Monday, December 9, 2013

වත්තෙන් වෙනස් වී නැවතත් පිටියට

             



          අපේ ගෙදර වත්තට අමතරව තව පොඩි වතු කෑල්ලක් තියෙනව අපේ ගෙවල් අහල පහලම.ඔය වත්තට අයිති කාරයො ගොඩක් ඉන්නව.කොටින්ම කියනවනම් ඒක අපේ නෙවෙයි වගේ.අපි ඒ වත්තට යන්නෙ ඔය තියෙන පොල්ගස් දෙක තුනක පොල් ගෙඩි ටික කඩාගෙන එන්න විතරයි.ඒකත් ඉතින් අපේ අම්මගෙ කටේ බලේට තමයි මම යන්නේ.පොල්කඩල අහල පහල ගෙවල් වලටත් මම ගෙඩියක් හරි දීල තමයි මම එන්නෙ.මොකද දැන් පොල් ගෙඩියකුත් රුපියල් පනහක් හැටක් විතර වෙනවනෙ.අපේ ඔෆීසියෙ ඉන්න D අයිය වතු සම්බන්ධව හොද අවබෝධයක් තියෙන කෙනෙක්.මොකද එයා කතා කරනකොට ඒක ඕනෙම කෙනෙකුට තේරෙනව.ගම්පලාත කොලබට කිට්ටු නැති උනාට එයාගේ අදහස තියෙන්නෙ කවදහරි එයාගෙ ගමට ගිහින් හොද වගාවක් එහෙම ගෙන ඉන්න එක තමයි.

           දවසක් අපි මේ ලගදි ඔය වතු ගැන කතා කර කර ඉන්නකොට මමත් කිව්වා අපිට මෙහෙම පොඩි වතු කෑල්ලක් තියෙනව හැබැයි මම එකෙ කෙහෙල් පැලයක්වත් තම හිටවල නැහැ කියල.මේ කතාව ඇහැව්ව විතරයි D අයියට මල පැනල මට බැනගෙන බැනගෙන ගියා.ඊට පස්සෙ කියනව 

     මල්ලි ඔය වත්ත හොදට හදල කරලා ගනින්.එතකොට උබට අතට තව පොඩි ගානක් ගන්න පුළුවන්.

        ඇත්ත තමයි ඉස්සරහට මිනිස්සුන්ට කන්න වෙන්නෙ තමන් හිටව ගන්න අල බතල තමයි.ඒව තමයි ඉතින් කන්න ඕනෙ.ඒ වුනාට මේ යන විදියට ගෙදර වත්තේ බතල අලයක් හරි හිටව ගන්න එක ඇගට ගුණයි.

              ඔය කියපු කතාවට පස්සෙ මමත් හිත ගත්ත වත්ත පොඩ්ඩක් සුද්දයක් එහෙම දාල ගන්න ඕනෙ කියල.මේ අන්තිම සතිඅන්තේ මම වෙලාව වෙන් කරලා තිබුනෙ වත්තෙ වැඩ වලට.වෙනදට හෙනහුරාදට පස්සට අවුව වැටෙනකම් නිදියන එක නවත්තල උදෙන්ම වත්තට ගිහින් පොල්ගස් ටික වටේ පොඩි සුද්දයක් දාල ගත්ත.දවල් වෙලා ගිහින් පොල් පෝරයි ඩොලමයිට් ඔක්කොම අරගෙන ආව.ආණ්ඩුවෙන් පෝර අඩුවට දෙන නිසා වැඩි ගානක් ගියෙත් නැහැ.එදාම දැම්ම ඩොලමයිට්.මුලින්ම ඩොලමයිට් දල සති දෙකකට පස්සෙ පොල් පෝර ටික දාන්න කියල වගා නිලධාරී තුමිය කිව්වා.මමත් ඉතින් ඒ විදියටම කලා.තව සති දෙකක් ඉන්න වෙනව පොල් පෝර ටික දාන්නා.ඔය ඩොලමයිට් දාන්න කියන්නෙ පස බුරුල් වෙන්න කියනවනෙ.මොනව දැම්මත් ඉතින් කාබනික පොහොර වලට ගහන්න පොහොරක් තවත් නැහැ.අපි දැන් කන්නේ ඔක්කොම වහනෙ.රටේ නැති පොහොර ගහනව එළවලු පලතුරු වලට.

