Tuesday, November 12, 2013

ටයිට්ල් එකක් දාන්න තේරෙන්නෙ නැහැ...

                                  ඔව් මම ආදරේ කලා තමයි..ඔයත් ආදරේ කරන්න ඇති.මම දන්නෑ ඔයා ආදරේ කරාද නැද්ද කියන්න.මගෙ ආදරේ ජීවිතේ පුරාවටම තියේවි.මම මොනවද ඔය වෙනුවෙන් නොකලෙ.මගෙන් වෙන්වෙන්න තරම් ඔයාට මගෙන් වෙච්ච වරද මොකක්ද නංගි?යන්න ඕනෙමනම් ඔයාට යන්න තිබුන හැබැයි ඔයා ගියපු විදිය හොද මදි.ඒ ඔයාමද?ඒ ඔයාමනම් එයා මට කවදාවත්ම එපා.මම තාමත් ආදරේ කරන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් මගෙ ජීවිතේ වෙලා හිටිය කෙනාට.ඇයි මාව මෙහෙම එක තැනක තියල හිරකලේ.ඔයා මගෙන් බලාපොරොත්තු වුනු දේවල් මට දෙන්න බැරුව යන්න ඇති.ඒක මම දන්නවා.එහෙම වුනේ ඇයි කියන්න ඔයත් දන්නව.මම කරපු ලොකුම වරද ඔයාව හැමවෙලාවෙම සතුටින් තියන්න හදපු එක වෙන්න ඇති.ඒත් මම ඔයාගෙ ජීවිතේ කාලකන්නි කළාද?ඇයි ඒ වගේ දේවල් මට කියන්නෙ.එහෙම කරන්න තරම් මම පහත් මිනිහෙක්නම් නෙවෙයි.ඔයා කියපු ඒ වචන ටික මට තාමත් වද දෙනව.මම මැරෙනකම් ඒ වචන ටික මට මර මර දුක් දෙයි.එක දවසකට දෙකකට  කතාකරපු මිනිස්සු ඔයාට ලොකු වුනාට මට එහෙම නැහැ.




                            මොකද මම පොලොවෙ පයගහල ජීවත් වෙන කොල්ලෙක්.මගෙත් වැරදි ඇති අනිවාර්යෙන්ම.මොකද මේ ලෝකෙ කව්රුවත්ම සීයට සීයක්ම සම්පුර්ණ නැහැ.ඔයා හිතන ඔය සුන්දර ලෝකෙ මම හිතන්නෙ ඔයාට ගොඩක් රසවත් ඇති.තවත් කෙනෙක්ට කරන බොරුව අද හෙට හරියටම දවසක් කියන්න අමාරුයි ඒත් ඒ දේ කවදාහරි ඔයාටත් කවදාහරි දැනේවි.ආදරේ කරපු හිතකින් වෙයිර කරනවා නෙවෙයි මනුස්සයෙක් විදියට මම වින්ද ඒ දුක තාමත් විදවන ඒ දුක ඔයත් දවසකට හරි විදින්න ඕනෙ නංගි.

                            ඇත්ත ඔයා කියනව ඉස්සර අයියෙ රැවුල කපන්න , සෙරෙප්පු දාන්න එපා , ඇයි හැමදාම එකම විදියට අදින්නෙ.මටත් තිබුන එහෙම ඉන්න.එහෙම ඉන්නත් පුළුවන්.මම හරිම සිම්පල් කොල්ලෙක් ඔයාට ඒක කවදාවත්ම තේරෙන එකක් නැහැ නංගි.ඔයාට මොනවහරි දෙයක් දෙන්න ඕනෙ වුනාම ඒක ගන්න මම කොච්චර කට්ටක් කැවද?කොටින්ම කියනවනම් කෝච්චියෙ සීසන් එක ගන්නෙ නැතුව ගිහින් සල්ලි එකතු කරල තමයි මම ඔයාට මොනවහරි දෙයක් ගත්තනම් ගත්තේ.හැමදාම එකම ඩෙනිම එක වගේම ටී ෂර්ට් තමයි මම ඇන්දෙ.

