Monday, December 23, 2013

කහ ඉර හා මැරතන් දිවීම

         මුලින්ම ගල්කිස්සට එන්න බැරි වුනු එක ගැන ශෝකය ප්‍රකාශ කරලම පොස්ට් එකක් දැම්මනම් හොදයි කියල හිතුන.මඩ ප්‍රහාර ගල් ප්‍රහාර තාමත් වදිමින් පවතින නිසා අපි ඒව බල බල පොඩි ෆන් එකක් ගන්නව.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ.බලමු තව තව ඒව ඉස්සරහට කල එළි බහියි.

              පාසල් කාලෙ වෙච්ච නවනින්ගිරා වැඩක් ගැන තමයි අද පොඩ්ඩක් කියන්න යන්නෙ.දන්නවනෙ ඉස්කෝලෙ වෙන්නෙම ඔය වගේ දේවල්නේ.වසරක් ඉවර වෙලා තවත් වසරක් එනව කියන්නේ ඉතින් එක එක සැණකෙළියක්.මොකද ස්පෝර්ට් මීට්‌ කාලෙනෙ.ඔය දවස් එනකම් තමයි කව්රු කව්රුත් බලාගෙන ඉන්නෙ.මොකද පන්ති කට් කරගෙන එහෙමනෙ ඉතින් දවසම ඉන්නෙ.ඔය තියෙන ක්‍රීඩා අතරෙ මැරතන් එකටත් ලොකු තැනක් හම්බවෙනව.ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට මේකට සෙට් වෙන්න පුලුවන්නෙ.මේ කියන්න යන සිද්ධිය වුනේ අපි උසස් පෙළ හදාරන දවස් වල.එතකොට ඉතින් අපිනේ මුළු ඉස්කෝලෙම පාලනය කරන්නෙ.ඔව් ඉතින් අපි එහෙම හිතාගෙන හිටිය.දැන්නම් ඒ මෝඩ වැඩ ගැන මතක් වෙනකොටත් පිස්සු වගේ.ඒ මොන දේ කලත් අපි ඉස්කෝලෙ නම කැත කලේ නැහැ කියන එක ආඩම්බරෙන් කියන්න පුළුවන්.

            අපි දුම්රියෙන් පාසලට ගිය නිසා තුඩයයි මමයි විශ්වයයි මාරම ෆිට්.විශ්වය කියන්නෙ තුඩයලගේ පුංචිගේ පුතා.කොහොමහරි ඔන්න මැරතන් එක තියෙන දවසත් කිට්ටු වෙන්න වුණා.නිවාස වලින් වෙන වෙනම කට්ටිය සෙට් වෙනව දැන් දුවන එවුන් පස්සෙ යන්න.වාහන තියෙන වුන් වාහන අරගෙන එනව.කොහොමහරි අපිට සෙට් වුණේ ඉස්කෝලෙ ලග ඉදල දුවල එන සෙට් එකට ග්ලුකෝස් එහෙම දෙන්න.අපි තමයි ඉතින් ඕකෙන් බාගෙට බාගයක්ම කන්නෙ.ඕක ඉතින් මම හිතන්නේ පොස්ට් එක කියවන හැමෝම කරලා ඇති.

අපේ ඉස්කෝලෙ ඉස්සරහ තියෙන්නෙ ලොකු හතර මං හන්දියක්.ඇත්තටම තුන්මන්හන්දී දෙකක් එක ලග තියෙන නිසා ඒක හරියට හතරමන් හන්දියක් වගේම තමයි.මැරතන් එක පටන් ගන්න කලින් මට පාරෙන් එහා පැත්තට යන්න උවමනාව තිබුනට අයෙත් ඉස්කෝලෙට යන්න වුණා අපේ නිවාසෙ කොඩිය ගේන්න.මම කොඩියත් අරගෙන අහපව් එන ටිකට අපේ සෙට් එක පාරෙන් එහා පැත්තට ගිහින් කොඩි වනනව.මටත් දැන් ඉන්න බැහැ.පුලුවන් තරම් ඉකමනට පාර ලගට ආව.ඔන්න එහා පැත්තෙ ඉදල විශ්වය කොල්ලෝ රොත්ත අස්සෙන් කෑ ගහනව මගේ නමත් කියල. 




## ඉක්මනට වරෙන් යකෝ මැරතන් එක පටන් ගන්න යන්නේ කියල.

      මමත් ඉතින් හාවක් හූවක් නැතිව අපු ගමන් පැන්න පාරෙන් අනිත් පැත්තට.

   ඔන්න එතකොට එකක් කියනව 

අන්න තොට පොලිසියෙන් කතා කරනව කියල.

