Friday, September 27, 2013

අතරින් පතර

                       හුග දවසකින් මට බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනාට නිතරම අලුත් මොනාද කියලනම් බැලුව.මේ දවස් වල පට්ටම චාටර්.මොකද කියනවනම් නිතරම අහන්න වෙන්නේ මට පාඩුවක් වෙන දේවල්ම තමයි.මේ ලගදි මට පොඩි ඉන්ටර්විව් පාරක් සෙට් වුනා.ඒ company එක හොදයි කියල මම අහල තියෙනව.මමත් ඉතින් පොර වගේ ගියා බලන්න මොකද වෙන්නෙ කියල.ඒක තියෙන්නෙ වැල්ලවත්තයි දෙහිවලයි අතර.මමත් ඉතින් මොරටුව බස් එකකට නැග ගත්ත.කතා කරපු කෙනාගෙන්ම මම තැන කොතනද කියලත් අහගත්ත.මොකද මම ඔය කියන පැත්ත ගැන ලොකුවට දන්නෙ නැති නිසා.කතා කරපු කෙනාගෙ කටහඩින්ම මට ඉන්ටර්විව් එක යන්නම හිතුන.ඒ තරමට මාරම ලස්සන කටහඩක් එයාට තිබුනෙ.ගංගාරාමේ එහෙම පහු කරගෙන කොල්ලුපිටිය හන්දියටත් ආවයි කියමුකො.කොහොමහරි බම්බලපිටියත් පාස් කරගෙන වැල්ලවත්තට කිට්ටු කලා.මමත් ඉතින් අර ලස්සන කටහඩින් කියපු තැනින්ම බැස්ස.එයා කියපු විදියටනම් බැහැපු ගමන්ම ඒ කොම්පැනි නම ගහල තියෙනවා කිව්වා.ඒ විදියටම තිබුන.මම එතන ගිහින් ඉස්සරහ ඉන්න ඔය පිළිගැනීමේ නිලදරියගෙන් ඇහැව්ව
 "මම ආවේ ඉන්ටර්විව් එකකට.මම කොතනටද යන්න ඕනේ කියල".
වෙන තැන්වල වගේ නෙවෙයි මෙතන පිළිගැනීමේ නිලධාරියට හිටියේ මැදි වයසේ පිරිමි කෙනෙක්.මට ටිකක් තරහත් ආව.ඇයි දෙයියනේ මුන්ට හෙන ගහලද හොද ගෑනු ළමයෙක්ව තියන්න.කොහොමහරි ඔය නිලධාරියා මගෙ විස්තර ටික අහගෙන කාටද මන්ද කතා කරලා මොනවද මන්ද ඇහෙව්වා.ඊට පස්සෙ මට කිව්වා ටිකක් ඔහොම ඉදගෙන ඉන්න ඔයාට කතා කරයි කියල.මම එයාගෙන් ඇහෙව්වා 
"වොෂ් රූම් එකක් තියෙන්නෙ කොහෙද කියල?".
හැරෙන තැපෑලෙන්ම බුවා ඇහෙව්වා 
"මොකටද ටයි එක දාගන්නද කියල".
ඉතින් මම කිව්වා ඔව් කියල.එතකොට බුවා මට කියනවා ඔතන ඉදගෙන දාගන්න කියල.මට නේද ඌරු ජුවල්.ඇයි දෙයියනේ දාඩිය පෙරාගෙන අව්වෙ කට්ට කාල කාල මෙහෙම යන්න පුලුවන්ද ඉන්ටර්විව් එකට.මොන කරන්නද ඉතින් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ කියනවනෙ.ඉතින් මමත් එතන ඉදගෙනම ටයි එක දාගත්ත.ඒ වෙලාවේ මට ඉන්ටර්විව් එකට ඉන්නෙ නැතුව ආපහු යන්නත් හිතුන ඇත්තමයි.මොනව කරන්නද ඉතින්.අනිත් එවුන් බලාගෙන ඉන්නකොට මට පොඩි ලැජ්ජාවකුත් ආවෙ නැතුවම නෙවෙයි.මොන කරන්නද දුක තමයි.කොහොම කොහොමහරි ඉන්ටර්විව් එක ඉවර වෙලා මම ගෙදරත් ආව.ඒත් ජොබ් එක ගැනනම් මට ලොකු කැමැත්තක් නැහැ.මොකද උන් කියල තිබුණු එක නෙවෙයි බලාගෙන යනකොට කරන්න තියෙන්නෙ.ඒව වැඩක් නැහැ.මම කිව්වෙ ඉතින් මිනිස්සුන්ගේ හැටි.


