Thursday, January 9, 2014

අරමුණක් නැති පෝස්ටු..01


              රැයට සොයන උණුහුම දවල්ට ලැබෙන උණුසුම අතරේ කොච්චරනම් වෙනසක් තියෙනවද?එකම එක පොඩි අකුරකින් විතරක් වෙනස් වුනාට මේ වචන දෙකට වෙනස්ම අදහස් තමයි තියෙන්නෙ.කෙනාගෙන් කෙනාට ඒ දිහා බලන විදියත් වෙනස්.ඒ වෙනස එක්කම හිතට දැනෙන අදහස් සමහරවිට අපිටම තේරෙන්නෙ නැහැ.මොකද අපි ඒ තරමටම බොළද වෙලා.යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියනවනෙ.ඉතින් ජීවිත වලට ඒ ඒ වෙලාවල් වලට ලැබෙන්න අවශ්‍ය දේවල් නොලැබෙනකොට මිනිස්සුන්ට දැනෙන දුක කියල නිම කරන්න බැහැ.අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදියට වෙනවනම් අපිත් අද බිල් ගේට්ස් වගේ තමයි.

                      පොඩි දවස් වල ටීචර් අපේ අහනකොට පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියල අපි හැමෝම ඒ දවස් වල කියන්නෙ දොස්තර කෙනෙක් එහෙමත් නැත්නම් ඉංජිනේරුවෙක් වෙනව කියල.ඒ දේවල්                    මිනිස්සුන්ගේ වාසනාව කියන එක මත සීයට පනහක් විතර රැදිල තියෙනව කියල තමයි මගෙ විශ්වාසෙ.මොකද සීයට සීයක් කියල කිව්වොත් බුදු දහම බොරු වෙනව.තමන්ගෙ මවට , තමන්ගෙ දහමට හා තමන්ගෙ රටට ආදරේ කරන්න කියල කතාවට කියන්නෙ කට කහනවට නෙවෙයි.මව විතරක් නෙවෙයි පියාටත් ඒ හා සමානවම ආදරේ කරන්න ඕනෙ.

                     මේ අවුරුද්දෙ හදහන් බලනකොට ඔන්න රජ වීදියටනම් සරුයි.හැබැයි තාමනම් සරු වුනේ නැහැ.බලමු අපිටත් කවදහරි අවුරුදු එයි කියල හිතෙනව.මේ දවස් වල ඔෆිසිය ගැනනම් කතා කරනකොට කලකිරෙනව වගේම දෙපැත්තෙන්ම හිනත් යනව.මොකද මේ දවස් වල එක සෙට් එකක් ඌරගේ මාළු ඌරගෙ පිටේම තියල කපන්න පටන් අරගෙන.ඒ මදිවට ඒ කපන ඒව විකුනන්න කට්ටිය සැදී පැහැදී ඉන්නව.මොකද ඒ තරමටම මේ ප්‍රශ්නෙ දුරදිග ගිහින් තිබුන නිසා.මනුස්සයෙක් තමන් වැඩ කරන ෆීල්ඩ් එකට සීනියර් වෙන්නෙ එකම තැන දිගටම වැඩ කරන එකෙන් කියල හිතනවනම් මම හිතන්නෙ ඒක හරිම බොරු වැඩක්.මොකද අලුතින් කෙනෙක් වැඩට එන්නෙ ගෙදර පොල් ගගා ඉදල නෙවෙයිනෙ.ඒ මනුස්සයත් තවත් තැන වැඩ කරල පඩි වැඩියෙන් දෙන තැනකට ඇවිත් තියෙනව.ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් නිසා මේ දවස් වල අපේ මණ්ඩලේම කචල් වෙලා තමයි තියෙන්නෙ.මම ඉතින් පොඩි එක නිසා අපි ඔය දෙපැත්තටම වෙලා තැලෙන එක තමයි වෙන්නෙ.

                          අද මේ එක පාරටම මම බොහොම අමාරුවෙන් අමතක කරලයි කියල හිතාගෙන ඉන්න දෙයක් මතක් වුනු නිසා තමයි මේ උණුහුමයි උණුසුමයි ගැන ලියන්න හැදුවේ.අන්තිමට ලියන්න වෙන්නෙ වෙනමම වල් පල්.අලුත් අවුරුද්දට පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන නිසා මම මගෙ නමට අගින් මගෙ නමේ කොටසකුත් සෙට් කලා.

                           දැන්නම් හොදටම නිදිමතයි.මොකද ඊයෙත් ගෙදර එනකොට පාන්දර දෙක හමාරයි.ගියා කාර්නිවල් එකක් බලන්න වතුපිටිවල.උදේ වැඩට යන්න ඇහැරුනෙත් අම්ම කුස්සිය පැත්තෙ දෙහි කපනව ඇහෙනකොට.රැවුල කපන්නෙවත් නැතුව අතරමන් වෙච්ච එකෙක් වගේ තමයි අද ඔෆිසියට බැස්සෙ.ගියගමන් නඩුවක් පාත් වුනු නිසා අද දවල්ට කනකොට හවස තුනට විතර ඇති.අපි එහෙම හරි කනව.දවල්ට කන්නෙ නැතුව දුක් මහන්සියෙන් වැඩ කරන මිනිස්සු අපි අතරෙම කොච්චරනම් ඉන්නවද.මම අහල තියෙනව දැන් අපේ රටට එන සමහර ඇදුම් මහන කොන්ත්‍රාත් ඉන්දියාවට යන්නෙ ඒ රටේ සමහර මිනිස්සු දවසෙ බත් පැකට් එකටත් වැඩ කරනවා කියල.ඉතින් මිනිස්සු කොච්චරනම් පව්ද..

