Wednesday, December 25, 2013
දවසක් තියේවිද ඉස්සර වගේ ...
කටු අන්නාසි පදුරු ඉදුණු එරමිණිය
හැංගි හොරා වෙලේ මහ නියරෙ
දන්ඩි පැටියටයි මඩ කනයටයි
ආදරෙන් වෙල් ඉපනැල්ලේ පිනුම් ගහපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...
ඔට්ටුවට ජිල් බෝල කජු ගහපු
දිවා රාත්රී ක්රිකට් තරග
පැණි අමුඩෙගෙ වත්තේ කාපරංක
ගල උඩ කජු පුහුලන් කඩන
දවසක් තියේවිද ඉස්සර වගේ ...
රත්තගේ කසිප්පු වරිය පෙරලපු
අප්පුට අහස් කූරු යවපු
හොරා පොලිස් වලින් ඩෙන්ගියව මඩවපු
හීනෙන් උණ බට තුවක්කු හදපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...
බාහු මාමගේ බොරු යුද්ධ කතා
රවියගේ මල් ඔතන කතා
ආසිරි බට්ට කියන බොක කතා
පොඩි චූටියගේ මඩ කතා අහන්න
දවසක් තියේවිද ඉස්සර වගේ ...
නරි බෑනට ලෙන්චිනා අන්දවපු
කාලගෝලට අරක්කු පොවපු
බුලතෙට ගම්මිරිස් කවපු
සීයගේ සරමෙ එල්ලිලා දුවපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...
දන්සලට හොර පොල් කඩපු
අවාරෙට පහන් දල්වපු
හීනියට ළිදට පැනල නාගත්තු
කළුවරෙත් නිච්චි දුන්නු
දවසක් තියේවිද ඉස්සර වගේ ...
Subscribe to:
Post Comments (Atom)
අතීතය සිහිනයක් පමණයි :)))
ReplyDeleteමොනවා වුනත් හැම කෙනෙක්ම ඒ අතීතෙම ගිලිල ඉන්න ඇයි කියන්න මම දන්නේ නැහැ දිලිනි..
Deleteකවදාවත් ඉස්සර වගේ දවසක් නම් ආයෙත් එන්නේ නෑ
ReplyDeleteආයෙත් පස්සට යන්න තියෙනවනම් කියල හිතෙනව..
Deleteනෑනෙ බං ඒ අතීතයම පමණයි,හිතෙනකොට දුකයි නේද.
ReplyDeleteපෝන් නම්බර් එක ලබාදෙන්න
Deleteහිතෙනකොට දුකද කියලත් අහනව..පෝන් නම්බරේ ඉල්ලල තියෙනව හැලපෙ අයිය මොකටද කියන්න දන්නෙ නැහැ..
Deletehelapakade@gmail.com
Deleteඑකට එවන්න
ඔන්න එව්වෝ..
Deleteමෙච්චර දේවල් කරලා තියනවාද දෙවියනේ? එසේ මෙසේ බඩුවක් නෙවේනේ බලන් ගියාම
ReplyDeleteනැතුව නැතුව කොලු කාලෙ කරන්න තියෙන හැම වැඩක්ම වගේ කොරල තියෙනව..වයසට ගිහින් කරන ඒව විතරයි තාම ඉතුරු වෙලා තියෙන්නෙ..
Deleteමේ ඔක්කොම උඹ කරපුවද බොල?
ReplyDeleteඋල තියලත් මදි. හි හි හි
සිරාවටම අතීතය කියන්නෙ සිහිනයක් බන්. ඇතමුන්ට සුන්දර ඇතමුන්ට භයානක හීනයක්.
ඔව් බොල ඒ දවස් වල අපි තමයි ඉතින් අපේ පැත්ත පාලනය කොරේ..තාමත් එහෙම හිතාගෙන ඉන්නව.
Deleteකොච්චර ශෝක්ද දවසක් තියෙනව නම් ඉස්සර වගේ... අපූරු පද වැල් ටික ...
ReplyDeleteටැංකියු ටැංකියු තුශානි..
Deleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteස්තුතියි මධුරංග ..
Deleteඔය අතීතේ ආයේ එන්නෑ.....ඒක නම් හරිම ඛේදවාචකයක්....!!
ReplyDeleteවෙලාවකට හිතෙනව බං ඕක එන්නෙ නැති එකත් හොදයි කියල..නැද්ද මං අහන්නෙ..
Deleteඒ අතීතය ඇත්තටම එක සුන්දර මතකයක් පමණයි. අපේ දරුමල්ලොන්ට නම් අත්විඳින්න වෙන එකක්ම නැහැ.
ReplyDeleteඔව් ඒ කාලේ ආයෙත් එන්නේ නැහැ කෝරලේ මහත්තයො..තියෙන එකත් නැති වෙන එක තමයි වෙන්නෙ..
Deleteඒ ලස්සන කාලෙට අපි හැමෝම ආදරෙයි...
ReplyDeleteඑරමිණියා ගෙඩි දැන් දකින්නවත් නෑ...රස මතක්වෙනකොට ඉන්න බෑ...හ්ම්ම් :(
මටත් කටට කෙල උනනව ඔය එරමිණිය රස මතක් වෙනකොට..රෙහානිත් මේ වගේ දේවල් කොරල තියෙන පාටයි..
Deleteමේ කයි පෙළේ පදයක් පදයක් ගානෙ තියෙන්නෙ රසවත් පෝස්ටු....ඒවා කථා ලෙස නුදුරු අනාගතයේදීම අපිට තිළිණ වේවා...බොට සුභ 2014 වසරක් වේවා !
ReplyDeleteබලමු සිරා අයියෙ ඕව ගැන වෙන වෙනම පෝස්ටු දන්නා තියෙනවනම් මරු තමයි..එහෙනම් බොටත් සුබ නව වසරක් වේවා..
Delete