Saturday, November 30, 2013

හැමදේම වෙන්නෙ හොදටලු

               

           

                             අපි හෙට මැරෙයිද ජීවත් වෙයිද කියන්නවත් අපි හරියට දන්නේ නැහැ.මෙහෙම හිතෙනකොට අපි මේ මොනවද කරන්නෙ කියලත් හිතෙනව.මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ජීවත් වෙන්න මිසක් මැරෙන්න උවමනාවෙන් නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ.මිනිස්සු හොරු වෙන්නෙ මිනීමරුවො වෙන්නෙ මේ පවතින සමාජ තත්වෙ නිසා කියල උනත් කියන්න බැරි කමක් නැහැ.මොන දේ හරි කරල මිනිස්සු බලන්නෙ සල්ලි හොයන්න.ඒ යන ගමනෙදි එකිනෙකා තෝර ගන්න පැත්ත තමයි මිනිස්සුන්ගෙ ජීවනාලෝකය වෙන්නෙ.සමහරවිට ඒ දේ පුද්ගලයෙකුගෙ ජීවත් වීමේ කාලයත් තීරණය කරන්න පුළුවන්.තමන්ට හිතෙන දේ , තමන්ට උවමනා කරනදේ තමන්ලග නැතිවෙනකොට මිනිස්සුන්ට දැනෙන වේදනාව දුක ඒ දේ විදවපු කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් දන්නෙ නැතුව ඇති.දුකයි වේදනාවයි දෙක වෙන වෙනම තේරුම් කරන්නනම් මට තේරුමක් නැහැ.හැබැයි මම දන්නව ඒ දෙක දෙකක් කියල.දැන් හිතනවද දන්නෙ නැහැ අදත් ලියන්න යන්නෙ මල ඉලව් ප්‍රේමය නොහොත් ආදරය ගැන කියල.නැහැ නැහැ අද වෙනමම දෙයක් ලියන්න යන්නෙ.(බලාගෙන යනකොට ප්‍රේමයටයි අදරයටයි දෙකටම තේරුම් දෙකක් තියෙන පාටයි?)

                    දැන් මම ජොබ් එක කරන තැන වැඩ කරන්න පටන් අරගෙන අවුරුද්දයි මාස දහයක් විතර වෙනව.ඇත්තටම අවුරුදු දෙකකට කිට්ටු කරලා.මම වැඩට ආවෙ training කොල්ලෙක් විදියට.පොඩි ගානකුත් ඒ දවස්වල මට ලැබුන.එක ඉතින් මට මසුරන් වගේ වටිනවා.මුලින්ම මාස හයකට තමයි මාව ගත්තෙ.මම ඉතින් මොකුත් නොදන්නා එකා ගානට තමයි ඉන්නෙ.ලොකු වැඩක් කියල මට දුන්නෙත් නැහැ.පොඩි දෙයක් හරි ඉගෙනගෙන තිබුනට ඒ දේවල් පාවිච්චි කරන්න මම දැනගෙන හිටියේ නැහැ.මාව බාරදීල තිබුනෙ S අයියට.නම්ගම් දාන එක හොද මදි නිසා මම මෙහෙම දානව.එතකොට එදා ඉදලම සිරිගම්පල අයියත් මට ගොඩක් හිතවත්.කොටින්ම මේ දෙන්න තමයි ඉතින් මට ඔෆිස් එකේ බොක්ක.

                      මට මුලින් ලැබුණු මුදල මගෙ කොච්චි සීසන් ටිකට් එක ගත්තම සීයට පනහක් හැටක්ම කුඩු වෙනව.ඔහොම දවසින් දවස ගෙවිල යනකොට මටත් පොඩි පොඩි වැඩ සෙට් වුණා.වැඩ කිව්වට ඉතින් කටු.මොන කට්ට සෙට් උනත් මම උපරිමෙන්ම කලා.තාමත් එහෙම තමයි.ඔය අතරතුරේ මාව කඩේ ඇරිය කට්ටියත් ගොඩක් හිටිය.මට තේරෙනවා ඉතින් මම මේ කඩේ යනව කියල.මොනව කරන්නද ඒ දේවල් එහෙම තමයි.ජොබක් කරනකොට පොඩ්ඩක් හරි කඩේ ගියෙ නැත්නම් ඒකෙ කිසි ගතියකුත් නැහැ කියල මම අහල තියෙනව.එතකොට තමයි මටත් ඒ දේවල් කල්පනාවට ආවෙ.

