Wednesday, January 1, 2014

සමනල් හැගුමන් අතරේ..

          මුලින්ම ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියල රජ වීදියට යන එන හැමෝටම.අවුරුද්දක් ඉවර වුනා දන්නෙවත් නැහැ.අපහු බලනකොට කරගත්තු දෙයකුත් නැහැ කරපු දෙයකුත් නැහැ.වසරක් පටන් ගන්නකොට අපිට කොච්චරනම් පැතුම් තියෙනවද.ඒ හැමදෙයක්ම හරි යනවනම් අපිට මොනවා කරන්න බැරිද.එහෙම වෙන්නෙ නැති එකනෙ එකම අවුල.මම හිතන්නේ මේක මට විතරක් නෙවෙයි හැමෝටම තියෙන පුරස්නයක්.

        මම ලියන දේවල් හරිම කෙටි දේවල්.මොකද මට එහෙමට ලියන්න දන්නේ නැහැ.ඉතින් අදත් මේ කියන්න යන්නේ අපේ එකෙක්ට වෙච්ච සීන් එකක්.වැඩි ඈතක නෙවෙයි මේක වුනේ. 31 රෑ සුන්දර මීගමු දුබුරු වෙරළ තීරයෙදී තමයි වුනේ.එදා හද රැදි පැය සංගීත සංදර්ශනය වෙලාවෙදි තමයි මේ සීන් එක සෙට් වුනේ.එහෙනම් කතාවට එන්ටර් වෙමු.එන්ටර් වෙන්න දේකුත් නැහැ ඇත්තටම මොකද පටන් ගත්තු ගමන්ම ඉවර වෙයිද මන්ද..

       මෙන්න අගහරුවාදා ඒ කියන්නෙ 2013 වර්ෂයේ අවසාන දිනයෙ දොළහට විතර මට දුරකථන ඇමතුමක් එනව අපේ එකෙක් ගෙන්.මම කලින්ම දැනගත්ත ඉතින් නඩුවක් තමයි කියල.ඕන මගුලක් කියල ගත්ත ෆෝන් එක.

මචෝ අද හවස අපි මීගමු යනව හද රැදි පැය බලන්න.කතන්දරනම් කියන්න එපා වරෙන් එච්චරයි.උබ කොහෙද දැන් ඉන්නෙ කියපන්කො?

       මටත් ඉතින් සංගීත කිව්වම වුන් හිටිතැන් අමතක වෙනව කියල අපේ එවුන් දන්නව.ඉතින් මමත් ඔෆ්ෆිසියෙන් එකට විතර පැන්න.මොකද වැඩ ගොඩක් තිබුනෙත් නැහැ.ගෙදරට එනකොට දෙක හමාර විතර වුණා.හෙට පළවෙනිද නිසා උදේ කෝච්චියෙ පාටියට මම තමයි කේක් බාරගත්තෙ.ඒ නිසා එහෙමම ටවුමට ගිහින් කේක් අරගෙනම ගෙදර ආව.

        කලින් ආවට වැඩක් නැහැ යන්න වෙන්නෙ හතට විතර කියල මෙන්න එකෙක් එවනව කෙටි පණිවිඩයක්.මට නේද ඌරු ජුවල්.අවුලක් නැහැ කියල හිටිය.මොකද කොහොමහරි ෆන් එකක් ගන්න එකනෙ.ඔන්න හතට විතර අපි හතර දෙනෙක් යතුරු පැදි වල ගමනට සෙට් වුනා.අපේ අම්ම බනිනව ඉවරයක් නැහැ.

මුන්ට සංගීත බලන්න යන්න දුර මදිනෙ යකෝ..චූටි පුතේ උබ කීයට ආවත් හෙට උදේ වැඩට යන්න ඕනෙ එච්චරයි.

