Monday, November 4, 2013

මට මතකයි පැටිය කාලෙ

   
      

         මම හිතන්නෙ මේ ලෝකෙ ඉවර වෙන්නෙ නැති එකම දේ ප්‍රශ්න වෙන්න ඕනෙ.දැන් බලන්න කාටද ප්‍රශ්න නැත්තේ කියල.සල්ලි විතරක් තිබුනට ලොකු ලොකු වාහන වල ගමන් බිමන් ගියාට හිතන්න එපා මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියල.සමහරවිට පොඩි පැල්පතක ජීවත් වෙන මනුස්සයට වඩා තට්ටු ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්න බැරිත් නැහැ.සමහරුන්ට පවුල් ප්‍රශ්න,ගෙවල් දොරවල් වල ප්‍රශ්න තවත් සමහරුන්ට සල්ලි ප්‍රශ්න.මනුස්ස ආත්ම භාවයක් ලබන්නත් ගොඩක් පින් කරල තියෙන්න ඕනේ කියනවනෙ.මෙහෙම කියන එක හරීමද දන්නෙ නැහැ ඒත් මට වෙලාවකට හිතෙනව අපි එහෙම පින් කරලා ලබාගත්තු මේ මනුස්ස ආත්මෙ ඇයි මෙහෙම දුක් විදින්නේ කියල.අපේ පන්සලේ හාමුදුරුවොනම් කියන්නෙ කොච්චර ලොකු කන්දක් නැග්ගත් ඒ වගේම ලොකු පල්ලමකුත් කවද හරි හම්බ වෙයි කියල.අනේ මන්ද කවදා කොහොම ඕව හම්බ වෙයිද කියල.පල්ලම ලැබෙනකම් ඉතින් අපිත් යනවා.

          මේ දවස් ටිකේ අපේ අම්මගේ අම්මත් ඒ කියන්නේ අපේ ආච්චි අම්මත් අපේ ගෙදර ඇවිල්ල.මොකද එයට හොදටම උන හැදුණු නිසා අපේ ගෙදර ආව.වෙනදට ඉන්නෙ අම්මලාගේ මහ ගෙදර.එහෙ ඉන්නෙ අපේ ලොකු අම්මගෙ දුවයි එයාගේ මහත්තයයි එයාලගේ පුතයි.ආච්චිව බලාගන්නේ අපේ ලොකු අම්මගේ දුව.ආච්චිට දෙයියන්ගේ පිහිටෙන් ලොකුම අමාරුවක් නැහැ.වයස නිසාම දැන් ටිකක් ඇග දුර්වල වෙලා.ආච්චි ඉන්න නිසා අපිට දැන් පොඩි ගතියකුත් තියෙනව.මොකද එයා නිතරම මොනවහරි කියනවනේ.අම්ම ඉස්සර වැඩට ගියාම මව බලාගත්තෙ ආච්චි.එතකොට මව මොන්ටිසෝරි එක්කගෙන ගියෙත් අච්චිම තමයි.හැමෝම කියනවා අච්චිම ඇරෙන්න වෙන කාටවත්නම් ඉස්සර උබව බලාගන්න බැහැ කියල.මොකද මම ඉස්සර ඒ තරමටම කියනදේ අහනවලු.

                අම්මෝ ඉස්සර අපේ අම්ම මට ගහනවා කියන්නෙ ආයේ මොකුත් නෑ පලු දාන්න වදිනවා.මම දන්නවා ඉතින් ඒ ආදරේට කියල.මම ඉතින් හු තිය තිය ගේ වටේ දුවනව.මාව බේරගන්න එන්නේ අපේ පල්ලෙහා ගෙදර හිටිය ආච්චි.මොකද අපේ ආච්චි ඉන්නෙ අපේ ගෙදර නෙවෙයිනෙ.පහල ගෙදර ආච්චිට ගමේ හැමෝම කතා කරන්නෙ බබාලගේ අම්ම එහෙමත් නැත්නම් බබාලගේ ආච්චි කියල.මොකද එයා ඒ තරමට පොඩි එවුන්ට ආදරෙයි.අම්ම මට ගහනකොට එපා දුවේ ගහන්න කියල එයා තමයි මව බේර ගත්තේ.අපිට ඉතින් සෙනසුරාදා කියන්නෙ හොදටම නටන දවස.මොකද එදාට අම්මත් වරුවක් වැඩට යනවා.මොන සෙල්ලම කලත් අම්ම එන වෙලාවට කොහේ හිටියත් කොල්ල ගෙදර.නැත්නම් ඉතින් දන්නව පාර වදිනවා කියල.

