Thursday, December 19, 2013

අන්තිමට මෙහෙම ලියන්න වුණා..

                    මේ දවස් වල ගොඩක් බ්ලොග්ස් වල ආදර අන්දර ගැන ලියවෙනව.ඕකත් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව.මොකද ලංකාවෙ මිනිස්සුන්ට අමතක වෙන්න යන්නේ හරිම අඩු කාලයක්.මතකද දන්නේ නැහැ කාලයක් කොටුවෙ හාමුදුරුවො පිට කොටුවෙ හැමතැනම.දැන් ඒ හාමුදුරුවො ඉන්නවද කියන්න කව්රුත් දන්නේ නැහැ.මේ දවස් වල පිට කොටුවේ අහන්න තියෙන්නෙ අම්ම ගැන කියවෙන කවි ටික.ඇත්තටම ගොඩක් ලස්සනයි.මටත් ඇහැට කදුළු එනව ඒ කවි ටික අහනකොට.ඒ මොනව වුනත් බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධර්මය කවියට හරවන්න එපා කියලලු.ඇත්තද මන්ද මම එහෙම අහල තියෙනව.කොහොම කොහොමහරි සයිබරයටත් කාලෙන් කාලෙට එක එක මාතෘකා එනවා.එහෙම එන එක හොදයි.මොකද එතකොට කෙනාගෙන් කෙනාට අදහස් මොනවද කියල බලන්න පුළුවන්.

            ඉතින් මටත් අද හිතුන පොඩ්ඩක් ආදර අන්දර ගැන කතා කරන්න.ආදරේ ගැන කතා කරන්න ගත්තොත් ටිකක් බොන්නත් ඕනෙ.කට්ටිය සෙට් වුනාම තමයි ඉතින් ඔය වගේ කතා කියවන්නෙ.ආදරේ නොකරන කෙනෙක් ලෝකෙ නැතුව ඇති.දැන් අහන්න එපා එතකොට දෙහිවල සත්තු වත්තෙ ඇනකොන්ඩ එයාගෙ අදරවන්තයව ගිල්ලෙ ආදරේටද කියල.හි හි එහෙම වෙන්න බැරිත් නැහැ.මම ඉතින් ආදරේ ගැන හිතන විදිය ගැන මගේ බ්ලොග් එක කියවන අය ටිකක් හරි දන්නව ඇති.මගෙ ඉන්න හොදම යාළුවන්ට ආදරේ නිසා වෙච්ච දේවල් ටිකක් ලුණු ඇබුල් එහෙම දාල ලියන්න හිතුව.


         මචං උබල දන්නවනෙ මම චතුරිට කොච්චරනම් ආදරේ කලාද කියල.උබ අතේම මම ලියුම් කොච්චරනම් යවල තියෙනවද බං.නැද්ද ඔව් කියපන්කො යකෝ.බලපන් මම කොහොමද බන් විස්වාස කරන්නෙ මෙකි මෙහෙම කලා කියල.අවුරුදු හතරක් ලව් කරලත් මට මේකිව තේරුම් ගන්න බැරුව ගියා.දැන් ඔන්න වෙන එකෙක් එක්ක සෙට් වෙලාලු.බලපන්කො මම කොහොමද ඕව බල බල ඉන්නෙ.මමම හින්ද ඉන්නවා මිසක් වෙන එකෙක් නම් මෙලහකටත් පත්තරේ ලොකු අකුරෙන්ම නම දාගෙන.මම දන්නව බන් මගෙත් වැරදි තියෙනව.පොඩ්ඩක් සෙට් වෙන එක විතරනෙ බං අවුල.මොකද මම බඩු පස්සෙ යනවද?නැහැනෙ බං..චියර්ස් මචං.