       යන්තම් ගෙදරින් පැනගෙන බයිසිකල් වලට ඔක්ටේන් 92 තෙල් එහෙම ගහගෙන යන ගමන් එකෙක් මිනුවන්ගොඩින්  බියර් ටින් එකක් ගත්ත බොන්න.අනිත් එවුන් බොනව වුනාට හෙට වැඩට යන්න ඕන නිසා බිව්වෙ නැහැ.කොහොමහරි බීච් එකට අපි එනකොට අටට විතර ඇති.පොඩි අස්සක හොයාගෙන බයිසිකල් දෙක තල්ලු කරල බැස්ස සෙනග අස්සට.බයික් එකේ එන ගමන් අරූ බියර් එක උගුරටත් හොරා බීලා.මම දැන ගත්ත බුවාට ටිකක් විතර වැදුන කියල.අවුලක් නැහැ මොකද එච්චරම චාටර් නැති නිසා.

        බලන්න එපෑ අලුත් අවුරුද්දක් එනවටද මන්ද කට්ටිය නටන නැටුම්.එක එකා එක එක විදිය.අපිත් දැන් මැද්දට පැනල නටනව.සමනළියො වැහි වැහැල.දකිනකොටත් සර්වාන්ගෙම සීතල වෙලා යනව.ඔහොම පැයක් විතර අපි නැටුව.දන්නෙම නැහැ අර බියර් එක ගහපු එකා අතුරුදහන්.ෆෝන් එකට ගත්ත ගත්ත මේක නෙවෙයි උස්සන්නෙ.දැන් කට්ටිය දෙලෝ රත් වෙලා.ඇත්තටම හීන් දාඩිය දැම්ම.


       කොහේ ඉදලද මන්ද එක පාරට මේක මතු වුණා.එක සෙරෙප්පුවකුත් දාගෙන අනික අතට දාගෙන හොදටම හති දානව.හරියට නාකි බල්ලො කොළබ යනවා වගේ.දැන් අපිට මල..

තෝ කොහෙද බොල ගියෙ.තොට බැයිද ෆෝන් එකට ආන්සර් කරන්න.

මොන ෆෝන්ද බං.මමත් බොහොම අමාරුවෙන් බේරිලා ආවෙ.

ඇයි තොට යකෙක් ගැහුවද?

යකෙක් ගැහුවනම් දුක නැහැ බන්..මේක සමනලයෙක්..

              මටනම් කියනකොටම මීටර් වුන මේක මොකක්ද මේ කියන්නෙ කියල.මට හිනාව නවත්තගන්න විදියක් නැහැ.තාමත් මතක් වෙනකොට හිනා යනව යකෝ.අද උදේ පාන්දර කෝල් කොරල අවුරුද්දට සුබ පතනකොටත් ඕක කියලම තමයි මම සුභ පැතුවෙ.මුටත් හිනා වෙච්ච දේට.

         ඇත්තටම ඒ සමනලය ඇත්තටම සමනලියක් වගේමයි.අංගෝපාංග අඩුවක් නැතුව තියෙන නිසා අපිත් හිතුවෙ සමනලියක් කියල.කොහොමහරි නටන ගමන් මේකව අපේ එකට සෙට් වෙලා වෙරි මර ගාතෙ ආතල් එක වැඩි කමට ඇරූගෙ පස්සෙන් අපේ එකත් ගිහින්.දෙන්න ලං වුනාට පස්සෙ තමයි අපේ එකාට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ.කොහොමහරි අන්තිමට මේක සමනල්ලු රෑනකින් තමයි බේරිලා ඇවිත් තිබුනෙ.අන්තිමට අපේ එකාම කියනව 

මචෝ මම බය වුනු බයවිල්ලට බියර් එකට තිබුණු කික් එකත් නැතුව ගියා..

32 comments:

  1. හෑ....සමනළයෙක්....:D :D

    ReplyDelete
    Replies
    1. හෑ නෙවෙයි බං සමනළයෙක්..

      Delete
  2. අයියෝ සමනලියක් වැනි සමනලයෙක්. හොඳ වැඩේ තියෙන වැල් කමට.