                       මම තමයි මෙතන ඉන්න පොඩිම එකා නිසා බොරු බටර් පාර ගාල එහෙම තමයි මාව කඩේ යැව්වෙ.අපි කරන ජොබ් එකත් එක්ක සමහර වෙලාවට දවල්ට කන්න වෙන්නෙත් හවස හතරට පහට විතර.මොනවා කරන්නද කට්ට කෑව.තාමත් එහෙමම තමයි.ඔන්න ඉන්න ගමන් එකපාරටම එකෙක් කියනව මල්ලි 12 ෆ්ලො එකේ පොඩි කේස් එකක් තියෙනව පුලුවන්ද පොඩ්ඩක් බලල එන්න කියල.මම ඉතින් බැහැයි කියන්නද.ඉතින් දුවනව.ඇත්තටම මම දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියල.මොකද ඉගෙනගෙන තිබුනට ඒ ඒ දේවල් ඒ ඒ තැන්වල ඒ ඒ විදියට පාවිච්චි කරලා තියෙන නිසා හැඩගැහෙන්න පොඩි කාලයක් යනව.ඉතින් මම ගිහින් කට්ට කාල චාටර් වෙලා ඉන්නකොට එකෙක් ඇවිත් එක පාරටම ගොඩ දානව.හැබැයි කියල දෙන්නෙනම් නැහැ.එත් s අයිය කවදාවත් මට එහෙම කලේ නැහැ.දැන් මට s අයිය මගේම සහෝදරයෙක් වගේ.

                        ඔහොම මස හය ඉවර වෙන්න ලං වෙනකොට මම ගිහින් බොස්ට කතා කලා.එතකොට තමයි එය දන්නේ මෙහෙම එකෙක් ඉන්නව කියලත්.අනික මමත් ඉස්සෙල්ලම පාර තමයි බෝස්ව හම්බවුනු.බොස් කිව්ව හරි මම ඔයාව තව මාස තුනකට දික්කරනවා කියල.ඔය අතරේ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් අපිට සෙට් උනා.ඒ වුනාට කව්රුත් වැඩිය ගණන් ගත්තේ නැහැ.කොහොමහරි අපිත් එක්ක වැඩ කරපු අයිය කෙනෙක් ඉන්නව හරිම හිත හොද කෙනෙක්.එයාට කියන්නෙ ප්‍රින්සිපල් මහත්තය කියල.ඉතින් මෙයත් මාත් එක්ක ටිකක් හිතවත්.ඔය අලුතින් ආවයි කිව්වා ප්‍රොජෙක්ට් එක මෙයා මට කැරකෙව්වා.ඕකට දෙතුන් දෙනෙක්ම මට කොස්ස දැම්ම.මම ඉතින් ඒව දන්නේ නැහැ වගේ හිටිය.හා හා පුර කියල මට දුන්නු වැඩේ මම සියයට අනුවක් විතරම ගොඩ දැම්ම.ඔන්න ඉතින් දැන් මට ලකුණු වැටෙනව.ඔය අතරේ වැඩ කරන ආයතනයෙ පුරප්පාඩු වගයක් තියෙනවා කියල අයදුම්පත් කැදෙව්ව.මමත් වේලි වේලි හිටිය නිසා ඉල්ලුම් කලා.පලවෙනි ඉන්ටර්විව් එකටත් ගියා.දෙවෙනි එකට කලින් මම තව exam එකක් දාගත්ත.එතකොට ඔය කියපු exam එක කරලා තිබුනෙ S අයිය විතරයි.ඒ නිසා අපේ ආයතනයෙ කට්ටිය මට පොඩි තැනක් දුන්න.එතකොට බොස් කිව්වා ඔයාට මේ ජොබ් එකට වැඩ හොද ජොබ් එකකට මම ඔයාව මේ ආයතනයටම ගන්නව කියල.ඉතින් මට කලින් ඉන්ටර්විව් ගිය ජොබ් එකත් නැති උනා ඒ නිසා.

