Saturday, February 8, 2014

බාහු මාමගෙ පච කතා..

මේ දවස් වල ටිකක් විතර කාර්යබහුල වෙන්න වුණා.මොකද අපේ ගෙදර පොඩි වැඩ වගයක් යන නිසා.පොඩි වැඩ වගයක් කියන්නේ ඇත්තටම ගෙදර පින්තාරු කොරනව.ඒ නිසා මැසිම කොහෙද කියලත් මතක නැහැ.ඔන්න අද තමයි දැක්කේ adsl රවුටරේ කාමරේ මුල්ලක තියෙනව.ඔෆිසියට ගිහින් බ්ලොග බලන්නෙත්.බුකියට වෙලාව ලැබුනොත් යනව.

ලගකදී අපේ ගෙවල් පැත්තේ එවුන් ටික සෙට් වූනු වෙලාවක කියපු කතා ටිකක් තමයි මේ කියන්න යන්නෙ.මොකද ඒ කතා ටික මම කියපු දේවල් නිසා.අපේ ගෙවල් වලට අල්ලපු ගෙදර ඉන්නෙ සුදු මාමයි බාහු මාමයි එයාලගෙ අම්මයි.මොකද ඔය කියන දෙන්නම කසාදයක් කොරගෙන නැහැ.බාහු මාම හමුදාවෙ කෝකි වරයෙක්.මමත් කාල තියෙනව එය උයන කෑම.පට්ටම රහයි.මට මතකයි ඉස්සර අපේ ගමේ දන්සලට උයන්නෙත් බාහු මම තමයි.සුදු මම ගෙදරට වෙලා අම්මව රැක බලාගෙන ඉන්නව.

බාහු මාම නිවාඩු එනකම් තමයි අපේ පැත්තෙ ඉන්න සමහර එකාලා බලාගෙන ඉන්නෙ.මොකද මනුස්සය හරිම හිත හොද මනුස්සය නිසා පිනට ගහන්න පුළුවන් කියල හැම එකාම දන්නව.එතකොට සුදු මාමටත් හොදට සලකන්නත් බාහු මාම වගබලාගන්නව.එදාට ඉතින් සුදු මාමට රජ මගුල්.පොඩ්ඩක් නැටුම් තෙල් ගත්තම තමයි සුදු මාමගෙ කටට පන එන්නෙ.අනිත් වෙලාවට හරිම අහිංසක මනුස්සය.

මේ කියන්න යන සීන් එක අපේ රටේ යුද්දෙ ජයටම යන දවස් වල වෙච්ච දෙයක්.ඒ කිව්වෙ 2007 2008 වගේ තමයි මතක.



ඔන්න දවසක් බාහු මාම නිවාඩු ඇවිල්ල කට්ටිය එක්ක සෙට් වෙලා හෙනම පාටිය..ඔය අස්සෙ සුදු මාමටත් බාගයක්ද කොහෙද ගෙනත් දීල.මම දැක්ක පැත්තකට වෙලා තියාම හොරාට ගහනව.බාහු මාම කොච්චරනම් ඇත්ත කියනවද කිව්වොත් අපේ පැත්තෙ මනුස්සයට කියන්නෙ පචබාහු කියල.මමත් රෑ නමයට විතර දත් ටික මැද මැද කුස්සිය පැත්තේ ඉන්නකොට පොඩ්ඩ පොඩ්ඩ බාහු මාමගෙ කට හඩ තීව්ර වේගෙන එනව.මමත් ඕන මගුලක් කියල පොඩ්ඩක් කන් දුන්න බලන්න.

මොකුත් නැහැ දැන් බාහු මාම අරින නයි වලට නුල් දෙන්න කට්ටිය පොරකනව.මොකද පිනට ගහන්න පුළුවන්නෙ.කොච්චර ඒකාල හිටියත් අන්තිමට මනුස්සයට නිවාඩු ඉවර වෙලා ආපහු යන්න අතේ සතේ නැති වෙනකොට රුපියලක් දෙන්න එකෙක් නැහැ.මිනිස්සුනම් කියන්නෙ බාහු නිවාඩු එනකොට සිගරට් පෙට්ටිය උද සාක්කුවෙලු ගෙන එන්නෙ වීරයා වගේ.අන්තිමට සකුර බීඩිය ගහගන්නත් අතේ පිච්චිය නැතුව යනව.පව් මොනව වුනත් හොද මනුස්සය.

