Wednesday, October 23, 2013

මියැදුණු අතීතයේ පරාජිත වූ ප්‍රේමය.....




දුවමි සැමතැන ඔබ සොයා මම 
සිතින් සැමදා දුක දරා 
හති වැටුණු විට තැවෙන්නෙමි මම 
පමා වේ යයි සිත සිතා 

පා නගන විට සුමුදු සයනට 
නොසිතුවෙමි හැර යයි කියා
සුමුදු දෙකුපුල් පහස වින්දෙමි 
ජීවිතය ඔබ ලග තියා 

උරහිසට පා තබා හිනැහුණු 
වෙනස් වූ නුබෙ සිනාවන් 
මියැදුනා මතකය ඉතිරිකර
නොඑන්නට එක වතාවක්  

සුළග සැරබව දැනසිටිමි මම 
හමනවිට ඒ පවන් වැල් 
වෙරදරා බැද තබාගැනුමට 
ඵලක් නැත ඒ පවන් වැල් 

පුරුදු තනිකම ඉතිරි වී ඇත 
වෙනදමෙන් සිත ගත පූරා 
විදවමින් පෙම් බදින්නෙමි මම 
තනිකමෙහි රජ වූ නිසා 

එලිය බිදිමින් අදුර වැටෙන තුරු 
හිදින්නෙමි මා මග බලා 
යලිදු සිටිනෙමි එලිය එනතුරු 
දිගන්තය දුර වැඩි නිසා...

14 comments:

  1. පරාජිත සිත හඬා වැලපී
    රිදුම් දුන්නත් අත්බවේ
    බලා ඉද්දී සැබෑ සෙනෙහෙන්
    දිගන්තය වුව දුර නො වේ....

    ReplyDelete
    Replies
    1. ෂා දිලිනි ඔයා මාරයිනෙ...maxxa

      Delete
  2. ඔෆිස් වෙලාවේදී කවි කියෙව්වට අදහසක් ඔලුවට එන්නෙම නෑ බන්

    ReplyDelete
    Replies
    1. මම මේක ලියල පොස්ට් එක දැම්මෙත් ඔෆිස් වෙලාවෙදි මචං..අවුලක් නැහැනෙ..

      Delete
  3. එල එල U මල්ලි කවියෙක් වෙලා...

    ReplyDelete
    Replies
    1. ටැංකියු ටැංකියු ජෙමා ලොක්කො...

      Delete
  4. හරිම ලස්සනයි! හොඳ තනුවක් දාලා ගත්තොත් හැමෝගෙම හදවත් වෙළාගත් මියුරැ ගීතයක් වේවි.... මගේ සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. රජ වීදිය පැත්තෙ ආවමයි මයෙ හිතෙ...බොහොම ස්තුතියි....සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  5. නියමයි නියමයි..

    මාත් කවියක් ලිවුව කාලයක් මතක නෑ බං..

    ReplyDelete
    Replies
    1. ලියපන් ලොක්ක..උබෙන් කවියක් අහන්න ආසයි

      Delete
  6. අනේ බන් මම කවි ලියන්න දන්නෙ නෑනෙ.... උබේ කවියනම් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. මමත් දැනගෙන ලියනව නෙවෙයි බන්...ඔහෙ ලියනව ඉතින් ..

      Delete
  7. ගින්දර

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අඩවි රජ තුමනි..

      Delete