               ඉතින් යකෝ උබ ඔහොම කියනවා මම කරගෙන හිටිය එක දැන් බදින්න යන්නෙ.ඒත් තාමත් මට කෝල් කරනව.මේ ලදී කතා කරල කියනව මට ඔයාගෙන් ළමයෙක් ඕනෙ කියල.මට හීන් දාඩිය දැම්ම යකෝ.හිතපන්කෝ ඉතින්.මම ඒකයි බන් ෆෝන් නම්බර් එකත් මාරු කලේ.මොන බෝලයක් පාත් වෙයිද කව්ද බන් දන්නෙ.මොකද මම ඉස්සර ඉදලම අහකින් යන නරිත් ඇදල අරගෙන නාවන එකානේ බං.මතකද ඉස්කෝලෙ දවස් වල..





                 දැන් ඉතින් එකා එකා තමන්ගෙ චරිතෙ තරගෙට ගාතනය කරගන්නව.මමත් ඉතින් උන්ගේ කටේ බලේටම වලට පැන්න.මොකද උන් මගෙ සීන් එකත් එහෙන් මෙහෙන් දන්නව.ඔය අතරේ කෙල්ලන්ටද මේ හා සමානවම විදවන්න ලැබෙන අවස්ථා බොහෝය.කොල්ලෙක් සතියක් ගෙදරින් පිට හිටියත් නාවල ගෙට ගන්න පුළුවන් ඒත් කෙල්ලන්ට එහෙම බැහැ කියල කියනව මම අහල තියෙනව.ඒ වචන ටික ඇතුලෙ තියෙන දේවල් කොච්චරනම් සධාරණද කියන්න මම දන්නේ නැහැ.දැන ගත්තත් මම සාදාරනීකරණය කරන්න යන්නේ නැහැ.මොකද තාමත් සමාජයේ ඉහලයි කියල හිතාගෙන ඉන්න වෙනම පැලැන්තියක් ඉන්න නිසා.


           ශ්‍රී ධන්ත ධාතුන් වසන්සේ මේ පුංචි රටට වැඩම කරන්න වුනෙත් කාන්තාවකගේ කෙස් වැටියේ හංගගෙන කියන එක රහසක් නෙවෙයිනෙ.එහෙව් වටිනාකමක් තියෙන කාන්තාවට දළදා පෙරහරේ අඩියක් තියන්නට ඉඩක් නැති එක ගැන මම පුද්ගලිකව පසුතැවෙනවා.මොකද එතන ඇත්තටම පොඩි අසාධාරණයක් තියෙන නිසා.මේ කථාවේ නිධාන කතාව මම දන්න ටික වැරදි ඇති.දන්නා කෙනෙක් ඉන්නවනම් සයිබරයට කියන එක වටිනව.




           දැන් ඉන්න කොල්ලො බල්ලො කියනවනෙ.හැමෝම එහෙම නැහැ.හුගක් එවුන් හිතාගෙන ඉන්නේ ඇන්න පැන්න කියන්නේ හොද වැඩක් කියල.හැබැයි පුතෝ ඔය අනින හොට පැටලුනු දවසට ජීවිත කාළෙම පටලගෙන තමයි ඉන්න වෙන්නෙ.මොකද තොපිලට වගේ නෙවෙයි කෙල්ලන්ට සමාජෙ ඊට පස්සෙ සලකන්නෙ මහා නපුරු විදියට.මොකද මේක තාම යුරෝපෙ නෙවෙයි තාමත් සිරි ලංකාව.තාත්ත නැති දරුවො කොච්චරනම් ඉන්නවද.ඒ අහිංසක පැටියට උප්පැන්නෙට මොකක්ද දාන්නෙ.මේ දේට කියන වචනේ හිතට එනවා ඇති කියල මම හිතනවා.


          සමාජෙත් තියෙනවනෙ එක එක ඉස්තර.ඉතින් ඔය ඉහලින්ම ඉන්න ඉස්තර වල ජීවත් වෙන මිනිස්සු හරිම වෙනස්.එදා ඉදලම ඒ විදියට හිටියනම් අවුලක් නැහැ කියමුකෝ.මේ එක පාරට සල්ලි ටිකක් අතගාල හරි බරි ගහල ආපු පලියට ඒ ඉස්තරේට වැටුන කියල තමයි ඉතින් සම(හරක්) හිතාගෙන ඉන්නෙ.ඉතින් මේ වගේ දේවල් නිසාත් ගොඩක් දුරට ප්‍රශ්න ඇති වෙනව.


