Tuesday, October 15, 2013

දිනූ මව්බිම සුරකිමු

                      මටනම් හිතාගන්න බැහැ ඇත්තමයි දැන් මේ ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙළද කියල.මොකද දැන් ඉන්න බහුතරයකට හරි ප්‍රතිපත්තියක් නැහැ.මේ කියන එක නෙවෙයි මේ කරන්නෙ.කට්ටියට මතකද දන්නෑ කාලයක් ලංකාවේ තිබුණු යුද්ධය.හුගක් අයටනම් එහෙම එකක් තිබුනද කියලවත් දැන් මතක නැහැ.ඒ තරමටම මිනිස්සු වෙනස් වෙලා.මොන දේ උනත් ඒක අපේ ජීවිත වලට කොච්චරනම් බලපෑම් ඇතිකලාද?ඒ කුරිරු යුද්ධය නිසා අපිට ලංකාවේ කොච්චරනම් ජීවිත අහිමි උනාද?ඒ දවස් වල උදේට ගෙදරින් එලියට බහින මනුස්සය හවසට දකිනකම් විශ්වාස නැහැ.මොකද ඒ තරමටම රටේ තත්වය හොද මදි.මුළු ලෝකයක්ම එක හඩින් කිව්වේ කොටිය තමයි ලෝකෙ දැනට ඉන්න දරුණුතම ත්‍රස්තය කියල.එහෙම කිය කිය ඒවටම උදව් කරපු උනුත් නොහිටිය නෙවෙයි.එහෙම එවුන් පිටරටවලත් හිටිය අපේ රටෙත් හිටිය තාමත් ඉන්නවා.අවුරුදු තිහක් පුරාවටම තිබුණු ඒ පිළිකාව ලංකාවේ , අම්මගෙ කිරි බිව්ව එඩිතර කොල්ලන්ට කෙල්ලන්ට සුවකරලා දාන්න ගියේ අවුරුදු පහකටත් වඩා අඩු කාලයක්.සමහරමිනිස්සුනම් මේවට හිනත් වුණා.කොහොම උනත් හැමෝම දැනගන්න ඕනෙ අද අපි බය නැතුව පොළොවේ පයගහල ඉන්නේ කව්රු නිසාද කියල.අම්මෝ ඔන්න කලින්ම කිව්වා මම මේ කාටහරි කඩේ යනවනම් නෙවෙයි.මම මේ කතා කරන්නෙ ත්‍රිවිද හමුදාවයි , පොලිසියයි , සිවිල් ආරක්ෂක බලකායයි ගැන.අපේ රණවිරුවෝ එදා අපේ රට වෙනුවෙන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් වන්නිකරයේ සටන්වැදිලා බේරලා දුන්නු මේ පුංචි මුතුඇටය අපි දිවිහිමියෙන් රකින්න ඕනේ.මට මතකයි අපිටත් ඒ දවස්වල මාරම ෆිට් එකක් තිබුනේ.මේ කියන්නෙ 2007-2008 විතර.අපි එතකොට උසස් පෙලට පන්ති යනව.යුද්දෙ දරුණුතම කලේ.අපේ කොල්ලො එකම එක අඩියක්වත් පස්සට තියන්නෙ නැතුව ඉදිරියට ඇදෙනවා.දවසින් දවස ඇහෙන්න තිබුනෙ සතුට දනවන පුවත්.කට්ටියට මතකයිනේ නේද?මට හොදටම මතකයි යුද්දෙ අපි දිනුවට පස්සේ ගම්පහ ටවුන් එක හරියට සැණකෙළියක් වගේ.අපි එතකොට ලංකාවේ ප්‍රසිද්ද ගුරුවරයෙකුගේ පන්තියක.ටවුන් එකේ සද්දෙ දැන් එන්න එන්නම වැඩි වුනා.අපිට සතුට කොච්චරද කියනවනම් බැරිමතැන සර් කිව්වා කැමති කෙනෙක් ඉන්නවනම් එලියට ගිහින් සතුට සමරලා එන්න කියලත්.අපි දැන් ජීවත් වෙන්නෙ හීන ලෝකෙකනම් නෙවෙයි.ගොඩක් උදවිය හිතාගෙන ඉන්නෙ තාමත් මේක හීනයක් කියල.ඇත්තටම මේක සැබෑවුනු ලොකුම හීනයක්.මම හිතන්නේ මම හරි.