          ඉස්කෝලෙ නිවාඩු කලේ එනව කියන්නෙ මුළු දවසෙම සෙල්ලම තමයි.ක්‍රිකට් ගහනවා , ගස් පයිනවා , හොරා පොලිස් දානවා , සරුංගල් අරිනව , අන්තිමටම ඇලට පැනල නාලම තමයි ගෙදර එන්නෙ.හොරා පොලිස් හරි හැංගි මුත්තං හරි දැම්මොත් එහෙම සමහර දවස් තියෙනව මුළු දවසම හොයන්න වෙන වෙලාවලුත්.හැමෝවම මඩවනවා.එක දවසක් කොහොමහරි මට හොයන්න සෙට් වුණා.දැන් ඉතින් කොල්ලෝ දහයක් විතර ඉන්නව.ඔය ඔක්කොම හොයපල්ලකො ඉතින්.මමත් පැය දෙක තුනක් කට්ටකාල බැරිම තැන කරන්නම් හොද වැඩේ කියල ගෙදරට ඇවිත් ටීවී එක දාගෙන හිටිය.අන්තිමට කට්ටියම මව හොයනවා.මාව කොහොමහරි මාට්ටු වුනා.අපේ එවුන් ටික ඉතින් මගේ පලු ඇරිය.අන්තිමට මට කන්න තිබුණු බිස්කට් ටිකත් කල තමයි මුන් ටික ගෙදරින් ගියෙ.

               ඒ දවස් වල අපේ වෙල් යායවල් වල හොදට වතුර පිරුණම අපි ඔක්කොම වෙලට ගිහින් වතුර නානව.අන්තිමට සෙට් එකම මඩකනයි රංචුව වගේ.අම්මල කට කැඩෙනකම් කිව්වත් පුතේ වතුරට බහින්න එපා මී උණ තියෙනව කියල අපි නෙවෙයි ඒවා ඒ දවස් වල කනකටවත් ගත්තෙ.හැබැයි අම්ම ගෙදර එනකොට කොල්ල සුද්ද වගේ ගෙදර.දවසක් බබාලගේ ආච්චි ඇවිත් කිව්වා අපේ අම්මට දුවේ කොල්ල කිව්වට අහන්නෙ නැහැ කොල්ලෝ රැලත් එක්ක වෙලට පනිනවා කියල.එදානම් මට අම්ම දුන්න ගේ ඇතුලට දාගෙනම.හැබැයි මටත් ලැජ්ජ නැහැනෙ පහුවෙනිදත් වෙලට පැන්න.දැන්නම් තේරෙනවා කලේ වැරදි වැඩමයි කියල.කොලු කාලෙට හැමෝම ඔහොමනෙ.අමතක වුනා අපි වෙලට ගිහින් කරන්න ආසම දේ තමයි බැදලා ඉන්න හරක් ලෙහන එක.මොනව වුනත් කැත වැඩේ.හරක් අයිතිකාරයට වෙල් යාය වටේම ඇවිදින්න වෙනවා ඉතින් හරක් ටික අල්ලගන්න.ඉතින් කුණුහරප කෝටියයි..සමහර ඒවා මම අදටත් අහල නැහැ..මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙනව..