          මොකද මම හොදට අදුනන කෙනෙක් ඉන්නව.මේ උදේ හවස හම්බවෙනවා.එයාටත් මේ වගේ දේකට මූණ දෙන්න වුනා.මොකද තාමත් ලංකාවෙ නොපෙන්නුවට කුල මල ප්‍රශ්නෙ ලොකුවට තියෙනවනෙ.නැත්ද කියල බලන්න පොඩ්ඩක් මංගල යෝජනා පත්තර කෑල්ලක් අරගෙන බලන්න.ඉතින් මෙයාටත් පොඩ්ඩක් ඉහල පැලැන්තියේ කෙනෙක් කසාද බදින්න වුණා.ප්‍රේම කරපු දෙන්නෙක් නිසා දෙන්නට දෙන්න එක තැනක හිටිය අපිට අපිව ඕනෙමයි කියල.අපිත් උපරිමෙන්ම සප් එක දුන්න.අන්තිමට කසාද බදින්න වුනේ නම පොඩ්ඩක් වෙනස් කරගෙන.පවුල් වලින් එයාලට වැටුන කොක්ක නිසා එහෙම කරන්න වුන කියල තමයි අපිට ආරංචි වුනේ.


         අද කියන්න ආවෙ වෙන දෙයක් අන්තිමට ලියවුනේ වෙනම කේස් එකක්.මෙහෙම පෝස්ට් එකක් දානකොට හිතට පොඩි බයකුත් එනව.මොකද තම අපි සයිබරයට අදුනිකයොනේ.අවුලක් වෙන එකක් නැහැ කියල හිතනව.තව පොඩි දෙයක් තියෙනව කියන්න මම මේ ලගදි බුකියෙදී දැක්ක.පත්තරේක මංගල යෝජනාවක් තිබුණ.ඒකෙත් මුලින්ම ලොකු කතා ටිකක් එහෙම කියල පලන්තියත් වටින් ගොඩින් ගහල රූමත් කාන්තාවක් කියලත් කියල තිබුන.හැබැයි අන්තිමට තියෙනව


     "සුළු වරදකින් දරුවෙක් සිටී කියල".

අනේ මන්ද මේවට මොනවා කියන්නද කියල..


23 comments:

  1. //ඒ මොනව වුනත් බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ධර්මය කවියට හරවන්න එපා කියලලු// මේ කතාව නං මමත් අහලා තියෙනවා. එතකොට බලය නැති වෙනව ලු.

    ආදරේ ගැන කතා කරනවා නං කොච්චර දේවල් තියෙනව ද කියන්න. මම හොඳින් දන්න අයියා කෙනෙක්ට වුණ සිදුවීමක් කියන්නං. අවුරුදු 8 ක් ආදරේ කරලා බඳින්න ඔන්න මෙන්න තියලා කෙල්ල මෙයා ව දාල වෙන කොල්ලෙක් එක්ක ගියා. අයියා පුළුවන් විදියට හිතා හදා ගත්තා. අවුරුද්දකුත් ගෙවිලා ගියාට පස්සේ වෙන කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වෙලා මේ දවස්වල. වැඩේ කියන්නේ අර කලින් දාල ගිය කෙල්ල දැන් පස්සෙන් ඇවිත් කරදර කරනවා. අනේ මන්දා! හුඟක් අයට ඇත්තට ම ආදරේ තේරෙන්න කල් යනවා. එතකොට ඉතින් පරක්කු වැඩි යි!

    ඔය අන්තිමට දාල තියෙන කතාව මමත් දැක්කා. සුළු වරදකින් දරුවෙක් ඉන්න එකත් මාර යි! හිතා ගන්න බෑ :)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ කොල්ල අමාරුවෙන් හරි හදාගත්තු හිත එක විදියකට තියා ගන්නවත් දෙන්නෙ නැති හැටි.ධාරා මේ දවස්වල ලියන කතාව වගේ..සුළු වරද ගැනනම් මටත් හිතාගන්න අමාරුයි ටිකක්.