                         මම අහගෙන දවසක් කොච්චියේදී එක මනුස්සයෙක් කියනවා ඉස්සර ගෙවල් වල සැමියයි බිරදයි දෙන්නම වැඩ රාජකාරි වලට කොළබ පැත්තට එනවනම් ඒ දෙන්න යන්නෙ එන්නෙ කොච්චි දෙකක.එහෙමත් නැත්නම් එකම කෝච්චියෙ කෙළවරවල් දෙකක.මොකද තම තමන්ගෙ පවුලෙ උදවියගේ ජීවිත ඔවුන් මත රැදිලා තිබුන නිසා.ඒ තරමටම ජීවිතේ කොයි මොහොතෙද කියල විස්වාස නැහැ.සමහරවිට රජ වීදිය පැත්තෙ එන යන අයත් මේ දේවල් වලට මුණ දීල තියෙනව ඇති.එත් මෙහෙම ඉක්මනට මිනිස්සුන්ට මේ දේවල් කොහොම අමතක වෙනවද කියල මටනම් තේරෙන්නෙ නැහැ.සමහරවිට මිනිස්සුන්ට මතක ඇති ඒක දන්නෙ තම තමන් විතරයි.මම හොදට ඔය දේවල් වලට මුණ දීල තියෙනවා.මොකද අපේ අම්මගෙ මල්ලි බැදලා හිටියෙ කටුනායක ගුවන් තොටුපලේ වැඩකරන කෙනෙක්.බැදලා හිටියෙ කිව්වට තාමත් එයාම තමයි.ඉතින් මතකනෙ ගුවන් තොටුපලටත් කොටි බෝම්බ දැම්ම.අන්තිමට උන්ට අපේ කොල්ලො සැලකුව හැටි එහෙම මතක ඇතිනේ.ඉතින් ඔය බෝම්බ දාපු වෙලාවෙ අපේ නැන්දත් වැඩ.ඇත්තටම අපේ මාම ගොඩක් බය වුණා.අපිත් ඒ වගේම තමයි.ටික වෙලාවකින් නැන්ද කෝල් කරලා කිව්වා මම කරදරයක් නැතුව ඉන්නවා කියල.ඊට පස්සෙ තමයි හැමෝටම ලේ ටිකක් ඉනුවේ.මේ දේවල් වලට මුහුණ දුන්න කෙනෙක් තමයි දන්නෙ තත්වෙ කොහොමද කියල.

                    මම මේ පොස්ට් එක දන්නා හිතුවේ මේ දවස් වල අපේ රටේ වෙන දේවල් දිහා බලල.දැන් දැන් අහන්න තියෙන්නෙ මාරම නිව්ස් තමයි.වෙලාවකට හිනත් යනවා.ඉස්සරට වඩා කොළබ දැන් කොච්චරනම් ලස්සනද?ඇත්ත කතා කරනවානම් ඒක තමයි ඇත්ත.හැම ප්‍රදේශයක්ම නැති වුනාට සමහර පැති තියෙනවා මේ ලංකාවද කියල හිතාගන්න බැහැ.දැන් ඉතින් කියයිද දන්නෑ උබ ලස්සන දැකල නැහැ කියල.මොනවා උනත් ඇත්ත කියන්න ඕනේ.දන්නවද කව්ද මේ දේවල් මෙහෙම ලස්සනට හදන්න 90% ක්ම වගේ උදව් කරන්නෙ කියල.අපේ හමුදාවේ අපේ රට අපිට ආපහු උරුම කරලා දුන්නු අපේ ශ්‍රී ලංකීය ලේ වලින් හැදුනු කොල්ලෝ.දැන් ඔවුන් රට ගොඩ නැගීමට දෙන රුකුල මම හිතන්නෙ වෙන කිසිම රටක දකින්න ලැබෙයි කියල.රටේ පිනට උපන් මෙවන් පුතුන් දියණියන් අප අපේ දිවිහිමියෙන් රැකගතයුතුම නේද?රණවිරුවනි රජ වීදියේ අප ඔබට මෙසේ ආචාර කරමු...