                      වත්තෙ ලෑටිය පදුරු හැමතැනම.හරියට වගා කරලා වගේ.පුළුවන් තරමක් ගලවල ගොඩ ගැහැව්ව.දැන් ලබන සතියෙ ඒව ටික පුච්චන්න තමයි හිතාගෙන ඉන්නෙ.එක සතියට එක කෙහෙල් පැලේ ගානෙ හිටෙව්වනම් ඇති.ඒව ඇවිල්ල මම මගෙ වාසියට හදාගත්ත නීති රීති.තාමත් මගේ අත් දෙක රිදෙනව උදලු ගාලම.මොකද හුග දවසකින්නෙ වැඩක් කලේ.ඒත් හිතට මාර ෆිට් එකක් තියෙන්නෙ ඔය වගේ වැඩක් කලාම.අපිට මෙහෙම අමාරුනම් අර අහිංසක ගොවි මහත්වරුන්ට කොච්චරනම් අමාරු ඇත්ද?

          මේ දවස් වල හිතත් එච්චරම ෆිට් නැති එකේ මේ වගේ දෙයක් කරන්න ගත්තම ඒ හැමදේම අමතක වෙනව.ඒකනම් ලොකු දෙයක්.මොකද මටම එක තේරෙනව.ලොකු වෙනසක් තියෙනව.

---------------------------------------------------------------------------------






29 comments:

  1. නම කියද්දි ටිකක් අපහසු නැද්ද,තව පොඩ්ඩක් කල්පනා කරල බලන්න

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හැලපෙ අයියෙ..එහෙනම් රජ වීදියම හොදා..

      Delete
  2. මේක නම් ඉහලින්ම අගය කරන්න ඕනේ. මමත් හිතාගෙන ඉන්නේ හෙට අනිද්දාට ගෙවල් මාරු කරද්දි ලෝ ලෙවල් ගේකට යන්න. එතකොට මටත් පුළුවන් වගා කරන්න. මේ බ්ලොග් අස්සේයි අරහේ මෙහෙයි කාලෙ කන එකත් එතකොට නතර වෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..දැන් ඉතින් අපි වවමු රට නගමු කියලනෙ කියන්නෙ..නේද? බූරු බබාට කොහොමත් හොදයි ඔය ඇගපත පොඩ්ඩක් එහෙට මෙහෙට කරගන්න..හි හි

      Delete
  3. වගා කිරිම නම් නියම වැඩක්.. ඒ වැඩේ හොදට යන්න කියලා සුභ පතනවා..

    නම නේද?පෝස්ට් එක රීඩරේ දැක්කම අමුත්තක් දැක්කා කවුද මේ කියන එක.. වෙනස් කරන්න හිතුවනම් දැන් මේක දිගටම තියන් යන්න.. ආයි කාලෙකින් වෙන නමකටවත් පරණ නමටවත් නොයා.. ඊලග පෝස්ට් එකට කලින් හරි තීරණේ ගනින්.. හැබැයි මගේ අදහස රජ වීදියම හොදයි.. දැන් උඹව ගොඩක් දෙනෙක් දන්නේ ඒකෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් ඔයා කියන කතාව ඇත්ත...මොකද ඔයා දැන් සයිබරයට ඇවිල්ල ගොඩක් කල් වෙනවනෙ..උමගිලිය මහත්තයල කියන දේවල් වලටත් අපි පොඩ්ඩක් ඇහුම් කන් දෙන්න ඕනෙ..එහෙනම් පරණ විදියටම ඉමු.

      Delete
  4. මල්ලි ඔය වත්ත හොදට හදලා ගනිං එතකොට බොට පොඩි ආදායමක් ඒවි ඒක සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු දේශ අයියෙ..පොඩි කට්ටක් කන්න වෙයි වගේ..

      Delete
  5. දැන් කාලේ හැටියට තමන් ම වගා කරගෙන කන එක ඇඟට ගුණ යි තමයි! නැත්තං ඉතින් වහ කාල මැරුණ වගේ වැඩක් තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ධාරා එහෙනම් ඔයාටත් යමක් කමක් තේරෙනව..හි හි.කතාව ඇත්ත.

      Delete
  6. සුද්ද කරල ගනිං...මමත් පලදාව නෙලන කාලෙක එන්නම්...නම වෙනස් කරන්න එපා බං...අනිත් උන් කියන්න වගේ එතකොට නිකං ආත බූත වෙනව...ඉන්න මෙම්බර්ස්ල..ලගදි දවසක සෙට් වෙමුකො...ජය!

    ReplyDelete
    Replies
    1. පලදාව කොහොම වෙයිද කියන්නනම් දන්නේ නැහැ.ජෙමා ලොක්ක මොනා හරි අරගෙන එනවනම් අපිත් කැමතියි..ගෙදර රබුටන් ගහේ අපි කොච්චර රබුටන් කනවද?මතක මන්ද?