         මමත් බැලුව අනිත් පැත්ත හැරිල මොකක්ද මේ වෙන්න යන්නේ කියල.පොලිස් මාම පන දාගෙන කහ ඉරෙන් ඉස්කෝලෙ ළමයින්ව අනිත් පැත්තට පන්නනවා.මම ලෝර්ඩ් පකීර් වගේ ඔහේ පාර පැනල.

       දෙපාරක් විසිල් ගහල පොලිස් මාම මට එන්න කිව්ව.දුන්න නේද මර දේශනයක්.ඔහොමද ඉස්කෝලේ ලොකු ළමයි හැදෙන්නෙ.තමුසෙලා ඔහොම කරනකොට කොහොමද පොඩි එවුන්ව හදන්නෙ.

ආයේ එහෙම කරන්නෙ නැහැ අංකල්.මම දැක්කේ නැහැ අංකල් ඉන්නවා.

කතන්දර වැඩක් නැහැ.අද දඩුවමක් දෙන්නම ඕනේ.හරි එහෙනම් කහ ඉර මතක් වෙන්නත් එක්ක පස් පාරක් පාර හරහ පයිනවා.

       ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වෙනකොටත් මට රෙදි නැතුව දුවන් හිතෙනව.පර දෙපැත්තේ වාහන ඔක්කොම නවත්තගෙන මම කොඩිය උස්සගෙන පස් පාරක්ම පාර හරහ පැන්න අෆ්ෆා.විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැහැ.ඔය අස්සෙ අපේ එවුන්ගෙන් මාරම ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.මොකුත් නැහැ එකම හූවයි.පොඩි කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම හිනා වෙනව.මොන කරන්නද ඉතින් මස ගානක් යනකම් ඔය සීන් එකට අපේ එවුන් මාව කෑව තියාගෙන.

       මේ ලගකදී අපේ එකෙක් මට කෝල් කරන ගමන් දාපු කින්ඩි පරක් නිසා තමයි මට මේ පොඩි සීන් එක ලියන්න හිතුනෙ.මම ඉස්කෝලේ පටිය කාලේ රියනියාමක කරලත් තියෙනව.එතකොට ඉතින් උදේ හවස පීරියඩ් දෙකම කට් වගේ තමයි.ඒ දවස් වල මත එක්ක රිය නියාමක කරපු කැලුම,තුදය,රනය ආදරෙන් මතක් කරනව මේ වෙලාවෙ.කැලුම දැන් පොලිසියෙ ලොකු රාළහාමි කෙනෙක් වෙන්න ඔන්න මෙන්න.අනිත් වුන් දෙන්නම තාම මගේ වලේම තමයි.

27 comments:

  1. උඹට නියම දඬුවම . දැන් එහෙනං ගල්කිස්සට ආපු නැති එකට දඬුවම ..."හ්ම් හොඳ හිතින් පස් පාරක් ගල්කිස්සට ගිහින් වරෙන් "

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඔය කිට්ටුවටම යනව එනවා බං..උබල මාරම ෆන් එකක් අරගෙන තියෙන පාටයි..

      Delete
  2. අපෝ දඩුවම සැර මදිනේ බන්

    ReplyDelete
    Replies
    1. ඇල් වතුරත් නිවල බොන අපි වගේ අහිංසකයින්ට ඔහොම කතා කියනවද අෆ්ෆා.

      Delete
  3. හොදම වැඩේ බොට අහංසක පොලිෂ්ෂ්ෂ් අංකල්ලව අවමානයට ලක් කරනවට.

    ReplyDelete
    Replies
    1. අහිංසක ...අනේ මට කියන්න වචන නැහැ ප්‍රියා.වෙච්ච දේවල් මතකනේ.

      Delete
    2. හි… හි… මොකද බන් අමතක?

      අපි අහිංසකයි
      උන් අහිංසකා…………යි

      හිකස්

      Delete
  4. පස් පාරක් කහ ඉර පැනලා එක පාරක් දන ගෑව්වා නං හොඳටම මතක හිටී. එක වතාවක් නුවර ටවුම් මැද්දේ එකෙක්ව ඔය වගේ සිද්දියකදී දන ගස්සවලා තිබ්බා... :)

    ReplyDelete
    Replies
    1. අලි මදිවට හරක් කිව්වලු..මධුරංගටත් හිතෙන දේවල්.කොල්ලෙක් අමාරුවේ වැටුනම ඔහොම කියනවද?

      Delete
  5. අපොයි බං මම හිතුව උඹත් ගල්කිස්සට යන්න ඇති කියල.