                             නිදාගන්න කලින් තව පොඩි දුක් සීන් එකක් තියෙනව කියන්න.අපේ රටත් දන් විනාස මුක්‍යට ඇවිත් තියෙනව කියන එක සහතික ඇත්ත.මොකද මම කිව්වෙ ඊයෙ කාර්නිවල් එකක් බලන්න ගියා කියල.දැන් කර්නිවල් ඇතුලෙත් බියර් කඩ තියෙනව කට්ටිය දැකල ඇතිනෙ.එක කඩේක මාරම මාර්කටින් පාරක් තමයි තිබුනේ.නැගල යන ඉංගිරිසි හින්දි සිංදු වලට අහිංසක කෙල්ලො දෙතුන් දෙනෙක් මුළු සරුවාන්ගෙම බේරෙන්න කිටක් ගහල අර දෙනෝදහක් ඉස්සරහ නටනව.ඒක බලන්න අපේ හැත්ත බුරුත්ත මී මැස්සො ටික වගේ.මේව මැජික් නෙවෙයි.ඒක ඇත්ත. ඒත් දෙයියනේ අහිංසක අම්මල තත්තලගෙ දරුවොනෙ.කොල්ලො මොකට වටවෙලා බලාගෙන ඉන්නෙ කියන එක අහන්න දෙයක් නෙවෙයිනෙ ඒ නිසා ඒ ගැන මම කියන්න යන්නේ නැහැ.ඔය තිබුණු මාර්කටින් පාරත් එක්ක බියර් කඩේ හිස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.මොකද බියර් එකක් එහෙම ගහල පොඩි නැටුමකුත් අපේ එකාලට දන්නා පුලුවන්නෙ.කොල්ලො, කෙල්ලො දෙතුන්දෙනා අතරට රිංගනකොට කෙල්ලො ටික හෙමීට එතනින් වාෂ්ප වෙනව.ඇත්තටම ඉතින් නැත්නම් බේරෙන්න බැහැනෙ..

                              දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ විදියට අපිටත් යන්න වෙනව පුතෝ..නැත්නම් අපිත් හැමදාම මෙතනමයි..ඔහොම යං ..  

30 comments:

  1. අරමුණක් නැති පොස්ට් වුනාට යමක් ලියවිලා තියෙන්නේ. බියර් නම් ඉස්සර මාකට් කලේ "අපි සිංහ වංශේ ඔබ?" කියලා නේ අර කෙල්ලෝ නටන සිද්දිය නම් දැකලා නැහැ. හැබැයි ඔයිට වඩා ව්‍යසනයක් තියෙනවා එක තමයි. බ්ලොග් වල වගේම FB එකෙත් ඉන්නවා බිවුවා කියලා එය ලොකු වැඩක් කියලා පෙන්වන පිරිසක්, සමහර වෙලාවට share කරන photo වල ඉන්නේ බෝතල් සමග. ඔය වගේ දේවලින් ලොකුවටම මත්ද්‍රව්‍ය promote වෙනවා. එවැනි දේ දුටු විට පහර ගහනවා නම්. එය නොන්ඩියට ගන්නවා නම් ලොකු වැඩක් කරන්න පුළුවන්. සමහර යාළුවො ඉන්නවා අපි අතර කතාකරන විට කියනවා මචන් අපි ඊයේ අරුන්ගේ ගෙදරදී ලොකු ෆන් එකක් ගත්තා කරටි කැඩෙන්න ගැහුවා වගේ කතන්දර. ඕවාත් ව්‍යසනයට හේතු තමයි යාලු.

    වැරදිකරු ගුරුවරයාද? කියා දැන ගන්න මහාකළු සිංහලයාගේ අලුත් ලිපිය බලන්න එන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ ඔයා කියන කතාවත් ඇත්ත.මම කියපු දේවල් වලට වැඩිය යමක් ඔයාගේ කමෙන්ටුවේ තියෙනව.මොනව කරන්නද දැන් අපේ මිනිස්සු පරක්කු වෙලා වැඩියි.පෙරහැර පෙනෙන තෙක් මානෙකවත් නැහැ ..දුක තමයි.

      Delete
  2. අරමුණක් නැතුව ලිවුවා වුනාට මොකෝ කියන්න තියෙන හුඟක් දේවල් මේකේ ලියවිලා තියෙනවා.. දිගටම ලියන් යමුකෝ එහෙනම්..

