Friday, November 1, 2013

අතීතයට ගොස් අනාගතයෙන් වර්තමානයට පැමිණියෙමි..





වසරේ තවත් මසක් අවසන් විය 
ලැබුණු දේට වඩා නොලැබුණු දේ බොහෝය 
බිදුණු පැතුම් බලාපොරොත්තු 
තවමත් එතැනමය මුල් බැසගෙනය 

තවත් එක් මසක ඇරබුමකි 
ජීවිතයේ ඇරබුම නොපෙනෙන දුරකය 
සැමදේහි විසදුම එක් තැනකය 
එක් දෙයහි විසදුම ජීවිතයේම විසදුම වී හමාරය..

ස්මාර්ට් ෆෝන් , පීසා , සැම්මැරීන් නැත 
සයිවර් කඩෙන් බිත්තර රොටී සමග පරාට ය 
ඇවකාඩෝ , ෆලූඩා අයිස් ක්‍රීම් වෙනුවට 
ප්ලේන්ටි සමග හකුරු ය 

පොල්ගහ සෙරෙප්පුවට මැදිවූ දෙකකුලෙහි 
මැද සිදුරු වූ , විලුබ පෙනෙන සුදු වූ ඩෙනිම 
ඉරුණු බෑගය දෙඅතින් වසාගත් 
මවාගත් සිනහවෙන් දුක් විදින්නෙකි ..

මසක් වැඩකර කිසිදු නොලබන 
දුක්වින්දද ආත්මය කදුලක් කර නොගන්නා 
ජීවිතයට නවාතැනක් සොයන කල්හි 
හමුවූ නවාතැන නිවසක්ම වුයේ නම්...

වාසනාවේ රන්දොරටු විවර වීමට 
කල්ගතවන විට මතුවන ආසාව 
මට මෙන්ම නුබට දැනුනු දවසට 
දොරටු වසාදැමීම බලා සිටීමද අපහසුය... 

14 comments:

  1. මාතෘකාව තේරුම් ගන්නම ටිකක් වෙලා ගියා බං.. කවිය මරු..

    ReplyDelete
    Replies
    1. මමත් හිතාගෙන හිටිය එක නෙවෙයි ලියවුනේ බන්..ටැංකියු ටැංකියු

      Delete
  2. මටනම් කවි තේරෙන්නේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් ඔය මහලොකුවටනම් තේරෙන්නෙ නැහැ අෆ්ෆා ....ඔහේ ලියනව මැලේ රාළේ

      Delete
  3. වර්තමානය කියල හදපන්

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුව එහෙනම්..පරක්කුද මන්ද?

      Delete
  4. මාසේ පඩිය ලං වෙනකොට් හැමෝම අනාගතයට යනවා , එත් මාසේ පඩිය අතට ගත්තම නිකම්ම වර්තමානයට වැටෙනවා .

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට අපි ඔක්කොම එකම බෝට්ටුවෙ එහෙනම්..

      Delete
  5. //ස්මාර්ට් ෆෝන් , පීසා , සැම්මැරීන් නැත
    සයිවර් කඩෙන් බිත්තර රොටී සමග පරාට ය
    ඇවකාඩෝ , ෆලූඩා අයිස් ක්‍රීම් වෙනුවට
    ප්ලේන්ටි සමග හකුරු ය //

    ඔහොම හිතෙන්නේ අපි මේ දේවල් ඕනෙ කියල හිතනකොට නේද?

    ReplyDelete
    Replies
    1. හිතනව කියලත් නෙවෙයි දිලිනි...අනේ මන්ද මටනම් තේරෙන්නෙ නැහැ...මටනම් මේ දවස්වල ගෙවෙන්නෙ චාටර්ම කාලයක් .

      Delete
  6. ඔන්න දැන් උඹ කවි ලියනව...එළකිරි කවිය...මලය..

    ReplyDelete
    Replies
    1. දන්නැද්ද ඉතින් කම්මැලිකමටත් එක්ක...ටැංකියු ජෙමා අයියා..

      Delete
  7. මාසෙන් මාසෙ ගෙවිල ගිහින් අවුරුද්දත් දන්නෙම නැතුව ගෙවිලා නේද?

    ඔන්න අපිත් ගොඩවුනා කවි රස විදින්න ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් රජ වීදියෙන් කුෂානිව ආයුබෝවන් කියලම පිළිගන්නව..

      Delete