වැස්ස නුබ කෙතරම් සොදුරුද
කෙතරම් නුබ චන්ඩද
සුළගට පෙම් කලද
සුළග නුබව රළු කරනතුරු
විටෙක උණුහුම තුරුළු කර
දැල්වෙන ලැව් ගිනි නිවා පහන් කර
සිහිල් සුළගින් මුසුවී වැටෙන දියපොද
මරුකතරෙහි වියලුනු පොළොවට ආනන්දයකි
කම් නැත , මක් නිසාද
සීතල පොද වැසි වැටෙන තරමට
ජනිත වන , නැගී එන දේදුන්නද
සිරුරම වර්ණ කර අදුරු කරන අතරතුර
මොර සූරන වැසි වැටෙන බැවිනි
බලන් දොරගුළු විවරකර
ලොවම රවටන හිමිදිරි අහස් කුස
සොදුරු සැදෑව අදුරු කරන
තනිව දුක්විදින සිතට අදුරද අස්වැසිල්ලකි
අදුරද ඝෝෂාකාරී වූ විට
මැලවුණු හදවතට වස පොවන්නා සේය
නුබේ උරුමය නුබටමය
උරුමයේ උරුමක්කාරයාද නුබය නුබමය
සිනාව උරුමයට ගතු කියන විට
හදවත කදුලට වගඋත්තරකරුය
තුන්මන්සල අබියස ඉකිබිදුමට
ශේෂ වන අවසන් හුස්ම බිදද
ක්ෂණයෙන් ඔබේ දෙසවන නෑසුනේ නම්
මාහට කීමට කරුණු නොමැත..
නියමයි......:::
ReplyDeleteස්තුතියි ......!රජ වීදීයට පිළිගන්නව.
Deleteවැස්සට අපි තාම ආදරෙයි..
ReplyDeleteනැතුව නැතුව ...හැමෝම එහෙම තමයි
Deleteඇත්තටම වැස්ස කොයි තරම් නම් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙලාද? කොයි තරම් නම් සමීපද?
ReplyDelete//වැස්ස නුඹ කෙතරම් සොදුරුද
කෙතරම් නුඹ චණ්ඩද?//
අපේ හිතුත් වෙලාවකට මේ වගේනෙ.
ලස්සනයි මචං. නියමයි. :-)
ස්තුතියි ප්රියා..ගොඩක්ම මම උත්සහ කලේ හිතගැන කියන්න තමයි...එත් මචං ලියවෙන්නෙ වෙන වෙන එවනේ..
Deleteමේ කවිය දැක්ක ගමන්ම මට මතක් වුනේ .."අහස නුඹ මෙතරම් රළු යයි සිතුනේ මහා වැසි වැටුනාමයි " කියන දීපිකා ප්රියදර්ශනී මහත්මියගේ ගීතය
ReplyDeleteහ්ම් හ්ම්..හොද කවි රසවිදින්නෙක් වගේ පේන්නෙ..
Deleteවැස්ස......... කොච්චර ආසාවෙන් හිටියද වැහිනකල් අවුරුද්දක් බලන් හිටිය දවස් 3කත කලින් වැහැලා මගේ කාර් කටුවත් ලෙඩ වෙලා මට යන්න වෙලා තියෙන්නේ පයින් රෙද්ද.........
ReplyDeleteරෙද්ද නෙවෙයි කෝරලේ මහත්තයො ..ඔය ගමේ ඉන්න කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්තනම් උන්ගෙ කරේම යන්න තිබුන.
Delete//ශ්නයෙන්// නෙමේ ක්ෂණයෙන්. වැස්ස කොයි තරම් නම් විධිවලට අර්ථකථනය කර ගන්න පුළුවන් ද?
ReplyDeleteසිංහල බැරියෝ..ඔන්න හැදුව එහෙනම්
Deleteඅදත් කවිනේ ඔන්න මම කියෙව්වෙත් නෑ .... කොමෙන්ට් කරන්නෙත් නෑ
ReplyDeleteහා හා කවියෙන් වැඩක් නැහැ...දැන් කවදද අලුත් මැලේසියාව දොරට වඩින්නේ කියමු බලන්න.
Deleteවැස්සට ලියන කවිද,වැස්ස නිසා ලියැවෙන කවිද.කෝකටත් ඔන්න ඇවිත් කියෙව්වා
ReplyDeleteඒකනම් මටත් ලිව්වට පස්සෙ හිතාගන්න බැරුව ගියා හැලපේ අයියේ..කොහොමහරි කියෙව්වනම් එච්චරයි
Deleteවැස්ස වෙලාවකට කරදරයක් කියලා හිතුනත්, අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉදන් වැස්සට ආදරය කරනවා....
