලක් අරගෙන..මට පේන්නේ ලොකු අයියත් හබල් ගාල තියෙන පාටයි.

      Delete
  5. ඒ කියන දැරිවි දැක්කම උඹේ පපුවෙ උඹටම දැනෙන්නෙ නැති අමුතුම ගැස්මෙ ආතල් එක කොහොමද මලයො....මටත් ඔය අත්දැකීම තියෙනවා බොල...

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත..කොහොමද හීනියට රත් වෙලා යනකොට

      Delete
  6. ඔය ඔක්කොම අමතක කරල දාල ජොලියෙ ඉන්න කියල මම කිව්වොත් ඒක වැදි බණක් වෙනවා. ඒ නිසා එහෙම කියන්නෙ නෑ මම.

    ReplyDelete
    Replies
    1. ඔහොම දෙයක් කියන එකත් බණ කියනවට වඩා ගොඩක් වටිනව දිලිනි .

      Delete
  7. ඕවා ඉතිං අමතක කරන්න ටික කාලයක් යනවා... මාත් ඕ වගේ සීන් එකක් අමතක කලේ අවුරුදු 2කින් !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඕව ඔහොම යනකොට අමතක වෙලා යයි කියල මටත් හිතෙනවා.

      Delete
  8. අමතක කරන්න කියල කිව්වට ආසාවෙන් මතක් කරනව නෙවද හිත පොඩිඩක් කොනිත්තගෙන. ඒකට කැමතියි..

    ReplyDelete
    Replies
    1. දේශක ....සහතික ඇත්ත.

      Delete
  9. අමතක කරන්ඩ ????
    මැරිලා ඉපදෙන්න වෙනවා :))))

    ReplyDelete
    Replies
    1. දැන් එහෙමවත් කරන්න වෙයි වගේ..

      Delete
  10. ඕකනේ අපි ලව් කරන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. දැන් අපිත් ඔය පැත්තෙ..එහෙනම් බොමුද ?හි හි

      Delete
  11. පිස්සුද මල්ලි.ඔව අමතක වෙන්නෙ නැ මලත්

    ReplyDelete
    Replies
    1. බොන්න ඕනෙ ප්‍රශ්නයක් ..

      Delete