      Delete
  2. අනේ මන්ද අප්පා. මට හිතා ගන්න බෑ මේවට මොනව කියන්න ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඕවනම් මොනවද අනේ..අට පාස්නැති එවුන් රට පාලනේට එන්න හදනකොට..කතාව වැරදිද මන්ද?

      Delete
  3. මම නම් කියන්නේ බඳින්න ඉන්න කොල්ලා උනත් කමන් නෑ බඳිනකන් ඔය දේවල් වලට කැමති නොවී ඉන්න කෙල්ලෙක්ට අයිතියක් තියෙනවා.. කෙල්ලෙක්ට පුලුවන් කෙලින්ම බෑ කියන්න ! එහෙම බෑ කිව්වට පස්සේ කොල්ලා කෙල්ලව අතෑරලා යනවා නං යන්ඩ දෙන්ඩ.. උන්ව නවත්තගෙන වැඩක් නෑ.. !

    මට මේ කමෙන්ට් එක කෙටුවට පස්සේ මතක් උනේ සෙංකොට්ටං පොතේ තිබ්බ මේ කොටස.
    මතක විදිහට හීන් රිදීට එයාගේ නැන්දා කෙනෙක් දෙන දැනුමුතුකමක් මේක. හීන් රිදීත් ඔය වාගේ සම්බන්ධයක් ඇති කරගෙන කොල්ලා හොරාට හොරා ගෙට රිංග ගන්න හදන දවස්වල කිව්ව කොටසක් මේක...


    "උඹට කියන්න,අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ,වංසා රිදී කියල.
    කුණුහරුප කියවනවා කටේ නොගෑවී .
    මගෙ ඔන්න ඔය එක පලහිලව්වකදී මගෙ ලගින්ම ඉඳගෙන මෙන්න මේ මං උඹගේ හිත හදන්නවගේ ම මයේ හිත හදන්න හරි හරියට මහන්සි වුණා.
    ඒ ගෑණි කියපු කතාවක් මට අද වගේ ම මතකෙ තියනවා...ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕනෑ විගඩමක් නැටුවට කමක් නැත්තේ ය හැබැයි ඔය පිරිමි ජාතිය මහා අමුතු ජාතියක් අත නිකං තියා ගෙන ඉන්න උන්ට කිසිම පුරුද්දක් නැත, අන්න ඒ හින්ද උඹ ලග තියෙන ඔය හක්ගෙඩි දෙකයි ,පංචා බෙල්ලයි විතරක් උන්ගේ නොහොබිනාකන් වලට පරිහරණය කරන්න දෙන්න එපා ය කියලා...බලපන් රත්තරනේ,එක මොනතරන් මසුරන් වටිනා කතාවක් ද කියල. ඕනෑම ළමිසියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව මොන තරම් වටිනවද කියල.. "

    ReplyDelete
    Replies
    1. මෙහෙම විස්තර කරලම කමෙන්ටුව දාපු එක නියමයි.මොකද එතකොට අදහස් දැනගන්න පුලුවන්නේ..කිරිඅම්මගේ කතාව සහතික ඇත්ත..

      Delete
  4. සුළු වරදක් වෙලා දරුවෙක් ඉන්නව නං ලොකු වරදක් උනොත් එහෙම මොනව වේවිද කියලයි බං මම මේ කල්පනා කොලේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන සුළු වැරදි ලොකු වරදයි මොකක්ද කියල මටත් හිතාගන්න බැහැ හැලපේ අයියෙ.

      Delete
  5. ආදරේ කියන්නේ දෙන්නේක් හොඳින් තේරුම් ගන්නව කියන එකයි.. එතකොට හැම දෙයක්ම කතා කරලා විසඳගන්න පුළුවන් ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ..ඔය කතාව හැමෝම කියනව.ඒත් කරන එකෙක්වත් නැහැ.

      Delete
  6. ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇතිකරගන්නේ ආදරයයි ආසාවයි පටලව ගන්න අය කියලා තමයි මටනම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක හරි..ආදරේ කරනකොට ආසාව ඇතිවෙන එක අහන්නත් දෙයක්ද?හි හි

      Delete
  7. අපි කොච්චර දියුණුයි කියලා කෑ ගැහුවත් තාම හරි පසුගාමී බං.

