Wednesday, December 25, 2013

දවසක් තියේවිද ඉස්සර වගේ ...




කටු අන්නාසි පදුරු ඉදුණු එරමිණිය
හැංගි හොරා වෙලේ මහ නියරෙ
දන්ඩි පැටියටයි මඩ කනයටයි
ආදරෙන් වෙල් ඉපනැල්ලේ පිනුම් ගහපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...

ඔට්ටුවට ජිල් බෝල කජු ගහපු
දිවා රාත්‍රී ක්‍රිකට් තරග
පැණි අමුඩෙගෙ වත්තේ කාපරංක
ගල උඩ කජු පුහුලන් කඩන
දවසක් තියේවිද ඉස්සර වගේ ...

රත්තගේ කසිප්පු වරිය පෙරලපු
අප්පුට අහස් කූරු යවපු
හොරා පොලිස් වලින් ඩෙන්ගියව මඩවපු
හීනෙන් උණ බට තුවක්කු හදපු
දවසක් තියේවිද ඉස්සර වගේ ...

බාහු මාමගේ බොරු යුද්ධ කතා 
රවියගේ මල් ඔතන කතා 
ආසිරි බට්ට කියන බොක කතා 
පොඩි චූටියගේ මඩ කතා අහන්න
දවසක් තියේවිද ඉස්සර වගේ ...

නරි බෑනට ලෙන්චිනා අන්දවපු 
කාලගෝලට අරක්කු පොවපු 
බුලතෙට ගම්මිරිස් කවපු 
සීයගේ සරමෙ එල්ලිලා දුවපු 
දවසක් තියේවිද ඉස්සර වගේ ...

දන්සලට හොර පොල් කඩපු 
අවාරෙට පහන් දල්වපු 
හීනියට ළිදට පැනල නාගත්තු 
කළුවරෙත් නිච්චි දුන්නු 
දවසක් තියේවිද ඉස්සර වගේ ...

25 comments:

  1. අතීතය සිහිනයක් පමණයි :)))

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් හැම කෙනෙක්ම ඒ අතීතෙම ගිලිල ඉන්න ඇයි කියන්න මම දන්නේ නැහැ දිලිනි..

      Delete
  2. කවදාවත් ඉස්සර වගේ දවසක් නම් ආයෙත් එන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ආයෙත් පස්සට යන්න තියෙනවනම් කියල හිතෙනව..

      Delete
  3. නෑනෙ බං ඒ අතීතයම පමණයි,හිතෙනකොට දුකයි නේද.

    ReplyDelete
    Replies
    1. පෝන් නම්බර් එක ලබාදෙන්න

      Delete
    2. හිතෙනකොට දුකද කියලත් අහනව..පෝන් නම්බරේ ඉල්ලල තියෙනව හැලපෙ අයිය මොකටද කියන්න දන්නෙ නැහැ..

      Delete
    3. helapakade@gmail.com
      එකට එවන්න

      Delete
    4. ඔන්න එව්වෝ..

      Delete
  4. මෙච්චර දේවල් කරලා තියනවාද දෙවියනේ? එසේ මෙසේ බඩුවක් නෙවේනේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කොලු කාලෙ කරන්න තියෙන හැම වැඩක්ම වගේ කොරල තියෙනව..වයසට ගිහින් කරන ඒව විතරයි තාම ඉතුරු වෙලා තියෙන්නෙ..

      Delete
  5. මේ ඔක්කොම උඹ කරපුවද බොල?

    උල තියලත් මදි. හි හි හි

    සිරාවටම අතීතය කියන්නෙ සිහිනයක් බන්. ඇතමුන්ට සුන්දර ඇතමුන්ට භයානක හීනයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බොල ඒ දවස් වල අපි තමයි ඉතින් අපේ පැත්ත පාලනය කොරේ..තාමත් එහෙම හිතාගෙන ඉන්නව.

      Delete
  6. කොච්චර ශෝක්ද දවසක් තියෙනව නම් ඉස්සර වගේ... අපූරු පද වැල් ටික ...

    ReplyDelete
    Replies
    1. ටැංකියු ටැංකියු තුශානි..

      Delete
  7. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග ..

      Delete
  8. ඔය අතීතේ ආයේ එන්නෑ.....ඒක නම් හරිම ඛේදවාචකයක්....!!

    ReplyDelete
    Replies
    1. වෙලාවකට හිතෙනව බං ඕක එන්නෙ නැති එකත් හොදයි කියල..නැද්ද මං අහන්නෙ..

      Delete
  9. ඒ අතීතය ඇත්තටම එක සුන්දර මතකයක් පමණයි. අපේ දරුමල්ලොන්ට නම් අත්විඳින්න වෙන එකක්ම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ ආයෙත් එන්නේ නැහැ කෝරලේ මහත්තයො..තියෙන එකත් නැති වෙන එක තමයි වෙන්නෙ..

      Delete
  10. ඒ ලස්සන කාලෙට අපි හැමෝම ආදරෙයි...
    එරමිණියා ගෙඩි දැන් දකින්නවත් නෑ...රස මතක්වෙනකොට ඉන්න බෑ...හ්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. මටත් කටට කෙල උනනව ඔය එරමිණිය රස මතක් වෙනකොට..රෙහානිත් මේ වගේ දේවල් කොරල තියෙන පාටයි..

      Delete
  11. මේ කයි පෙළේ පදයක් පදයක් ගානෙ තියෙන්නෙ රසවත් පෝස්ටු....ඒවා කථා ලෙස නුදුරු අනාගතයේදීම අපිට තිළිණ වේවා...බොට සුභ 2014 වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බලමු සිරා අයියෙ ඕව ගැන වෙන වෙනම පෝස්ටු දන්නා තියෙනවනම් මරු තමයි..එහෙනම් බොටත් සුබ නව වසරක් වේවා..

      Delete