                  ඔයා දැන් රෝද හතරෙ වාහනවල සැපට යනව කියලත් මම දන්නවා.මට කවදාවත්ම ඔයාට ඔහොම දෙයක්නම් සමහරවිට දෙන්න බැරි වෙයි.ඒත් නංගි සල්ලිම නෙවෙයි ජීවිතේ.මට තාම හරියට ජොබ් එකක් නැහැ.ඔයාගෙ තාත්ත කිව්වෙ ඒ දවස් වල ඔයා අනිවාර්යෙන්ම ලබන අවුරුද්දෙ බදින්න ඕනෙ කියල නේද?මතකද කියන්නනම් දන්නෑ..මම බැහැ කිව්වෙ ඔයාව රවට්ටන්න නෙවෙයි.මොකද මම තම ජීවත් වෙන්නෙත් මගෙ අම්ම දෙන සල්ලි වලින් නිසා.තාත්ත කිව්ව විදියටනම් දැන් ඔයා බැදල ඉන්න ඕනෙ.මම දන්නව දැන් ඒ හැමදේම බොරු..බොරුවට ලොකු දෙයක් කරන්න පුළුවන්..මගෙ ජීවිතේම දැන් ඒ දේවල් එක්ක ජීවත් වෙනව කියල මට දැනෙනවා.

                   ඔයාගෙ උපන් දිනේට මම එවපු වොච් එකට ඔයා මට ගොඩක් තැන්ක්ස් කලා මතකද?දවස් දෙකයි එක පාරටම මෙහෙම මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන්ද දෙයියනේ..මම මෙහෙම ලියනකොට හිතයිද දන්නෙ නැහැ "යකෝ මූ කොල්ලෙක්ද කියල".මේ දේවල් මට විතරක් නෙවෙයි මම දන්නවා පොස්ට් එක කියවන ඔයාටත් වෙලා ඇති..නමුත් කව්රුත් කැමති නැති දෙයක් තමයි බිදුණු ආදරයක් ගැන ආයෙත් කතාකරන්න.පුද්ගලිකව මමත් කැමති නැහැ.එත් ඒ දේ අමතක කරන්නත් බැරිනම් මොනව කරන්නද?

                               මගෙ බ්ලොග් එකට මෙහෙම ලිව්වට මිනිස්සුත් එක්ක මෙහෙම කතා කරන්න බැහැ.මොකද ලෝකෙට අපි කොච්චරනම් බොරු කරනවද?අපි පෙන්නනව අපි සතුටින් කියල ඇත්තටම හදවත කොච්චරනම් අඩනවද?එහෙම නේද?මම හරිද?සමාජෙත් එක්ක අපි එක එක විදියට ජීවත් වෙනව.ඉතින් මේ දේවල් එලියට දාන්න මම වගේම හැමෝම බය ඇති.

              අපි ආදරේ කරනකොට ඒ ආදරේ ලබන කෙනා ඒ වගේම ආදරයක් අපිට දෙනවනම් ආදරේ ගොඩක් ලස්සනයි.ප්‍රශ්න තියෙන්නත් ඕනෙ එතකොට තවත් ලස්සනයි.අපිට අතමිට සරු වෙලාවට හොද හොටෙල් එකකින් කන්නත් පිච්චිය අතේ නැති වෙලාවට පොඩි සයිවර් කඩේකින් කන්නත් ඔහු හෝ ඇයට හැකියාව තියෙන්නම ඕනෙ.

        ආදරේ මිනිස්සුන්ට විවිදාකරව දැනෙනව.ඔබට දැනෙන විදියට මට දැනෙන්න නැති වෙන්න පුළුවන් දැනෙන්නත් පුළුවන්.එහෙම තමයි ලෝක ස්වභාවය.මම මේ ලියන දේවල් වල තේරුමක් මටත් හිතාගන්න බැහැ.ලොකු පාළුවක් දැනුනු නිසා තමයි මෙහෙම ලියවුනේ.

     ඇයි මිනිස්සු ආදරේ පස්සෙ මෙහෙම දුවන්නෙ..උත්තර ගොඩක් තියෙනව..ආදරේ සල්ලි වලට ගන්න බැහැ කියල මිනිස්සු දන්නෙ නැතුවද මන්ද?අපි තම ජීවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩි කාලයක්.පොඩිත් නැහැ.මෙහෙම ඉන්නකොට මගේ හුස්ම නවතින්න පුළුවන්..කව්ද දන්නෙ ඉස්සරහ මොනව වෙයිද කියල.ජීවිතේ ලස්සනම කාලෙ ජීවිතේ විදිනවට වඩා විදවන්න වුනු එක ගැන මම ගොඩක් දුක් වෙනව..අනේ මම මගේ බ්ලොග් එක පාවිච්චි කරන්නෙ මගෙ දුක් අදෝනා කියන්නනම් නෙවෙයි..බ්ලොග් එක කියවන කෙනෙක් ඉන්නවනම් එයාල ඉන්නෙත් මගේ දුක අහන්න නෙවෙයි.එහෙම දෙයක් මම පෙන්නන්න හදනව නෙවෙයි.