                                      S අයිය කියන්නෙ හැමදේම වෙන්නෙ හොදටනෙ මල්ලි පොඩ්ඩක් ඉවසපන් කියල.සිරිගම්පොල අයියත් කියන්නෙ ඒ ටිකම තමයි.තාමත් මම ඔය කියපු ආයතනයේම වැඩ.තාම ඉස්සර වගේම තමයි.ඒත් දැන් මාස දෙකකින් මට ලැබෙන මුදල ලැබිලත් නැහැ.ඒ ගැන මම කාටවත් කියන්න ගියෙත් නැහැ.ජොබ් එක අද හරියනව හෙට හරියනව කියනව.මටනම් දැන් හැමදේම ඇති වෙලා.මොනවා කරන්නද තාමත් මම වැඩ කරනව.කොච්චර ජොබ් වලට අයදුම් කලත් මට තාම එකක්වත් හරිගියෙ නැහැ.එකක් හරිගිහින් මම යන්න යනකොට බොස්ම කිව්වා යන්න එපා පොඩ්ඩක් ඉවසල ඉන්න කියල.මේ අවුරුද්දත් මෙහෙමම ගෙවිල යයි.මම මෙහෙම ඉදියි.හැමෝම කියනව ට්‍රයි කරපන් කියල.ඒක කරනවා තමයි.මේවගේ කාලයක් මගෙ ජීවිතේට මේ ආවමයි.යාළුවො කෝල් කලාම මම දැන් උත්තර දෙන්නෙත් නැහැ.මොකද උන් කතා කරන්නෙ කොහේ හරි ගිහින් ෆන් ගන්න.මේ අතේ සතේ නැතුව මට යන්න බැහැනෙ.ඒත් සමහර යාළුවො ඉන්නව මේ එකට ඉගෙන ගත්තු එවුන් ඒ දවස් වල උන්ට වත නැහැ කිව්වම අපි සල්ලි එකතු කරල එහෙ මෙහෙ ගිය එවුන්.හිටපු ගමන් කතා කරලා කියනව අරහෙ යන මෙහෙ යන කියල.සල්ලි නැහැ කිව්වම උන් කියන්නෙ එහෙමද එහෙනම් උබට සල්ලි සෙට් උනාම යමන්කො කියල.දුක හිතෙන වාර අනන්තයි.

දුක් විදලා ලැබෙන දේ ගොඩක් වටිනව කියනවනෙ.බලමු බලමු..

18 comments:

  1. ඔෆිස් වල මේ වගේ බොරු වලවල් වල දාන එවුන් ඕනෑ තරම් ඉන්නවා. මම නම් කියන්නේ හොඳ ආයතනයක කැඳවීමක් ලැබුනොත් දෙපාරක් හිතන්න එපා කියලා.

    ReplyDelete
  2. තවම මේ අත්දැකීම නැති උණත් තව පොඩි කාලෙකින් අපිටත් මේ දෙයම වෙන්න ඉඩ තියනවා

    ReplyDelete
  3. ඔෆිස් වල ඔය වගේ ඒවා අනන්තයි, ඒ වගේම අලුතෙන් ආවොත් කඩේ යවන එකත් අනිවාර්යයි... උඹට තියෙන්නේ ඔය ෆිඑල්ඩ් එකෙක්ම වෙන ජොබ් එකකට උඹ ඇප්ලිකේෂන් දැම්ම කියලා පොඩි රාවයක් යවන්න. එතකොට බලපන් සැලකිල්ල. එහෙම්ම නොවෙන්නත් පුළුවන්, නමුත් ඕන කොම්පැනියක් තමුන් ළඟ වැඩ ඉගෙන ගත්ත එකෙක් වෙන තැනකට යනවට එච්චර කැමැත්තක් නෑ