ReplyDeleteඔව් ඔව් ඔයත් වැස්ස ගැන පොස්ට් එකක් දාල තිබුන වගේ මතකයි..
Deleteවහිනවා නම් නියමයි !
ReplyDeleteවැස්ස වගේ තමා මේ කවි පංතියත් මරු !
වැස්සට ආසයි වගේ...ටැංකියු ටැංකියු මධුරංග
Deleteමම නම් පැංචා කාලෙ ඉදන්ම ආසයි බන් වහිද්දි ඒ දිහා බලාන ඉන්න...ඒකෙ තියෙනවා අමුතුම චමත්කාරයක්..ඇයි වැස්සට තෙමෙන්න....පස්සෙ කාලෙක පෙම්වතී එක්ක එක කුඩෙන් වැස්ස යට යන එක තමා හිතට දැනෙන අත්දැකීම...වෙනදට වඩා ටිකක් එයාට ලං වෙලා ගියත්...රට්ටු වැරදි දෙයක් හිතන්නෙ නෑ...වැස්ස නිසානෙ කියලා හිතනවා මිසක...ඒ ඔක්කොම අද සිහිනයක් බං...
ReplyDeleteඔව් සිරා.ඒ හැමදෙයක්ම සිහිනයක් තමයි.එත් ඒ සිහිනත් එක්ක අපේ ජීවිත එකම තැනක නවතිලද කියලත් හිතෙනව සිරා අයියෙ.සමහරවිට ඒක අපිට තියෙන ලොකු දුර්වලකමක් වෙන්න ඕනෙ.බලමු බලමු..
Delete//උරුමයේ උරුමක්කාරයාද නුබය නුබමය
ReplyDeleteමේ විදියට අවධාරණය කරපු හැටි තමයි මට නම් ගොඩාක්ම ලස්සන. සුපිරි
බොහොම ස්තුතියි පුමා..මට එහෙම ලියන්න හිතුන ඒකයි මම එහෙම දැම්මෙ.
Delete//විටෙක උණුහුම තුරුළු කර දැල්වෙන ලැව් ගිනි නිවා පහන් කර// මම ආස ම මේ කොටසට. පද වැල හරිම ලස්සණ යි. වැස්ස ගැන මිනිස්සුන්ගේ සිතුවිලි විවිධ යි. ඒත් හැමෝම වැස්සට ආදරෙයි.
ReplyDeleteස්තුතියි ධාරා.සිංදුවක උනත් හැම පදවැලක්ම නැති උනත් හිතට වදින කොටසක් තියෙනවනෙ.
Deleteඅන්තිමට..වගේ කොමෙන්ටුවක් කොටන්න වුනාට..සොරි වෙයන්..මට වැඩ තිබුණ පහුගිය ටිකේ...අම්මප උඹට මෙච්චර ලස්සනට ලියන්න පුලුවන් කියල..මම දැනං හිටියෙ නෑ...සුපිරි කවිය..දිගටම කවි ලියපං..උඹේ මේ කවිය මාස්ටර් පීස් එකක්..
ReplyDeleteඕවනම් මොනවද ජෙමා අයියෙ..ටැංකියු ටැංකියු වර්ණනාවට..වෙලාව තියෙනකොට මේ පැත්තෙ ආව එකට ස්තුතියි.
Delete//තනිව දුක්විදින සිතට අදුරද අස්වැසිල්ලකි//
ReplyDeleteඒක නම් ඇත්ත...
ලස්සන කවි පෙළක්
රජ වීදියෙන් යන්නද අපිත්...........?
ReplyDeleteවැස්සට ආදරේ කරන ගොඩක් අය අසනීප වෙනවා :)
ReplyDeleteතෙමිල ලෙඩ හදාගන්නෙහෙම නෑ
අද වැස්සට අහුවෙලා තෙමීගෙන ගෙදර එද්දි නම් වැස්ස එපාම උනා. ඒ උනත් මාත් වැස්සට ආස කෙනෙක්. වහින වෙලාවට වැස්ස දිහා බලාගෙන ඉන්න වගේම වැහි බිංදු වැටෙන සද්දෙ අහන් ඉන්නත් මම ගොඩක් කැමතියි :)
ReplyDelete