    ReplyDelete
  3. උබ වතුපිටිවලද? අපි නම් ඒ පැත්තෙ කැරකෙනවා සතියට වරක් වත් :)

    අරමුණක් නැතුවම ලියපං. වැදගත් ඒව එන්නෙ එතකොට..

    ජය..!

    ReplyDelete
    Replies
    1. නැහැ බං මම වේයන්ගොඩ..දන්නේ නැද්ද කොල්ලො සෙට් වුනාම හැම තැනම රවුම් ගහනව.එහෙනම් අරමුණක් නැතුව ලියමු...

      Delete
  4. උඹල අරමුණක් නැතිව ලියන ඒවා ගති නේ... හැක්

    ReplyDelete
  5. අරමුණක් නෑ කිව්වාට මේකේ තියෙන්නේ වැදගත් දෙයක්නේ. මේ විදියේ අරමුණක් නැති ඒවා හැමදාම ලීවත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. අප්පේ එහෙම හිතුනනම් මරුනේ...ටැංකියු වේවා...

      Delete
  6. අරමුණක් නැතුව ලියවිලා තිබුණට දෙයක් තියෙන පෝස්ට් එකක් !
    අපිටත් අකමැත්තෙන් හරි මේ දේවල් වලට හුරු වෙන්ඩ වෙනවා. නැත්නං හණමිටි අදහස් තියෙන හණමිටිකාරයෙක් වෙනවා. මේ වගේ විසූක දස්සන බලාගෙන ඉන්නවට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක...

    //මම මගෙ නමට අගින් මගෙ නමේ කොටසකුත් සෙට් කලා

    මොකද්ද මේකේ තේරුම ?

    ReplyDelete
    Replies
    1. නැහැ බං මම කලින් කමෙන්ට් කලේ රජ වීදිය කියලනේ..දැන් කමෙන්ට් කොරන්නෙ රජ වීදියේ උමේෂ් කියල..ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.

      Delete
    2. සිම්පල් ප්ලෑන් එකක්..ලියලා තියෙන විදිහෙන් කම්ප්ලෙක්ස් වෙනවා :)

      Delete
  7. අරමුණක් නැතුව ලියත්දි තමා බන් හිතට එකගව නිදහසේ ලියන්න පුලුවන්. එතකොට හිතට සීමා මායිම් නෑනෙ. ඒක මේ ලිපියෙන්ම පේනවා එළ.

    මේ උමේෂ් උඹ බ්ලොග තාම මාතලන් අයියගෙ සිංඩියෙ එල්ලුවෙ නැත්ද?? දැන්ම එල්ලාන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා හිතට බරක් නැතුව ඔහේ ලියාගෙන යන්න පුළුවන්..මාතලන් අයියට ඊ ලියමක් නේද බන් දාන්න ඕනෙ..මම දැම්ම මචෝ..ආයෙත් දාල බලමු.

      Delete
    2. ඊයකුත් විදහන් විදලා සිංඩියෙ තියෙනවා අලුත් බ්ලොග් වලට ඇප්ලයි කරන්න. අන්න ඒකටත් ඇප්ලයි කරහන්. මාතලන් අයියගෙ සිංඩියෙන් ලොකු සප් එකක් හම්බ වෙනවා.

      Delete
  8. හ්ම්ම් මොනවා වුණත් ඇත්ත ලියලා. :) 

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනෙ නැහැ කියනවනෙ..

      Delete
  9. යකෝ උඹ හැමදාම අරමුණක් නැති ඒවාම ලියපන්කො .ඒවා රහයි ඔක්කොටම වඩා..

    ReplyDelete
  10. අරමුණක් තියෙනෝ මේකෙ!

    ReplyDelete
  11. අරමුණක් නැති උණත් ඒක අර්ථවත් නම් ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔව්

      Delete
  12. අරමුණක් නැති පෝස්ට් මෙහෙමනම් අරමුණක් තියෙන ඒව කොහොම ඇත්ද.. :)

    //දවල්ට කන්නෙ නැතුව දුක් මහන්සියෙන් වැඩ කරන මිනිස්සු අපි අතරෙම කොච්චරනම් ඉන්නවද//

    මම නිතරම මේ විදිහෙ මිනිස්සු දකිනවා... එයාලගෙ ජීවිත කොයිතරම් කටුකයිද කියල ඒ වෙලාවට මමත් කල්පනා කරනවා.
    දිගටම ලියන්න.. ජය!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ඒ වගේ දේවල් ගැන පෝස්ටුවක් දාන්න..මොකද ඒවගේ දේවල් කියවන්න ගොඩක් අය කැමතියි..

      Delete
  13. අරමුණක් නෑ කියලා පටන්ගත්තට හිතන්න කොච්චර දේවල් මේකේ තියෙනවද ... අපුරුයි..

    ReplyDelete
  14. මේ වසර මටත් හොදයි කියලා තියෙනවා මලේ...අපි බලමු ඉදිරිය...එසේම වේවා කියා පතමු නැද්ද බන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම..මේ අවුරුද්දෙවත් අපි ගොඩ යන්න බලමු..

      Delete