10 comments:

  1. මේ කතාව සහතික ඇත්ත. වැඩේ වෙල තියෙන්නේ යුද්ධ කළේ කට්ටියක්. ඒත් අද ලකුණු දා ගන්නේ වෙන කට්ටියක්. අපට ඒ කලෙ අමතක කරන්න බෑ කොහෙත්ම.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාව හරියට හරි දිලිනි..

      Delete
  2. //මේ කියන්නෙ 2007-2008 විතර.අපි එතකොට උසස් පෙලට පන්ති යනව.යුද්දෙ දරුණුතම කලේ.//
    මේ කාලේ මාත් පංති යනවා....A/Lවලට..අපි 2 එක වයසෙ වෙන්න ඇති. :D

    අපේ අයියා ඒ දවස්වල හිටියේ ආමි එකේ...පුදුකුඩිඉරිප්පු වල තමයි හිටියේ..එහෙම ඇඟේ ලේ වතුර වෙලා හිටපු කාලයක් තවත් නෑ...එච්චර අමාරු කාලේ දුක් විඳලා විඳලා මේකා ඇබ්සන් උනේ නැතැයි දැන් අගේට ඉන්න පුළුවන් කාලේ... :D රණ්විරුවෝ නම් සදා අමරණීයයි යාලුවා..

    ReplyDelete
    Replies
    1. සමහරවිට එකම වයසෙ වෙන්න ඇති..එහෙනම් ඉතින් රෙහානිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ ඒ කාලෙ ගැන..

      Delete
  3. කතාවනම් සහතික ඇත්ත.. අපේ අම්මා යාපනේ ගිහින් ඇවිල්ලා කිවුවේ එහේ හැම දෙයක්ම හදන්නේ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ කියලා.. සංවර්ධන යුද්දෙටත් දෙන මේ සහාය අමතක කරන්න බෑ කොහෙත්ම..

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ යන හැමෝම වගේ කියන්නෙ ඔය කතාව තමයි...

      Delete
  4. කියපු දේවල් සේරම ඇත්ත ......... ඒත් බං මට තේරුනේ නැත්තේ මේ පෝස්ට් එකෙන් උඹ එලියට දෙන්න හදන පොයින්ට් එක මොකද්ද කියන එක ?
    රණවිරුවෝ අමතක වෙලා කියන එකද ???? නැත්තං .....

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නෑ රණවිරුවො අමතක වෙයි කියල.මම මෙතනදී එක තැනක්ම ටාගට් කරල මේ පොස්ට් එක දම්මේ නැහැ.හිතට දැනුන දෙයක් තමයි ලියල දැම්මෙ.ඇත්තටම තේරුමක් නැති වෙන්නත් පුළුවන්..

      Delete
  5. U මල්ලි කියන්න වගේ, අපේ උන්ට අමතක වෙලාද, සිස්ටම් අමතක කරවලද දන්නෙ නෑ, හැබැයි ජාත්‍යාලයයි, ජාතිවාදයයි කියන්නෙ මොකක්ද කියල හොද අවබෝධයකින් ඉන්න ඔනෙ...නැත්නම් රකන කියන දේවල් වල හරි වැ/ද්ද තේරැම් ගන්න අමාරැ වෙනව...දිගටම ලියපන් ජය..

    ReplyDelete
    Replies
    1. ජෙමා අයිය කියන කතාව සහතික ඇත්ත...එහෙනම් දිගටම ලියමු...

      Delete