      Delete
  7. ආදායමක් නැතත් හිතට සහනයක්. මාර ගති හදපුවා පීදිලා එනකොට

    ReplyDelete
  8. හොඩ වෙලාවට මතක් කලේ.. අපෙත් ඉඩමක් තියෙනව බන් වීරවිල සහ ගාල්ලෙ... ඒ පැත්තෙ ගියෙ නෑ අවුරුදු 1.5 කින් විතර... යන්න වෙලාවක් නෑ බොල.....

    ReplyDelete
    Replies
    1. අපරාදෙ බොල..නිකන් ඉන්න එකේ කොටපිය ඔය වත්ත.

      Delete
  9. Niyama vadak machan digatama karan giyoth waththath goda raja weediyath goda.

    Me pael rakina kaleta kiyahan apith ennam.

    ReplyDelete
    Replies
    1. දන්නවනෙ ඉතින් පැල් රකින්න මොනවද අරගෙන එන්න ඕනෙ කියල..ඒක නෙවෙයි ප්‍රියා මොකද මේ දවස්වල බොලාගේ කමෙන්ටු ඉංගිරිසියට කැරකිලා..

      Delete
    2. නෑ මචං උණ හැදිලා ලැපත් ඔන් කරගන්න බැරිව හිටියා පහුගිය ටිකේ අඩුම ගානෙ මගෙ ෆොන් එකවත් මගෙ අතෙ තිබුන්නෑ.

      ඔය පෝස්ට් ටික කියවලා කමෙන්ට් ටික කෙටුවෙත් මලයගෙ ෆෝන්එකෙන් (ඒකෙ සිංහල නෑ). ඔන්න අද තමා ප්‍රියා සාමාන්‍ය තත්වෙට ආවේ.

      කොහොම උනත් අපි දෙයියනේ කියලා පැල් කවියක් කියාගෙන පැලක් රැකන් ඉමු බං.

      Delete
  10. ඔක මාර හොබි එක බන්.මම නම් පට්ට ආසයි.පොඩිකාලෙ ඉදල කලෙ.දැන් කොහෙද් මෙ කුලියට අනුන්ගෙ ගෙවලවල ඉන්න කොට ඔව කරන්නෙ.එත් පොඩි පොච්චි ටිකක බිරින්දැ මිරිස් වවනව්.එල වෙල්ඩන්
    (මෙ නිකමට වගෙ අහන්නෙ අතුරු වගාවක් හැටියට කන්සා පොඩ්ඩක් වවමුද )

    ReplyDelete
    Replies
    1. නිකමට නෙවෙයි බන් අපේ එකෙක් ඔය දාස් පෙතියද අට පෙතියද මල් අස්සේ ඔය කියාපු ජාතිය වගා කොරල තිබුන..වගාවක් නෙවෙයි එක ගහක් විතරද කොහෙද?

      Delete
  11. මට මල්ලිව මස්සිනා කරගන්න හිතෙනවා අප්පා....අක්කලා එහෙම නෑ....

    ReplyDelete
    Replies
    1. අප්පේ වෙලාවට එහෙනම් හිටියෙ නැත්තෙ..මොනා උනත් සිරා හොද ගුණයහපත් කොල්ල..

      Delete
  12. හොඳ වැඩකට අතගහලා තියෙන්නේ...වගා කරන්න මාත් හරිම කැමතියි.. පැලයක් හිටවලා ඒක ටිකෙන් ලොකු වෙන හැටි දකිනකොට හිතට දැනෙන්නේ හරි පුදුමාකාර සතුටක් ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් තුශානි ගෙදර මල් එහෙම වවනව ඇති නේද?

      Delete
  13. ඔය තියෙන්නේ වැඩනේ...
    එල එල... එහෙනම් පොහොර දාලා පොල් ගස් අතර අන්නාසි ටිකක් එහෙම වවලා ගත්තා නං හරි

    ReplyDelete
    Replies
    1. බලමුකො..ඒත් අන්නාසි වලට පොලොන්ගු එනව කියනව නේද?

      Delete
  14. වත්තක් තියෙනවා කිව්වා .... එහෙනම් උබත් හොඳ සල්ලි කාරයෙක්නේ ....... වත්තේ හුලනුත් තියෙනවද :D

    ReplyDelete
    Replies
    1. පොඩි වත්තක් බං..ඒ නිසා අර උබ කියපු හුලං වර්ගෙ පොඩ්ඩක් අඩුයි..හි හි

      Delete