    ReplyDelete
    Replies
    1. එතකොට මහ කළුව බබාද...හි හි

      Delete
  3. ඔබටත් එසේම වේවා
    හි හි හි ..... මෙහෙනම් ඔය සමනලයින්ට කියන්නේ නමයේ කෑලි කියලා..... මොකද රිංගිට් නාමයක් ගෙවලා ඔය සමනලයෙක්ව ඕන කෙනෙක්ට තාවකාලිකව හොයාගන්න පුළුවන් නිසා

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ එකාව ඔය පැත්තට එවන්නද මැලේ රාළෙ ..?

      Delete
  4. හොද කෙටි.. සමනපලයෝ පියාඹා යනවා... දවසක

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද දේශෝ කවද පියබල යයිද කියල..

      Delete
  5. සමනලයගේ තටු කරන්නනේ තිබ්බේ... :)
    සුබ නව වසරක් වේවා රජ වීදියටයි දළදා වීදියටයි කොටුගොඩැල්ල වීදියටයි..... :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා..කියන තරම් ලේසි නැහැ බං උන්ගෙ තටු කඩන එක..

      Delete
  6. මීගමු වැල්ලෙත් සමනලයෝ ඉන්නවද බං,මම හිතුවෙ මාළු විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර හැලපෙ අයියෙ...දැන් මාළු සමනළයො ඔක්කොම ඉන්නව..ආව වෙලාවක ගිහින්ම බලන්න..

      Delete
  7. Replies
    1. මිනිස්සුන්ට ඔහොම කතා කරන එක හොදද මං අහන්නෙ..

      Delete
  8. සමනළයෝ මොකද හොරෝ
    වත්තට ආවේ?
    මල නොතලා පැණි බොන්නද
    උබහැට ඕනේ ? :D

    ReplyDelete
    Replies
    1. මල නොතලයි පැණි බොන්නේ මේ සමනල්ලු
      රොන් ගන්නෙත් රෑ කාලෙයි මේ සමනල්ලු...

      Delete
  9. හොද වැඩේ...........හි හී

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නෙ හොද වැඩේ කියල...හි හි

      Delete
  10. හොඳ වැඩේ ....පව් සමනලයා හැබැයි

    ReplyDelete
    Replies
    1. අපේ එකා කෙසේ වෙතත් අපිටත් සමනලය ගැන දුකයි..

      Delete
  11. නරක සමනළයෙක්..

    ReplyDelete
    Replies
    1. සමනළය නෙවෙයි බං නරක අපේ එකා..හි හි

      Delete
  12. තව පොඩ්ඩෙන් hangover එකේ වගේ තමයි වෙන්නේ එහෙනම්

    ReplyDelete
    Replies
    1. එහෙම වුනාද කියලත් මට පොඩි සැකයක් තියෙනව බං..

      Delete
  13. හොඳ වැඩේ කියනවා මිසක් වෙන මොනවා කියන්න ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙන කියන්න දෙයක් නැහැ තමයි දිලිනි..ඒත් අපිනම් හොද හොද ඒව කියල අපේ එකාව විනාස කොරල දැම්ම.

      Delete
  14. සමනලයෝ එක්ක සෙල්ලම් හොඳ නෑ පුතෝ

    ReplyDelete
    Replies
    1. සමනළයා මල හා ළමයා සේ....

      Delete
  15. හප්පේ බියර් එකකට ඔහොම කික් වෙන්න මුන් නොදරුවොද බන් තාම...

    ReplyDelete
    Replies
    1. තම පොඩි එකාල සිරා අයියෙ ගනන් ගන්න එපා ඉක්මනටම තැනකට එන්න තමයි හිතාගෙන ඉන්නෙ..

      Delete
  16. හෑ .ජුගුප්සාජනකයි නේ ?? :D
    සුභ අලුත් අවුරුද්ධක් වේවා ..!!

    ReplyDelete
    Replies
    1. මටනම් තේරුනේ නැතෝ..
      සුභ නව වසරක් වේවා..!

      Delete