Tuesday, September 30, 2014
මේ දවස්වල ..
වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට
කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන
දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද
වයබ අපේ සිරි මහතා දන්නවද
රත්නපුරේ අපෙ පොලිසිය නිර්භීතයි
ගැහැණු කෙනෙක් දුටුවිට එය තවත් වැඩියි
මහ පාරේ වුනත් පොල්ල අතට ගනියි
පොල්ල නැතත් වයර් පොටක් අතේ තියෙයි
අහල තියෙනවද උණ්ඩය කැරකෙනවා
වෙඩිතිබ්බම ආපසු එය පැමිණෙනවා
හිටි හැටියෙම ආයුධ වෙඩි හඩ දෙනවා
දකින ඈයො එය නොදැක්ක වගෙ යනවා
කිරි පිටි මිල ඉහල යනව නොදැනීම
කුඩු ටික අපෙ රටට එනව නොදැනීම
ඩීසීඩී අපි බිව්වලු නොදැනීම
එහෙව් රටට මොනව වෙයිද ලගදීම
මොකා වුනත් වෙනස් වෙනව ආවාම
පවුල් පිටින් ගොඩ යනවා ආවාම
සොකඩයො ටික උඩ එනවා පෙරසේම
කටුස්ස වගෙ පාට වෙනව හැමදාම
කොමිස් ටිකයි පගා ටිකයි වැටුණාම
සුවිස් වලලු පොත තියෙන්නෙ දන්නවද
මහ හොරු ටික වලපල්ලට ගියදාට
හැකිවේවිද ගොඩ යන්නට අදුරේම..
Subscribe to:
Post Comments (Atom)
පට්ට කයිය මචං..............
ReplyDeleteකවිනම් ඉතින් අපි අත්දෙකම උස්සලානේ.. නියමයි. කවිය හරි අගේට පද ගලපලා තියෙනවා.. හරිම ලස්සනයි.
බොහොම ස්තුතියි....
Deleteමොකා ඇවිත් මොන මොනවා කරල ගියත්
ReplyDeleteඡන්දෙ දාට වැඳගෙන ගොස් ඡන්දය දෙත්
ඊට පස්සෙ කට විරවා බලා සිටිත්
වෙනස් වෙයං මේ සැරේවත් වෙනස් වෙතොත්
ඡන්දෙ දෙන්න අපිත් යනව හිමිදිරියේ
Deleteකාට වුනත් අපිත් දෙනව කඩිමුඩියේ
එළිවෙනකොට කරේ තියන් ගම් කෙලියේ
උඩින් යනව අපේ ගොනා ලහි ලහියේ..
දෙන්නෙම නෑ තොපිට ඡන්ද
ReplyDeleteඅපි කරනවා හොදට මන්ද
ඡන්දෙට පෙර දින දෙක තුන
අපේ මොල කන බේත් වේල
අපිට එපා තොපේ ඡන්ද
Deleteඅපි දානව හොරට ඡන්ද
පට්ටයිනෙ බන් උමේෂ්. නියම.
ReplyDeleteදැන් ආයෙ දිගටම ලියනවද?
ස්තුතියි මචං..
Deleteලියන්න තමයි බන් හිතාගෙන ඉන්නෙ..
එල ද බ්රා.
ReplyDeleteස්තුතියි මචං..
Deleteඅම්මට හුඩු කාලෙකින්,.... පට්ට කවියක් එක්කම
ReplyDeleteමේ පැත්තෙ ආවට ස්තුතියි ඉවාන්..
Deleteහප්පේ කාලෙකින් ඇවිත් ඉන්නේ මේ... මේ දවස් වල විස්තර කියන්න ....
ReplyDeleteකාලේට ගැලපෙන්න නියමෙට ලියලා තියෙනවා..
ස්තුතියි තුෂානි..
Deleteමෙදා පොටේවත් දිගටම ලියපං කොලූ...
ReplyDeleteඑහෙම තමයි සිරා අයියෙ හිතාගෙන ඉන්නේ..
Deleteමේ දවස්වල සමහරුන්ට පෙනෙනවා තරූ
ReplyDeleteඒ හින්දා බලනවා උපන් පත්තරේ කොටූ
බඩමිල නොවැ අපටත් පෙන්නන්නේ තරූ
කන්න වෙන්නේ යන විදියට අපිට හොටූ
ඔව් සොමියො කතාව ඇත්ත..
Delete