        අපේ ගම ටිකක් ලොකු නිසා අහල පහල පන්සල් තුනක් විතර තියෙනව.අපි ඉතින් කටින පෙරහැර අරින්නෙ නැහැ.පස්සෙන්ම තමයි.නටලත් තියෙනවා ගිනිබෝල කැරකුව වගෙත් මතකයි මල් බයිසිකල් හදන්නෙ මාසෙක විතර ඉදල.දවසක් අපි පහක් හයක් විතර පස්සෙන් යනවා.පෙරහැර තව ඉස්සරහට ගිහින් ආපහු හරවගෙන එන්න ඕනේ.ඉතින් අපි ඒ ටික යන්නේ නැතුව ටිකක් ඉස්සරහට ගියා.මොකද ඉස්සරහ තියෙනවා ලොකු ගල් වලක්.ඒක දැන් අත් ඇරල.ඔතන තියෙනවා පොඩි ලී මෝලක්.ඒකෙ මුදලාලිය ලෝක කපටිය.මිනිස්සු රවට්ටලා දෙක පහට තමයි පොල් ගස් එහෙම ගේන්නෙ.ඔතන තිබුන පොල් කොට හරියටම මතක නැහැ කොහොමහරි දහයක් විතර කියමුකො.අපේ එකෙක් කිව්වා මචං මේ ටික දාමු ගල් වලට කියල.වචනෙ විතරයි පොල් කොට ටික ගල් වලේ.මුදලාලියටත් ඇහැරුනා.පෙරහැර පැත්තක දිව්ව කියන්නෙ හු තිය තිය..ඇත්තට අපි කරපු ජාති.ඉදල හිටලා මළගෙදරක පොඩි නයිටක් ගැහුවොත් නිදිමත යවාගන්නෙත් ඕව කියල හිනා වෙලා.

       ඒ දවස් වල අපිත් එක්ක ජිල් බෝල ගහපු එවුන් දැන් කසාදත් බැදලා ළමයිනුත් ඉන්නව.කාලෙන් කාලෙට මොනවා හරි එනවා වගේ කාලයක් තිබුන ජිල්ම තමයි.දවසක් අපේ අම්ම මගෙ ලොකු ජිල් බෝතලයක්ම ලිදට දැම්ම.ඊට පස්සෙ ලිද ඉහින දවසක මම මඩ අස්සෙ තිබිල ජිල් බෝල දහයක් පහළොවක් ඇහිද ගත්ත.මමත් ඉතින් ඒ දවස් වල හොද පොරක් තමයි.ජිල් ගහපු උන් ඉන්නවනම් දන්නව ඇතිනෙ කිරණව කියන්නේ මොකක්ද ලියල.මම තමයි හොදටම කිරන්නෙ.හොදටම කිරණ එකටත් මම ඔට්ටු අල්ලලා දිනලා තියෙනව.ජිල් ගහනකොට කුරුව කියන්නෙ මොකක්ද කියලත් අහල ඇතිනේ තින්...හැබැයි වැඩිය කුරුව දාන්න නම් යන්න එපා.මොකද පරවියන්ගේ කුරුව දානව කියල එකකුත් තියෙනව කියල මම අහල තියෙනව..ඒ ඇවිල්ල වෙනමම කුරුවක්නේ..එහෙම කුරුව දාන කොච්චරනම් ඉන්නවද?අපිත් දාල තියෙනවා..හිකිස් විහිලුවට වගේ...

      පොඩ්ඩක් ඉස්සර විත්ති ටිකක් මතක් වුණා.ඒකයි පොස්ට් එකක් දාන්න හිතුනේ..ජය වේවා ..

20 comments:

  1. ඉස්සර විත්තී තමයි බං සෑහෙන්න ලස්සන..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ...එහෙම තමයි

      Delete
  2. අම්බෝ.... පොඩි කාලෙ කරපු පිස්සු මතක් වෙද්දිත් හිනා යනව.. සහ හිතට එන හැගීම.... මාසයක් උනත් මනෝ පාරක් ගහගෙන ඉන්න පුලුවන්....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ගාලු..හැබැයි දැන් කාලෙ ඉන්න පොඩි එවුන්ටනම් මෙහෙම ෆන් එකක් නැහැ බන්..