ඔහොම නයි අරින අතරතුරේ එන පොට හොද නැති බව දැනගෙනද කොහෙද එකා දෙන්න වෙලා පැත්තෙන් මාරු වෙනව මම බලාගෙන.

ඔන්න දැන් අයිය මලෝ පොඩ්ඩක් අර ගන්න යන්නෙ වගේ කියල මට හිතුන.මොකද ඒක හැමදාම වෙන බව මම දන්නා නිසා.දැන් ඔන්න දෙන්න සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තාලෙට හුවමාරු කරගන්නව.ඔය අස්සෙ මට හොදටම හිනා.මොකද හෙට උදේට අයෙත් දෙන්නම මර ෆිට් එකේ වැඩ කොච්චර රණ්ඩු වුනත්.කවදාවත්ම ගහගන්නෙත් නැහැ.කටින් විතරයි හැමදේම.

ටික වෙලාවකින් සද්දෙ පොඩ්ඩක් අඩු වෙලා පැත්තම නිශ්ශබ්ද වෙලා ගිය.ඔන්න එතකොට හෙමීට බාහු මම එයාගෙ අම්ම ලග ගිහින් හොරට කියපි 

"අම්මේ මම උඩහ කොටි මර විදියට මේක මරණ එක ලොකු දෙයක් නෙවෙයි කියල."

කොහොමහරි ඔය කතාව සුදු මාමාට ඇහුන ..මිනිහට දැන් මලෙත් හොදම එක ..හැරෙන තැපෑලෙන්ම සුදු මාම කියපි 

"අනේ පල තෝ යන්න පචබාහුවො..තෝ මරණව කොටි නෙවෙයි එළවලු ඉන්න මැස්සොයි පනුවොයි."

මට උන්හිටි තැන් අමතක වෙන්න හිනා.මොක ඔය වගේ දෙයක් අපිට කීයටවත් කට එන්නේ නැති නිසා.ඔහොමම ටික වෙලාවක් දෙන්නම කටින් ගහගෙන දෙන්නටම ඇති වෙලා නැවැත්තුව.ඔය කතාව පල්ලෙහා ගෙදර අයියත් අහගෙන ඉදල උදේම මට කිව්ව.අපි දෙන්නට නවත්ත ගන්න බැහැ හිනාව.

පාරේ එවුන් ටික දැන් කොහේදී සෙට් වුනත් මටයි අයියටයි කියන්නේ බාහුගෙ කතාව කියපන්කො කියල..

36 comments:

  1. අඩේ පවු බං මෑන්.

    හෙඩිම දැකපු ගමන් මන් හිතුවෙ අර මෑන් ගැනයි කියලා. අර අරූ බං අරූ.
    සිංහබාහු නෙමේ බං වික්‍රමබාහු.

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ල මුළු රටටම ඉන්න පිලලයක්නෙ බං..ඔය වගේ හරක් ඉන්නත් ඕනේ..

      Delete
  2. ඔය පැත්තෙ කෝකි වැඩේ කරන තව මාම කෙනෙක් ඉන්නව නේද ඒ මාම නං අපේ පැත්තෙත් උයන්න එනව.

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් තුන්දෙනේක්ම ඉන්නව..තට්ටෙ තියෙන කෙනෙක් ගැනද කියන්නෙ..?

      Delete
  3. හැම ගමකම ඔහොම චරිත ඉන්නවා. ඔහොම චරිත කියන බොරු වලින් කාටවත් හානි වෙන්නේ නැහැ. පුරාජේරු විතරයි. අහිංසක බොරුකාරයෝ.

    මෙන්න තවත් අහිංසකයකුගේ කතාවක්.
    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත..ඒ මිනිස්සු හරිම අහිංසකයි..

      Delete
  4. //මොකුත් නැහැ දැන් බාහු මාම අරින නයි වලට නුල් දෙන්න කට්ටිය පොරකනව.මොකද පිනට ගහන්න පුළුවන්නෙ.// ..))