    ReplyDelete
    Replies
    1. ඕක ඉවාන් සාපේක්ෂයි... සල කිල්ල වගේම ඒ රාවයම නිසා ඔක්කොම අප්සැට් යන්නත් ඉඩ තියෙනවා

      Delete
    2. ඔව් එකත් වෙන්න පුළුවන් හැබැයි වැඩිපුර බර අර පැත්තට, යනවනම් පලයන් කියන්නේ ඒ වෙනකොට සේවකයෝ වැඩි නම් ගහ ,තමන් ගැන අධි තක්සේරුවකින් ඉන්න ලොක්කෝ තමයි. හැබැයි රාවය යව යවා ඉන්නේ නැතුව එහෙම තැනක් තියෙනවනම් හොයාගෙන යන්න මුන්ට බම්බු ගහ ගන්න කියලා ,මොකද තියෙන ජොබ නැතිවුනා කියලා මිනිහෙක් විනාශ වෙන්නේ නෑ කව දාවත් කම්මැලියෙක් නෙවෙයි නම්.

      Delete
  4. හැම ආයතනයකම වගේ ගොටු අල්ලන්නො අලුත් උන්ව කඩේ යවන්නො ඉන්නවා බං. අපිට තියෙන්නෙ මාර්ග දෙකයි
    1. උන් එක්ක ගැටි ගැටි උන්ටත් ගේම දෙන ගමන් ඒ ආයතනේම ඉන්නවා.
    2. නැත්නම් උන්ට බම්බු ගහ ගන්න කියලා වෙන හොද එකකට යන එක.
    මටත් මීට අවුරුදු දෙකහාමාරකට කලින් ඔය දේම වෙලා මන් ගත්තෙ 2 වෙනි තේරීම.

    උත්සාහය අත් හරින්න එපා සහෝ. දිගටම ට්‍රයි කරපන්. නිකම්ම ගේම අ‍ත් හරින්න එපා.

    ReplyDelete
  5. මට පේන්නෙ නං බොස් ඔයාගෙන් වැඩ ගන්නව මිසක් ජොබ් සෙට් කිරිල්ලෙ අදහසක් නෑ. ඔයාගෙ සුදුසුකම් වලට හොද තැනක් සෙට් වුන ගමන් ඔතනින් යන්න. නැත්තං අන්තිමට අර නීතිය මේ නීතිය නිසා කණගාටුවෙන් වුනත් ඔයාට යන්න කියන්න වෙනව කියල බොස් කියපු දාට පඩිත් නැතුව ඔයාට යන එන මං නැති වෙයි. ජොබ්වල මුල් කාලෙ කටුම තමයි. ඒත් බොස්ලගෙ කතා 100% විස්වාස කරල ඔතනම ඉන්න ගියොත් ඔයා ලොකු අමාරුවක වැටෙයි වගේ..

    ReplyDelete
  6. මලයො උබ ඉන්නෙ වැරදි පාරක.කවුරුවත් මොනවත් ලගට ගෙනල්ල දෙන්නෙ නැ.උදුර ගනින්.බොසාගෙනුත් උදුර ගනින්.නැත්තම් පලයන්.යන්න පුලුවන් ජොබක් සෙට් කරගෙන කෙලින්ම කියපන් දෙන්න නැත්තම් යනව කියල.උබට ඉස්සෙල්ල ඔක කරන්න තිබුනෙ.කාටවත් ඔනවිදියට කාගෙවත් හිතහොද කරන්න වැඩකලොත්නම් මලෙ උබ වලේ

