Sunday, September 22, 2013

සිතෙහි රජ වීමට ....





ඔබ සතුට පසුපස දිවයන්නේද සතුට ඔබ සොයා එන්නේද..
කදුළු ඔබ නොසොයයි එනමුදු කදුළු ඔබව සොයයිද 
පිනිබිදු වැටුනද උණුහුම දෙදරා යායුතුමද..
තිබියයුතුමද ආත්මයක් ඔබ ඔබව සෙවීමට..

ආදරය හුදෙක් අංශු මාත්‍රයක් වූ කල 
විරහව නෙත් යුවලක් වූ විගසට 
අතීතයේ අංශු මාත්‍රය කදුලක්මනම් 
ඉන් මිදීමට පළමුව හෝ දෙවනුව ඔබ දිවයායුතු වේනම්...

හමන මදනලට එක් හුස්ම පොදක් 
එසේ මුසුවන මදනලෙහි එක තීව්රයකට 
පවනටම බදු වූ ඔබේ ආදරය 
කවදානම් සැනසුමක් වේද 

අවසානය ගැටළුවක් නොවීමට 
වියැකුණු හෝ මියැදෙන 
කල්‍යාණ මිත්ත්‍රත්වයේ ආත්මාර්තකාමී වූ ප්‍රේමය 
කවදා හිමිවේවිද නොබලන අතීතය .... 

4 comments:

  1. චින්තා කවක්....

    ReplyDelete
  2. කවිය ලස්සනයි ඇත්තටම.. පිළිතුරු කවියක් ලියන්න කාලය මදි නිසා මෙහෙම ලියලා යන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ආයෙත් රජ වීදිය පැත්තෙ ඇවිත් යන්න එන්න.

      Delete