    ReplyDelete
  5. සමහරු ඉන්නව එයාල බොරු කියන්නෙ ආත්ම ගත පුරුද්දක් විදියට... එයාල කියන දේවල් අහල ආතල් ගන්න ඕනද නැත්තං අඩන්න ඕනද කියල තමාහිතා ග්නන බැරි
    හිහි

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර මිනිස්සු ඉන්නව ඒ මිනිස්සු බොරු කියන්නෙ හිතල නෙවෙයි ඉබේටම කියවෙනව..

      Delete
  6. පච බාබු කිව්වම මම හිතුවේ වික්‍රමබාහුගේ කතාවක් කියන්න යනවා කියලා....පව් ඕයි අහිංසක මිනිහා

    ReplyDelete
    Replies
    1. අහිංසකයි කියන්නෙ උපරිමයි බං..

      Delete
  7. කිව්වත් වගේ ආමි එකේ උයන කට්ටියට සුපිරියටම උයන්න පුළුවන්. අපේ මාමා කයෙක් ඉන්නවා ආයේ කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොහොමද කෑම..අතිවිශිස්ටයි සර්

      Delete
  8. ඔක්කොම බාහුල පච කාරයොද

    ReplyDelete
  9. අපේ පැත්තෙත් ආමි කෝකි වරයෙක් ඉන්නවා...අපි ඉස්සර රට වටේ ගිය 50 - 60 ට්‍රිප් වලට එයාව තමයි එක්කගෙන යන්නෙ...ආයෙ ලුණු බැලිලි අරවා මේවා නෑ වන්ෂොට් හැමදෙයක්ම...පැයකින් උයලා ඉවරයි....වැව් මාලු එකක් හදනවා මලයො....මතක් වෙද්දි කටට කෙළ උනනවා...

    ReplyDelete
    Replies
    1. ඔය මිනිස්සු වැඩ කරනව කියන්නෙ ආයේ අපිට හැරෙන්නවත් බැහැ සිරා අයියෙ...අනිත් එක ඔය මිනිස්සු හරිම අවංකයි ඒකත් කියන්නම ඕනෙ..

      Delete
  10. මම හිතුවේ වෙන බාහු කෙනෙක් ගැන කියනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ බාහුව ගැන කතා කරලා වැඩක් නැහැ බං..

      Delete
  11. ඔන්න රජ වීදියෙන් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ...ඔය වගේ චරිත බොරු පුරාජේරුව කියවලා පොඩි අහිංසක සතුටක් ගන්නේ..කාටවත් හිරිහැරයක් නෑ...

    ReplyDelete
    Replies
    1. කොළුවව ඉහලින්ම රජ වීදියට පිළිගන්නව එහෙනම්..කාටවත්ම කරදරයක් නැහැ තමයි බං..

      Delete
  12. මම හිතන්නෙ මේ බාහු කියන නමේ වැරැද්දක් ???බාහුලා පච අරින උන්ද කොහෙද ???

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං එක තමයි හැමඑකාම කියන්නෙ...

      Delete
  13. ඕවගේ මිනිස්සු ඉන්න එකත් එක අතකට හොඳයි.. කම්මැකිකමක් නෑ නේ :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එතකොට තමයි මේ ලෝකෙ සමබර වෙන්නෙ..

      Delete
  14. මාත් හිතුවෙ වික්‍රමබාහු මහත්තය ගැන කිව්ව කියල

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තය ගැනත් පෝස්ටුවක් දැම්මොත් හොදද මන්ද?

      Delete
  15. පට්ට බන්... පච කාරයො ඉන්නව.. උන් බොරු කියන්නෙ නිකන් බලා හිටිය වගේ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම ..පෙළක්එවුන් බොරු මවනව බං හිතාගන්නවත් බැරි විදියට..

      Delete
  16. නියම නම පච බාහු මේ එක නෙවෙයි ගොයියෝ අකුරු අඩුපාඩු ටිකක් වැඩියි මේ පොස්ට් එකේ කලබලෙන්ද ලිව්වේ ඉඩ තියෙන වෙලාවක හදලා දාන්න

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මහත්තයො ටිකක් හදිස්සියෙ වගේ තමයි පොස්ට් එක දැම්මෙ..අඩුපාඩු ටිකක් ඇති..

      Delete
  17. හැමෝම වගේ මෙතනට ඇවිත් තියෙන්නේ නමට ‍රැවටිලා වගේ. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් මේ බැලුවෙ.. :D

      Delete