    ReplyDelete
  7. //මට මුලින් ලැබුණු මුදල මගෙ කොච්චි සීසන් ටිකට් එක ගත්තම සීයට පනහක් හැටක්ම කුඩු වෙනව.// හිතා ගන්න පුළුවන් පඩියේ තරම! පුළුවන් නං ජොබ් එක කරන ගමන් ඉගෙන ගන්න. එතකොට ඉතින් කාගෙවත් පස්සෙන් යන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
  8. මගේ වර්තමාන අත්දැකීමත් ඔය වගේම තමයි මලයො...මටත් මේ අද හෙට ලැබෙන්න නියමිත දැනට වඩා වැඩි ගානක් අතට එන ජොබ් එකක් ගැන ඔලුවෙ තියාගෙන කැරකෙන්නෙ...මොනවා කරන්නද ඉතිං...තාම හොද වෙලාව ඇවිල්ලා නෑ කියලවත් හිතමු...වැඩේ ඉක්මනටම ගොඩ යන්න ලැබේවා කියලා පතන්නම්...

    ReplyDelete
  9. හුඟක් තැන් වල ඔහොමතමයි.. කලකිරෙන්න එපා.. ඉක්මනටම වැඩේ හරියන්න කියලා තුශානි සුබ පතනවා

    ReplyDelete
  10. හ්ම්ම්ම් ජිවිතෙ වසන්තය ලගදීම උදා වෙන්න කියලා සුබ පතනවා

    ReplyDelete
  11. ගොඩක් තැන් වල ඔහොම තමයි බං.. ලංකාවෙනම් ඉතින් කියන්න දෙයක් නෑ.. ඕන දෙයක් කියලා ෆිට් එකේ ඉදපං.. ඒකයි කරන්න පුළුවන් හොදම දේ..

    ReplyDelete
  12. අම්මෝ කතා කරල වැඩක් නෑ.... අලුතින් ගිහාම මිනිස්සු කපන කැපිල්ල.... මගේම ඔෆීසියෙ මාත් එක්ක එකට ඉන්න එකා මට කපල මම දන්නෙත් නෑ.... මූ ගිහිල්ල බොසාට කියල මම වැඩ කරන්නෙ නෑ අයිස් ගහනව කියල.... මම කරන්නෙ මගේ වැඩේ මම ඉක්මනට ඉවර කරල මම අයිස් තමා....

    බොස් මට කතා කරා මම කිවුව ඔවු කියල.... මගේ වැඩ මම ඔක්කොම පෙන්නුව.... අරූට කතා කරා.. උගේ වැඩත් බැලුව... ඌ තාම ඉවර කරලත් නෑ.... ඌට බැන්න ඔක්කොම ඉස්සරහ "තමුසෙ අනුන්ගෙ වැරදි බලන්නෙ තමුසෙගෙ වැඩේ නොකර " කියල... අම්බානෙක බැන්න... එදායින් පස්සෙ ඌ ආවෙත් නෑ....

    ReplyDelete
  13. ඔය ඉන්න ගමන් වෙන වෙන තැන් වලටත් ඇප්ලිකේශන් එකක් දාලා බලමු... හොඳ තැනක් සෙට් වෙයි..
    හැම දෙයක්ම ජීවිතයට එකතු වෙන අත්දැකීම් නේ මලයා.. ඒ නිසා ගේම අතාරින්න එපා... අද දුක් විඳින තරමට හෙට සැපවත් ජීවිතයක් ගත කරන්න පුලුවන්...

    ReplyDelete
  14. //අපි හෙට මැරෙයිද ජීවත් වෙයිද කියන්නවත් අපි හරියට දන්නේ නැහැ.මෙහෙම හිතෙනකොට අපි මේ මොනවද කරන්නෙ කියලත් හිතෙනව.// මටත් ඔහොම හිතෙනව අප්පා....

    ReplyDelete
  15. ටිකක් දවස් කට්ට කන්න වෙනව ඕන තැනක. නමුත් ඒකෙත් සීමාවක් තියනව.

    ReplyDelete
  16. අන්තිමට එකම එක කමෙන්ටුවක් දාන්න හිතුන.යාලුවන්ගෙ කමෙන්ටු වලට රිප්ලයි නැති වුනාට අවුලක් ගන්න එපා.මම ඒ හැම එකක්ම කියෙව්ව.ගොඩක් ස්තුතියි දුන්නු අවවාද , දිරිගැන්වීම් , හැමදේටම.

    ReplyDelete