      Delete
  3. " ඒ දවස් වල අපිත් එක්ක ජිල් බෝල ගහපු එවුන් දැන් කසාදත් බැදලා ළමයිනුත් ඉන්නව." ඒ විතරක් නම් මදැයි ඒ සමහර ළමයි දැන් ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කොච්චරනම් දරුණු වෙලාද...කව්ද මේවට වගකියන්නෙ?

      Delete
  4. පොඩි කාලෙට යන්න අකමැති කවුද ඇහුවොත් කවුරුවත් නෑ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත...ඒ කිව්වෙ ඇත්තටම ඇත්ත කියන එක..හිකිස්

      Delete
  5. ජිල්බෝල ගහපු එවුන් මොන එහෙකට කසාද බදිනවද බොල...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මොකට වලේ වැටුනද කියල මටත් හිතාගන්න බැහැ බොල..

      Delete
  6. පොඩිකාලේ පන්සලේ වැඩ වලට රැ වෙලා එනකොට අපි කරපු පජාතම වැඩේ තමයි පන්සල ලග තිබුන ගෙවල් දෙකේ කට්ටියගේ ගෙවල්වල තියෙන මල් පෝච්චි මාරු කරන එක....... මේ දෙගොල්ලෝ තරහයි උදේට මාරුව අරගන්න කොට වෙන සින් ටික ඇති අපිට මාසයක් හිනාවෙන්න

    ReplyDelete
    Replies
    1. පට්ටම අතල් වැඩක් තමයි..අපිත් කරල තියෙනව..ඇත්තටම මැලේ රාළෙ මෙහෙම දේවල් වල මාරම ෆන් එකක් තමයි තියෙන්නෙ.

      Delete
  7. මමත් කටින පෙරහැරේ නැටුවා සැරයක්,ලී කෙළි ගැහුව සැරයක් නියම කාලයක්නෙ ඒක.බොටත් සිරාම ළමා කාලයක් තිබිල තියෙනව එහෙනං

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඒකනම් සුපිරිම කාලයක්...එහෙනම් හැලප අයියට අමුතුවෙන්ම ඒ ගැන කියන්න ඕනේ නැහැනෙ..

      Delete
  8. U කොල්ල පොඩි එකා කාලෙ...මට මතකයි මම යනව ඉංගිරිසි පන්ති කොලුවගෙ මාමගෙ ගෙදර...u කොල්ල බැට් එකකුයි බෝලෙකුයි තියාන තනියම ක්‍රිකට් ගහනව...කාටත් දැන ගන්න කියන්නෙ රජ වීදියෙ කොලුව ගාව තරම් එකී නොකී මෙකී කතන්දර වෙන කා ගාවවත් නෑ....පෙට්ටගම දි ඇරිය එකේ...දිගටම ලියහං මල්ලියෙ ජය...

    ReplyDelete
    Replies
    1. බලමුකො ජෙමා අයිය..මට එහෙම සුපිරියටම ලියන්න හැකියවක්නම් නැහැ..කොහොමහරි ලියමු එහෙනම්..

      Delete
  9. මටත් මෙ දවස් ටිකේ පොඩි කාලේ සිද්ධි මතක් වෙනවා සෑහෙන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිටත් එමමයි රජතුමනි..මොකද අප රජ තුමන්ගේ යටත් වැසියොනේ...

      Delete
  10. පොඩි ළමයි වගේ හැමදාම ඉන්න පුලුවන්නම් හොදයි කියල හිතෙනවා... අත්දැකීම් ටික නම් හරි රසවත් ..

    ReplyDelete
    Replies
    1. ටැංකියු ටැංකියු කුශානි .....

      Delete