               මම දැන් වැඩ කරන තැන නියමයි.අලුත් මොනවද ඒ හැමදේම මෙතන තියෙනව.එත් ඉතින් තාම මාව හරියටම ආයතනයට ගත්තෙ නැති නිසා පොඩි නෙවෙයි ලොකු බයක් තියෙනව.එත් ඉතින් මගේ බොක්ක වගේ ඉන්න අයියලා දෙන්නනම් කියන්නෙ මල්ලි උබ ගොඩ කියල.මටත් එහෙම හිතෙන්නෙ නැතුවමත් නෙවෙයි ඒත් බයයි.හිතනව කවදහරි ගොඩයයි කියල.බලමුකො නේද.ඒක නෙවෙයි මම මේ කරගෙන යන පොඩි බ්ලොග් එක ගැන මගේ යාළුවො කව්රුවත්ම දන්නෙ නැහැ ජෙමා අයියා ඇරෙන්න.දැන්නම් එක්කෙනෙක් දන්නවා.අයත් මගේ හොද ෆිට් එකක් තමයි.

        කතාවට කියනවනෙ රස්සාවටයි පරස්සාවටයි ඉක්මන් වෙන්න හොද නැහැ කියල.මමත් දැන් ඉන්නේ ඔන්න ඔය කියපු ප්‍රතිපත්තියෙ.බලමුකෝ මේකෙවත් ඉදල නේද?ජෙමා අයියනම් කියන්නේ පොඩ්ඩක් ඉවසල හිටපන් කියල.සමහර අපි හිතාගෙන ඉන්න හොදම යාළුවො මේ පන්ති ගියේ කෑවෙ බිව්වෙ එකට.අපි කෝල් එකක් එහෙම දාල කිව්වොත් මචං තියෙනවනම් පොඩි ජොබ් එකක් හොයල දීපන් කියල.උන් කොහොමද දන්නවද කියන්නෙ 
"මචං මගේ ඔෆ්ෆිස් මේල් එකට උබේ cv එක මේල් කරපන්"
 කියල.මම කියනවා ඉතින් මචං මන්ලග තියෙන්නේ උබේ gmail එක විතරයි කියල.මොකද ඉතින් අපිට හැමෝටම වගේ ඔෆ්ෆිස් මේල් නැහැනෙ.
"හරි මචං මන් උබට මගේ ඔෆ්ෆිස් මේල් එක sms කරන්නම්".
හැබැයි ඉතින් තාමත් මට ඒ කියපු sms ආවෙ නැහැ.තාම මගද කොහෙද.ඔන්න ඔහොමයි අපේ අය.හැබැයි ඉතින් හැමෝම ඔහොම නැහැ.සුපිරි අයත් ඉන්නව.

6 comments:

  1. එහෙනම් අලුත් රැකියාවට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අපෝ තාම සෙට් වුනේ නැහැ.සෙට් වුන ගමන් කියන්නම්.

      Delete
  2. කොල්ලෝ ඔන්න උබව අද තමයි සැට් උනේ..... දැන් ඉතින් දිගටම එන්නම්
    "කතාවට කියනවනෙ රස්සාවටයි පරස්සාවටයි ඉක්මන් වෙන්න හොද නැහැ කියල." මෙන්න මේකටනම් එකග වෙන්න බෑ කොල්ලෝ පරස්තාවට කෙසේ වෙතත් රස්සවනම් පරක්කු කරන්න එපා ..... ඉස්සෙල්ලම සැට් වෙන ඕනෑම ජොබක් කරන්න ගන්න ..... වැඩ කරන ගමන් බලන්න එක හොදද නැද්ද කියල හද නැත්නම් වෙන එකක් හොයා ගන්න එත් ඒ වෙන එක හම්බ වෙනකනුත් හොද නැති එක දිගටම කරගෙන යන්න ...... මොකද හොදම අත්දැකීම් ගන්න පුළුවන් නරකම වැඩ වලින් තමයි

    ReplyDelete
    Replies
    1. දැනටත් එහෙම තමයි මම කරන්නෙ මචං.මට ලැබුණු පලවෙනි ජොබ් එක තමයි මම තාමත් කරන්නෙ.එකට මම ගොඩක් කැමතියි.ලොකු ලොකු පඩි නැති උනත් මම ගොඩක් ආසාවෙන් වැඩ කරනවා.ජයවේවා ..

      Delete
  3. රැකියාවක් හොයා ගැනීම අද වෙනකොට අමාරුයි තමයි.ඒ වුනාට ඕනෙවට වඩා හිත අවුල් කරගන්නේ නැතිව බලන්න. ඉන්ටර්විව් එකකට ෆේස් කරන විදිහෙන්ම වුනත් ජොබ් එක ලැබීමේ ප්‍රථිශතය වැඩියි. ඉක්මනට හොඳ රැකියාවක් ලැබේවි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි.සොයන්නට හම්බවේ කියනවනෙ.බලමු නේද මොකද වෙන්නෙ කියල.ස්තුතියි රජ වීදිය පැත්තෙ ආවට..

      Delete