Wednesday, April 2, 2014

අවුරුද්දට ගමේ යන්න ....

පින්තූරය ගූගලයෙන් සොයාගත්තෙමි )

අවුරුද්දට ගමේ යන්න 
සැලරි දෙකක් ලැබුණා මට 
සුදු දෝනිගෙ ගවුම් රෙද්ද 
හැඩට තියෙයි රැලි වැටුනම 

ලොකු පුතාගෙ ඉරුණු සරම 
මතක් වුණා හීනෙන් මට 
රතු පාටට බතික් කෙරුව 
සරමක් මම ගත්ත පුතුට 

මගෙ හාමිනෙ හැඩවෙන්නට 
යසට කැපෙයි සුදු චීත්ත 
හැට්ට රෙද්ද මල් වැටුනම 
සිරියාවයි ඇගෙ සිනහව 

ගල් පැලෙන්න ගොරව ගොරව 
මහ හයියෙන් වැහි වැටුනම 
එල්ලෙ ගැහුවෙ අපෙ ලියද්දෙ 
අවුරුද්දට අපි හැමෝම 

ලොකු අක්කත් පොඩි මල්ලිත් 
මහ ගෙදරට එන දවසට 
පොළොස් ඇබුල හදල තිබුනෙ 
අපෙ අම්මනෙ කටට රහට 

නොනගතේට කැවුම් කාපු 
අපිට හොරෙන් ඇලේ පැනපු 
පොඩි එවුන්ව අල්ල ගන්න 
අප්පොච්චා දිව්ව තරම

මේ හැම දේ රස බලන්න 
අවුරුද්දට බඩු අරගෙන 
උඩරට මැණිකේ එක්කල 
මම එනවා ගම බලන්න 

පොඩි එවුන්ට බුල්ටො දුන්න 
මුදලාලිගෙ ණය ගෙවන්න 
මම එන්නම් කඩ පොලටම 
මගෙ හාමිනෙ ඇවිත් ඉන්න 

ඇගේ ගාන සුවද සබන් 
පොඩි එවුන්ට පව්ඩර් ටින් 
අරන් දෙනව මේ පාරත් 
ගමට ආපු දවසට මං.




28 comments:

  1. ශා සුන්දර හීනයක් වගේ කතන්දරයක් කියවෙන්නේ මේකෙන්, දැන් එතකොට ඇත්තටම් හාමිනේ බලන් ඉඳියිද ඹ එනකොට ඔය සෙන් පව්ඩර් ගන්න

    ReplyDelete
    Replies
    1. තාම හාමිනේ කෙනෙක් හොයනව බං..ලැබුනොත්නම් බලාගෙන ඉදියි..ඒත් විශ්වාස නැහැ බං..හි හි

      Delete
  2. කොහේද ඔය ගම තියෙන්නෙ හැබෑට?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මමත් තාම හොයනව.උබට හම්බවුනොත් මටත් කියපන්..

      Delete
  3. රජ වෙලේ අපි නං එල්ලෙ ගහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපිත් හැම අවුරුද්දෙම ගහනෝ..මේ අවුරුද්දෙත් එසේමයි..

      Delete
  4. හරිම ලස්සනයි.. :)

    උමෙෂ්ට හාමිනේ කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා නම් බලන් යද්දී උමේෂ් අන්කල් කෙනෙක් නේ.. :p

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මට ලැජ්ජ හිතෙනෝ..

      Delete
  5. අනෙ හප්පේ බං උඹටත් හිතෙන දේවල් හැබෑටම. :)

    කාලෙ වෙනස් උනත් ගම නගරෙ උනත් ඔය අඩුම කුඩුම වෙනස් උනත් අද‍ටත් අවුරුදු කාලෙට බහුතරේක බලාපොරොත්තුව ඕකනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැන් අපේ රටේ අපිට කියල තාමත් රැකිල තියෙන්නෙ ඔච්චරනේ..

      Delete
  6. ඔය චීත්ත අදින හාමිනේ උඹට දඹානේන් වත් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ලියන්න කලින් මටත් ඕකම හිතුන සිංදුවෝ..

      Delete
  7. ලස්සන අදහස් ටික උමේෂ්..///.ගැටළුව තියෙන්නෙ 9 වෙනිදා පඩි ලැබුණට පස්සෙ ආයෙම ලැබෙන්නෙ මැයි විසි ගණන් වලනේ නේද.......

    ReplyDelete
    Replies
    1. ඔව් බං අවුරුදු කෑව වගේ නෙවෙයි වෙසක් එහෙම බලන්න වෙන්නෙ හතේ හත වැදිල..

      Delete
  8. මට මතක් වුනේ අමරසිරි පීරිස් මහත්තයගෙ පරන ගීතයක්..

    මට ගමට එන්න ගමට එන්න කුරුලු පිහාටුවක් එවන්න..
    පොඩි මල්ලි අතේ අනේ අම්මෙ කුරුලු පිහාටුවක් එවන්න...

    ජය වේවා..

    ReplyDelete
  9. අතීත අවුරුදු මතකයක් වගේ. දැන් කොහෙද මෙව්වා???

    ReplyDelete
    Replies
    1. එහෙම නැහැ තාමත් මේව මේ විදියටම තියෙන ප්‍රදේශ තියෙනව..

      Delete
  10. සැලරි දෙකෙන් ඔක්කෝම කර...
    මාස දෙකක් විදවන්නද
    කල්පනාව හිතට අරන්
    තියෙන හැටියේ වැඩ කරහං..

    ReplyDelete
    Replies
    1. දේශකය කියන කතාව සහතික ඇත්ත..

      Delete
  11. ලස්සනයි බොලන් මාත් ඔහොම හීන දකිනවා එත් වෙන්නෙම නැත්තෙ ඔය ගමේ සීන් ටික ..කොම වුණත් හිතට දැනුනා අවංකවම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ දර යා..

      Delete
  12. අපූරුයි.. අවුරුද්ද්ට ගමේ යන්න තියනව නම් කොච්චර ශෝක්ද...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකෙ තියෙන ගතිය මාරයි..

      Delete
  13. උඹටත් හිතෙන දේවල්.. කෝම වුනත් සුන්දරයි බං.. අපිට ඉතින් කොහෙන්ද අවුරුදු කිවුවලු..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං..කට්ටිය සෙට් කොරගෙන වෙනසක් කොරපන් කෝමහරි..

      Delete
  14. ඇත්තටම සංවේදී කවි පංතියක්... අවුරුද්දට ගමේ යන්න හීන දකින තාත්ත කෙනෙක්...
    ඔයාගෙ සිතුවිල්ලට පණ දීපු ආකාරය නං සුපර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්..

      Delete