                                              මම තාමත් ආදරේට ආදරේ කරනව..ඔයා නොලැබෙනව කියල හොදාකාරවම දැනදැනත් ආදරේ කරනව..කාලයට ඉඩ දීල හැමදේම බලාගෙන ඉන්නව..ජීවිතයම කාලයට බාරදීල හරිම සැහැල්ලුවෙන් දැන් ජීවත් වෙන්නෙ..තනිකම දැනෙන වාර අනන්තයි අප්‍රමානයි..ඒ වෙලාවටනම් හිතෙනව ආදරයක් තිබුනනම් කියල..

                 ආදරේට කතා කරන්න මම ෆෝන් එකට දාපු කාර්ඩ් ඔක්කොම අද මම විසිකලා.මොකද මට මගෙ ජීවිතෙ ආයෙත් ඕනෙ..මට ජීවත් වෙන්න ඕන නිසා.අතීතය සිහිනයක් විතරමයි..කවදාවත් හීන වල ඉන්න ජීවිතේ නවත්වන එක අපි අපිටම කරන ද්‍රෝහී කමක්.

බලාපොරොත්තු අපිව ජීවත් කරනවා..ආශාවන් සිහින මවනව..කදුළු අපිව නහවනව..



ආදරේ මායාවක් කියලත් හිතෙනව..
පුලුවන්ද ආදරේ නැතුව ජීවත් වෙන්න..

               ආදරය කියන්නෙ පුදුමාකාර බැදීමක්..හා හා පුරා කියල කුළුදුල් විදියට ඇතිවෙන ආදරේ ඒ විදියටම රැදෙනවනම් අපි කියන්නෙ සිරාවටම ලව් කරනව කියල..එතකොට වෙන්වුනාම එහෙම කියන්න බැරිද?පුළුවන්කම තිබුනත් අපි එහෙම කියනවද?මම දකින විදියට අපි ආදරේට ගරු කරන්න ඕනෙ.

   ආදරේ කියන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක එකට ඉන්නව කියන එකම නෙවෙයි..කාමර ගානෙ ගිහින් ආදරේට තවත් වචනයක් එකතු කරන එකත් නෙවෙයි..මෙහෙම ආදරේ කරන කට්ටියත් ඉන්නව ඕනෙ තරම්..ආදරේ තුලින් අලුත් ජීවිතයක් ලැබිල හොදින් ජීවත් වෙනවනම් මම හිතන්නෙ සිරා ලව් එකක්.

            මේ මම දකින මම හිතන මට තේරෙන විදිය..සමහරවිට වැරදි වෙන්නත් පුළුවන්..ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව...ඇති මොකද තවත් කතා කරන එක තේරුමක් නැහැ..

19 comments:

  1. හැඟීම්බර කතාවක්. හැබැයි රජෝ හැම ගෑනු ළමයෙක් ම මෙහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දිලිනි ඔයා හරි..ඒ කතාවට මම එකගයි

      Delete
  2. රෙද්ද... දවසම කනවා...

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා දේශෝ ............කූල්

      Delete
  3. අයි හේට් ලව් ස්ටෝරීස්... :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙයි රජ තුමනි....ගැත්තාට සමාව දෙත්වා..

      Delete
  4. උබේ හිත නිදහස් වෙන්න ඇති කියලා හිතනවා මම මේක ලිවුවට පස්සේ.. ගනන් ගන්න එපා බං.. මං මෙන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ..

    Sometimes life doesn't give you something you want, not because you don't deserve it, but because you deserve more..

    අත්දැකීමෙන් කියන්නේ බොලං.. ඕවා ටික දවසකින් අමතක වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිස්සුන්ට දෙයක් අමතක වෙන්න යන්නෙ හරිම පොඩි කාලයක්...ඔව් දිනේෂ් එහෙම වෙයි

      Delete
  5. විසි එක්වන ශතවර්ෂයේ ආදරය ලැබෙන්නේ භෞතික දේවල් වලට තමයි මිත්‍රයා

    ReplyDelete
    Replies
    1. ඉවාන් කියන කතාවේ ඇත්තක් තියෙනව...දැන්නම් හති වැටිල කියල දැනෙනව හොදටම..