    අපිට කො‍යි තරම් ඉගැන්නුවත් "ඇතම් කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලය පිගිටන්නෙ නැත. එසේම ක්‍රිඩා කිරීම මගින්ද එය අහිමි විය හැක." කියලා.
    උඹ නිකමට හිතපන් ඒ වගෙ අහිංසක කෙල්ලෙක්ට බැදපු දාට පිරුවටේ ජපන් කොඩිය ඇදගන්න බැරි උනොත් තාමත් මොකද වෙන්නෙ ????????

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් ජපන් කොඩිය කියන්නේ ඉතින්...දැන් නම් වැඩිය කොඩිය පස්සේ පන්නන්නෙ නැහැ නේද?මොකද කලින්ම කොඩිය උස්සනවනේ.

      Delete
  8. මේ මාතෘකාව ගැන මම කමෙන්ට් කරන්නෙ නැහැ..අපි අනන්ත කථා කරල ඇතිනෙ...මේ ටිකේ අහම්බෙන් තමා බොගවල් බලන්නෙ...උඹේ එක බලන්න ඕන නිසාම ආව..

    ReplyDelete
    Replies
    1. සිරාවටම..අපි සෙට් වුනොත් අන්තිමට කතාව ඉවරවෙන්නෙ ඔය මල ඉලව්වෙන්ම තමයි ජෙමා ලොක්ක..

      Delete
  9. ආදරේ කියන්නෙ කෑදරේ මලේ...එයාව තමන්ගෙ කර ගන්න තියෙනෙ කෑදර කම...ඒ කෑදරේ නිසා මමත් හොදට දුක විදලා තියෙනවා...ඒත් කවදාවත් ලියන්න අදහසක් නෑ...මොකද ඒ කථා වලින් කාටවත් ගන්න දෙයක් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ඔය කෑදරේට කොහෙවත් කෑම නැහැ සිරා අයියෙ..ඔය කෑදරේ හැදිල නැත්නම් වැඩකුත් නැහැ.මමත් හිතන්නෙ මමත් මේ වගේ විකාර ලියන එක නවත්වන එක හොදයි.

      Delete
  10. සුළු වරදකින් දරුවෙක් සිටී. ඒක සුළු වරදක් නම් අවුලක් නෑනේ ඉතිං...?

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ මචං මගේ ෂෝක් මටම ෂෝක් කියල.

      Delete
  11. අපොයි මටනම් ඔය අම්මගැන කවි අහල වමනෙට එනව.තනිකර අදොනාවක් නේ.
    අපි යාලුවෙකුට මඩ පත්තරක් ගැහුව එක සැරයක් මන්ගල දැන්වීමක් විදියට උගෙ ලොකුකම් ටික ඔක්කොම ලියල අන්තිමට වරදට සමාව දෙනු ලැබෙ කියල.අපො උ අපිව කැවෙ නැතීක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕකනෙ කියන්නෙ කොල්ලෙක් ෆන් එකේ ඉන්න දවසටත් ඒකට ඉන්න දෙන්නෙ නැහැ කියල.පුරුද්දට එදාටත් මඩම ගහනව..

      Delete
  12. සෑහෙන්න වටිනා පොස්ටුවක්. සයිබරය යැපෙන්නේ දක්ෂකම මතයි ලියවිල්ල මතයි කියවන පඋදවිය මතයි එහෙම නැතිව අපි අලුත් අපි පරණයි කියන සංකල්පය සයිබරේට වැදගත් නැහැ. මේ මගේ පෞද්ගලික අදහස. හැබැයි අපි සයිබර් ජෙප්පෝ කියලා හිතන් ඉන්න සුලුතරෙකුත් නැතිව නෙවෙයි හැබැයි බහුතරයක් බ්ලොග් කරුවන් ඔය මතේ නැහැ කියන එක දැන් පේනදෙයක්

    ReplyDelete