Sunday, September 29, 2013

වින්දනීය ලෝකයෙන් පැතිකඩක්







නොමියෙන ලෝකයේ මියෙන අතීතය 
වර්මානයේ නොදකින තුන්මන්සල 
කවාකාර ලෝකයේ නොපෙනෙන්නාවූ ද 
වර්මානයේ නිපුණත්වය අනාගතයට ද 

දෑතින් රැගෙන යනු වස් එය 
නොපෙනෙන්නට දෑස් වසා සිටියේනම් 
පියවි ලෝකයේ නොපෙනෙන්නාවූ දෙයක් වීනම් 
පවසන්නාවූ ව්‍යන්ගාර්තය කෙබදුද..

විදීමට නොව විදවන්නන් හට 
ජීවත්වීමේ අයිතිය රැදෙන්නාවූ හුස්ම පොදෙහි 
අවසානය වාතලයට එක්වුකල 
සියලු මතකයන්හි අවසානය දෑතෙහි නොරැදෙනු ඇත 

කවදා ළගාකර දේවිද සිහිනයෙහි වූ කදුළ 
ඉකිගසන්නාවූ දෙසවනින් සවන්දෙන්නා මෙන් 
දුකෙහි සතුට සොයනා හසරැල්ලෙහි
දෝරගලනා ප්‍රේමය තනිකඩබවයි     

6 comments:

  1. වර්ථමානය හරි අපූරුවට කවි කරලා..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි..වර්ථමානයේ අනාගතය මෙහෙම වෙන්න පුළුවන්.

      Delete
  2. ලස්සණ යි සිතුවිල්ල. අතීතය මිය යනවා නම් කොච්චර හොඳ ද? වර්ථමානය නෙමේ හොඳේ...වර්තමානය.

    ReplyDelete
    Replies
    1. අතීතය මිය යන්නෙනම් නැහැ ඉතින් කවදාවත්ම.මමත් ගොඩක් ට්‍රයි කරල තියෙනවා.මට හොදටම සිංහල බැහැ.වැරදි තියෙනවනම් මෙහෙම කියන එක ගොඩක් හොදයි..ස්තුතියි දිලිනි ..

      Delete
  3. ඔහොමම අනාගතයටත් ගියානම් නේද හොද ???

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අතීතය අමතක කරල අනාගතයට යන්න වෙනවමයි.නැත්නම් අපි අපේ ජිවිතෙන්ම පරද වෙනව..

      Delete