      Delete
  6. මමත් ලිව්ව පපුව නිදහස් වෙනකම්ම...මම අන්තර්ජාලයෙ කොතනකවත් එව් දාල නෑ...ලියපු කොලකෑල්ලක්වත් කාටවත් පෙන්නලත් නෑ...මම උඹට දවසක් කිව්ව වගේ...උඹේ ආදරේ උඹට අයිති දෙයක් ඒක ඒකිට අයිතිත් නෑ වෙන කාටවත් අයිතිත් නෑ....ඒක උඹේ...මම ඔක්කොම කුඩුවෙන්න මගෙ කථාවත් වෙලාවක දාන්න හිතාන ඉන්නව එදාට කියවපන්....දිගටම ලියපන් මගෙ මල්ලි..ආයෙ දවසක හම්බෙමු..

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැන මම මෙහෙම ලිව්වට වැඩිය කතා කරන්න කැමති නැහැ ජේම අයිය..බලමු කවදද ජේම ලොක්කගෙ කතාව දොරට වදින්නේ කියල..වෙලාවක අයෙත් සෙට් වෙමු..ස්තුතියි ආවට මේ පැත්තෙ..

      Delete
  7. ආදරේ විරහා වේදනාව මේ ලෝකේ විඳපු නැති කෙනෙක් නැතුව ඇති...ගනන් ගන්න එපා...කෙන කෙනාගේ අදහස් වෙනස්නේ ඕවා ඔහොම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි දැන් එහෙමවත් හිතමු..

      Delete
  8. ඇත්තම ඇත්ත යතාර්ථය පෙන්වා දීමක් කරලා තියෙනවා. දුක සැප සමව දරන්න බැරිනම් එම ආදරයට (බැඳීමට) වැඩි ආයුෂ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මහත්තයෝ එහෙම දෙයක් දැනුනම්..ගමටම කිව්වනම් නරකද?

      Delete
  9. මට නම් ඇත්තම කියනවනම් විරහවේ අත්දැකීම් නෑ. මොකද කුළුදුල් ප්‍රේම පුරාණයම තමා දැන් මගේ ප්‍රියම්භිකාව. ඒකත් පාසල් ප්‍රේමයක්.
    ඒත් විරහව ක්ියන දේ දැනෙන්න විරහව විදින්නම ඕන්නෑනෙ. මගේ යහළුවන්ගෙ විරහාවන් වලදිත් ඔහුන්ගෙ දුක බෙදා ගෙන විරහව ගැන හොදට දැක්කා.

    ඔයා කියපු අර කතාව නම් සම්පූර්ණ ඇත්ත. මේ ලෝකෙ සීයට සීයක් සම්පූර්ණ මිනිස්සු නෑ. ඒ වගේම සීය්ට සීයක් සම්පූර්ණ සම්බන්දතාද නෑ. අසම්පූර්ණ සම්බන්දතාවයක් සම්පූර්ණ කරගෙන පවත්වාගෙන යාමේ වගකීම තියෙන්නෙ ඒ සම්බන්දය පවත්වන දෙන්නට‍යි. ඒක තමා තේරුම් ගැනීම කියන්නෙ.
    කොහොම උනත් හිතේ හිර කරන් ඉන්න කියා ගන්න කෙනෙක් නැතුව ඉන්න දේවල් කියන්න 'බ්ලොග්' කියන්නෙ හොදම තැනක් තමා.
    මේ ලිවුවෙ ඇත්තටම ඔයාගෙ කතාවද?
    ලස්සනට ලියලා තියෙනවා සුභ පැතුම්!
    (සුභ පැතුවෙ වි‍රහවට එහෙම නෙමෙයි. ලියවිල්ලෙ නිර්මාණශීලීත්වයටයි.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුවට..ඔබ වාසනාවන්තයෙක් ප්‍රියා..සුබ පතනව.ඔව් විරහව විදින්න ඕනෙ දෙයක් මිසක් විදවන්න ඕනෙ දෙයක් නෙවෙයි..හැබැයි බහුතරයකට වෙන්නෙ විදින්න නෙවෙයි විදවන්න..

      Delete