    ReplyDelete
    Replies
    1. යන්න තමයි හිතාගෙන හිටියෙ.අවාසනාවක මහතා කියන්නෙ කියල වැඩක් නැහැ.යන්න තමයි ඔක්කොම පෑල්න් කොරල තිබුනෙ.

      Delete
  6. සැර මදි හොදටම දඩුවම නම්. මීට වඩා සැර එකක් දෙන්න තිබබා කියලා තමයි මමත් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ පන්තිභාර සර් කිව්වෙත් අම්මප උබ කිව්ව කතාවමයි බන්.උබේ ලග්නෙ මොකක්ද බන්..හි හි

      Delete
  7. හයියො ඉට හොදයි හිරෙ දැම්මනම් නේ?

    ReplyDelete
    Replies
    1. සිරාවටම..වහ කනව හොදයි බන්

      Delete
  8. එතකොට උඹ මැරතන් එක දිව්වෙ නැද්ද...සිරා කොලුවත් පාසල් කාලෙ මැරතන් දුවපු එකෙක්..ඒ විස්තරය
    මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. මම මැරතන් දිව්වේ නැහැ සිරා අයියෙ..දුවන් එවුන්ට සුපිරි සප් එකක් දුන්න.

      Delete
  9. ඔය වගේම සිද්දියක් මේ ලඟදි අපේ යාළුවෙක්ටත් වෙලා තියෙනවා කහ ඉරෙන් පාර මාරු වුනේ නෑ කියලා. අපහු ගිහින් කහ ඉරෙන් එන්න කිව්වලු...

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් හොදයි.මොකද මම අහල තියෙනව කෙලින්ම උසාවි දාල එහෙමලු දඩේ ගෙවන්න ඕනෙ.

      Delete
  10. හෙහ් හෙහ් ආතල් පනිෂ්මන්ට් එක....
    ස්පොට් මීට් කාලෙට අපි නම් බෑන්ඩ් රූම් එකේ. ආතල් එකේ සිංදුවක් කියාගෙන ඉන්නවා :D
    එකපාරක් මැරතන් දුවලා මම එක වගේ යනවා ඈ..පස්සේ බැලින්නම් අන්තිමයා පස්සෙන් එන වෑන් එක මගේ පස්සේ ....
    ඔක්කමත් හරි ආතල්ම ටිපර් වල නැගලා කෙල්ලන්ට හු කියලා වතුර ගහලා පොලිසියෙන් ටිපර් එක නවත්තනකොට පැනලා දුවන එව්වා.කැලෑ ඇතුලෙයි , අඳුරන්නේ නැති ගෙවල් ඇතුලෙයි.. මරු කාලේ.. :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම සිංදුවෝ..මට කියන්න හිතාගෙන හිටිය ටිකක් උබ කෙටි කරලම දාල තියෙනවා.පට්ට මචං..අපිත් බෑන්ඩ් රූම් එකට රිංගනවා බෑන්ඩ් එකේ ඉන්න එවුන් ටිකත් එක්ක කාලෙ කාගන්න..

      Delete
  11. හයියෝ සල්ලි කොල්ලොන්ට ඔය වගේ දෙයක් අහුවුනාම ඇති මාස ගානකට

    ReplyDelete
    Replies
    1. එහෙනම් කෝරලේටත් මේ වගේ දේවල් වෙලා තියෙන පාටයි..පෝස්ට් එකක් දැම්මොත් නරකද .

      Delete
  12. එල එල ඔය දිගාරින්නෙ මල්ල, මම බොට කිව්වනෙ ලියාපිය කියල...රජ වීදිය දැන් නැගල යනවනෙ...උඹට නම් අවුරැදු දෙක ත=නකට ඕන පොස්ටු ඔලුවෙම ඇති...අපි තමයි ලියන්න ඒව දචවස් ගණන් කල්පනා කරන්න ඔනෙ..ජය..(අලුත් අවුරැද්දට ඒ පැත්තෙ ඇවිල්ල යන්න එන්නම් ජය..&

    ReplyDelete
    Replies
    1. ලියන්න කතන්දරනම් තියෙනව ජෙමා අයියෙ.වෙලාව ටිකක් අඩුයි.අනිත් එක මට බොට තරම් හොදට ලියන්නත් බැහැ.බොට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගත්තනම් හොදයි..අවුරුද්දට සෙට් වෙනකම් ජය..

      Delete
  13. අපේ බලවත් කනගාටුව :-D

    ReplyDelete
    Replies
    1. මදෑ එහෙනම් දිලිනිවත් ශෝකය ප්‍රකාශ කොලා...

      Delete